මාතරින් කට්ට ගෙනැල්ලා මා බැඳලා මූදට දැම්&#3512

northtech

Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    මාතරින් කට්ට ගෙනැල්ලා මා බැඳලා මූදට දැම්&#3512

    “අනේ! මහත්තයෝ මට මගේ සල්ලි ටික ගන්න ඕනෑ” යි ජෝසප්ට ආවිෂ්ට වූ භූතාත්මය අඬ අඬා කීවේය. ආධ්‍යාත්මික උපදේශකවරයා ප්‍රශ්න කිරීම් ආරම්භ කළේ ය.

    “සල්ලි ගැන කතා කරන්න කලින් තමන් කවුද කියලා හිටියා නම් හොඳයි”

    “මම ඩීමන්”

    “ඩීමන් කියන්නේ කවුද?”

    “මේ ජෝසප්ගෙ තාත්තා. ජෝසප් මගේ වැඩිමහල් පුතා.”

    “ඇයි මේ පුතාට කරදර කරන්නෙ?”

    “මගේ සල්ලි ටික මට ඕනෑ.”

    “මොන සල්ලි ද? පුතා තාත්තාගෙන් සල්ලි අරගෙන තියෙනව ද?”

    “නෑ... නෑ... පුතා මගෙන් සල්ලි ගත්තෙ නෑ. ඒ වුණාට පුතා මගේ සල්ලි ටික අරන් දෙන්න ඕනැ.”

    “මොන සල්ලි ද ඔය කියන්නෙ?”

    “මහත්තයා! මම සල්ලි පොළියට දුන්නා. ඒ ණය කාරයෝ මගේ සල්ලි ආපහු දුන්නෙ නෑ.”

    “ඇයි නොදුන්නෙ?”

    “මම මළානෙ මහත්තයා.”

    “මැරුණානම් දීපු සල්ලි අයකැර ගන්නේ කොහොම ද?”

    “අනේ! මහත්තයා, මගේ සල්ලි ටික නම් ගන්න ඕනැ.”

    ජෝසප් බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වයසින් හැට හැවිරිදි ය. ශරීරයේ දැඩි වේදනාව, හීනෙන් බිය වීම, නිවසට වැලි වැටීම, බත් පිඟානට අසාමාන්‍ය ලෙස වැලි වැටීම වැනි අසනීප හා ප්‍රශ්නවලින් මිදීම සඳහා කරන ලද වෛද්‍ය ප්‍රතිකාර හා වෙනත් අභිචාර විධිවලින් සහනයක් නොලැබ සිටියදී “සිළුමිණ” පත්‍රයේ “පියවි ඇසින් ඔබ්බට” විශේෂාංගයේ සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන ජෝසප් බිරිය සමඟ පැමිණියේය. එහි දී ජෝසප් ප්‍රලය වූ අතර ඔහුගේ මියගිය පියා ඩීමන් ගේ භූතාත්මය ඔහු තුළින් මතු වී ආවේය. ආධ්‍යාත්මික උපදේශකවරයා භූතාත්මය සමඟ සාකච්ඡා කළේය.

    “ඉතින් ඩීමන්ගෙ සල්ලි ගත්ත ණය කාරයෝ ආපහු නොදුන්නයි කියලා ඇයි පුතාට කරදර කරන්නෙ?”

    “මගේ සල්ලි ටික අරන් දීපං කියලා තමයි කරදර කළේ”

    “කොහොමද පුතාට ඒ ගැන කිව්වෙ?”

    “මම කිව්වාට මූට ඇහෙන්නේ නෑ. ඉතින් මම කරදර කළා.”

    පියාගේ භූතාත්මය ශරීරයෙන් ඉවත් කොට ගවේෂකවරයා ජෝසප්ට දින විසි එකක් බෝධි පූජා පවත්වා එන්නැයි උපදෙස් දුන්නේය.

    “මහත්තයා, මට බෝධි පූජා තියන්න බෑ. මම බෞද්ධයෙක් නොවෙයි.”

    “අපේ ප්‍රතිකාර ක්‍රමය බෞද්ධ පිළිවෙත්වලින් රෝගීන් සුවපත් කිරීම. ඒ නිසා දන්න කෙනෙකු ලවා බෝධි පූජාව පවත්වා එන්න.”

    “ඒක නම් කරන්න බෑ.”

    “එහෙම නම් මට කරන්න දෙයක් නැහැ. මේ මම දන්නා ක්‍රමය. ඒකට බෝධි පූජා පවත්වා සිත ඒකාග්‍ර කොට ශක්තිමත් වෙන්න ඕනෑ. එහෙම නැත්නම් ඔය තාත්තාගේ භූතාත්මය ශරීරයේ තියාගෙන ඉන්න වේවි. එහෙම නැත්නම් වෙන තැනකට ගිහින් ප්‍රතිකාර ගන්න.”

    “හොඳයි මම මොනව ද කරන්න ඕනෑ?”

    “අපි තමුන්ව අපේ ආගම දහමට ගන්න හදනවා නොවෙයි. ඔය ඇ‍ඟේ තියෙන දෝෂය ඉවත් කරන්න අපි දන්නා පිළිවෙත් ක්‍රියාත්මක කරන්න ඕනැ. බය වෙන්න එපා. දන්නා කෙනෙකුට කියා බෝධි පූජාව තියා ගන්න. බුදු හාමුදුරුවෝ ගස් ගල් වන්දනා කරන්න කියලා නැහැ. උගන්වලා නැහැ. බුදු රජාණන් වහන්සේ නැති අවස්ථාවල උන් වහන්සේ වෙනුවෙන් බෝධිය සංකේතවත් කර ගන්න කියලා තියෙන්නේ. බෝ මළුවට ගිහින් සිත ඒකාග්‍ර කරගන්න ඕනෑ. මම සතුන් මැරීම, සොරකම් කිරීම, කාමය වරදවා හැසිරීම, බොරු කීම, සුරාපානය යන පාප ක්‍රියාවන් ගෙන් වළකිමි යි කියන අධිෂ්ඨානයෙන් සිත ඒකාග්‍ර කැර ගන්න. මම නිවැරදි මිනිසෙක් මි යන සිතුවිල්ල තුළ පිහිටීමෙන් තමන්ගේ සිත ශක්තිමත් වෙනවා. සිත පිරිසිදු වන විට රුධිරය පිරිසිදු වෙනවා. ඒ අනුව සිත කය දෙක ම ශක්තිමත් වන විට තමන් ගේ ශක්ති ශරීරය බලවත් වෙනවා. එවිට තමන් යටකැර ගෙන සිටින භූත බලවේගය නම්‍යශීලි වෙනවා.”

    බෝධි පූජා අවසන් කොට ජෝසප් නැවතත් පැමිණියේ ය. එදින ද ජෝසප් ප්‍රලය වූයේය.

    “ඩීමන් දැන් මොකද කියන්නෙ?”

    “මගේ සල්ලි ටික අරන් දෙන්න කියලා තමයි කියන්නෙ.”

    “ඉතින් සල්ලි ගත්ත අයට නේද ඒක කියන්න ඕනැ”

    “ඒකට මම බයයි මහත්තයා.”

    “ඇයි බය මොක ද?”

    “මම ඔය ණය කාරයන්ගෙ ගෙවල්වලට ගියා. උන්ගෙන් සල්ලි ආපහු ඉල්ලුව. උන්ට ඇහුණෙ නැහැ මම කියන දේවල්. ඊට පස්සෙ උන්ගෙ ගෙවල්වල අය ලෙඩ කළා. කරදර කළා.”

    “දැන් කොයි තරම් කල් ද?”

    “දැනට අවුරුදු විස්සක් තරම් වෙනවා.”

    “ඊ ළඟට මොකද කළේ?”

    “මම පෙරේරගෙ ගෙදරට ගියා.”

    “කවුද පෙරේරා කියන්නෙ?”

    “ඌ තමයි මගෙන් වැඩිම මුදලක් ණයට අරගෙන ආපහු නොදී ඉන්න එකා. ඌ මගෙන් රුපියල් ලක්ෂ දෙකක් අරගෙන තියෙනවා. මුදලත් නෑ පොළියත් නෑ.”

    “ඉතින් පෙරේරාට මොක කළේ?”

    “ඌටත් ගෙදර අයටත් කරදර කළා. ගෙට වැලි දැම්මා. කන බත් පිඟන්වලට වැලි දැම්මා. හීනෙන් බය කළා.”

    “ඉතින් සල්ලි ලැබුණ ද?”

    “නෑ ඌ මාතරින් කට්ටඩි ගෙනැල්ල තොවිලයක් කළා. මාව බැඳලා මූදට දැම්මා. මහ මූදට. හිර වෙලා දුක් වින්දා. ඒ බන්ධනයට අහුවෙලා ටික දවසක් ඉන්න කොට බන්ධනයෙන් නිදහස් වුණා.”

    “ටික දවසක් කිව්වේ කොච්චර කාලයක් ද?”

    “අවුරුදු විස්සක් විතර මූද යට දුක් වින්දා.”

    “නිදහස් වෙලා කොහේද ගියේ.”

    “පෙරේරා මට සල්ලිත් නොදී පොළියත් නොදී මාව බැඳලා මුහුදට දැමු පළිය ගන්න ඌ හොයාගෙන ගියා.”

    “ගිහින් මොකද කළේ?”

    “ගියාට වැඩක් නෑ. ඌ හිටපු ගේ වහලා උන් වෙන කොහේද යන්න ගිහින්. මට ඌ ඉන්න තැනක් හොයා ගන්න බැරි වුණා.”

    “ඊට පස්සෙ මොකද කළේ?”

    “මොනවා කරන්න ද? පුතා හොයා ගෙන ආවා. පුතා ලවා මගේ සල්ලි ටික එකතු කැර ගන්න හිතා ගෙන ඇවිත් මගේ සල්ලි ටික අරන් දීපං කියලා කිව්වා. මම කියන දේවල් පුතාටත් ඇහුණේ නෑ. ඒ නිසා පුතාට කරදර කරන්න පටන් ගත්තා.”

    “මෙන්න මේ ටික හොඳට අහගන්න. සල්ලි පොළියට දෙන රස්සාව ඒ තරම් හොඳ දෙයක් නොවෙයි. මුදල් ප්‍රශ්න අඩුපාඩු සිදු වෙන අය ණයට මුදල් ගන්න හොයා ගෙන එනවා. අද රටේ පවතින ආර්ථික ක්‍රමය අනුව ආදායමට වඩා වියදම වැඩියි. ණයක් ගත්තොත් ගෙවා ගන්න අමාරුයි. ඒත් ණයක් ගත්තට පස්සෙ ණය හිමියා ණය කාරයා හොයා ගෙන යනවා, මුදල නැත්නම් පොළියවත් ඉල්ලා ගෙන. මේ වෙන කොට ණය කාරයා ගේ අප්‍රසන්න ම දැකීම තමයි පොළී මුදලාලි. ඒ වගේ ම පොළී මුදලාලි නිතර මතක් වෙනවා. අනේ මූ මැරිලවත් යනවා නම් හොඳයි කියලා ණය කාරයා හිතනවා. ණය කාරයන් ගෙන් නිකුත් වන මානසික තරංග සාපයක් වගෙයි. ණය හිමියා ගේ කාලය හොඳ කල් හොඳයි. කාලය නරක් වුණ හැටියේ අර සාප ක්‍රියාත්මක වෙනවා. අඩු ගණනේ විසි තිස් දෙනෙකු විතරක් නොවෙයි ඒ අයගේ අඹු දරුවොත් සාප කරනවා. මූව මැරිලාවත් යන්නේ නෑ. මේක හරි වදයක් කියලා. සල්ලි තමන්ගෙ බව ඇත්ත. ඒත් ඒ සල්ලි ආපහු ගෙවා ගන්න බැරි වුණා ම වචනයෙන් නොකිව්වත් හිතෙන් මරණය ප්‍රාර්ථනා කරනවා. තවත් සමහරු දිගට ම පොළිය ගෙවලා මම දැන් ගත්ත මුදලටත් වඩා, දෙතුන් ගුණයක් පොළිය ගෙවලා තියෙන්නේ කියලා හිතනවා. මුල දී වෙච්ච පොරොන්දු අමතක කරන්න බලනවා. හදිස්සියට, අමාරුකමට, බැරිකමට, පස්සෙන් ඇවිත් නොවිඳිනා වැඳුම් වැඳල තමයි ණයට මුදල් අරගෙන යන්නේ. ඒක ඇත්ත. පවතින ආර්ථික ප්‍රශ්න නිසා ගෙවා ගන්න බැරිනම් මොනවා කරන්න ද? ඔය තත්ත්වයට ඔබ පත් වුණා ය කියා හිතන්න. කල්පනා කරන්න. දැන් දීපු දේ දීලා ඉවරයි. පුතා කොහොම ද ඔබ අනුන්ට දීපු සල්ලි අර ගන්නේ. හොඳින් සාධාරණව දෙන්නෙ නැත්නම් පුතාට නඩු යන්න පුළුවන් ද? ලියකියවිලි තියෙනව ද? නැත්නම් ඒත් බැහැ. මේක පුතාටත් ප්‍රශ්නයක්. දැන් ඕක හිතෙන් අත හැරලා හිත හදාගන්න. ඔබ පෙරේරාට කරදර කරන්න ගිහින් අවුරුදු විස්සක් මුහුද යට දුක් වින්දා. මෙහෙම කරන්න ගියොත් පුතාටත් සිද්ධ වේවි ඔබව ආයෙත් බැඳලා මුහුදට දාන්න.”

    “අනේ එපා... අනේ... එපා... ඒක මහා දුකක්”

    “එහෙම නම් දැන් හිත හදාගන්න. ණයකාරයෝ ණය නොගෙව් පාපය ගෙවාවි. ඔය සල්ලි ගැන හිතුවොත් තවත් සසර ගමන දිග් වෙනවා විතරයි. ඒ වගේ ඉපදීම දුකක්.”

    “මොකක්ද දුක ය කියන්නෙ?” භූතාත්මය ඇසීය.

    “ඇයි මුහුද යට හිරවෙලා බන්ධනයකට අහුවෙලා හිටපු එක සැපක් ද? ඔය තමන්ගෙ සල්ලි ආපහු නොලැබුණු එකේ දුක නේද විඳවන්නේ. ඉපදුණු එක දුකක්. ලෙඩ දුකට පත්වීම දුකක්. තමන් කැමති දේ නොලැබීම දුකක්. තමන් අකමැති දේ ලැබීම දුකක්. වයස් ගත වීම දුකක්. මහලු වෙලා අතපය වලංගු නැතිවීම දුකක්. දත් හැළීම, ඇස් නොපෙනීම, කන් නොඇසීම, දුකක්. හිසකෙස් පැසීම, හැළීමත් හිතට දුකක්. ශරීරය වෙහෙසවීම දුකක්. අන්තිමට මරණයත් දුකක්.

    “මරණය දුකක් වෙන්නෙ කොහොම ද?”

    “තමන් කැමැති දේපළ වස්තුවට, අඹු දරුවන්ට ආදරෙන් ආසාවෙන්, ඉඳලා අතහැර යන්නට සිදුවීම දුකක්. ඒ අතහැර යෑම ගැන අවබෝධයක් නැතිව හිතින් අල්ලා ගෙන ඉඳලා (උපාදානය) ඒ දේපළ, නැදෑයින් ළඟ ම පෙරේතයෙක් වෙලා ඉපදීම දුකක්. කැමති දේ කන්න බොන්න නෑ. අඳින්න නෑ. දේපළ පරිහරණය කරන්න බෑ. අනුන් කනවා බොනවා අඳිනවා පළඳිනවා දැක්කා ම දුකක්.”

    “ඉතින් මම මොනව ද කරන්න ඕනැ.”

    “ඔය පොළී සල්ලි ආයෙත් ඔබට ලැබෙන්නෙ නෑ. ඒකයි ඇත්ත. ඒ නිසා ඒක හිතින් අත්හරින්න. දුකෙන් මිදෙන්න බලන්න. කල්පනා කරන්න. දැන් තමන් කැමති තැනකට යන්න හිතන්න.”

    “මම කොටහේන පල්ලියට යන්න කැමතියි.”

    මල් වට්ටියකට සම්බන්ධ කොට ඩීමන්ගේ ප්‍රේතාත්මය කොටහේන පල්ලියට යැව්වේය.

    Source: Silumina 12/01/14
     
    • Haha
    Reactions: Mr.dark