මේ සියල්ල සිදුවීමට පටන් ගත්තේ මාත් නිසංසලාත් විවාහ වී මසක් පමණ ගතවූ පසුවය.අප දෙදෙනාගේ විවාහයෙන් අනතුරුව අපි වේවැල්දෙණියේ පිහිටි නිසංසලාගේ මවගේ මහ ගෙදර පදිංචියට ගියෙමු.එහි විසූ නිසංසලාගේ සීයාත් ආච්චිත් මිය ගොස් සිටියේය.අප නව නිවසක් සදා ගන්නා තුරු එම නිවසේ රැදී සිටීමට හැකි බැව් නිසංසලාගේ දෙමව්පියන් තීරණය කළහ.
පැරණි නිවසක් වුවද එය ඉතා හොඳ තත්ත්වයේ තිබිණි.එබැවින් එහි පදිංචි වීමට මමද කැමති වූයෙමි.
මෙසේ කාලයක් ගෙවී ගියේය.දිනක් රාත්‍රියේ අපි දෙදෙනා යහනේ නිදා හුන් මොහොතක කිසියම් ශබ්දයක් පිටතින් ඇසිණි.එය ඉතා උස් හඩින් ඇසුණු බැවින් මා තිගැස්සි අවදි වුණෙමි.නිසංසලාද අවදි වී මා දෙස විශ්මයෙන් මෙන් බලා සිටියාය.එම හඬ අපගේ කාමරයට මුහුණලා තිබූ වත්ත දෙසින් ඇසිණි.
ඒත් සමඟම වාගේ නැවතත් එවැනි හඬක් පිටතින් ඇසිණි.එම හඬ ගසකින් ගෙඩියක් බිම පතිත වනවා වැනි හඬකි.
"අ...අ...ජිත් මො...මො..කක් ද ඒ සද්දේ..?"
නිසංසලා ඇසුවේ ගොත ගසමිනි.
"මොනවා හරි වැටෙනවා වගේ ඇහෙන්නේ...සමහර විට පොල් ගස් වල වේලුණ පොල් වැටෙනවා වෙන්න ඇති..."
මම කීවෙමි.
"අනේ මන්ද ඔච්චර සද්දෙට මීට කලින් පොල් වැටුණේ නෑ නේ අජිත්..."
"ඔව් ඒක නම් ඇත්ත නිසංසලා...ඉන්න මං එලියට බැහැලා බලලා එන්න..."
මම කීවේ යහනෙන් නැගී සිටිමිනි.
"එපා අජිත් මේ මහ රෑ එලියට යන්න එපා.අපි උදේට බලමු..."
ඇය කීවේ මා වලකාලමිනි.
"හොඳයි එහෙනම් අපි නිදා ගමු."
මම කීවේ ඇයට අවනත වෙමිනි.
ඉන්පසු කිසිදු හඬක් නොඇසුණි.මොහොතකින් මාගේ දෙනෙත් පිය විණි.
***
උදෑසන අවදි වූ මම ප්‍රථමයෙන්ම සිදු කලේ පෙරදින රැයේ ඇසුණු ශබ්ද පිළිබඳව සොයා බැලීමය.අප නිදා හුන් කාමරයේ පිටත මම හොදින් සෝදිසි කලෙමි.එහෙත් වැටුණු යමක් සොයාගැනීමට නොහැකි විය.ඉන්පසු මම නිවස වටාත් සොයා බැලුවෙමි.නිවස වටවී තිබුණේ පොල් වත්තකිනි.අපට හඬවල් ඇසුණේ ඉතා ලඟිනි.නිවස ආසන්නයේ පිහිටි පොල් ගස් වල පොල් එලෙසම තිබූ අතර එකදු ගෙඩියක් හෝ බිම වැටී නොතිබිණි.එසේ නම් රැයෙහි ඇසුණු ශබ්ද කුමක් විය හැකි ද..?
මෙසේ මා සිතමින් සිටින අතරවාරයේ නිසංසලා මා වෙත ආවාය.
"අජිත් මොනවද වැටිලා තියෙන්නේ..?"
"මුකුත් වැටිලා නෑ නිසංසලා...මං හැමතැනම බැලුවා..."
"ඒක වෙන්න බෑනේ අජිත්.අපිට මේ ලඟින්ම නේ සද්ද ඇහුණේ..."
ඇය කීවාය.
"ඔව් ඒත් මේ ලඟ පාත පොල් ගෙඩියක් වත් වැටිලා නෑ..."
"අනේ මන්ද මට හිතා ගන්න බෑ අජිත්..."
"හරි හරි දැන් ඕක අමතක කරමු.මට වැඩට යන්නත් පරක්කු වුණා..."
මම කීවේ යලි නිවස වෙත හැරෙමිනි.
උදෑසන හතට පමණ මම රැකියා ස්ථානය බලා පිටත්ව ගියෙමි.මා පිටත්ව ගිය පසු නිවසේ පසු වන්නේ නිසංසලා පමණි.අපගේ නිවසට මඳක් ඈතින් නිවෙස් පිහිටා ඇති බැවින් නිසංසලා හට පාලුවක් නොදැනිණි.
සවස හය වන විට මම නිවස වෙත පැමිණියෙමි.නිසංසලා වෙනදා මෙන් ඉස්තෝප්පුවට වී මා එනතුරු බලා සිටියාය.මා දුටු සැනින් ඇගේ මුහුණට සිනා රැල්ලක් නැගෙණු මා දුටුවෙමි.
"අජිත් මට අද හරි පාලුවක් දැනුණා..."
ඇය කීවේ මා වැළඳ ගනිමිනි.
"ඇයි ඒ..? වෙනදටත් ඔයා තනියම ඉන්නවා නේ..."
මා ඇසුවේ ඇගේ හිස පිරිමදිමිනි.
"මට තේරෙන්නේ නෑ අජිත්...මට පාලුවක් එක්ක හරි අමුතු බයක් දැනෙනවා..."
"හරි හරි දැන් මං ආව නේ...ඕක අමතක කරන්න...දැන් ගිහින් හොඳ ළමයා වගේ මට තේ එකක් අරන් එන්න..."
මම කීවේ ඈ අස්වසාලමිනි.
එයට අවනත වූ නිසංසලා මුලුතැන්ගෙය දෙසට පිය මැන්නාය.
***
රාත්‍රිය උදා විය.අප දෙදෙනා නින්දට ගියේ රාත්‍රි එකොළහට පමණය.අඩ හෝරාවක් පමණ ගත වනතුරු මාහට නින්ද ලඟා නොවීය.මාගේ දෙනෙත් පිය වන්නට ඇත්තේ තවත් බොහෝ වේලාවකට පසු විය යුතුය.
"දඩාස්..."
එම හඬින් මා තිගැස්සී අවදි වුණෙමි.යහනෙන් නැගිට ගත් මම කාමරයේ විදුලි පහන දැල් වූයේමි.ඒ වන විටත් නිසංසලා අවදි වී සිටියාය.
"අජිත් මොකක් ද ඒ සද්දේ..?ඒක නම් මේ ගේ ඇතුලෙන්මයි ඇහුණේ..."
නිසංසලා ඇසුවේ භීතියෙන් මුසපත් වෙමිනි.
"ඔව් ඒක ඇහුණේ කුස්සියෙන් වගේ...ඉන්න මං බලලා එන්නම්..."
මම කීවේ කාමරයෙන් පිට වෙමිනි.
"ඉන්න අජිත් මාත් එනවා..."
නිසංසලා දිව විත් මාගේ සුරතේ එල්ලුණාය.
ඉන්පසු මා සාලයේ විදුලි පහන දැල් වූයෙමි.අවසානයේ මුළුතැන්ගෙට ඇතුළු වී එහිද විදුලි පහන දැල් වීමි.
කුස්සියේ බිම වැටී තිබුණේ බත් පිසූ මැටි වලඳකි.එය කැබලි වලට කැඩී ගොස් තිබිණි.
"මේක කොහොමද වැටුණේ...පූසෙක් වත් පැන්නද..?"
මා හට කිය විණි.
"ඒකනේ අජිත්...අපේ ගෙදර පූසෙක් වත් නෑ නේ...මේ වලඳ මං නවලා තිබ්බෙත්..."
නිසංසලා කීවේ කිසිවක් සිතාගත නොහැකිවය.
"මේක නිකම්ම පෙරළුනා වෙන්න පුළුවන් නිසංසලා...ඕක අස් කරලා අපි නිදා ගමු..."
මම කීවෙමි.
ඒ අනුව අප දෙදෙනා බිඳී ගිය වලඳේ කැබලි එකතු කර මුළුතැන්ගෙයි මුල්ලකට එකතු කලෙමු.
ඉන්පසු නැවතත් සිය කාමරය වෙත යෑම සඳහා මුළුතැන්ගෙයින් පිටත්ව ගියෙමු.අප දෙදෙනා සාලයට පැමිණෙන වාත් සමඟම මා දුටුවේ කිසියම් වූ අඳුරු ඡායාවක් නිවසේ ප්‍රධාන දොරටුව වෙත ඇදී යන අයුරුය.විදුලි පහන දල්වා තිබුණද එම ඡායාව පැහැදිලි ලෙස මා හට නොපෙනුණි.දොරටුව වෙත සමීප වූ එම ඡායාව එක්වරම අතුරුදන් වී ගියේය.
මාගේ සිතට දැනුණේ නුහුරු භීතියකි.ඒ කවුරුන් විය හැකිද..?
මාගේ සුරතේ එල්ලී සිටි නිසංසලා ඒ බවක් දැක නොතිබූණාය.ඈ මගෙන් මෙසේ ඇසුවේ එනිසා විය යුතුය.
"අජිත් ඇයි මේ ඔයා බය වෙලා වගේ..?"
"නෑ...නෑ...මුකුත් නෑ නිසංසලා...අපි ගිහින් නිදා ගනිමු..."
මා ඇයට එසේ කියා ඇයද සමඟ කාමරය වෙත පිටත්ව ගියෙමි.මා ඇයට කිසිවක් නොපවසා සිටියේ දැනටමත් බිය වී සිටින ඈ තව තවත් භීතියට පත් කිරීමට මා හට අවැසි නොවූ බැවිනි.
කෙස් නමුත් මා දුටු ඒ අද්භූත ඡායාව කුමක් විය හැකිද..? එය එක්වරම අතුරුදන් වී ගියේ කෙසේ ද..? නිවස තුලත් පිටතත් අද්භූත ශබ්ද ඇති කරන්නා මා දුටු ඒ අද්භූත ඡායාව ද..? මාහට කිසිවක් සිතාගැනීමට නොහැකිය.
***
පසුදිනට පහන් විය.එදින සෙනසුරාදා දිනයක් වූ බැවින් මා නිවසේ රැදී සිටියෙමි.මා නිවසේ රැදී සිටීම නිසංසලා හටද මහත් අස්වැසිල්ලක් ගෙනදුන් කරුණක් බැව් ඇයගේ හැසිරීමෙන් මාහට වටහා ගත හැකි විය.
ඇය නිතරම පාහේ පසු වූයේ මාගේ අසලින්මය.ඇගේ සිතේ බියක් හට ගෙන ඇති බැව් නොරහසකි.
"අජිත් මට මහ අමුතු මූසල කමක් දැනෙනවා...බලන්න වෙනදා කොයිතරම් කල එලියක් මේ ගෙදර තිබුණා ද..? දැන් එක එක සද්ද ඇහෙන්න ගන්නවා...ඇත්තටම මොකක් ද වෙන්නේ අජිත්..?"
නිසංසලා ඇසුවේ මා ඉස්තෝප්පුවේ අසුනක් මත හිද පුවත්පතක් බලන මොහොතකය.
මාගේ සිතට බොහෝ දේ දැනී තිබුණත් එය නිසංසලා සමඟම පැවසීමට මා එම මොහොතේ ක්‍රියා නොකලෙමි.
"ඒක ඒ තරම් දෙයක් නෙවෙයි නිසංසලා...ඔයා හිතනවා වැඩියි.අපි ටිකක් බලමු මොකද වෙන්නේ කියලා..."
මා ඇය අස්වසාලමින් කීවෙමි.
***
රාත්‍රිය උදා වත්ම නිසංසලා බෙහෙවින් නොසන්සුන් වී සිටියාය.මාගේ සිතේද සියුම් බියක් ජනිත වී තිබූයේ පෙර අන් කවරදාකවත් නොවූ විරූ අයුරිනි.
වේලාව රාත්‍රි දහය පමණ විය.සවස සිටම මද වැස්සක් ඇද හැලෙමින් තිබූ බැවින් අහස් කුස කළු වලාවෙන් වැසී තිබුණේය.අප දෙදෙනා මේ මොහොතේ සාලයේ රූපවාහිනීය නරඹමින් සිටියෙමු.එක්වරම නිවසේ විදුලිය විසන්ධි විය.
මුලු නිවසම අන්ධකාරයේ ගිලී ගියේ එක් නිමේෂයකිනි.
"කරන්ට් ගියා අජිත්..."
නිසංසලා මාගේ සුරතින් ග්‍රහණය කර ගත්තේ එසේ කියමිනි.
"ඔව් වැස්ස නිසා වෙන්න ඇති නිසංසලා...ඉන්න මං ඉටි පන්දමක් පත්තු කරනකම්."
මම කීවේ විදුලි පන්දම දල්වා ගනිමිනි.නිසංසලා මාගේ සුරතේ එල්ලී ගත් වනම සිටියාය.
"නිසංසලා ඔයා ඔහොම ඉන්න මං ඉටි පන්දමක් පත්තු කරන් එනකල්..."
"බෑ අජිත් මට බයයි..."
"බය වෙන්න එපා මං යන්නේ කුස්සියට..."
මා ඉටි පන්දමක් රැගෙන ඒමට මුලුතැන්ගෙයට ඇතුළු වුණේ නිසංසලා සාලයේ තනි කරමිනි.ඉක්මනින් ඉටි පන්දමක් සොයා ගත් මම ගිනි පෙට්ටිය ද ගෙන යලි සාලය වෙත යෑම සඳහා සූදානම් වූවා පමණි.මා අසලින් යමෙක් ගමන් කරන්නාක් වැනි හැඟීමක් මාහට දැනුණේය.
සිතට දැනුණු නුහුරු භීතියත් සමඟම මම විදුලි පන්දම ඉදිරියට එල්ල කලෙමි.මා දුටු දසුන වචනයෙන් විස්තර කළ නොහැකි ඉතා අද්භූත ජනක වූවේය.
මුළුතැන්ගෙයි සිට ශ්වේත පැහැයෙන් සැරසුණු දෙදෙනෙක් හිස් අවකාශයේ පාව යන්නාක් මෙන් මාහට පෙනිණි.එම දසුන හමුවේ මාගේ සියොලඟින්ම ඩහදිය වැගිරෙන්නට විය.
"අජිත් ඇයි පරක්කු..?ඉක්මනට එන්න කෝ..."
මාගේ දැහැන බිඳී ගියේ නිසංසලාගේ හඬ ඇසීමෙනි.එවිටම වාගේ මා දුටු එම අද්භූත රුවවල් ද්ත්වය අතුරුදන් වී තිබිණි.
මේ නිවස තුල ඉතා අසාමාන්‍ය ගණයේ සිදුවීම් සමූදායක් සිදු වෙමින් පවතින බැව් නම් නොරහසකි.මේ සඳහා කුමක් කල යුතුද යන්න සිතමින් මම සාලය වෙත ගියෙමි.ඉටි පන්දම දැල් වූ පසු සාලය ආලොකවත් විය.
නිසංසලා මා දුටු එම අද්භූත ජනක සිදුවීම නොදකින්නට ඇත.ඇය එය දුටුවා නම් කොතරම් බියට පත් වන්නේ ද යන්න මාහට සිතාගත හැකි විය.
අපි දෙදෙනා හෝරාවක් පමණ සාලයේ අසුන් මත හිඳ සිටියේ නැවත විදුලිය පැමිණෙන තුරුය.එහෙත් රාත්‍රි එකොළහ පමණ වන තුරුද විදුලිය නොලැබිණි.
"මෙහෙම බලා ඉදලා තේරුමක් නෑ නිසංසලා.අපි නිදා ගමු.හෙට උදේට වත් කරන්ට් නාවොත් මණ්ඩලයට කෝල් එකක් දෙමු..."
මම කීවෙමි.
"ඔව් අජිත් අපි දැන් නිදා ගමු..."
අප දෙදෙනා නිදන කාමරය වෙත ඇවිද ගියෙමු.එහෙත් ඊට ප්‍රථම නිසංසලා නාන කාමරය වෙත යෑමට අවශ්‍ය බැව් පැවසූ බැවින් ඇයට එහි ඇතුළු වීම සඳහා මා ඇයට විදුලි පන්දම ලබා දුන්නෙමි.
"මං එනකල් ඔතනම ඉන්න අජිත්..."
ඇය එසේ පවසා නාන කාමරයට ඇතුළු වූවාය.