මාතර නව දිස්ත්‍රික් රෝහලේදී සිදු වූයේ මළදරු උපතක්ම තමයිලු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    50,950
    50,809
    113
    මාතර, කඹුරුගමුව නව දිස්ත්‍රික් රෝහලේ දී සිදු වූයේ මළ දරු උපතක් බවත්, ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය හා පොලීසිය විශේෂ පරීක්ෂණ දෙකක් ආරම්භ කර ඇති බවත් එම රෝහලේ කාර්ය මණ්ඩලය පවසයි.එමෙන්ම අධිකරණ නියෝග අනුව බිලිඳාගේ සිරුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වා මරණයට හේතු දක්වන බව මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී ඩී.ආර්. සී.විජේනායක පවසයි.අධිකරණ නියෝග අනුව දරුවාගේ ඩීඑන්ඒ පරීක්ෂණ පැවැත්වීමටද නියමිතය.ඒකපාක්ෂිකව ඥාතීන් නගන චෝදනා මත පදනම්ව තීන්දු නොගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත්, රෝහල් පාර්ශ්වයෙන් ඊට පිළිතුරු දීමට නොහැකි වී ඇත්තේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරයකින් තොරව මාධ්‍යයට තොරතුරු ලබා නොදෙන ලෙසට ඇති චක්‍රලේඛයක් නිකුත් කර තිබීම නීසා බවත් රෝහල් කාර්යමණ්ඩලයේ ප්‍රකාශකයෙක් පවසයි.රෝහල් පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කිරීමට රෝහල් අධ්‍යක්‍ෂවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බවද එම කාර්යමණ්ඩලය කියයි.

    රෝහල් කාර්යමණ්ඩලයේ ප්‍රකාශකයෙක් මෙසේද කීය.

    "මේ දිනවල සමාජ මාධ්‍ය හා සමහර රූපවාහි නාලිකාවල ප්‍රචාරය වන මාතර මහ රෝහලේ බිලිඳාගේ ප්‍රශ්නය පිළිබඳ ඇත්තම තොරතුරු සමාජගත වී නැහැ. රෝහලට ඇතුළුවන විටම දරුවා මියගොස් ඇති බව මව විසින්ම ඇඳ ඉහපතෙහි ලියා අත්සන් කර තියෙනවා. දරුවා ඉපදුණ පසු මළ දරු උපතක් දුටු බවටත් මරණ පරීක්ෂණයක් අවශ්‍ය නැති බවටත් ඇය විසින්ම ලියා අත්සන් කර තිබෙනවා. මළදරු උපත්වලින් 90%ක්,98%ක් විතරම ඥාතීන් විසින් රැගෙන යන්නේ නැහැ. රෝහලේ ඇති පහසුකම් අනුව මළ දරු උපත් විශාල ප්‍රමාණයක් ගබඩා කර ගන්න බැහැ. සති දෙකකට වරක් පැමිණෙන ලියාපදිංචි වී ඇති පෞද්ගලික සමාගමකට ඒවා ලබා දෙනවා. මෙම බිලිඳාගේ මරණය සිදුවී දෙවැනි දින උදේ කිසිවෙක් නොපැමිණ නිසා සිරුර එසේ පැමිණි වාහනයට ලබා දී තිබෙනවා.

    එදින සවස් කාලයේ ඥාතීන් මෙම සිරුර රැගෙන යාමට පැමිණි අවස්ථාවේදී අදාළ වාහනයට සිරුර භාර දුන් වග නොදත් වෙනත් සුව සේවා පාලිකාවක් මළ දරු උපත රැගෙන යාමට පැමිණි පසු එය ලබා දීම සදහා ලිය කියවිලි රැගෙන එන ලෙස ප්‍රකාශ කර තිබෙනවා.නමුත් ඒවා රැගෙන එන විට මෘත දේහය අදාළ පෞද්ගලික සමාගමට භාරදී තිබුණා.

    රෝහල් අධ්‍යක්ෂවරයාට කාර්යමණ්ඩලය ඒ ගැන දැනුම් දුන් පසු අදාළ අංශවලට කතා කර පැය දෙකක් ඇතුළත නැවතත් එම මළ සිරුර ගෙනවිත් ඔවුන්ට භාර දීමට කටයුතු කර තිබෙනවා. එහෙත් එම අවස්ථාවේ ඔවුන් එය ලබා ගැනීමට අකමැති බවත්, ඒ සදහා DNA පරීක්ෂණයක් සිදුකර ගැනීමට අවශ්‍ය හෙයින් මළසිරුර භාර දිය හැකිදැයි අසා තිබෙනවා.එවිට රෝහල් අධ්‍යකවරයා DNAපරීක්ෂණයක් කර ගැනීමට මළසිරුර පිටතට ගෙනයෑමට ලබාදිය නොහැකි බවත්, එසේ කරන ආයතනයකින් පැමිණ ඩීඑන්ඒ පරීක්ෂණයක් කිරීම පිළිබඳ විරුද්ධත්වයක් නැති බවත් ප්‍රකාශ කර තිබෙනවා.

    එසේ නොමැති නම් උසාවි නියෝගයක් මාර්ගයෙන් DNA පරීක්ෂණයක් රජය මගින් කරදීමට හැකි බවත් ප්‍රකාශ කර තිබෙනවා.

    දැනට මාධ්‍යවල ප්‍රචාරය කරමින් පවතින්නේ අධ්‍යක්ෂවරයාගේ කාමරයට පැමිණි ප්‍රාදේශීය දේශපාලකයෙක් බව කියා ගත් පුද්ගලයෙක් ජංගම දුරකථනයකින් පටිගත කළ දර්ශන කිහිපයක්. දැනට මෙම රෝහලේ මසකට බිලිඳුන් 450-500 අතර ප්‍රමාණයක උපත් සිදු කරමින් ප්‍රදේශයේ විශාල සේවයක් කරමින් පවතිනවා. පවතින නීති රීති අනුව රෝහල් අධ්‍යක්ෂවරයාට හෝ වෙනත් අයකුට මෙහි සැබෑ තත්ත්වය මාධ්‍යයට ඉදිරිපත් කිරීම තහනම් බැවින් මෙහි සත්‍ය කරුණු ඉදිරිපත් කිරීමට ඔවුන්ට අවස්ථාවක් නැහැ. ගැබිණි මව්වරුන් විශාල පිරිසක් භීතියට පත්ව තිබෙනවා. මෙහි හානිය සිදු වන්නේ ද සමාජයටයි. මේ පිළිබඳව සාඛ්‍ය අමාත්‍යාංශය හා පොලීසිය විශේෂ පරීක්ෂණ දෙකක් දැනටම ආරම්භ කර තිබෙනවා.මෙහි සත්‍යය ඉදිරියේදී අනාවරණය වේවි.”
     
    • Like
    Reactions: sami_boy

    stasia

    Well-known member
  • May 28, 2018
    12,778
    26,272
    113
    כדור הארץ
    කොහොමත් අපි ඕක බලාපොරොත්තු උනා.
    නැතුව doctorට දඬුවම් දේයි කියලා කවුරුත් බලාපොරොත්තු උනේ නෑ 😂

    Case eka yata gahanna hadanawa wennath bari nane...
    උන් මොනා හරි match එකක් ගහනවා.
    ------ Post added on May 29, 2024 at 5:51 PM
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,534
    113
    මව විසින්ම ඇඳ ඉහපතෙහි ලියා අත්සන් කර තියෙනවා.
    තමන් ම තමන් ගස් බදගත්ත රටෙ ඔවා මොනද බ්න්

    නඩුත් හාමුදුරුන්ගෙ බදුත් හාමුදුරුන්ගේ කියන්නෙ ඕව්වට තාමා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    50,950
    50,809
    113
    e ganita psycho da

    ne ban godak hospital wala sign gannawa witharai, liyanne nurse or doctor, hariyata policiya wage thamai.

    lamaya hamba wenna inna ganiyekta owa liyanna tharan mental fit ekak naha,
    arun lamaya gaththu gaman pennanna athi marila kiyala, ara geni monawath therum ganna baruwa oluwa hollala sign karanna athi.

    menna anik thread eka

    https://elakiri.com/threads/මාතර-ළදරු-මරණය-මම-ඉල්ලුවේ-මගේ-දරුවාගේ-මිනිය-විතරයි-මව-කියයි.2158024/
    ------ Post added on May 29, 2024 at 5:53 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    19,740
    39,518
    113
    ඉස්පිරිතාලේ යන්න කලින් ළමයා මැරිලා කියලා අම්මා දැනගෙන ඉඳලා??


    ද? එහෙම නැත්නම් එහෙම මැරිලා කියලා පස්සේ අත්සන අරගෙන ද?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    15,807
    27,355
    113
    රෝහල් පාර්ශ්වයෙන් ඊට පිළිතුරු දීමට නොහැකි වී ඇත්තේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරයකින් තොරව මාධ්‍යයට තොරතුරු ලබා නොදෙන ලෙසට ඇති චක්‍රලේඛයක් නිකුත් කර තිබීම නීසා බවත්
    රෝහල් කාර්යමණ්ඩලයේ ප්‍රකාශකයෙක් මෙසේද කීය.
    Mafs Contradicting GIF by Married At First Sight Australia
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,169
    9,265
    113
    Arkham City
    Doctor kenekge waradakin minissu marichcha scene ekakata, full time disable una ekaka kawdawath doctor waradi karaya wela thiyanwada?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    36,599
    25,156
    113
    කොහොමත් අපි ඕක බලාපොරොත්තු උනා.
    නැතුව doctorට දඬුවම් දේයි කියලා කවුරුත් බලාපොරොත්තු උනේ නෑ 😂


    උන් මොනා හරි match එකක් ගහනවා.
    ------ Post added on May 29, 2024 at 5:51 PM
    Why Dr. Lawyers, engineers some of etc. profession getting advantage for their profession? Doesn't matter who did wrong thing anyone wants to get punish. Equality is must without filtering on privileges.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    5,052
    3,488
    113
    process eke tiyana aula hadan natuwa sadaraneekaranaya karanna hadanawa
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    19,740
    39,518
    113
    කොහොමත් අපි ඕක බලාපොරොත්තු උනා.
    නැතුව doctorට දඬුවම් දේයි කියලා කවුරුත් බලාපොරොත්තු උනේ නෑ 😂


    උන් මොනා හරි match එකක් ගහනවා.
    ------ Post added on May 29, 2024 at 5:51 PM

    මාතර රෝහලෙන් මරණ පරීක්ෂණය කරන නිසා ඇත්ත එලියට එයි
     
    • Haha
    Reactions: stasia

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,618
    4,595
    113
    ඔව් ඉතින් ඉස්පිරිතාලේ ඔයවගේ සීසර් කරනකොට අත්සන ගන්නවනේ මැරෙන්නත් පුළුවන් වගකීම තමන් දරනවා කියල .ඉතින් ළමය මලත් නැතත් ඉස්පිරිතාලේ බඩ සුද්දයි
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    1,630
    2,764
    113
    රෝගියෙක්ට තියෙන්න ඕන අයිතිවාසිකම් මොනවද කියල දෙපැත්තම දන්නෙ නැති එකෙ අවුලක් තියෙන්නෙ
    සීයට අනුවක්ම අරගෙන යන්නෙ නැහැ කියල උන්ට හිතිච්ච හිතිච්ච දෙවල් කරන්න පුලුවන්ද?
    දැන් එතකොට එ අම්මලට ඔය බබාගෙ අවසන් කටයුතු කරන්න ඕන නම් එකට අයිතියක් නැද්ද එ මිනිස්සුන්ට.
    එහෙම කාගෙවත් දෙවල් සීයට අනුවක් අය අරගෙන යන්නෙ නැහැ කියල අරගෙන යන්න පුලුවන්නම් මාර වැඩක්නෙ.