Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාතරදී සිදුවූයේ කුමක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැතිවරණ පරාජයේ සැබෑ හේතු වසන් වීම

මාධ්‍ය මාෆියාවේ අ~හැරය විසින් ඇති කළ එක් ප්‍රශ්නයක් වන්නේ පසුගිය පළාත් සභා මැතිවරණය පරාජය වීමට බලපෑ සැබෑ හේතූන් විමසා බැලීමට අවශ්‍ය ඉඩකඩ අවහිර වීමයි.

මෙම මැතිවරණයේදී එජාපය ලත් පරාජය හුදු තනි හේතුවක ප්‍රතිඵලයකට ලඝු කළ නොහැකිය. එය හේතු ගණනාවක එකතුවක් ලෙස සැලකිය යුතුය. මෙම හේතූන් ප්රමුඛතාවයන් අනුව පෙල ගැස්සුවහොත් නායකත්වය වෙනස් විය යුතුය යන්න තිඛෙන්නේ කෙලවරේය. රනිල්ගේ නායකත්වය සම්බන්ධ ප්රශ්නය මෙවෙලේ ඉදිරියට ගන්නේ රාජපක්ෂ ගැති ව්‍යාපාරික මාෆියාවේ මාධ්‍ය ගැත්තන්ය. ඊට වඩා අවධානය යොමු කල යුතු හේතූන් මේ අනුව යටපත් වීමට ඉඩ තිබේ.

ආණ්ඩුව විසින් රාජ්‍ය සම්පත් මැතිවරණය වෙනුවෙන් යොදා ගැනීම, පවුල් වාදය, ආණ්ඩුවේ අපේක්ෂකයින්ගේ අධික වියදම් සහිත මැතිවරණ ව්‍යාපාර, නීතියේ බිඳවැටීම, පොලිසියේ ඒකපාර්ෂික රංගනය මැතිවරණ ප්‍රතිඵලය කෙරෙහි දැවැන්ත බල පෑමක් සිදු කළත් ඒවා සැලකිය යුතු වන්නේ නොවැලැක්විය හැකි උවදුරන් ලෙසය. මේවා හේතූන් ලෙස පෙන්වා මැතිවරණ පරාජය සාධාරණීකරණය කළ නොහැකිය. ඒවාට මුහුණ දීමට විපක්ෂය සූදානම් විය යුතුය.

මැතිවරණ ප්‍රතිඵලය කෙරෙහි වඩාත්ම තීරණාත්මක ලෙස බලපෑ කාරණය වන්නේ එජාපය ආණ්ඩු විරෝධී මතය නියමාකාර ලෙස ජන්ද දායකයා වෙත ගෙන යෑමට පක්ෂයක් ලෙස අසමත් වීම බව අපගේ නිරීක්ෂණයයි. ආණ්ඩු විරෝධය හැම තැනකම තිබුනත් එය ඡන්ද බවට හරවා ගැනීමට අවශ්‍යම කරන උත්තේජනය දීමට එජාපය සමත් වූයේ නැත. රජය තම මතය රාජ්‍ය මාධ්‍ය වන රූපවාහිණි සහ ස්වාධීන නාලිකා හරහාත් රාජපක්ෂ ගැති පුද්ගලික නාලිකා හරහාත් පැය 24 පුරාම ජනතාව වෙත කාන්දු කරයි. ඊට අමතරව විශාල ගුවන් විදුලි නාලිකා ප්‍රමාණයකද සේවය ලබා ගනී. ලේක් හවුස් මුළුමනින්ම රජයේ වන අතර අනෙකුත් මුද්‍රිත මාධ්‍ය වලද වැඩි ආවරණයක් ලබා ගන්නේ රජයයි. ඊට අමතරව සිරස සහ ටිරාන් ගේ මාධ්‍ය මගින් නොනවත්වා එජාපයට පහරදීමේ ක්‍රියාවලියක යෙදී සිටී. මැතිවරණ කාලයේදී සිරස විසින් ජනසෙත පෙරමුණ නම් පක්ෂයකට දුන් තරමේ ආවරණයක් වත් ප්‍රධාන විපක්ෂයට ලබා දුන්නේ නැත. රජයේ මතවාදය ජනජීවිතයේ සෑම අස්සකටම රිංගවා ඇත. එය කෙතරම්ද යත් පොහොර කවරයේද මහින්ද චින්තනය ගසා ඇත. දුම්රියේ කඩල විකුණන මිනිසාගේ පිටේද දිවි නැගුම ගසා ඇත. මෙවැනි විසිරුනු පැතිරුනු මතවාදයක් සමග හැප්පීමට කිසිදු ආයුදයක් එජාපයට තිබුනේ නැත. මැතිවරණ කාලයේදී එක් වරක් නිවසකට ගොඩ වූ පමනින් පක්ෂයක මතවාදයක් ජනතාවට කාන්දු වන්නේ නැත. මේ තත්ත්වය මත ලැබූ ඡන්ද ප්‍රමාණයද ආශ්චර්යයක්ය.

ලංකාවේ ඉතා කුඩා පක්ෂ වලට පවා තමන්ගේ මතය පාක්ෂිකයන් අතරට ගෙන යෑමට තමන්ගේම පුවත් පත් ඇත. එහෙත් පුදුමය නම් ලංකාවේ විශාලතම දේශපාලන පක්ෂයකට පුවත් පතක් නැති වීමයි. එජාපයට සිටින ස්ථාවර පක්ෂිකයන් ප්‍රමාණය අනුව ලංකාවේ වැඩිම අලෙවියක් සහිත පුවත් පතක් පවත්වා ගෙන යෑම අසීරු කරණක් ලෙස නොපෙනේ. මීට අමතරව පක්ෂයට ගුවන් විදුලි නාලිකාවක්, රූපවාහිණී චැනලයක් තිබේ නම් විශාල වාසියක්ය. එජාප නායකයාට ඒ පිලිබඳ අත්දැකීම් හොඳටම ඇතැයි අප සිතමු. ආණ්ඩුවක් පිහිටුවීමට අපේක්ෂා කරන පක්ෂයකට මෙම සම්පත් නැතුව තම මතය ජනතාව වෙත සාර්ථකව ගෙන යා නොහැකිය. මුදල් නැතැයි කියා මෙම කාරණා මග හැර සිටියද නොහැකිය. මුදල් නොමැති නම් විදේශ රටකින් හෝ ලබා ගත යුතුය. පක්ෂයට එරෙහිව උදේ හවා හඩ්සන්ලා, මහින්ද අබේසුන්දරලා කෑ ගසන කෑගැහිල්ලට මෙන්ම උපුල් ජෝසප්ගේ හෑලි වලටද නැවත හැරී පහර දිය යුතුය. දේශපාලනය යනු එයයි. යට මට්ටමේ සංවිධායක වරුන්ට පාක්ෂිකයන්ට වඩා පහසුවෙන් සහ ආත්ම විශ්වාසයකින් යුතුව දේශපාලන කටයුතු කල හැක්කේ එවිටයි.

ලබන වසර තීරණාත්මකයි

ලබන වසරේ ජාතික මැතිවරණයකට යෑමට සැරසෙන රාජපක්ෂ රෙජීමයට අවශ්‍ය වන්නේ හැකිතාක් අභ්‍යන්තර ප්‍රශ්න එජාපය තුල ඇති කිරීමයි. විපක්ෂය ඒකාබද්ධ වීම වැලැක්වීමයි. ඒ හරහා පහසු ජයග්‍රහණයකට මග පාදා ගැනීමයි. එබැවින් එජාපයේ අභ්‍යන්තර ප්‍රශ්න අවසන් කර ගැනීම රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමේ පූර්ව කොන්දේසියකි. ඒ සඳහා දැනට ඉදිරියට ගෙන ඇති ප්රතිසංවිධාන කටයුතු හුදු ජනප්‍රියවාදී සීමාවන්ට යට නොවී බුද්ධිමත්ව සිදු කල යුතුව ඇත.

ඒ සඳහා සලකා බැලිය හැකි දක්ෂ එමෙන්ම තරුණ නායකයින් පිරිසක් එජාපයට ඇත. මෙම ගැටුමේදී මධ්‍යස්ථ ප්‍රවේශයක සිට පක්ෂය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන අජිත් පෙරේරා, හරේන්, රන්ජන්, හර්ෂ, විෙජ්වර්ධන වැනි නායකයින්ට වැඩි බරක් යෙදිය හැක. පක්ෂයේ ක්‍රියාකාරිත්වයෙන් ඉවත් වී සිටින චරිත වුව නැවත වරක් ලංකර ගත හැකිය.

කිසියම් ප්රතිසංවිධානයක් සිදු විය යුත්තේ මෙම මාධ්‍ය මාෆියාවට අවශ්‍ය ආකාරයට නොව පක්ෂ අභ්‍යන්තරය තුල සිදු කෙරෙන පුළුල් සංවාදයක් මගින් කැප වී ක්‍රියාකරන එසේම රාජපක්ෂ රෙජීමයේ රූකඩ නොවන තරුණ පිරිස් වලට වගකීම් පැවරෙන ආකාරයටය. පක්ෂය තුල ඇති කරනු ලබන ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ නැවත රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට හේතු විය යුතුය. 1980 දශකයේ ශ්‍රීලනිපයේ අභ්‍යන්තර අර්බුද පැවති සමයේ පක්ෂ මූලස්ථානය මෙන්ම පක්ෂයේ ලාංඡනයද එවක පක්ෂ නායිකා සිරිමා බණ්ඩාරණායකට අහිමි වන තැනට පත්ව සිටි අතර ඇය එම අර්බුදයන්ට මුහුණ දුන් ආකාරයටම අනාගත ජයග්‍රහණය සඳහා පක්ෂය රැකගැනීමට රනිල් ක්‍රියාකල යුතුව ඇත.

පක්ෂ සාමාජිකයන් මෙන්ම ජනතාව මතක් කර ගත යුතු කරුනක් තිබේ. එනම් පක්ෂ විසින් ජනප්‍රියතාවය මූලික සුදුසුකම ලෙස සිතා ඉදිරිපත් කළ සෑම නූගත් අප්රබුද්ධ ජාතිවාදී අපේක්ෂකයෙක්ම රට විනාශ කර ඇති බවයි. මේ වරද එජාපය මෙන්ම ශ්රීලනිපය ද සිදුකර ඇත. එදා ෙජ්ආර් ගෙන් පසු ලලිත් හෝ ගාමිණී වැනි ජාතිවාදී නොවූ උගතුන් සිටියදී ප්‍රේමදාසට බාරදීමෙන් සිදුකරන ලද විනාශයත්, චන්ද්‍රිකාගෙන් පසු අනුර මංගල වැනි ජාතිවාදී නොවූ උගතුන් සිටියදී මහින්ද රාජපක්ෂට බාර දීමෙන් සිදුකරගෙන තිඛෙන විනාශයත් අපට උගන්වා ඇති පාඩම සැලකිල්ලට ගත යුතුය.

ඉදිරියේදීද සිරිකොත අසල, රනිල්ගේ නිවස ඉදිරිපිට සිදු කරන උද්ඝෝෂණ මෙන්ම පාගමන්ද මෙම දුෂ්ඨ බලවේග විසින් ක්‍රියාවට නැගීමට උත්සාහ දරනු ඇත. ඒවාටද මාතර ප්රතිකර්මය හොඳ ඔසුවක් වනු ඇත. කෙතරම් පීඩනයක් යටතේ වුවද මේ අවස්ථාවේ මෙම ව්‍යාපාරික මාෆියාවට යටත් වී එජාපයේ නායකත්ව වෙනසක් සිදු නොවිය යුතුය. රාජපක්ෂ ගැති මාධ්‍ය මාෆියාවේ අරමුණ පරාජය කිරීම ප්‍රමුඛතම කාර්ය විය යුතුය.

-විසල් කරුණාරත්න විසිනි-

[QUOTE="Al Baik, post: 15696984, member: 326965"] [SIZE="5"][B]මැතිවරණ පරාජයේ සැබෑ හේතු වසන් වීම ------------------------------------------------[/B] මාධ්‍ය මාෆියාවේ අ~හැරය විසින් ඇති කළ එක් ප්‍රශ්නයක් වන්නේ පසුගිය පළාත් සභා මැතිවරණය පරාජය වීමට බලපෑ සැබෑ හේතූන් විමසා බැලීමට අවශ්‍ය ඉඩකඩ අවහිර වීමයි. මෙම මැතිවරණයේදී එජාපය ලත් පරාජය හුදු තනි හේතුවක ප්‍රතිඵලයකට ලඝු කළ නොහැකිය. එය හේතු ගණනාවක එකතුවක් ලෙස සැලකිය යුතුය. මෙම හේතූන් ප්රමුඛතාවයන් අනුව පෙල ගැස්සුවහොත් නායකත්වය වෙනස් විය යුතුය යන්න තිඛෙන්නේ කෙලවරේය. රනිල්ගේ නායකත්වය සම්බන්ධ ප්රශ්නය මෙවෙලේ ඉදිරියට ගන්නේ රාජපක්ෂ ගැති ව්‍යාපාරික මාෆියාවේ මාධ්‍ය ගැත්තන්ය. ඊට වඩා අවධානය යොමු කල යුතු හේතූන් මේ අනුව යටපත් වීමට ඉඩ තිබේ. ආණ්ඩුව විසින් රාජ්‍ය සම්පත් මැතිවරණය වෙනුවෙන් යොදා ගැනීම, පවුල් වාදය, ආණ්ඩුවේ අපේක්ෂකයින්ගේ අධික වියදම් සහිත මැතිවරණ ව්‍යාපාර, නීතියේ බිඳවැටීම, පොලිසියේ ඒකපාර්ෂික රංගනය මැතිවරණ ප්‍රතිඵලය කෙරෙහි දැවැන්ත බල පෑමක් සිදු කළත් ඒවා සැලකිය යුතු වන්නේ නොවැලැක්විය හැකි උවදුරන් ලෙසය. මේවා හේතූන් ලෙස පෙන්වා මැතිවරණ පරාජය සාධාරණීකරණය කළ නොහැකිය. ඒවාට මුහුණ දීමට විපක්ෂය සූදානම් විය යුතුය. මැතිවරණ ප්‍රතිඵලය කෙරෙහි වඩාත්ම තීරණාත්මක ලෙස බලපෑ කාරණය වන්නේ එජාපය ආණ්ඩු විරෝධී මතය නියමාකාර ලෙස ජන්ද දායකයා වෙත ගෙන යෑමට පක්ෂයක් ලෙස අසමත් වීම බව අපගේ නිරීක්ෂණයයි. ආණ්ඩු විරෝධය හැම තැනකම තිබුනත් එය ඡන්ද බවට හරවා ගැනීමට අවශ්‍යම කරන උත්තේජනය දීමට එජාපය සමත් වූයේ නැත. රජය තම මතය රාජ්‍ය මාධ්‍ය වන රූපවාහිණි සහ ස්වාධීන නාලිකා හරහාත් රාජපක්ෂ ගැති පුද්ගලික නාලිකා හරහාත් පැය 24 පුරාම ජනතාව වෙත කාන්දු කරයි. ඊට අමතරව විශාල ගුවන් විදුලි නාලිකා ප්‍රමාණයකද සේවය ලබා ගනී. ලේක් හවුස් මුළුමනින්ම රජයේ වන අතර අනෙකුත් මුද්‍රිත මාධ්‍ය වලද වැඩි ආවරණයක් ලබා ගන්නේ රජයයි. ඊට අමතරව සිරස සහ ටිරාන් ගේ මාධ්‍ය මගින් නොනවත්වා එජාපයට පහරදීමේ ක්‍රියාවලියක යෙදී සිටී. මැතිවරණ කාලයේදී සිරස විසින් ජනසෙත පෙරමුණ නම් පක්ෂයකට දුන් තරමේ ආවරණයක් වත් ප්‍රධාන විපක්ෂයට ලබා දුන්නේ නැත. රජයේ මතවාදය ජනජීවිතයේ සෑම අස්සකටම රිංගවා ඇත. එය කෙතරම්ද යත් පොහොර කවරයේද මහින්ද චින්තනය ගසා ඇත. දුම්රියේ කඩල විකුණන මිනිසාගේ පිටේද දිවි නැගුම ගසා ඇත. මෙවැනි විසිරුනු පැතිරුනු මතවාදයක් සමග හැප්පීමට කිසිදු ආයුදයක් එජාපයට තිබුනේ නැත. මැතිවරණ කාලයේදී එක් වරක් නිවසකට ගොඩ වූ පමනින් පක්ෂයක මතවාදයක් ජනතාවට කාන්දු වන්නේ නැත. මේ තත්ත්වය මත ලැබූ ඡන්ද ප්‍රමාණයද ආශ්චර්යයක්ය. ලංකාවේ ඉතා කුඩා පක්ෂ වලට පවා තමන්ගේ මතය පාක්ෂිකයන් අතරට ගෙන යෑමට තමන්ගේම පුවත් පත් ඇත. එහෙත් පුදුමය නම් ලංකාවේ විශාලතම දේශපාලන පක්ෂයකට පුවත් පතක් නැති වීමයි. එජාපයට සිටින ස්ථාවර පක්ෂිකයන් ප්‍රමාණය අනුව ලංකාවේ වැඩිම අලෙවියක් සහිත පුවත් පතක් පවත්වා ගෙන යෑම අසීරු කරණක් ලෙස නොපෙනේ. මීට අමතරව පක්ෂයට ගුවන් විදුලි නාලිකාවක්, රූපවාහිණී චැනලයක් තිබේ නම් විශාල වාසියක්ය. එජාප නායකයාට ඒ පිලිබඳ අත්දැකීම් හොඳටම ඇතැයි අප සිතමු. ආණ්ඩුවක් පිහිටුවීමට අපේක්ෂා කරන පක්ෂයකට මෙම සම්පත් නැතුව තම මතය ජනතාව වෙත සාර්ථකව ගෙන යා නොහැකිය. මුදල් නැතැයි කියා මෙම කාරණා මග හැර සිටියද නොහැකිය. මුදල් නොමැති නම් විදේශ රටකින් හෝ ලබා ගත යුතුය. පක්ෂයට එරෙහිව උදේ හවා හඩ්සන්ලා, මහින්ද අබේසුන්දරලා කෑ ගසන කෑගැහිල්ලට මෙන්ම උපුල් ජෝසප්ගේ හෑලි වලටද නැවත හැරී පහර දිය යුතුය. දේශපාලනය යනු එයයි. යට මට්ටමේ සංවිධායක වරුන්ට පාක්ෂිකයන්ට වඩා පහසුවෙන් සහ ආත්ම විශ්වාසයකින් යුතුව දේශපාලන කටයුතු කල හැක්කේ එවිටයි. [B]ලබන වසර තීරණාත්මකයි -----------------------------[/B] ලබන වසරේ ජාතික මැතිවරණයකට යෑමට සැරසෙන රාජපක්ෂ රෙජීමයට අවශ්‍ය වන්නේ හැකිතාක් අභ්‍යන්තර ප්‍රශ්න එජාපය තුල ඇති කිරීමයි. විපක්ෂය ඒකාබද්ධ වීම වැලැක්වීමයි. ඒ හරහා පහසු ජයග්‍රහණයකට මග පාදා ගැනීමයි. එබැවින් එජාපයේ අභ්‍යන්තර ප්‍රශ්න අවසන් කර ගැනීම රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමේ පූර්ව කොන්දේසියකි. ඒ සඳහා දැනට ඉදිරියට ගෙන ඇති ප්රතිසංවිධාන කටයුතු හුදු ජනප්‍රියවාදී සීමාවන්ට යට නොවී බුද්ධිමත්ව සිදු කල යුතුව ඇත. ඒ සඳහා සලකා බැලිය හැකි දක්ෂ එමෙන්ම තරුණ නායකයින් පිරිසක් එජාපයට ඇත. මෙම ගැටුමේදී මධ්‍යස්ථ ප්‍රවේශයක සිට පක්ෂය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන අජිත් පෙරේරා, හරේන්, රන්ජන්, හර්ෂ, විෙජ්වර්ධන වැනි නායකයින්ට වැඩි බරක් යෙදිය හැක. පක්ෂයේ ක්‍රියාකාරිත්වයෙන් ඉවත් වී සිටින චරිත වුව නැවත වරක් ලංකර ගත හැකිය. කිසියම් ප්රතිසංවිධානයක් සිදු විය යුත්තේ මෙම මාධ්‍ය මාෆියාවට අවශ්‍ය ආකාරයට නොව පක්ෂ අභ්‍යන්තරය තුල සිදු කෙරෙන පුළුල් සංවාදයක් මගින් කැප වී ක්‍රියාකරන එසේම රාජපක්ෂ රෙජීමයේ රූකඩ නොවන තරුණ පිරිස් වලට වගකීම් පැවරෙන ආකාරයටය. පක්ෂය තුල ඇති කරනු ලබන ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ නැවත රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට හේතු විය යුතුය. 1980 දශකයේ ශ්‍රීලනිපයේ අභ්‍යන්තර අර්බුද පැවති සමයේ පක්ෂ මූලස්ථානය මෙන්ම පක්ෂයේ ලාංඡනයද එවක පක්ෂ නායිකා සිරිමා බණ්ඩාරණායකට අහිමි වන තැනට පත්ව සිටි අතර ඇය එම අර්බුදයන්ට මුහුණ දුන් ආකාරයටම අනාගත ජයග්‍රහණය සඳහා පක්ෂය රැකගැනීමට රනිල් ක්‍රියාකල යුතුව ඇත. පක්ෂ සාමාජිකයන් මෙන්ම ජනතාව මතක් කර ගත යුතු කරුනක් තිබේ. එනම් පක්ෂ විසින් ජනප්‍රියතාවය මූලික සුදුසුකම ලෙස සිතා ඉදිරිපත් කළ සෑම නූගත් අප්රබුද්ධ ජාතිවාදී අපේක්ෂකයෙක්ම රට විනාශ කර ඇති බවයි. මේ වරද එජාපය මෙන්ම ශ්රීලනිපය ද සිදුකර ඇත. එදා ෙජ්ආර් ගෙන් පසු ලලිත් හෝ ගාමිණී වැනි ජාතිවාදී නොවූ උගතුන් සිටියදී ප්‍රේමදාසට බාරදීමෙන් සිදුකරන ලද විනාශයත්, චන්ද්‍රිකාගෙන් පසු අනුර මංගල වැනි ජාතිවාදී නොවූ උගතුන් සිටියදී මහින්ද රාජපක්ෂට බාර දීමෙන් සිදුකරගෙන තිඛෙන විනාශයත් අපට උගන්වා ඇති පාඩම සැලකිල්ලට ගත යුතුය. ඉදිරියේදීද සිරිකොත අසල, රනිල්ගේ නිවස ඉදිරිපිට සිදු කරන උද්ඝෝෂණ මෙන්ම පාගමන්ද මෙම දුෂ්ඨ බලවේග විසින් ක්‍රියාවට නැගීමට උත්සාහ දරනු ඇත. ඒවාටද මාතර ප්රතිකර්මය හොඳ ඔසුවක් වනු ඇත. කෙතරම් පීඩනයක් යටතේ වුවද මේ අවස්ථාවේ මෙම ව්‍යාපාරික මාෆියාවට යටත් වී එජාපයේ නායකත්ව වෙනසක් සිදු නොවිය යුතුය. රාජපක්ෂ ගැති මාධ්‍ය මාෆියාවේ අරමුණ පරාජය කිරීම ප්‍රමුඛතම කාර්ය විය යුතුය. -විසල් කරුණාරත්න විසිනි-[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom