මාතරදී සිදුවූයේ කුමක්ද?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,210
    12,225
    113
    Ohio, USA
    මාතරදී සිදුවූයේ කුමක්ද?

    එජාපයේ අභ්‍යන්තර ගැටුම සාකච්ඡා මේසයෙන් වීදියට පැමිණියාද? පසුගිය සෙනසුරාදා මාතර සිදුවීම හරහා බොහෝ දෙනෙකු මතු කල ප්‍රශ්නය එයයි. මෙහිදී අතුරු ප්‍රශ්න රැසක් මතු කිරීමට අපට සිදුවේ.

    යම් දේශපාලන පක්ෂයක තීන්දු තීරණ ගැනීමට හෝ නායකත්වයට පත්විය යුත්තේ කවුරුන්ද යන්න හෝ තීරනය කිරීමට මාධ්‍ය ආයතනයක සිටිනා දෙතුන් දෙනෙකුට ඉඩ දිය හැකිද?

    මාධ්‍ය ආයතනයක කාර්ය භාරය දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති විවේචනයට අභිබවා ගොස් ඒවායේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමද?

    මේ වන විට සිරස නාලිකාව සහ මව්බිම පුවත් පත ක්‍රියාකරන ආකාරය අනුව ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ පලමු අංකය වී ඇත්තේ එජාපයේ නායකයා විය යුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීමයි. දකුණු ඇමරිකා කලාපයේ මත්ද්‍රව්‍ය මාෆියාව ව්‍යාපාරික අරමුණින් එම රටවල ආණ්ඩු තීරණය කරන ආකාරයේ භූමිකාවකට මේ වන විට ඉහත මාධ්‍ය ආයතන පත්වී තිබේ. මේවා තවදුරටත් මාධ්‍ය ආයතන නොව මාධ්‍ය මාෆියාවන්ය.

    පළාත් සභා මැතිවරණයෙන් පසුව නැවත වරක් විපක්ෂය දුර්වල කරන මාධ්‍ය මාෆියාවේ සුපුරුදු සෙල්ලම ආරම්භ කර තිබේ. ඒ එජාපයේ නායකත්වය වහාම වෙනස් කල යුතු බව පවසමිනුයි. මාධ්‍යයට අදාල නොවන මෙම ප්‍රශ්නය හුදු එම මාධ්‍ය දෙකේ අයිතිකරුවන් එජාප නායකයා සමග ඇති පුද්ගලික ආරෝව රටේ කේන්ද්‍රීය ප්‍රශ්නය බවට පත් කර ගෙන ඒ හරහා ව්‍යාජ ජනමතයක් නිර්මාණය කර එජාපයේ නායකත්වය මාධ්‍ය මාෆියාවේ පාලනයට යටත් පුද්ගලයකු අතට පත් කිරීම මෙහි අරමුණයි.

    මාතර දී රඟ දැක්වූ පාගමන මෙම අරමුණේ එක් පියවරකි. පා ගමන කොළඹ දක්වා පැමිනෙන විට සජීවී ආවරණය දෙමින් දැවැන්ත පීඩනයක් පක්ෂය වෙත ඇති කිරීම සැලසුම විය. නමුත් මෙම මාෆියාව නොසිතූ ලෙස සැබෑ පාක්ෂිකයින් ගෙන් එල්ල වූ මාරාන්තික විරෝධය මත සිය සැලැස්ම ලැජ්ජා සහගත ලෙස හකුලා ගැනීමට සිරස/ මව්බිම ප්‍රමුඛ මාෆියාවට සිදු විය. එය කාලාන්තරයක් තිස්සේ කරන ලද කෙනෙහිලි කම් විඳ දරා ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ පුපුරා යාමකි. සමස්ත සිද්ධියේ අභ්‍යන්තරික දේශපාලන කාරණා විමසා බැලිය යුතුව තිබේ.

    ආරක්ෂාවීම වෙනුවට ප්‍රතිප්‍රහාරය
    --------------------------------------

    කාලාන්තරයක් තිස්සේ සම්මුතියකට පැමිණීමට දරන ලද උත්සාහයන් ඒකපාර්ශවීය ලෙස ප්‍රතික්ෂේප කිරීමට සජිත් සහ ඔහුගේ හිතවාදී කණ්ඩායම කටයුතු කළහ. ඔවුන්ගේම ඉල්ලීම මත සිදුකරන ලද පක්ෂ ව්‍යවස්ථා ප්‍රතිපාදනයන්ට අනුව සිදුකරන ලද නිලවරණ ප්‍රතිඵලය පවා ප්‍රතික්ෂේප කර සිරිකොතට පහර දුන්නේය. ඒ ඉහත කී මාධ්‍ය මාෆියාව (සිරස/ මව්බිම) විසින් අශිෂ්ඨ සහ ග්‍රාම්‍ය ලෙස නොනවත්වා සිදුකරන විවේචනයන් අතරේය. මේ සෑම සිද්ධියකදීම පක්ෂයේ නිල නායකත්වය කටයුතු කෙළේ නෛතිකව සහ පිලිගත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුලය. මෛත්‍රී සහ ශිරාල්ව නෙරපීම සිදුකරන ලද්දේ ව්‍යවස්ථාවට අනුකූලව නෛතිකවය. මෙම නම්‍යශීලී සහ ශිෂ්ඨ භාවයට සජිත් සහ හිතවාදී කණ්ඩායම පෙරලා ශිෂ්ඨ ලෙස ප්‍රතිචාර දැක්වූයේ නැත. සෑම මැතිවරණයක් ආසන්නයේදීම පක්ෂයේ ගැටුම් ඇති බව උලූප්පා පෙන්වීමට මාධ්‍ය මාෆියාව හමුවට පැමිණෙන සජිත් සහ හිතවාදී කණ්ඩායම මැතිවරණ ව්‍යාපාරයට කිව නොහැකි තරමේ හානියක් සිදු කෙළේය. නායකත්වය ඉල්ලා කෑ ගසන සජිත් හෝ හිතවාදී කණ්ඩායම කිසිම මැතිවරණයකදී පක්ෂය දිනවීම වෙනුවෙන් ඵලදායී දායකත්වයක් දැරුවේ නැත. ඒ වෙනුවට නිතරම මැතිවරණ ව්‍යාපාරය හිතා මතා දුර්වල කිරීමේ මාධ්‍ය මෙහෙයුමට උදව් කෙළේය. ප්‍රශ්නය වන්නේ මේ සියළු ක්‍රියාකාරකම්වලට නිහ~ අනුමැතිය සහ යටින් අනුග්‍රහය සජිත් ගෙන් ලැබීමයි. මෙහි කූඨ ප්‍රාප්තිය වූයේ මාතර සිට ඇරඹූ පා ගමනයි.

    පක්ෂ නායකයන් විසින් විවේචකයන්ගේ විවේචන පිලිගනිමින් පැවිදි ප්‍රභූන්ගේද උපදෙස් මත තීන්දු තීරණ ගැනීමට නායකයා නොමැති උත්තරීතර මණ්ඩලයක් හැදීමට තීරණය කළේය. ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා පැවැත්වීම සැලසුම් කළ පා ගමන කල් දැමීමට හෝ සජිත් සහ අනුගාමිකයෝ කටයුතු කෙළේ නැත. ගැටුම් කළමනාකරණය ගැන ලොවට දේශන පවත්වන නීතිඥ ශිරාල් ලක්තිලක වැන්නෙක් ගැටුම් කළමණාකරනය වෙනුවට ගැටුම් උත්සන්න කිරීමේ පියවරකට ගියේ ය. යුද්දය කාලයේදී රජය සටන් විරාමයක් යෝජනා කළ විට ඊට ප්‍රතිචාර නොදැක්වූයේ ත්‍රස්තවාදීන්ය. සජිත් සහ අනුගාමිකයෝ ත්‍රස්තවාදීන්ගේ පන්නයේ ක්‍රියාමාර්ගයකට ගියා මිස ප්‍රබුද්ධ ක්‍රියාමාර්ගයකට නොගියේ ය.

    මාධ්‍ය මාෆියාවේ සැලැස්ම වූයේ මෙම පා ගමනට විශාල මාධ්‍ය ආවාරණයක් ලබා දෙමින් පක්ෂයේ නිල නායකත්වයට විශාල පීඩනයක් ඇති කර තම අරමුණු ඉෂ්ඨ කර ගැනීමයි. එසේ වීමට ඉඩ දුන්නේ නම් කිව නොහැකි තරමේ හානියක් පක්ෂයට සිදුවනු වැලැක්විය නොහැකිය. එබැවින් මේ තත්වය වැලැක්වීමට යම් විකල්ප ක්‍රියාමාර්ගයක් ගැනීම මග හැරිය නොහැකි අත්‍යාවශ්‍ය කාරණාවක් විය.

    මේ අර්ථයෙන් මාතර ප්‍රතිප්‍රහාරය සාධාරණ යුක්ති සහගත එකක්ය. පා ගමන මගින් පක්ෂයට හානිකර ලෙස ඇති කිරීමට සැලැසුම් කල මාධ්‍ය මෙහෙයුම ප්‍රතිප්‍රහාරය විසින් අනෙක් අතට හරවා මාධ්‍ය මාෆියාවට එරෙහිව ක්‍රියාත්මක විය. තරගකාරී අනෙකුත් මාධ්‍ය ආයතන (හිරු/ දෙරණ) විසින් සිද්ධියට විශාල මාධ්‍ය ආවාරණයක් ලබා දුන් අතර එමගින් මෛත්‍රීලා, ශිරාල්ලා නිකම්ම නිකම් මාධ්‍ය මාෆියාවේ රූකඩ බවත්, වැඩි බලය සහ ජනතා සහාය තිඛෙන්නේ නිල නායකත්වයට බවත් හෙලිදරව් වී ඇත. පා ගමනේ සිටියේ මෛත්‍රීලොගේ පවුලේ උදවිය සහ රාජපක්ෂලාගේ හෙන්චයියන් පිරිසක් බව හෙලිදරව් වී ඇත. එමෙන්ම මෛත්‍රීගේ පියා ජනාධිපති උපදේශකයෙක් බවත් අනක් ගුණක් නැති අධමයෙක් බවත් හෙලිදරව් වී ඇත. එදා යාපනයේ පුස්තකාලය ගිනි තැබීමේ න්‍යායාචාර්ය වරයා වන්නේ ද මෛත්‍රීගේ පියා බවත් එමගින් ඇතිකරන ලද කැලල නිසා ඔහු පාලනය කළ නොහැකි ජාතිවාදියෙක් ලෙස සලකා ෙජ්.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් සිරගත කළ පුද්ගලයෙක් බවත් හෙළි වී ඇත. දැන් පක්ෂයේ නායකත්වය වෙනස් කිරීමේ උද්ඝෝෂණ පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න හෙළිදරව් වී ඇත. මෙහි පූර්ණ ගෞරවය මංගලට හිමිවිය යුතුය. ප්‍රහාරාත්මක දේශපාලනය නුපුරුදු මංගල අවශ්‍ය අවස්ථාවකදී තමාට ඕනෑම වර්ගයේ දේශපාලනයකට නායකත්ව දිය හැකි පුද්ගලයෙක් බව පෙන්වා ඇත. අද වීදියේ සටන රාජපක්ෂ රෙජීමයේ සෙවනැලි සමග සිදු වුවද හෙට දිනයේ එය ඍජුවම රෙජීමය සමග සිදුකිරීමට සිදුවනවා නියතය. මංගල ඊට නායකත්වය දීමට සුදුස්සෙක් බව පසක් කර තිබේ.

    අපගේ ප්‍රතිවාදීන් ක්‍රියා කරන්නේ ශිෂ්ඨ සම්පන්න ලෙස සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුව නොවේ. එවැනි ප්‍රතිවාදියෙකුට මුහුණ දීමට නිර්මාණශිලී විකල්ප ක්‍රම භාවිතා කළ යුතුය. ඇත්ත වශයෙන්ම මෙවැනි ක්‍රියා මාර්ග ගත යුතුව තිබුනේ මීට පෙරය. පක්ෂයේ ජන්ද වලින් මන්ත්‍රීකම් ලබා ගෙන ඒවා මුදලට සහ වරප්‍රසාද වලට පවා දුන් පුද්ගලයින්ට එරෙහිව යම් ප්‍රතිචාරයක් දැක්විය යුතුව තිබුණි. මනූෂ ගේ නිවස හදිසියේ ඇති වූ විදුලි කාන්දුවකින් ගිනිබත් වූයේ නම් සහ ග්‍රේරු ගේ විදුහලක් ඉදිරිපිට ආපදාවට ලක් වූ ගලි බවුසරයකින් අසූචි කාන්දුවක් සිදුවූයේ නම් වෙනස් වූ තත්වයන් නිර්මාණය වීමට ඉඩ තිබුණි. දෙවන සිද්ධිය විසින් පලමු සිද්ධිය යටපත් කරන අතර නෛසර්ගිකව වැඩි මාධ්‍ය අවධානයක් දෙවන සිද්ධිය විසින් දිනාගනු ඇත. එමගින් අනාගත පක්ෂ මාරු කරන්නන්ට තම තීරණය ගැන දෙවරක් සිතීමට බල කරනු ඇත.....
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,225
    113
    Ohio, USA
    සජිත් කිසිසේත්ම විකල්පය නොවේ
    -------------------------------------

    සජිත්ව නායකත්වයට පත් කළ හොත් සකල දෝශ නිවාරනය වී පක්ෂය ජයග්‍රාහී මාවතට වැටෙන බවට අදහසක් පවතී. එහෙත් දෘශ්‍යමාන සත්‍ය නම් මේ වන විට පක්ෂයට රනිල්ට වඩා වැඩි හානියක් සජිත් විසින් කරමින් සිටින බවයි. පක්ෂ ව්‍යවස්ථාව අනුව අවස්ථා කිහිපයකදී නායකත්වය රනිල් විසින් තහවුරු කර ගත්තද මෙම බහුතර මතයට අවනත නොවී සජිත් දිගින් දිගටම නායකත්වයට අවහිර කරන ප්‍රතිපත්තියක සිට ක්‍රියා කළේය. මෙමගින් පක්ෂයේ ඒකමතික භාවයට කිව නොහැකි තරම් හානියක් වූ බව බැහැර කල නොහැකිය.

    සජිත් යනු උගතෙක් නොවේ. කිසිම විෂයක් සම්බන්ධව ප්‍රමාණිකයකුද නොවේ. පියා මෙන් භාවිතයෙන් ඉගන ගත්තකුද නොවේ. පියා නාගරික මන්ත්‍රී ධූරයේ සිට නගරාධිපති, මන්ත්‍රී, නියෝජ්‍ය ඇමැති, ඇමැති, අගමැති, ජනාධිපති දක්වා සියළු තනතුරු දරා තිබිණ. සජිත් එවැන්නෙක් නොවේ. පටු ජනප්‍රියවාදී ප්‍රකාශ කරනවා හැර ඔහු දක්ෂ කථිකයකුද නොවේ. තම පියා හිටපු ජනාධිපති කෙනෙක් වූ පමණින් තමන්ටද නායක කම හිමි විය යුතුයැයි සිතනා වැඩවසම්වාදී මානසිකත්වයෙන් පෙලෙන්නෙකි. එසේ නම් රටේ නායකත්වයට වඩාත් සුදුසු වන්නේ විමුක්ති කුමාරතුංග ය. මන්ද යත් ඔහුගේ මව පමණක් නොව ආච්චි සහ සීයාද රටේ නායකයන් ව සිට ඇති නිසාය. පරම්පරාව රටේ නායකත්වය සඳහා සුදුසුකමක් ලෙස සිතන්නෝ වැඩවසම් නූගතුන්ය. ඒ සියල්ලටම අමතරව සජිත් එජාප විරෝධී ව්‍යාපාරික මාෆියාවේ හුරතලෙක් ලෙස කටයුතු කරන්නෙකි. සජිත් යනු ඔහුගේ අපරිනත කථා හේතුවෙන් උගත් සහ විදග්ධ සමාජයේ හාස්‍යයට සහ උපහාසයට නිතර ලක් වන චරිතයකි.

    රාජපක්ෂ රෙජීමය ජාතික තලයේ මැතිවරණයකින් පරාජය කල හැක්කේ පුළුල් සන්ධානයකින් බවට තර්කයක් නොමැත. මෙවන් පුළුල් සන්ධානයකට සුළු ජාතික පක්ෂ, වමේ පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන ඇතුළු අනෙකුත් සංවිධාන පමණක් නොව රාජපක්ෂ පවුල් වාදයට එරෙහි ශ්‍රීලනිප පාක්ෂිකයන්ද සහභාගි කර ගත යුතුව ඇත. එවන් පුළුල් සන්ධානයකට අවශ්‍ය ශක්තිමත් සංවාදයකට සජිත්ගේ ඌන දැනීම සහ නුපුරුද්ද මහත් බාධකයක් වනු ඇත. අනෙක් අතට ඔහුගේ ජාතිවාදී ආස්ථානය සුළු ජාතික පක්ෂ අන්තර්ග්‍රහණය කර ගැනීමේ බාධාවක්ද වනු ඇත. මේ වන විටත් සමගි බලවේගය නියෝජනය කරන අනෙක් පක්ෂ නායකයන්ගේ විවේචනයට සජිත් ලක් වෙමින් සිටී.

    78 ව්‍යවස්ථාවෙන් පසු ආණ්ඩු වෙනස් වී ඇත්තේ පවතින ආණ්ඩුවෙන් කොටසක් කැඩී විපක්ෂය සමග එක්වීමෙනි. ලලිත් ගාමිනීලාගේ කැඩී යෑම චන්ද්‍රිකාගේ ආගමනයට හේතු විය. එස්බී, ජීඑල්, ආදීන්ගේ කැඩීම රනිල් අගමැති වී ආණ්ඩු පිහිටුවීමට හේතු විය. අනාගතයේද එවැන්නක් සිදුවිය යුතුම ය. දැනට ඒ සඳහා පෙර ලකුණු පහල වී තිබේ. රාජපක්ෂ පවුල්වාදයට එරෙහිව ශ්‍රීලනිපයේ දැඩි විරෝධතාවක් පවතී. එලෙස කැඩෙන කණ්ඩායමක් කිසිසේත්ම සජිත් වැනි අපරිනත පුද්ගලයෙකුගේ නායකත්වය අදහන්නේ නැත.

    යම් ලෙසකින් සජිත් නායකත්වයට පත් වුවහොත් එජාප පහල තීරුව තුල යම් පිබිදීමක් ඇති විය හැක. නමුත් ඊට ප්‍රතිපක්ෂව පක්ෂයේ ජන්ද පදනම තුල සිටින උගත් සහ දැනුවත් කොටස් පිටමන් වනු ඇත. සජිත් යනු ගැටුමේ එක් පාර්ශව කරුවෙකි. මේ වන විට ඔහුට එරෙහි විශාල පිරිසක් පක්ෂයේ ඉහල ස්ථරයේ සිටී. වාර්ථා වන අන්දමට මේ පිරිසෙන් බහුතරයක් මොනම තත්වයක් යටතේවත් සජිත් සමග සහජීවනයෙන් කටයුතු කිරීමට එකඟ නැත. ඒ අනුව සජිත් ට අවස්ථාවක් දීම යනු නැවත වටයකින් පක්ෂයේ පිපිරීමක් ඇති වීමයි. අර්බුදයක් ඇති වීමයි. සජිත් ගේ පලි ගැනීමේ චරිත ස්වභාවය මත තත්වය වඩාත් තීව්ර වනු ඇත. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ යුගය නැවත රඟ දක්වමින් සජිත් විරෝධී කණ්ඩායම් වෙනම දේශපාලන ගමනක් ආරම්භ කරනු ඇත. ලලිත් ගාමිණී පිටවූ ලෙස පක්ෂය තුල සිටින දැන උගත් මෙන්ම අවංක පිරිසක් පක්ෂයට අහිමි වනු ඇත. ප්‍රේමදාස ජනාධිපතිවරයා වටේ සිටි කණ්ඩායමට සමාන නූගත් එහෙයියන් පිරිසක් සජිත්ව වට කර ගනු ඇත. විවේචනයන්ට වෙනස් මතයන්ට කිසිදු ඉඩක් නැති වනු ඇත. සජිත් කියන්නේද ප්‍රේමදාස නැවත්වූ තැනින් තමන් ආරම්භ කරන බවකි. ප්‍රේමදාස නැවැත්වූ තැන ගැන රටේ මහජනතාවට ඇත්තේ කෙතරම් අපුලක්ද යත් දේශපාලන නායකයන් මිය ගිය පසු ජනතාව වීදි බැස සතුටු වූයේ අවස්ථා දෙකකදී පමණි. එකක් ප්‍රභාකරන්ගේ මිය යෑම සහ අනෙක ප්‍රේමදාසගේ මිය යෑමය.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,225
    113
    Ohio, USA
    මැතිවරණ පරාජයේ සැබෑ හේතු වසන් වීම
    ------------------------------------------------

    මාධ්‍ය මාෆියාවේ අ~හැරය විසින් ඇති කළ එක් ප්‍රශ්නයක් වන්නේ පසුගිය පළාත් සභා මැතිවරණය පරාජය වීමට බලපෑ සැබෑ හේතූන් විමසා බැලීමට අවශ්‍ය ඉඩකඩ අවහිර වීමයි.

    මෙම මැතිවරණයේදී එජාපය ලත් පරාජය හුදු තනි හේතුවක ප්‍රතිඵලයකට ලඝු කළ නොහැකිය. එය හේතු ගණනාවක එකතුවක් ලෙස සැලකිය යුතුය. මෙම හේතූන් ප්‍රමුඛතාවයන් අනුව පෙල ගැස්සුවහොත් නායකත්වය වෙනස් විය යුතුය යන්න තිඛෙන්නේ කෙලවරේය. රනිල්ගේ නායකත්වය සම්බන්ධ ප්‍රශ්නය මෙවෙලේ ඉදිරියට ගන්නේ රාජපක්ෂ ගැති ව්‍යාපාරික මාෆියාවේ මාධ්‍ය ගැත්තන්ය. ඊට වඩා අවධානය යොමු කල යුතු හේතූන් මේ අනුව යටපත් වීමට ඉඩ තිබේ.

    ආණ්ඩුව විසින් රාජ්‍ය සම්පත් මැතිවරණය වෙනුවෙන් යොදා ගැනීම, පවුල් වාදය, ආණ්ඩුවේ අපේක්ෂකයින්ගේ අධික වියදම් සහිත මැතිවරණ ව්‍යාපාර, නීතියේ බිඳවැටීම, පොලිසියේ ඒකපාර්ෂික රංගනය මැතිවරණ ප්‍රතිඵලය කෙරෙහි දැවැන්ත බල පෑමක් සිදු කළත් ඒවා සැලකිය යුතු වන්නේ නොවැලැක්විය හැකි උවදුරන් ලෙසය. මේවා හේතූන් ලෙස පෙන්වා මැතිවරණ පරාජය සාධාරණීකරණය කළ නොහැකිය. ඒවාට මුහුණ දීමට විපක්ෂය සූදානම් විය යුතුය.

    මැතිවරණ ප්‍රතිඵලය කෙරෙහි වඩාත්ම තීරණාත්මක ලෙස බලපෑ කාරණය වන්නේ එජාපය ආණ්ඩු විරෝධී මතය නියමාකාර ලෙස ජන්ද දායකයා වෙත ගෙන යෑමට පක්ෂයක් ලෙස අසමත් වීම බව අපගේ නිරීක්ෂණයයි. ආණ්ඩු විරෝධය හැම තැනකම තිබුනත් එය ඡන්ද බවට හරවා ගැනීමට අවශ්‍යම කරන උත්තේජනය දීමට එජාපය සමත් වූයේ නැත. රජය තම මතය රාජ්‍ය මාධ්‍ය වන රූපවාහිණි සහ ස්වාධීන නාලිකා හරහාත් රාජපක්ෂ ගැති පුද්ගලික නාලිකා හරහාත් පැය 24 පුරාම ජනතාව වෙත කාන්දු කරයි. ඊට අමතරව විශාල ගුවන් විදුලි නාලිකා ප්‍රමාණයකද සේවය ලබා ගනී. ලේක් හවුස් මුළුමනින්ම රජයේ වන අතර අනෙකුත් මුද්‍රිත මාධ්‍ය වලද වැඩි ආවරණයක් ලබා ගන්නේ රජයයි. ඊට අමතරව සිරස සහ ටිරාන් ගේ මාධ්‍ය මගින් නොනවත්වා එජාපයට පහරදීමේ ක්‍රියාවලියක යෙදී සිටී. මැතිවරණ කාලයේදී සිරස විසින් ජනසෙත පෙරමුණ නම් පක්ෂයකට දුන් තරමේ ආවරණයක් වත් ප්‍රධාන විපක්ෂයට ලබා දුන්නේ නැත. රජයේ මතවාදය ජනජීවිතයේ සෑම අස්සකටම රිංගවා ඇත. එය කෙතරම්ද යත් පොහොර කවරයේද මහින්ද චින්තනය ගසා ඇත. දුම්රියේ කඩල විකුණන මිනිසාගේ පිටේද දිවි නැගුම ගසා ඇත. මෙවැනි විසිරුනු පැතිරුනු මතවාදයක් සමග හැප්පීමට කිසිදු ආයුදයක් එජාපයට තිබුනේ නැත. මැතිවරණ කාලයේදී එක් වරක් නිවසකට ගොඩ වූ පමනින් පක්ෂයක මතවාදයක් ජනතාවට කාන්දු වන්නේ නැත. මේ තත්ත්වය මත ලැබූ ඡන්ද ප්‍රමාණයද ආශ්චර්යයක්ය.

    ලංකාවේ ඉතා කුඩා පක්ෂ වලට පවා තමන්ගේ මතය පාක්ෂිකයන් අතරට ගෙන යෑමට තමන්ගේම පුවත් පත් ඇත. එහෙත් පුදුමය නම් ලංකාවේ විශාලතම දේශපාලන පක්ෂයකට පුවත් පතක් නැති වීමයි. එජාපයට සිටින ස්ථාවර පක්ෂිකයන් ප්‍රමාණය අනුව ලංකාවේ වැඩිම අලෙවියක් සහිත පුවත් පතක් පවත්වා ගෙන යෑම අසීරු කරණක් ලෙස නොපෙනේ. මීට අමතරව පක්ෂයට ගුවන් විදුලි නාලිකාවක්, රූපවාහිණී චැනලයක් තිබේ නම් විශාල වාසියක්ය. එජාප නායකයාට ඒ පිලිබඳ අත්දැකීම් හොඳටම ඇතැයි අප සිතමු. ආණ්ඩුවක් පිහිටුවීමට අපේක්ෂා කරන පක්ෂයකට මෙම සම්පත් නැතුව තම මතය ජනතාව වෙත සාර්ථකව ගෙන යා නොහැකිය. මුදල් නැතැයි කියා මෙම කාරණා මග හැර සිටියද නොහැකිය. මුදල් නොමැති නම් විදේශ රටකින් හෝ ලබා ගත යුතුය. පක්ෂයට එරෙහිව උදේ හවා හඩ්සන්ලා, මහින්ද අබේසුන්දරලා කෑ ගසන කෑගැහිල්ලට මෙන්ම උපුල් ජෝසප්ගේ හෑලි වලටද නැවත හැරී පහර දිය යුතුය. දේශපාලනය යනු එයයි. යට මට්ටමේ සංවිධායක වරුන්ට පාක්ෂිකයන්ට වඩා පහසුවෙන් සහ ආත්ම විශ්වාසයකින් යුතුව දේශපාලන කටයුතු කල හැක්කේ එවිටයි.

    ලබන වසර තීරණාත්මකයි
    -----------------------------

    ලබන වසරේ ජාතික මැතිවරණයකට යෑමට සැරසෙන රාජපක්ෂ රෙජීමයට අවශ්ය වන්නේ හැකිතාක් අභ්‍යන්තර ප්‍රශ්න එජාපය තුල ඇති කිරීමයි. විපක්ෂය ඒකාබද්ධ වීම වැලැක්වීමයි. ඒ හරහා පහසු ජයග්‍රහණයකට මග පාදා ගැනීමයි. එබැවින් එජාපයේ අභ්‍යන්තර ප්‍රශ්න අවසන් කර ගැනීම රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමේ පූර්ව කොන්දේසියකි. ඒ සඳහා දැනට ඉදිරියට ගෙන ඇති ප්‍රතිසංවිධාන කටයුතු හුදු ජනප්‍රියවාදී සීමාවන්ට යට නොවී බුද්ධිමත්ව සිදු කල යුතුව ඇත.

    ඒ සඳහා සලකා බැලිය හැකි දක්ෂ එමෙන්ම තරුණ නායකයින් පිරිසක් එජාපයට ඇත. මෙම ගැටුමේදී මධ්‍යස්ථ ප්‍රවේශයක සිට පක්ෂය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන අජිත් පෙරේරා, හරේන්, රන්ජන්, හර්ෂ, විෙජ්වර්ධන වැනි නායකයින්ට වැඩි බරක් යෙදිය හැක. පක්ෂයේ ක්‍රියාකාරිත්වයෙන් ඉවත් වී සිටින චරිත වුව නැවත වරක් ලංකර ගත හැකිය.

    කිසියම් ප්‍රතිසංවිධානයක් සිදු විය යුත්තේ මෙම මාධ්‍ය මාෆියාවට අවශ්‍ය ආකාරයට නොව පක්ෂ අභ්‍යන්තරය තුල සිදු කෙරෙන පුළුල් සංවාදයක් මගින් කැප වී ක්‍රියාකරන එසේම රාජපක්ෂ රෙජීමයේ රූකඩ නොවන තරුණ පිරිස් වලට වගකීම් පැවරෙන ආකාරයටය. පක්ෂය තුල ඇති කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ නැවත රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට හේතු විය යුතුය. 1980 දශකයේ ශ්‍රීලනිපයේ අභ්‍යන්තර අර්බුද පැවති සමයේ පක්ෂ මූලස්ථානය මෙන්ම පක්ෂයේ ලාංඡනයද එවක පක්ෂ නායිකා සිරිමා බණ්ඩාරණායකට අහිමි වන තැනට පත්ව සිටි අතර ඇය එම අර්බුදයන්ට මුහුණ දුන් ආකාරයටම අනාගත ජයග්‍රහණය සඳහා පක්ෂය රැකගැනීමට රනිල් ක්‍රියාකල යුතුව ඇත.

    පක්ෂ සාමාජිකයන් මෙන්ම ජනතාව මතක් කර ගත යුතු කරුනක් තිබේ. එනම් පක්ෂ විසින් ජනප්‍රියතාවය මූලික සුදුසුකම ලෙස සිතා ඉදිරිපත් කළ සෑම නූගත් අප්‍රබුද්ධ ජාතිවාදී අපේක්ෂකයෙක්ම රට විනාශ කර ඇති බවයි. මේ වරද එජාපය මෙන්ම ශ්‍රීලනිපය ද සිදුකර ඇත. එදා ෙජ්ආර් ගෙන් පසු ලලිත් හෝ ගාමිණී වැනි ජාතිවාදී නොවූ උගතුන් සිටියදී ප්‍රේමදාසට බාරදීමෙන් සිදුකරන ලද විනාශයත්, චන්ද්‍රිකාගෙන් පසු අනුර මංගල වැනි ජාතිවාදී නොවූ උගතුන් සිටියදී මහින්ද රාජපක්ෂට බාර දීමෙන් සිදුකරගෙන තිඛෙන විනාශයත් අපට උගන්වා ඇති පාඩම සැලකිල්ලට ගත යුතුය.

    ඉදිරියේදීද සිරිකොත අසල, රනිල්ගේ නිවස ඉදිරිපිට සිදු කරන උද්ඝෝෂණ මෙන්ම පාගමන්ද මෙම දුෂ්ඨ බලවේග විසින් ක්‍රියාවට නැගීමට උත්සාහ දරනු ඇත. ඒවාටද මාතර ප්‍රතිකර්මය හොඳ ඔසුවක් වනු ඇත. කෙතරම් පීඩනයක් යටතේ වුවද මේ අවස්ථාවේ මෙම ව්‍යාපාරික මාෆියාවට යටත් වී එජාපයේ නායකත්ව වෙනසක් සිදු නොවිය යුතුය. රාජපක්ෂ ගැති මාධ්‍ය මාෆියාවේ අරමුණ පරාජය කිරීම ප්‍රමුඛතම කාර්ය විය යුතුය.
    -විසල් කරුණාරත්න විසිනි-
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,225
    113
    Ohio, USA
    "සජිත් යනු උගතෙක් නොවේ. කිසිම විෂයක් සම්බන්ධව ප්‍රමාණිකයකුද නොවේ. පියා මෙන් භාවිතයෙන් ඉගන ගත්තකුද නොවේ. පියා නාගරික මන්ත්‍රී ධූරයේ සිට නගරාධිපති, මන්ත්‍රී, නියෝජ්‍ය ඇමැති, ඇමැති, අගමැති, ජනාධිපති දක්වා සියළු තනතුරු දරා තිබිණ. සජිත් එවැන්නෙක් නොවේ. පටු ජනප්‍රියවාදී ප්‍රකාශ කරනවා හැර ඔහු දක්ෂ කථිකයකුද නොවේ. තම පියා හිටපු ජනාධිපති කෙනෙක් වූ පමණින් තමන්ටද නායක කම හිමි විය යුතුයැයි සිතනා වැඩවසම්වාදී මානසිකත්වයෙන් පෙලෙන්නෙකි. එසේ නම් රටේ නායකත්වයට වඩාත් සුදුසු වන්නේ විමුක්ති කුමාරතුංග ය. මන්ද යත් ඔහුගේ මව පමණක් නොව ආච්චි සහ සීයාද රටේ නායකයන් ව සිට ඇති නිසාය. පරම්පරාව රටේ නායකත්වය සඳහා සුදුසුකමක් ලෙස සිතන්නෝ වැඩවසම් නූගතුන්ය. ඒ සියල්ලටම අමතරව සජිත් එජාප විරෝධී ව්‍යාපාරික මාෆියාවේ හුරතලෙක් ලෙස කටයුතු කරන්නෙකි. සජිත් යනු ඔහුගේ අපරිනත කථා හේතුවෙන් උගත් සහ විදග්ධ සමාජයේ හාස්‍යයට සහ උපහාසයට නිතර ලක් වන චරිතයකි."
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,225
    113
    Ohio, USA
    මෙම මැතිවරණයේදී එජාපය ලත් පරාජය හුදු තනි හේතුවක ප්‍රතිඵලයකට ලඝු කළ නොහැකිය. එය හේතු ගණනාවක එකතුවක් ලෙස සැලකිය යුතුය. මෙම හේතූන් ප්‍රමුඛතාවයන් අනුව පෙල ගැස්සුවහොත් නායකත්වය වෙනස් විය යුතුය යන්න තිඛෙන්නේ කෙලවරේය. රනිල්ගේ නායකත්වය සම්බන්ධ ප්‍රශ්නය මෙවෙලේ ඉදිරියට ගන්නේ රාජපක්ෂ ගැති ව්‍යාපාරික මාෆියාවේ මාධ්‍ය ගැත්තන්ය. ඊට වඩා අවධානය යොමු කල යුතු හේතූන් මේ අනුව යටපත් වීමට ඉඩ තිබේ.