Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මාතර තාරකා කොටුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ දකුණු තුඩුව ආසන්නයෙන් මුහුදට එක්වන නිල්වලා ගං මුවදොර පිහිටි ජනාවාසය ඓතිහාසික වූවකි. එය ලංකාවට විජය පැමිණීමත් පෙර සිටම නාග ගෝත්රිකයන්ගේ ජනාවාසයක්ව තිබූ බව කියති. අනුරාධපුර යුගයේ රෝහණ දේශයට අයත්වූ මෙහි ප්රථම පාලකයා මුටසීව රජුගේ පුත් මහානාග කුමරාය. කෝට්ටේ යුගය දක්වාම මාතර ඇතුළු රුහුණ රජවරුන්ගේ පාලනයට අයත්ව තිබුණි.

ගංගාවෙන් එතෙර වන ප්රධාන තොටුපල පිහිටටීම නිසා මේ පෙදෙස මාතොට නමින් හැඳීන්ව ඇත. ලංකාව පෘතුගීසින්ට යටත්ව තිබු යුගයේ සිට මේ පෙදෙස විදේශිකයින් විසින් මතුරෙ යනුවෙන් හඳුන්වා ඇති බව පෙනේ. කල් යත්ම මතුරෙ මාතර බවට පත්විණ.

දොන් ජවන් ධර්මපාල තෑගි ඔප්පුවකින් භාරදුන් කෝට්ටේ රාජධානියට මාතරද ඇතුලත්ව තිබිණ. වරින් වර මාතර බලය සිංහලයන් සතු වුවත් 1596 දී එහි බලය පෘතුගීසින් සතුවූයෙන් ඔවුන් 1597 දී මාතර නිල්වලා ගඟ හා මුහුද අතර බිම් තීරයේ බලකොටුවක් ඉදිකරන ලදී. ලංකාවේ මුහුදුබඩ පෙදෙස් පෘතුගීසින්ගෙන් ලන්දේසීන්ට අයත්විමෙන් පසු 1645 සිට මාතර ලන්දේසීන්ට අයත් පෙදෙසක් විය. ගාල්ල මෙන්ම මාතරද ඔවුන්ට ඉතා වැදගත් නගරයක් විය. ලන්දේසින් කුරුඳු, අලි ඇතුන්, මැණික් ආදී භාණ්ඩ වෙළඳාම හා ප්රාදේශීය පරිපාලනය සිදු කළේ මාතර සිටයි.

ගොවි ජනතාවගේ ඉඩම් අහිමි කිරීම, බදු පැණවීම ආදී හේතු නිසා කිපුණු සිංහලයෝ ගලගොඩ දිසාවගේ නායකත්වයෙන් ලන්දේසීන්ට එරෙහිව සටන්වැදී 1761 දී මාතර කොටුවේ බලය අත්පත් කරගත්හ. ලංකාවේ ලන්දේසීන්ගේ පාලනයට යටත්ව තිබුණු පෙදෙස් අතරින් නැවත සිංහලයන් අයිති කරගත් එකම ප්රදේශය මාතර විය. එහෙත් ලන්දේසීන් 1762 පෙබරවාරි මාසයේදී මාතර නැවත අල්ලා ගත්තා පමණක් නොව ඔවුන්ගේ ආරක්ෂාවේ දුර්වලකම් වටහාගෙන මාතර කොටුව ආරක්ෂා කර ගැනීම සඳහා අලුතෙන් ආරක්ෂක බලකොටුවක් කොටුවෙන් පිටත තනන්නටද පියවර ගන්නා ලදී.

පිවිසුම් මාර්ගය

නව කොටුව ඉදිකරන ලද්දේ නිල්වලා ගඟේ අනෙක් පස ගං ඉවුරේ සිට මීටර් 200 පමණ දුරකිනි. ලුබර්ට් යන් බාරොන් ෆන් ඒක් ආණ්ඩුකාරයා යටතේ ඔරුකෙම මුහන්දිරම් නම් ප්රාදේශීය පාලකයෙක් මගින් මේ කොටුවේ ඉදිකිරීම් 1763 පමණ ආරම්භ කොට 1765 වන විට නිමකොට ඇත. මෙය කොන් හයක් ඇති තරුවක හැඩයෙන් ඉදිකොට ඇති නිසා මීට තාරකා කොටුව යයි හැඳින්වේ. ලන්දේසින් විසින් මෙය හැඳින්වූයේ “ර’ ඩූට් ෆන් එක්” (Redoute Van Eck) යන නමිනි.

තාරකා කොටුව සිත් ඇදගන්නාසුළු පෙනුමකින් යුත් අසාමාන්ය ඉදිකිරීමකි. එය හය කොන් තාරුකාවක හැඩයෙන් යුත් නිසා කොටුවේ පැති දොළහක් ඇත. මෙහි ඉදිරි පස මුහුණත අඩි 40 ක් පමණ දිග වන අතර අනෙක් මුහුණතක් අඩි 48 ක් පමණ දිගකින් යුක්තය. කාල තුවක්කු පිහිටුවීම සඳහා පැතිවල කවුළු තනා තිබේ. කොටුව වටා අඩි 20 ක් පමණ පළල අඩි දහයක් පමණ ගැඹුරු ආරක්ෂක දිය අගලක් වේ. එහි යකඩ උල් සිටුවා හා කිඹුලන් ඇතිකොට තිබු බව ජනප්රවාදයකි. ප්රකාර බෑවුම හෙවත් පිටත බිත්තිය අඩි 25 පමණ පළල් වන අතර අඩි 14 ක් පමණ ඝනකමැති පවුර අඩි 13 ක් පමණ උසය. කොටුව තුල බැරැක්ක, ගබඩා හා වෙඩි බෙහෙත් ගබඩා හා ළිදක් ආදිය ඇත.

පාලම

කොටුවේ පිවිසුම් දොරටුවට දිය අගල හරහා යා යුතුවෙයි. ඒ සඳහා දැවයෙන් තනන ලද කොටස් දෙකකින් යුත් පාලමක් වෙයි. එක කොටසක් ස්ථිරව සකසා ඇති අතර අනෙක් කොටස ලිවර මගින් ඉහලට එසවිය හැකි ආකාරයෙන් තනා ඇත. එය ඉහලට එසවූ පසු පිවිසුම් දොරටුව වැසෙන අතිරේක දොරක් මෙන්ද ක්රියා කරයි.

ලාංඡන

විශාල කණු දෙකකින් යුත් ආරුක්කුවක් ඇති පිවිසුම් දොරටුව ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පිය ලක්ෂණ ප්රකට කරවයි. එහි ඉහලින්ම “පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගම” යන්න ඕලන්ද බසින් කියවෙන Vereenigde Oost – Indische Compagnie යන වදන් තුනේ මුල් අකුරු වන VOC අකුරු ලියවැල් මෝස්තරයක් සමහ අලංකාර ලෙස පිහිටුවා ඇත. ඊට පහලින් “ර’ඩූට් ෆන් ඒක් (Redoute Van Eck) යන්න සඳහන්කර ඇත. ඊටත් පහලින් ඔටුන්න, පලිහ හා සිංහ රූප සහිත ලන්දේසි රාජ්ය ලාංඡනයද, Lubbert Jan baron Van Eck යන ආණ්ඩුකාරයාගේ නමේ මුලකුරු වන LJVE හා 1763 වර්ෂය දැක්වෙන ඉලක්කම් සටහන් කොට තිබේ

ඇතුල්පැත්තේ පුවරුව

ආරුක්කුවේ පහලින් දැක්වෙන පුවරුවක 1765 සහ ගොල්හි ප්රධානියා හා දෙවන අණදෙන නිළධාරියා ඒ. ද ලයි (A. De Ly) යනුවෙන් සඳහන්වේ. ආරුක්කුවේ ඇතුල්පැත්තේ පුවරුවක කපිතාන් අයි. එච්. ලැප්පේ (I. H. Lappe) හා කපිතාන් ජේ. අයි. එන්ජින්ක් (Cap J.I. Entink) ඉංජිනේරු යනුවෙන් සඳහන්වේ.

පිටත බිත්ති

කවුළු

දිය අගල

ගබඩා

ආරුක්කු සහිත ප්රධාන දොරටුවෙන් ඇතුළු වූ පසු තවත් ආරුක්කු දොරටු දෙකක් හමු වෙනවා. ඒ දෙපස ඇත්තේ වෙඩි බෙහෙත් ගබඩා කළ කුටි දෙකක්. ඇතුළත සොල්දාදුවන්ගේ කාමර, කාර්යාලය, වෙඩි බෙහෙත් ගබඩා පිහිටා තිබෙනවා. ඒ වටා යන සේ උස් වේදිකාවක් තනා තිබෙනවා. කොටුව මැද අංගනයක තිබූ ළිඳ වර්තමානයේ ද ආරක්ෂා වී තිබෙනවා. ළිඳේ විෂ්කම්භය අඩි 9ක්.

ළිද

1965 සිට මාතර නගර සභවේ පුස්තකාලයක් ලෙස භාවිත කළ තාරකා කොටුව 1974 දී පුරාවිද්යා දෙපාර්තමේන්තුවට පවරාගත් අතර 1986 වර්ෂයේදී හා 2007 දී කොටුව හා ගොඩනැගිලි සංරක්ෂණය කරන ලදී.

දැන් මාතර තාරුකා කොටුවේ මාතර දිස්ත්රික් කෞතුකාගාරය පවත්වාගෙන යනු ලැබේ. මෙහි මාතර ඉතිහාසය, මාතර් විශේෂ වාස්තු විද්යාත්මක ගොඩනැගිලි වල ආකෘති, හුංගම මිනි ඇතිලියෙන් හමු වූ අවුරැදු 4000ක් පමණ පැරණි හෝමෝ සේපියන්ස් වර්ගයේ මානවයකුගේ ඇට සැකිල්ලක්, ප්රාග් ඓතිහාසික පුරාවස්තු, මාතර කලා ශිල්ප හා විහාරාමවල චිත්ර හා ප්රතිමා, මාතර අභිලේඛණ, කාසි වර්ග, ආදිය හා යටත් විජිත යුගයේ පිඟන් භාණ්ඩ ආදී නොයෙක් කෞතුක භාණ්ඩ ප්රදර්ශනය කෙරේ.

ගාල්ල මාතර ප්රධාන මාර්ගයට මායිම්ව මාතර පාලමට නුදුරුව පහසුවෙන් ලඟාවිය හැකි ලෙස පිහිටි මේ සුරුබුහුටි ස්මාරකය හා කෞතුකාගාරය රුහුණට යනෙන ගමනකදීවත් නැරඹන්නට යන්න.

එන් එච් සමසිංහ මහතාගේ ලිපියක් ආශ්රයෙනි

[QUOTE="NRTG, post: 29022153, member: 573158"] [IMG width="764px"]https://i.imgur.com/R8x7pqq.jpg[/IMG] [SIZE=4]ලංකාවේ දකුණු තුඩුව ආසන්නයෙන් මුහුදට එක්වන නිල්වලා ගං මුවදොර පිහිටි ජනාවාසය ඓතිහාසික වූවකි. එය ලංකාවට විජය පැමිණීමත් පෙර සිටම නාග ගෝත්රිකයන්ගේ ජනාවාසයක්ව තිබූ බව කියති. අනුරාධපුර යුගයේ රෝහණ දේශයට අයත්වූ මෙහි ප්රථම පාලකයා මුටසීව රජුගේ පුත් මහානාග කුමරාය. කෝට්ටේ යුගය දක්වාම මාතර ඇතුළු රුහුණ රජවරුන්ගේ පාලනයට අයත්ව තිබුණි. ගංගාවෙන් එතෙර වන ප්රධාන තොටුපල පිහිටටීම නිසා මේ පෙදෙස මාතොට නමින් හැඳීන්ව ඇත. ලංකාව පෘතුගීසින්ට යටත්ව තිබු යුගයේ සිට මේ පෙදෙස විදේශිකයින් විසින් මතුරෙ යනුවෙන් හඳුන්වා ඇති බව පෙනේ. කල් යත්ම මතුරෙ මාතර බවට පත්විණ.[/SIZE] [IMG width="779px"]https://i.imgur.com/sFqDMAN.jpg[/IMG] [SIZE=4]දොන් ජවන් ධර්මපාල තෑගි ඔප්පුවකින් භාරදුන් කෝට්ටේ රාජධානියට මාතරද ඇතුලත්ව තිබිණ. වරින් වර මාතර බලය සිංහලයන් සතු වුවත් 1596 දී එහි බලය පෘතුගීසින් සතුවූයෙන් ඔවුන් 1597 දී මාතර නිල්වලා ගඟ හා මුහුද අතර බිම් තීරයේ බලකොටුවක් ඉදිකරන ලදී. ලංකාවේ මුහුදුබඩ පෙදෙස් පෘතුගීසින්ගෙන් ලන්දේසීන්ට අයත්විමෙන් පසු 1645 සිට මාතර ලන්දේසීන්ට අයත් පෙදෙසක් විය. ගාල්ල මෙන්ම මාතරද ඔවුන්ට ඉතා වැදගත් නගරයක් විය. ලන්දේසින් කුරුඳු, අලි ඇතුන්, මැණික් ආදී භාණ්ඩ වෙළඳාම හා ප්රාදේශීය පරිපාලනය සිදු කළේ මාතර සිටයි. ගොවි ජනතාවගේ ඉඩම් අහිමි කිරීම, බදු පැණවීම ආදී හේතු නිසා කිපුණු සිංහලයෝ ගලගොඩ දිසාවගේ නායකත්වයෙන් ලන්දේසීන්ට එරෙහිව සටන්වැදී 1761 දී මාතර කොටුවේ බලය අත්පත් කරගත්හ. ලංකාවේ ලන්දේසීන්ගේ පාලනයට යටත්ව තිබුණු පෙදෙස් අතරින් නැවත සිංහලයන් අයිති කරගත් එකම ප්රදේශය මාතර විය. එහෙත් ලන්දේසීන් 1762 පෙබරවාරි මාසයේදී මාතර නැවත අල්ලා ගත්තා පමණක් නොව ඔවුන්ගේ ආරක්ෂාවේ දුර්වලකම් වටහාගෙන මාතර කොටුව ආරක්ෂා කර ගැනීම සඳහා අලුතෙන් ආරක්ෂක බලකොටුවක් කොටුවෙන් පිටත තනන්නටද පියවර ගන්නා ලදී.[/SIZE] [HEADING=2][B]පිවිසුම් මාර්ගය[/B][/HEADING] [SIZE=4][IMG width="621px"]https://i.imgur.com/LDVB9dl.png[/IMG] නව කොටුව ඉදිකරන ලද්දේ නිල්වලා ගඟේ අනෙක් පස ගං ඉවුරේ සිට මීටර් 200 පමණ දුරකිනි. ලුබර්ට් යන් බාරොන් ෆන් ඒක් ආණ්ඩුකාරයා යටතේ ඔරුකෙම මුහන්දිරම් නම් ප්රාදේශීය පාලකයෙක් මගින් මේ කොටුවේ ඉදිකිරීම් 1763 පමණ ආරම්භ කොට 1765 වන විට නිමකොට ඇත. මෙය කොන් හයක් ඇති තරුවක හැඩයෙන් ඉදිකොට ඇති නිසා මීට තාරකා කොටුව යයි හැඳින්වේ. ලන්දේසින් විසින් මෙය හැඳින්වූයේ “ර’ ඩූට් ෆන් එක්” (Redoute Van Eck) යන නමිනි.[/SIZE] [IMG]https://i.imgur.com/7U8xHhk.jpg[/IMG] [SIZE=4]තාරකා කොටුව සිත් ඇදගන්නාසුළු පෙනුමකින් යුත් අසාමාන්ය ඉදිකිරීමකි. එය හය කොන් තාරුකාවක හැඩයෙන් යුත් නිසා කොටුවේ පැති දොළහක් ඇත. මෙහි ඉදිරි පස මුහුණත අඩි 40 ක් පමණ දිග වන අතර අනෙක් මුහුණතක් අඩි 48 ක් පමණ දිගකින් යුක්තය. කාල තුවක්කු පිහිටුවීම සඳහා පැතිවල කවුළු තනා තිබේ. කොටුව වටා අඩි 20 ක් පමණ පළල අඩි දහයක් පමණ ගැඹුරු ආරක්ෂක දිය අගලක් වේ. එහි යකඩ උල් සිටුවා හා කිඹුලන් ඇතිකොට තිබු බව ජනප්රවාදයකි. ප්රකාර බෑවුම හෙවත් පිටත බිත්තිය අඩි 25 පමණ පළල් වන අතර අඩි 14 ක් පමණ ඝනකමැති පවුර අඩි 13 ක් පමණ උසය. කොටුව තුල බැරැක්ක, ගබඩා හා වෙඩි බෙහෙත් ගබඩා හා ළිදක් ආදිය ඇත.[/SIZE] [HEADING=2][B]පාලම[/B][/HEADING] [B][IMG width="694px"]https://i.imgur.com/KVal7yr.jpg[/IMG] [IMG width="703px"]https://i.imgur.com/pKu32ch.jpg[/IMG][/B] [SIZE=4] කොටුවේ පිවිසුම් දොරටුවට දිය අගල හරහා යා යුතුවෙයි. ඒ සඳහා දැවයෙන් තනන ලද කොටස් දෙකකින් යුත් පාලමක් වෙයි. එක කොටසක් ස්ථිරව සකසා ඇති අතර අනෙක් කොටස ලිවර මගින් ඉහලට එසවිය හැකි ආකාරයෙන් තනා ඇත. එය ඉහලට එසවූ පසු පිවිසුම් දොරටුව වැසෙන අතිරේක දොරක් මෙන්ද ක්රියා කරයි.[/SIZE] [HEADING=2][B]ලාංඡන[/B][/HEADING] [B][IMG width="696px"]https://i.imgur.com/3Cl9iun.jpg[/IMG][/B] [SIZE=4]විශාල කණු දෙකකින් යුත් ආරුක්කුවක් ඇති පිවිසුම් දොරටුව ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පිය ලක්ෂණ ප්රකට කරවයි. එහි ඉහලින්ම “පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගම” යන්න ඕලන්ද බසින් කියවෙන Vereenigde Oost – Indische Compagnie යන වදන් තුනේ මුල් අකුරු වන VOC අකුරු ලියවැල් මෝස්තරයක් සමහ අලංකාර ලෙස පිහිටුවා ඇත. ඊට පහලින් “ර’ඩූට් ෆන් ඒක් (Redoute Van Eck) යන්න සඳහන්කර ඇත. ඊටත් පහලින් ඔටුන්න, පලිහ හා සිංහ රූප සහිත ලන්දේසි රාජ්ය ලාංඡනයද, Lubbert Jan baron Van Eck යන ආණ්ඩුකාරයාගේ නමේ මුලකුරු වන LJVE හා 1763 වර්ෂය දැක්වෙන ඉලක්කම් සටහන් කොට තිබේ[/SIZE] [HEADING=2][B]ඇතුල්පැත්තේ පුවරුව[/B][/HEADING] [B][IMG width="730px"]https://i.imgur.com/ifi3X6c.jpg[/IMG][/B] [SIZE=4]ආරුක්කුවේ පහලින් දැක්වෙන පුවරුවක 1765 සහ ගොල්හි ප්රධානියා හා දෙවන අණදෙන නිළධාරියා ඒ. ද ලයි (A. De Ly) යනුවෙන් සඳහන්වේ. ආරුක්කුවේ ඇතුල්පැත්තේ පුවරුවක කපිතාන් අයි. එච්. ලැප්පේ (I. H. Lappe) හා කපිතාන් ජේ. අයි. එන්ජින්ක් (Cap J.I. Entink) ඉංජිනේරු යනුවෙන් සඳහන්වේ. [/SIZE] [HEADING=2][B]පිටත බිත්ති[/B][/HEADING] [B][IMG width="644px"]https://i.imgur.com/VBruTiM.jpg[/IMG][/B] [HEADING=2][B]කවුළු[/B][/HEADING] [IMG width="658px"]https://i.imgur.com/9nMIEXp.jpg[/IMG] [HEADING=2][B]දිය අගල[/B][/HEADING] [IMG width="660px"]https://i.imgur.com/uj56Ppy.jpg[/IMG] [HEADING=2][/HEADING] [HEADING=2][B]ගබඩා[/B][/HEADING] [B][IMG width="682px"]https://i.imgur.com/Y4TizBe.jpg[/IMG][/B] [SIZE=4]ආරුක්කු සහිත ප්රධාන දොරටුවෙන් ඇතුළු වූ පසු තවත් ආරුක්කු දොරටු දෙකක් හමු වෙනවා. ඒ දෙපස ඇත්තේ වෙඩි බෙහෙත් ගබඩා කළ කුටි දෙකක්. ඇතුළත සොල්දාදුවන්ගේ කාමර, කාර්යාලය, වෙඩි බෙහෙත් ගබඩා පිහිටා තිබෙනවා. ඒ වටා යන සේ උස් වේදිකාවක් තනා තිබෙනවා. කොටුව මැද අංගනයක තිබූ ළිඳ වර්තමානයේ ද ආරක්ෂා වී තිබෙනවා. ළිඳේ විෂ්කම්භය අඩි 9ක්.[/SIZE] [HEADING=2][B]ළිද[/B][/HEADING] [B][IMG width="689px"]https://i.imgur.com/SNWfGcx.jpg[/IMG][/B] [SIZE=4]1965 සිට මාතර නගර සභවේ පුස්තකාලයක් ලෙස භාවිත කළ තාරකා කොටුව 1974 දී පුරාවිද්යා දෙපාර්තමේන්තුවට පවරාගත් අතර 1986 වර්ෂයේදී හා 2007 දී කොටුව හා ගොඩනැගිලි සංරක්ෂණය කරන ලදී. දැන් මාතර තාරුකා කොටුවේ මාතර දිස්ත්රික් කෞතුකාගාරය පවත්වාගෙන යනු ලැබේ. මෙහි මාතර ඉතිහාසය, මාතර් විශේෂ වාස්තු විද්යාත්මක ගොඩනැගිලි වල ආකෘති, හුංගම මිනි ඇතිලියෙන් හමු වූ අවුරැදු 4000ක් පමණ පැරණි හෝමෝ සේපියන්ස් වර්ගයේ මානවයකුගේ ඇට සැකිල්ලක්, ප්රාග් ඓතිහාසික පුරාවස්තු, මාතර කලා ශිල්ප හා විහාරාමවල චිත්ර හා ප්රතිමා, මාතර අභිලේඛණ, කාසි වර්ග, ආදිය හා යටත් විජිත යුගයේ පිඟන් භාණ්ඩ ආදී නොයෙක් කෞතුක භාණ්ඩ ප්රදර්ශනය කෙරේ. ගාල්ල මාතර ප්රධාන මාර්ගයට මායිම්ව මාතර පාලමට නුදුරුව පහසුවෙන් ලඟාවිය හැකි ලෙස පිහිටි මේ සුරුබුහුටි ස්මාරකය හා කෞතුකාගාරය රුහුණට යනෙන ගමනකදීවත් නැරඹන්නට යන්න.[/SIZE] [SIZE=2]එන් එච් සමසිංහ මහතාගේ ලිපියක් ආශ්රයෙනි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom