මළවුන් සමඟ ගණුදෙනුවක්.

hasithazone

Junior member
  • Dec 24, 2009
    105
    14
    18
    අල්ලපු ගෙදර
    මළවුන් සමඟ ගණුදෙනුවක්.

    මම මේක එලකිරි 1ට දානවද නැද්ද කියල හිතාගෙන හිටියේ. මෙ දවස් වල අපේ පවුලෙ කෙනෙක්ට වෙන දෙයක්. පරිගණක තාක්ෂණයටත් වඩා තාක්ෂණේ දියුනු වෙලා තියන මේ වගේ කාලෙක කවුරුත් මේක විශ්වාස කරයිද කියන එක තමඉ හිතන්න අමාරු. මේක විහිලුවකට ගන්න එපා කියවල මොකක් හරි හිතෙනව නම් කියන්න. මම කවුද කියල ඔයලත් දන්නෙ නැති නිසා මම කියන්නේ. මගේ යාළුවොවත් මේක දන්නෙ නෑ. දැන ගත්තොත් අපෙ පවුලෙ කෙනාට හොඳ නැහැ. එයාට පිස්සු කියල හිතයි. මම දන්න ටික ඔයාලට කියන්නම්.
    ඇත්තටම මේක උනේ අපෙ අම්මගෙ නංගිට. අපේ සීය මැරුනේ දැන් අවු 9කට කලින්. එයා ගොඩාක් පින් කරපු කෙනෙක් කියලා හැමෝම කියනවා. ඉතින් ටික දවසකට කලින් අපේ පුංචිට එයාව ආවේශ වෙනවලු. මෙහෙම කිව්වම ඉතින් මටත් හිනා ගියා. මම හිතුවේ එයගේ යටි හිතක් වත් ක්‍රියාත්මක වෙනවා, නැත්තම් එයාගෙ මානසික පීඩනයකට වෙච්ච දෙයක් කියලා. ඒත් මම ටිකක් හොයල බැලුවා. අපේ අම්මලත් මුලින්ම මේක විශ්වාස කළේ නැහැ. ඒත් අපේ පුංචි අපිට බොරුවක් කරන්නෙ නැහැනේ. මේක වැඩියෙන්ම වෙන්නෙ අපේ ලොකු අම්ම එයා ගාව ඉන්නකොටලු. අපේ සීයා වැඩිපුරම ආදරේ කළේ අපේ ලොකු අම්මටලු. ඒක අපේ අම්මත් කිව්වා. අපේ ලොකු අම්මට ආවේෂ වෙන්න තිබුනු එක පුංචිට ගිහිල්ල තියෙන්නේ එයා ගොඩාක් පින් කරන කෙනෙක් නිසාලු. ටික කාලයක් එයා මේ විදියට ඉඳලා පවුලේ හැමෝටම උදව් කරල එයා යනවලු. ඊටත් වඩා පුදුමෙ කියන්නෙ. එයාව ආවේශ උන වෙලාවට එයා ලඟ ඉන්න අයගෙ හිත් වල තියන දේවල් ඒ විදියටම කියනවලු. ඒවට උත්තරත් දෙනවලු. අනිත් පුදුමෙ කියන්නෙ ඒවත් සම්පූර්ණ ඇත්ත.හැබැයි සමහර ඒව අහපුවාම කියනවලු ඒව කියන්න තරම් මම තාම බලවත් කෙනෙක් නෙවේ කියලා. මම හිතන්නේ එයා තාම මනෝකායක් කියලා. එය අපිට උදව් කරත් නැත්තත් අපිට මැරුණු කෙනෙක්ගෙන් උදව් බලාපොරොත්තු වෙන්න බැහැ. මේක කෝම හරි නැති කරගන්න ඔනි
    . මේ ගැන හොයන බලන දන්න කියන කෙනෙක් ඉන්නවනම් ප්ලීz මට කියන්න. ඒ ගැන පරීක්ෂණ කරන ඩොක්ටර් කෙනෙක් හරි අඳුනනව නම් මට කියන්න.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    වෙයිද්‍ය විද්‍යාව පැත්තෙන් මෝහනය කරල ඒවගේ ට්‍රීට්මන්ට් එකකින් හොඳ කරන්ඩ පුලුවන් වෙයි සමහර වෙලාවට .එහෙමත් බැරිවුනොත් උදව්වක් කරන්ඩ බලන්නම්.හැබැයි වෙයිද්‍ය විද්‍යාව පැත්තෙන් නෙමේ.හරියන්නෙම නැත්තන් විතරක් කතා කරන්ඩ.
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    මළවුන් ආවේස උනාම ඒවා ඉවත් කරන හාමුදුරු සහ ෆාදර් ලා ඉන්නවා ... පොඩ්ඩක් හොයල බලපන් ....
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    ara TNL TV ekee ena docter kuda? anna eyaaa hodai ara manoo widdaywa gena kathaa karanne
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    Dr චන්දන ජයරත්න හම්බවෙන්න මෙන්න නම්බරේ 0714800800. විහිළුවක් නෙවෙයි. මේ නම්බරේ ඇත්ත.
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    ade seeyagen ahapan ada adena tickt eke number eka godama thama...ey salli walin nathi bari unta udaw karapan api wage ayata...