මාතර ගගේ ඉන්නා කිඹුලිගේ පැටියා කවියේ උපත.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,470
    100,540
    113
    මාතර ගගේ ඉන්නා කිඹුලිගේ පැටියා කවියේ උපත..

    මාතර ගගේ ඉන්නා කිඹුලිගේ පැටියා
    වළව් තිලක යැයි උන් කිය කිය හිටියා

    මාතර නිල්වලා ගග මීනී කන කිඹුලන්ට ප්‍රසිද්ධ ගගකි.මෙ ගග ආශ්‍රිතව වැලි ගොඩ දැමිමෙන් ජිවත් වූ තරුණයන් කිහිප දෙනකු වසර කිහිපයකට පෙර කිඹුලන් විසින් ජිවිත ඩැහැගත්තේය...මාතර පිලදූව වැල්ලේතොට .මාලිම්බඩ ප්‍රදේශයේ ගග ආශ්‍රිත නිවෙස් වල බල්ලන් ගවයන් කිබුලන් විසින් ඩැහැගෙන යනු ලබනබව එකළ ප්‍රදේශ වාසිහු නිතර මැසිවිලි නගනලදී.
    කිඹුලා මැරීම දඩුවම් ලැබිය හැකි වරදක් වුවත් මීනිමරු කිඹුලන් එළිමහනේ බියක් සැකයක් නැතුව සැරිසැරිමට ඉඩ දීම නිල්වලා ගග ආශ්‍රිත ජනයා බියට පත්වීමට හේතුවකි..වසර ගණනාවකට පෙර පිලදූව තරුණයකු ඩැහැගෙන ගිය කිබුලා ගම්වාසින් විසින් ඇටවූ උගුලකට හසුවීමෙන් පසු මියගිය තරුණයාගෙ සොහොන ළගට ඌ ගෙනවිත් එකල ප්‍රදර්ශනය කරමින් තමසිත්හි ඇති දැඩි ශෝකය හා විරෝධය ප්‍රකාශ කිරීමට පියවර ගත්හ.

    සෑම පුද්ගලයෙකුම වාගේ දන්නා සුප්‍රකට කවියක් වූ මාතර ගගේ කිඹුලිගේ පැටියා නැමැති පාරු කවිය බිහිවූයේ මෙසේ ගොඩ ජීවත් වූ කිඹුලකු ගෙන් මාතර සිදුවූ අසාධාරණයක් හේතු කොට ගෙනයි.මාතර ප්‍රදේශයේ සිටි මෙම ගොඩ කිඹුලා හා මෙම පාරූ කවිය බිහිවීම පිළිබදව රසවත් කතාවක් මාතර ප්‍රදේශයේ සිටි පැරණිම දෑ පිළිබදව අවබෝධයක් තීබූ ප්‍රවීණ ගත් කතු වරයකු වූ කලාශුරී ඩී වී රිචඩ් ද සිල්වා හිටපු ගුරුවිදුහල්පති තුමා පැවසු කතාව මා 1999 නොවැම්බර් 10 දින ජනතා පුවත් පතට ලියන ලදී..

    ඔහු පැවසූ කතාව මේසේය...

    මාතර ගගේ ඉන්නා කිඹුලිගේ පැටියා
    තල්ල සුදයි බෙල්ලේ ගෝමර කැටියා

    යන එන ඔරු පාරූ නවතාගෙන සිටියා
    මීනී නොකයි මාතර කිඹුලිගේ පැටියා

    දැනට මාතර පල්ලිමුල්ල ලංගම ප්‍රධාන කාර්යාලයට යාබදව ඇති බිමේ පල්ලිමුල්ල තිලකරත්න වලව්ව මෑතකාලය තෙක් පැවති අතර මාතර රෝහණ මහවිදුහලේ මුල් ආරම්භය මේ වලව්වේ ඇතුලේ සිදුවූ අතර මෑතකාලය වන තෙක් මාතර තක්ෂලාව නම් අධ්‍යයන ආයතනය එම ස්ථානයේ පැවතිනි . පසුව එම වලව්ව මිලදී ගත් පුද්ගලික ආයතනයක් එම වලව්ව බිමට සමතලා කොට විශාල ගොඩනැගිල්ලක් ඉදිකොට ඇත.

    එකල 1800 /1900 වකවානුවේ මේ වලව්වේ වාසය කර ඇත්තේ තිලකරත්න නම් මුදලි වරයාගේ පරපුරයි...මාතර ආදායම් එකතු කිරිමේ බලය එකල පැවතියේ මුදලි වරුන්ටය..මේ පල්ලිමුල්ල නිල්වලා ගග අසල තිලකරත්න වලව්වේ පදිංචි ව සිටි මුදලි ජනතාවට පීඩාවට පත්වන ආකාරයෙන් බදු අයකරන පුද්ගලයෙක් ...
    ඔහු තම වලව්ව ඉදිරිපිට නිල්වලා ගගේ ගමන් ගන්නා ඔරු පාරු වලින් බදු අය කිරිමට චන්ඩි මිනිසකු යොදවා සිටියේය.චන්ඩි මිනිසා වලව්ව ඉදිරිපිට ගගේ ඉවුරු දෙකේ ශක්තිමත් ලණුවක් ඇද සියලු ඔරු පාරු වල ගමනා ගමනයට බාදා කළේය.
    එම යුගයේ මාතර නගරයට හාල් වී කුරුදු ගම්මිරිස් පුවක් වැනි දෑ මෙන්ම වැලි ගඩොල් ලී දැව වැනි දෑ ගෙන එන ප්‍රධාන ප්‍රවාහන මාර්ගය වූයේ ඔරු පාරූ සේවාවායි.

    තිලකරත්න වළව්ව සීමාව තුළින් ගමන් ගන්නා ඔරූ හා පාරු වලින් ගමන්ගන්නා අය හිටගෙන යා යුතුයි.ඔවුන්ට වාඩිවී ගමන් ගැනීම තහනම්ය.වාඩිවී ගියහොත් බදු මුදල දෙගුණ වෙයි.මුදලි බලය තීබූ අවදිය හෙයින් එකම පාරුවෙන් දෙසරයක් බදු අයකිරීමටද මේ ⁣මුදලි විසින් යෙදවු මිනිසා පසුබට නොවිය.මාතර නගරයට යන අවස්ථාව දී හා ආපසු පැමිණෙන අවස්ථාවේ දී මෙසේ අසාධාරණ ලෙස ඔහු බදු අය කළේය .පාරූ කරුවෝ මුදලි කෙරෙහිබදැඩි අප්‍රසාදයෙන් පසු වූහ.

    මුදලි මිටි මහත කළු මිනිසෙකු විය.ඹහුගේ කටහි කිඹුලකු මෙන් දත් එළියට නෙරා කටහි සුදු කබරද හැදී තිබුණු අතර බෙල්ලහි අලුහම් නොහොත් ගෝමර බහුල ලෙස සෑදී තිබුණි.පාරු කරුවන් මේ තිලකරත්න මුදලිට ගොඩ කිඹුලා යැයි නමක්ද පට බැන්දහ..මොහු ගිනි පොලියට මුදල් ණයට දිිමද කළ බව කියවේ.මිනිසුන් ඔහුගේ වලව්වට ගොඩකිඹුලාගෙ වලව්ව ලෙස හැදින්වූ අතර මාතර ගගේ ඉන්නා කිඹුලිගෙ පැටියා ලෙස ඔහු අනු වර්තනය කොට තිබුණි.යන එන ඔරු පාරු නවතාගෙන බදු අය කරනවා මූ මිනී විතරක් කන්නේ නැ.අනිත් සේරම දේවල් කරනවාපාරූ කරුවන් කුරිරු ලෙස සූරා කෑ ඔරු බද්ද නිසා ඹහු තුළ කිඹුල් ගති මිසක් මිනිස් ගති නොමැති බැවින් කළ කිරුණු පාරුකරුවකු වරක් කවියෙන් කීය...
    මීනී කනසෑබෑ කෑ විට වෙදකම් කරන වෙදකම් රැගත් අප්‍රකට මාහට මාතර ප්‍රදේශයේ පැරණි පුස්ථකයක තීබී හමුවිය.

    මුරුංගා පොතු යුස ගෙන
    එම විස සුං වටා රැගෙන
    මෙම විස ලේපය කරමින
    කිඹුල් විසය නොතිබේ දැන

     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා
    ව** සුදුයි බෙල්ලේ ගෝමර කැ**
    යන එන පාරු නවතාගෙන ඒ කැ**
    අම්මට හු** මාතර කිඹුලිගේ පැටියා
     
    • Haha
    Reactions: Hasistranger