Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මළවුන් සමග පියාසර කළ යානය..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විනාඩි 12ක තම ජීවිතය සඳහා වූ සහන කාලය වේගයෙන් අවසන් වෙමින් පැවතිනි.. තත්වයේ බරපතලකම වටහා ගත් ඇන්ඩ්‍රියාස් හිතට දිරිගෙන ගැඹුරු හුස්මක් ලබාගත්තේ ය.

ඉන්පසුව අපහසුවෙන් නැඟිට ඉදිරියට ගිය ඔහු එක්තරා රාක්කයක් විවෘත කලේ ය.

එය තුල වූ ඔක්සියන් සිලින්ඩරයක් සියතට ගත් හෙතෙම වියරුවෙන් මෙන් එහි වූ මුහුණු ආවරණය ගෙන තම මුහුණට තබාගත්තේ ගැඹුරු හුස්මකින් තම පෙනහළු තුලට එහි වූ වායු මිශ්‍රනය පුරවාගනිමිනි..

දෙතුන් වතාවක් ගැඹුරු හුස්ම කිහිපයක් ගෙන නැවත පියවි සිහිය ලද පසු කුඩා ඔක්සිජන් සිලින්ඩරය ද රැගෙන සිය කුටියෙන් එලියට ආ ඇන්ඩ්‍රියාස් මුලින්ම සෙව්වේ තම මිතුරියවයි..

ඇය ආසනය මත සිටි නමුත් පියවි සිහියෙන් නොසිටියා ය. ඇය අසලට දිවගිය ඇන්ඩ්‍රියාස් ඇගේ උරහිස් සොලවා ඇයව අවදි කරන්නට උත්සාහ කලේ ය. නමුත් පිටත වායු තත්වය තවමත් යථාවත් වී නොමැති බව ඔහුට ඉක්මනින්ම වැටහුනු නිසා තම ඔක්සිජන් මුහුණු ආවරණය ඇගේ මුහුණට තැබුවේය..

නමුත් ඈ තවමත් නිසොල්මනේ ය..!

කලබලයට පත් වූ හෙතෙම ඇගේ ගෙලට අත තබා නාඩි පරීක්ෂා කර බැලුවේ ය. නමුත් එහි කිසිදු වෙනසක් සිදු නොවන බව ඔහුට ප්රත්යක්ෂ විය..

ඇගේ නාඩි වැටීම නැවතී ඇත..!!

"නැගිටින්න....අනේ නැගිටින්න..!!"

ඔහු ඇගේ උරහිස් වැරෙන් සෙලවී ය.. ඊලඟ මොහොතේ තම දෑත් පණ නැතිවී යන බව දැනෙන විට ඔහු ඇගේ නළල සිපගෙන ඇයට දමා තිබු ඔක්සිජන් මුහුණු ආවරණය ගලවා එය තම නාසයට තබා ගත්තේ ය.

හිස ඔසොවා මගී කාමරය දෙස බැලූ ඔහුගේ ඇස්වලට කඳුළු නැගින... සියළු මගීන් ඔක්සිජන් මුහුණු ආවරණ සමඟම නිසොල්මනේ ය..!!

ඇතැමෙක් අවසාන මොහොතේ සිය ඔක්සිජන් ආවරණය මුහුණේ පටලාගත නොහැකිව අසුන තුලම ඇස් උඩ ගොස් මියගොස් සිටියහ..

සුළු වෙලාවකට පෙර ඉතා ආදරයෙන් සිටිනවා දුටු තරුණ යුවලේ තරුණිය තවමත් ඇගේ පෙම්වතාගේ උරහිස් මත හිස තබාගෙන නිසොල්මන්ව ය...

සිදුවූයේ කුමක්දැයිවත් නොදත් කුඩා දරුවෙක් අවසාන මොහොතේ පළඳවන ලද ඔක්සිජන් ආවරණය සමඟින්ම සදාකාලික නින්දට වැටී සිටියේ ය. ඔහු අසල ඔහුගේ මව ඔක්සිජන් මුහුණු ආවරණයක් නොමැතිවම දෑස් විවරව අවසන් ගමන් ගොස් සිටියාය..

"සර් ඔයාට මාව ඇහෙනවාද ..??"

" මැඩම්.. මාව ඇහෙනවාද ..??"

ඇන්ඩ්‍රියාස් ගේ හඬට කිසිවෙකුගෙන් පිළිතුරක් නොලැබිනි. සියළු දෙනා හයිපොක්සියා තත්වය නිසා හටගත් නිල් පැහැ වූ මුහුණින්, විවර වී ඉදිමුණු දෑසින් සහ අයාගත් මුවින් යුතුව සිය ඉරණම් ගමන ගොස් සිටිය හ..

කඩාවැටුනු හදවතක් සමඟ, කඩා නොවැටුනු ගුවන් යානයක් තුල ඇන්ඩ්‍රියාස් තනිව සිටියේ ය..!

ඔහු තම අතේ වූ ඔක්සිජන් සිලින්ඩරය සමඟින් මළවුන් පිරුණු මගී කොටසේ කිසිදු අරමුණකින් තොරව ඇවිද ගියේ ය...

ඒ අතර යලිත් හුස්ම ගැනීමේ අපහසුවක් ඇතිවන බව ඔහුට දැනෙන්නට විය.. තමා අත වූ ඔක්සිජන් සිලින්ඩරයද අවසන් වන බව ඔහුට දැනිනි..!

ඔහු නැවතත් ඒවා තිබූ රාක්කය වෙත ගොස් තවත් සිලින්ඩරයක් ගත්තේ ය...

හිටිවනම ඔහුට යමක් සිහිවිය..!

"නියමුවන් කොහේ ද.??"

"ඔවුන් මේ බව දන්නවාද.??"

ඇන්ඩ්‍රියාස් හැකි වෙර යොදා නියමු කුටියට තට්ටු කලද එයින් කිසි පිළිතුරක් ලැබුණෙ නැත. එහි දොර අරින්නට තැත් කළද එය අඟුලු ලා තිබිණ..

2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව මෙසේ ගුවන් යානාවල නියමු අගුළු දැමිය යුතුයයි නීතියක් සම්මත වී තිබිණි..

ඔහු දැනටමත් පැය දකකට අධික කාලයක් මේ ගුවන් යානය තුල මලවුන් සමඟ සිටියේ ය. නමුත් අවසන් මොහොත දක්වාම වුවත් සටන් කළ යුතු ය.

ඔහු හැකි වෙර යොදා නියමු කුටියේ දොරට වැරෙන් පහර දුන්නේ ය. සොයාගන්නට හැකි වූ සියළු දේවල්වලින් එහි දොරට ගසා අගුළ කඩන්නට තැත් කලේ ය.

කිහිප වතාවක් උත්සාහ කළ පසු එහි අගුළ විවර වී ඔහුට නියමු කුටියට ඇතුළුවන්නට හැකිවිය..

ප්‍රධාන නියමුවා තම අසුන අසලම බිම වැටී සිටි අතර සහයක නියමුවා තම අසුන තුල නිසොල්මන්ව සිටියේය.

ඔහු තමා අත වූ අවසාන ඔක්සිජන් සිලින්ඩරය ද ගෙන එහි මුහුණු ආවරණය සහයක නියමුවාගේ මුවට තබා ඔහුට පණ නළ දෙන්නට උත්සාහ කලේ ය..

නමුත් ඒ උත්සාහය ද ව්‍යාර්ථ වූයේ ඒවන විටත් සහයක නියමුවා අවසන් ගමන් ගොස් සිටි බැවිනි.

ඔහුට ඉතිරිව තිබුණේ එකම එක විකල්පයකි..

ප්‍රධාන නියමු අසුන හිස්ව තිබේ...

එයට නියමුවෙක් නැත. ඉතිං ගුවන් යානයටම සිටි එකම ප්‍රාණියා ඔහු ය..

"එයා දවසක බොයිං එකක් අරන් අත්ලන්තික් සාගරය උඩින් ඇමරිකාවට යයි..!"

සිය කබාය උනා දැමූ අන්ඩ්රියාස් ප්‍රධාන නියමුවාගේ අසුනේ ඉඳගත්තේ ය. එහි තමා නොදන්නා ස්විච, සංඥා සහ තිරය මත වූ දර්ශක රාශියකි.. අසුන ඉදිරියේ වූ මයික්‍රෆෝනය අතට ගත් ඔහු පාලක මැදිරියට "May day" පණිවිඩය යොමු කලේ උදව් අපේක්ෂාවෙනි..

නමුත් ඒ අතර හදිසියේම ඔහු දුටුවේ පුදුම සහගත දෙයකි..!!

යානයේ වම් පසින් එයට සමාන්තරව පියාසර කරන F-16 ප්‍රහාරක යානයකි. එහි නියමුවා ඇන්ඩ්‍රියාස් දෙස බලා අත සොලවා කිසියම් සංඥාවක් කරන ආකාරය ඔහුට දැකගන්නට ලැබිනි.

ඔහුද එයට ප්‍රතිචාර දැක්වී ය.

නමුත් එයට කළ හැක්කත් නැත. ගුවන් යානය කෙසේ හෝ පාලනය කර ගුවන් තොටුපලක් වෙත ගෙන යා යුතු ය. නමුත් මෙවැනි විශාල යානයක් පැදවීමේ දැනුම හෝ අත්දැකීම් ඔහුට නැත..

ඔහු තමා දත් සෑම දෙයක්ම සිහි කරමින් යානය පාලනය කරන්නට උත්සාහ කරමින් සිටියේ ය. ඒ අතර තමා සතු සියළු ඔක්සිජන් සිලින්ඩර අවසන්ව තමා ද හයිපොක්සියා තත්වයට ගොදුරු වී ඇති බව ඔහුට දැනෙන්නට විය.

ඈතින් ඔහුට විශාල ඇතැන්ස් නගරය දර්ශනය විය.. නමුත් ඒ දෙසට යන්නට පෙර තම දෑස් පියවෙමින් පවතින බව ඔහුට දැනිනි..!

යානය ඇතැන්ස් වෙත කඩා වැටුනහොත් සිදුවන විනාශය අති මහත් ය.

ඒ අතර සියළු බලාපොරොත්තු බිඳ හෙලමින් යානයේ වම්පස ඇන්ජිම ක්‍රියා විරහිත විය. ඉන් මඳ වේලාවකට පසු දකුණු පස ඇන්ජිමද ක්‍රියා විරහිත විය..!!

පුරා පැය තුනක් තිස්සේ පියාසර කළ යානයේ ඉන්ධන අවසන්ව ඇත..!

ඉදිරියේ ජනාකීර්ණ ඇතැන්ස් නගරය ය. පසෙක මහා කඳු වැටියකි..

ඔහු අවසාන වතාවට තමාට සමාන්තරව පියාසර කරන F-16 ප්‍රහාරක ජෙට් යානයේ නියමුවා දෙස බැලීය.. තම අතින් ඔහුට වම් පස ඇති කඳු ගැටය පෙන්වීය.

යානය විදුලි වේගයෙන් පහතට ගමන් කරන අතර පළමු වතාවටත් අවසන් වතාවටත් බොයින් යානයක් පැදවීමේ මරණීය වරම හිමිකරගත් ඇන්ඩ්රියාස්ට යානය අසල පිහිටි කඳු ගැටය දෙසට හරවා ගැනීමේ හැකියාව ලැබිණි..!!

2005 අගෝස්තු 14වනදින සයිප්‍රසයේ සිට ග්‍රීසිය බලා පියාසර කළ සීරියෝස් යානය තුල බරපතල දෝශයක් සිදුව තිබිණි. එය මරණීය අත් වැරැද්දකි..!!

ගුවන් ගතවීමට පෙර යානය තුල සිදුකල පරීක්ෂාකිරීමක් අතර යානය තුල වායු පීඩනය පාලනය කරන preseurization unit නම් පද්ධතිය Auto සිට Manual දක්වා වෙනස් කොට තිබිණි. නමුත් පරීක්ෂාව සිදුකල ඉංජිනේරුවන්ට එය නැවත Auto දක්වා සීරුමාරු කිරීමට අතපසු වී තිබිණි.

අඩි 12000ක උසකදී ඒ පිළිබඳ අනතුරු හැඟවීමේ සීනුව නාද වී නියමුවන් පාලක මැදිරිය අමතද්දී පාලක මැදිරියෙන් ඒ පිළිබඳව සොයාබලන ලෙස නියමුවන්ව දැනුවත් කළ ද නියමුවන්ට ද එය මඟහැරී තිබිණි.

මේ නිසා ඉහල උසකදී යානය තුල වායු පීඩනය අඩුවීමෙන් සිදුවන ඔක්සිජන් හිඟතාවය නිසා සියළු මඟීන් යානය තුලදීම මරණයට පත් විය.

ඇන්ඩ්‍රියාස් පමණක් ඔක්සිජන් ටැංකි මඟින් අවසන් මොහොත දක්වා දිවි බේරාගත් නමුත් ඔහුට මෙවන් විශාල යානාවක් පැදවීමේ දැනුම හා අත්දැකීම් තිබුනේ නැත.

නමුත් අවසාන මොහොතේ යානය ඇතැන්ස් හි ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටීම වලකා යානය අසල පිහිටි "ග්රැමටිකෝ" කඳු ගැටයේ වැදෙන්නට සලස්වා විනාශය දෙගුණ තෙගුණ වීම වලකාලන්නට ඔහු සමත් විය..!!

අනතුරින් ඇන්ඩ්‍රියාස් ඇතුළු කාර්ය මණ්ඩලයේ හය දෙනාත්, මඟීන් 115 දෙනාත් සහිතව 121 දෙනෙක් මරණයට පත්විය..

මළ සිරුරු සමඟ තනිවම පියාසර කළ යානයක් නිසා මෙම යානය "මළවුන්ගේ යානය"

නමින් හඳුන්වන ලදී..!!

|සජිත් පුෂ්පකුමාර|

උපුටාගත් ලිපියකි

[ATTACH=full]181110[/ATTACH]

[ATTACH=full]181111[/ATTACH]

[QUOTE="WhyNot1, post: 28051580, member: 560573"] විනාඩි 12ක තම ජීවිතය සඳහා වූ සහන කාලය වේගයෙන් අවසන් වෙමින් පැවතිනි.. තත්වයේ බරපතලකම වටහා ගත් ඇන්ඩ්‍රියාස් හිතට දිරිගෙන ගැඹුරු හුස්මක් ලබාගත්තේ ය. ඉන්පසුව අපහසුවෙන් නැඟිට ඉදිරියට ගිය ඔහු එක්තරා රාක්කයක් විවෘත කලේ ය. එය තුල වූ ඔක්සියන් සිලින්ඩරයක් සියතට ගත් හෙතෙම වියරුවෙන් මෙන් එහි වූ මුහුණු ආවරණය ගෙන තම මුහුණට තබාගත්තේ ගැඹුරු හුස්මකින් තම පෙනහළු තුලට එහි වූ වායු මිශ්‍රනය පුරවාගනිමිනි.. දෙතුන් වතාවක් ගැඹුරු හුස්ම කිහිපයක් ගෙන නැවත පියවි සිහිය ලද පසු කුඩා ඔක්සිජන් සිලින්ඩරය ද රැගෙන සිය කුටියෙන් එලියට ආ ඇන්ඩ්‍රියාස් මුලින්ම සෙව්වේ තම මිතුරියවයි.. ඇය ආසනය මත සිටි නමුත් පියවි සිහියෙන් නොසිටියා ය. ඇය අසලට දිවගිය ඇන්ඩ්‍රියාස් ඇගේ උරහිස් සොලවා ඇයව අවදි කරන්නට උත්සාහ කලේ ය. නමුත් පිටත වායු තත්වය තවමත් යථාවත් වී නොමැති බව ඔහුට ඉක්මනින්ම වැටහුනු නිසා තම ඔක්සිජන් මුහුණු ආවරණය ඇගේ මුහුණට තැබුවේය.. නමුත් ඈ තවමත් නිසොල්මනේ ය..! කලබලයට පත් වූ හෙතෙම ඇගේ ගෙලට අත තබා නාඩි පරීක්ෂා කර බැලුවේ ය. නමුත් එහි කිසිදු වෙනසක් සිදු නොවන බව ඔහුට ප්රත්යක්ෂ විය.. ඇගේ නාඩි වැටීම නැවතී ඇත..!! "නැගිටින්න....අනේ නැගිටින්න..!!" ඔහු ඇගේ උරහිස් වැරෙන් සෙලවී ය.. ඊලඟ මොහොතේ තම දෑත් පණ නැතිවී යන බව දැනෙන විට ඔහු ඇගේ නළල සිපගෙන ඇයට දමා තිබු ඔක්සිජන් මුහුණු ආවරණය ගලවා එය තම නාසයට තබා ගත්තේ ය. හිස ඔසොවා මගී කාමරය දෙස බැලූ ඔහුගේ ඇස්වලට කඳුළු නැගින... සියළු මගීන් ඔක්සිජන් මුහුණු ආවරණ සමඟම නිසොල්මනේ ය..!! ඇතැමෙක් අවසාන මොහොතේ සිය ඔක්සිජන් ආවරණය මුහුණේ පටලාගත නොහැකිව අසුන තුලම ඇස් උඩ ගොස් මියගොස් සිටියහ.. සුළු වෙලාවකට පෙර ඉතා ආදරයෙන් සිටිනවා දුටු තරුණ යුවලේ තරුණිය තවමත් ඇගේ පෙම්වතාගේ උරහිස් මත හිස තබාගෙන නිසොල්මන්ව ය... සිදුවූයේ කුමක්දැයිවත් නොදත් කුඩා දරුවෙක් අවසාන මොහොතේ පළඳවන ලද ඔක්සිජන් ආවරණය සමඟින්ම සදාකාලික නින්දට වැටී සිටියේ ය. ඔහු අසල ඔහුගේ මව ඔක්සිජන් මුහුණු ආවරණයක් නොමැතිවම දෑස් විවරව අවසන් ගමන් ගොස් සිටියාය.. "සර් ඔයාට මාව ඇහෙනවාද ..??" " මැඩම්.. මාව ඇහෙනවාද ..??" ඇන්ඩ්‍රියාස් ගේ හඬට කිසිවෙකුගෙන් පිළිතුරක් නොලැබිනි. සියළු දෙනා හයිපොක්සියා තත්වය නිසා හටගත් නිල් පැහැ වූ මුහුණින්, විවර වී ඉදිමුණු දෑසින් සහ අයාගත් මුවින් යුතුව සිය ඉරණම් ගමන ගොස් සිටිය හ.. කඩාවැටුනු හදවතක් සමඟ, කඩා නොවැටුනු ගුවන් යානයක් තුල ඇන්ඩ්‍රියාස් තනිව සිටියේ ය..! ඔහු තම අතේ වූ ඔක්සිජන් සිලින්ඩරය සමඟින් මළවුන් පිරුණු මගී කොටසේ කිසිදු අරමුණකින් තොරව ඇවිද ගියේ ය... ඒ අතර යලිත් හුස්ම ගැනීමේ අපහසුවක් ඇතිවන බව ඔහුට දැනෙන්නට විය.. තමා අත වූ ඔක්සිජන් සිලින්ඩරයද අවසන් වන බව ඔහුට දැනිනි..! ඔහු නැවතත් ඒවා තිබූ රාක්කය වෙත ගොස් තවත් සිලින්ඩරයක් ගත්තේ ය... හිටිවනම ඔහුට යමක් සිහිවිය..! "නියමුවන් කොහේ ද.??" "ඔවුන් මේ බව දන්නවාද.??" ඇන්ඩ්‍රියාස් හැකි වෙර යොදා නියමු කුටියට තට්ටු කලද එයින් කිසි පිළිතුරක් ලැබුණෙ නැත. එහි දොර අරින්නට තැත් කළද එය අඟුලු ලා තිබිණ.. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව මෙසේ ගුවන් යානාවල නියමු අගුළු දැමිය යුතුයයි නීතියක් සම්මත වී තිබිණි.. ඔහු දැනටමත් පැය දකකට අධික කාලයක් මේ ගුවන් යානය තුල මලවුන් සමඟ සිටියේ ය. නමුත් අවසන් මොහොත දක්වාම වුවත් සටන් කළ යුතු ය. ඔහු හැකි වෙර යොදා නියමු කුටියේ දොරට වැරෙන් පහර දුන්නේ ය. සොයාගන්නට හැකි වූ සියළු දේවල්වලින් එහි දොරට ගසා අගුළ කඩන්නට තැත් කලේ ය. කිහිප වතාවක් උත්සාහ කළ පසු එහි අගුළ විවර වී ඔහුට නියමු කුටියට ඇතුළුවන්නට හැකිවිය.. ප්‍රධාන නියමුවා තම අසුන අසලම බිම වැටී සිටි අතර සහයක නියමුවා තම අසුන තුල නිසොල්මන්ව සිටියේය. ඔහු තමා අත වූ අවසාන ඔක්සිජන් සිලින්ඩරය ද ගෙන එහි මුහුණු ආවරණය සහයක නියමුවාගේ මුවට තබා ඔහුට පණ නළ දෙන්නට උත්සාහ කලේ ය.. නමුත් ඒ උත්සාහය ද ව්‍යාර්ථ වූයේ ඒවන විටත් සහයක නියමුවා අවසන් ගමන් ගොස් සිටි බැවිනි. ඔහුට ඉතිරිව තිබුණේ එකම එක විකල්පයකි.. ප්‍රධාන නියමු අසුන හිස්ව තිබේ... එයට නියමුවෙක් නැත. ඉතිං ගුවන් යානයටම සිටි එකම ප්‍රාණියා ඔහු ය.. "එයා දවසක බොයිං එකක් අරන් අත්ලන්තික් සාගරය උඩින් ඇමරිකාවට යයි..!" සිය කබාය උනා දැමූ අන්ඩ්රියාස් ප්‍රධාන නියමුවාගේ අසුනේ ඉඳගත්තේ ය. එහි තමා නොදන්නා ස්විච, සංඥා සහ තිරය මත වූ දර්ශක රාශියකි.. අසුන ඉදිරියේ වූ මයික්‍රෆෝනය අතට ගත් ඔහු පාලක මැදිරියට "May day" පණිවිඩය යොමු කලේ උදව් අපේක්ෂාවෙනි.. නමුත් ඒ අතර හදිසියේම ඔහු දුටුවේ පුදුම සහගත දෙයකි..!! යානයේ වම් පසින් එයට සමාන්තරව පියාසර කරන F-16 ප්‍රහාරක යානයකි. එහි නියමුවා ඇන්ඩ්‍රියාස් දෙස බලා අත සොලවා කිසියම් සංඥාවක් කරන ආකාරය ඔහුට දැකගන්නට ලැබිනි. ඔහුද එයට ප්‍රතිචාර දැක්වී ය. නමුත් එයට කළ හැක්කත් නැත. ගුවන් යානය කෙසේ හෝ පාලනය කර ගුවන් තොටුපලක් වෙත ගෙන යා යුතු ය. නමුත් මෙවැනි විශාල යානයක් පැදවීමේ දැනුම හෝ අත්දැකීම් ඔහුට නැත.. ඔහු තමා දත් සෑම දෙයක්ම සිහි කරමින් යානය පාලනය කරන්නට උත්සාහ කරමින් සිටියේ ය. ඒ අතර තමා සතු සියළු ඔක්සිජන් සිලින්ඩර අවසන්ව තමා ද හයිපොක්සියා තත්වයට ගොදුරු වී ඇති බව ඔහුට දැනෙන්නට විය. ඈතින් ඔහුට විශාල ඇතැන්ස් නගරය දර්ශනය විය.. නමුත් ඒ දෙසට යන්නට පෙර තම දෑස් පියවෙමින් පවතින බව ඔහුට දැනිනි..! යානය ඇතැන්ස් වෙත කඩා වැටුනහොත් සිදුවන විනාශය අති මහත් ය. ඒ අතර සියළු බලාපොරොත්තු බිඳ හෙලමින් යානයේ වම්පස ඇන්ජිම ක්‍රියා විරහිත විය. ඉන් මඳ වේලාවකට පසු දකුණු පස ඇන්ජිමද ක්‍රියා විරහිත විය..!! පුරා පැය තුනක් තිස්සේ පියාසර කළ යානයේ ඉන්ධන අවසන්ව ඇත..! ඉදිරියේ ජනාකීර්ණ ඇතැන්ස් නගරය ය. පසෙක මහා කඳු වැටියකි.. ඔහු අවසාන වතාවට තමාට සමාන්තරව පියාසර කරන F-16 ප්‍රහාරක ජෙට් යානයේ නියමුවා දෙස බැලීය.. තම අතින් ඔහුට වම් පස ඇති කඳු ගැටය පෙන්වීය. යානය විදුලි වේගයෙන් පහතට ගමන් කරන අතර පළමු වතාවටත් අවසන් වතාවටත් බොයින් යානයක් පැදවීමේ මරණීය වරම හිමිකරගත් ඇන්ඩ්රියාස්ට යානය අසල පිහිටි කඳු ගැටය දෙසට හරවා ගැනීමේ හැකියාව ලැබිණි..!! *********************** 2005 අගෝස්තු 14වනදින සයිප්‍රසයේ සිට ග්‍රීසිය බලා පියාසර කළ සීරියෝස් යානය තුල බරපතල දෝශයක් සිදුව තිබිණි. එය මරණීය අත් වැරැද්දකි..!! ගුවන් ගතවීමට පෙර යානය තුල සිදුකල පරීක්ෂාකිරීමක් අතර යානය තුල වායු පීඩනය පාලනය කරන preseurization unit නම් පද්ධතිය Auto සිට Manual දක්වා වෙනස් කොට තිබිණි. නමුත් පරීක්ෂාව සිදුකල ඉංජිනේරුවන්ට එය නැවත Auto දක්වා සීරුමාරු කිරීමට අතපසු වී තිබිණි. අඩි 12000ක උසකදී ඒ පිළිබඳ අනතුරු හැඟවීමේ සීනුව නාද වී නියමුවන් පාලක මැදිරිය අමතද්දී පාලක මැදිරියෙන් ඒ පිළිබඳව සොයාබලන ලෙස නියමුවන්ව දැනුවත් කළ ද නියමුවන්ට ද එය මඟහැරී තිබිණි. මේ නිසා ඉහල උසකදී යානය තුල වායු පීඩනය අඩුවීමෙන් සිදුවන ඔක්සිජන් හිඟතාවය නිසා සියළු මඟීන් යානය තුලදීම මරණයට පත් විය. ඇන්ඩ්‍රියාස් පමණක් ඔක්සිජන් ටැංකි මඟින් අවසන් මොහොත දක්වා දිවි බේරාගත් නමුත් ඔහුට මෙවන් විශාල යානාවක් පැදවීමේ දැනුම හා අත්දැකීම් තිබුනේ නැත. නමුත් අවසාන මොහොතේ යානය ඇතැන්ස් හි ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටීම වලකා යානය අසල පිහිටි "ග්රැමටිකෝ" කඳු ගැටයේ වැදෙන්නට සලස්වා විනාශය දෙගුණ තෙගුණ වීම වලකාලන්නට ඔහු සමත් විය..!! අනතුරින් ඇන්ඩ්‍රියාස් ඇතුළු කාර්ය මණ්ඩලයේ හය දෙනාත්, මඟීන් 115 දෙනාත් සහිතව 121 දෙනෙක් මරණයට පත්විය.. මළ සිරුරු සමඟ තනිවම පියාසර කළ යානයක් නිසා මෙම යානය "මළවුන්ගේ යානය" නමින් හඳුන්වන ලදී..!! |සජිත් පුෂ්පකුමාර| උපුටාගත් ලිපියකි [ATTACH type="full" width="582px" alt="1659936403569.png"]181110[/ATTACH] [ATTACH type="full" width="577px" alt="1659936522747.png"]181111[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom