මාතෲත්වයට එරෙහි ස්ත්‍රීවාදී යක්ෂණියන්…

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මාතෲත්වයට එරෙහි ස්ත්‍රීවාදී යක්ෂණියන්…

    Feminism-ugly1-314x5001.png




    2011.03.06 දින ඩේලි මිරර් පුවත්පත සමග නිකුත් කළ අතිරේකයක කාන්තා දිනය ඉලක්ක කර අපූරු ලිපියක් පළවී තිබිණි. ඇඟ ලොමු දැහැගැන්වෙන සිරස්තලයක් ඊට යොදා තිබිණි..එය නම් කර තිබුණේ “ඩෝන්ට් ග්ලොරිෆයි මදර්හුඩ්” යනුවෙනි. මෙවැනි යෝජනාවක් සමාජයට කිරීමම මොනතරම් සාහසික ත්‍රස්තවාදී අපරාධයක්ද?එම ලිපිය ලියූ ලේඛිකාව විශ්ව විද්‍යාල මට්ටමින් පැවති පඨමාලාවකට සහභාගි වී ඇති අතර එහිදී ඇය තමන් “බ්‍රා බර්නින් ෆෙමිනිස්ට්” කෙනෙක් නොවන බව පවසා ඇතත් ඇයට ඊට සහභාගිවීමට පෙරැත්ත කර තිබිණි. එහිදී ඇය ජෙසී බර්නාඩ් නම් සමාජ විද්‍යාඥවරියක් හා ස්ත්‍රීවාදිනියක් වන තැනැත්තියකගේ පොතක් කියවා ඇත .ඉන් ඇගේ දෑස් විවර වුනාලු. බළල් පැටවුන්ගේ ඇස් ඇරෙන ලෙසින් විය හැක.
    මව සහ දරුවා අතර බැදීම මිත්‍යාවක් බවත් එය සංස්කෘතික කුම්න්ත්‍රනයක් බවත් පරම්පරා ගණනක් මොළ සේදීම නිසා ඇතිවූවක් බවත් පවසා ඇත. එහෙත් වෛද්‍ය විද්‍යාත්මක මතය මීට වෙනස්ය. මව සහ දරුවා අතර ඇත්තේ ජීව විද්‍යාත්මක වූ සම්බන්ධයකි. පූර්ව නිගමනයන් හා කලින් සූදානම් කරගත් පිළිතුරු හා මොළ සේදීම ත් මතවාද ගිල්ලවීමත් අරමුණු කරගත් සමාජ විද්‍යා විසින් සමාජයට හානියක් කරන බව පැහැදිලිය. මෙහි අරමුණ පවුල විනාශ කර මහා සමාජ පිපුරුමක් ඇති කිරීමය.
    මෙම පාඨමාලාව පවත්වා ඇත්තේ ආචාර්ය විජය ජයතිලක නමැත්තෙකි. එහෙත් මෙම ලේඛිකාවගේ මනසද මෙවැනි බිහිසුණු අදහස් වලට තෝතැන්නක් වුණේ ඇයද පෙර සිටම මේ අදහස් වලට යටි සිතෙන් ප්‍රිය කළ නිසා බව ඇගේ වචන වලින්ම පෙනේ. පාඨමාලාව අවසානයේ ඊට සහභාගි වුණ අය මෙම බිහිසුණු අදහස් පිළි ගත්තාලු. එය ලේඛිකාවගේ කම්පනයට(සතුටට ) හේතු වී ඇත. ලංකාවේ විශ්ව විද්‍යාලවල මෙවැනි බිහිසුණු පාඨමාලා පවත්වන්නේද? මේවා එන්.ජී.ඕ වල විශාල මූල්‍ය ප්‍රතිපාදන සහිත ව්‍යාපෘති විය හැක. මෙරට කාන්තාවන්ගේ ඔළු නරක් කරන මෙවැනි පාඨමාලා හැදින්වෙන්නේ කාන්තාවන් ගැන අධ්‍යයන ලෙසිනි. බොස්ටන් සරසවියේ තවත් සුද්දියක් ද පොතක් ලියා ඇති අතර ඇය කියා ඇත්තේ මාතෘත්වය සංස්කෘතික කුමන්ත්‍රණයක් කියායි. මේ එක එක පර සුද්දියො ලියන කුණුහරප වලින් අපට වැඩක් නැත.මෙරට සංස්කෘතියට අනුව අම්මා පූජනීයය ඇය ගෙදර බුදුන් ලෙස සැලකේ. එහෙත් එය සංස්කෘතික කුමන්ත්‍රණයක් හා පරම්පරා ගණනක මොළ සේදීමක්ලු. විචාර බුද්ධියක් නැති විද්‍යාර්ථීන් මල්ටිමීඩියා දමාගන ඊනියා ආචාර්යවරු උගන්වද්දී මේවා ඇත්ත කියා හිතන්නට පුළුවන. මේ ගැන එක්තරා සමාජ විද්‍යා උපාධිධාරිනියක් කීවේ මේව නිසා අපට කසාදයක්වත් කරගන්න බැරි වෙනවා කියාය. සමාජ විද්‍යව තුළින් මාතෘත්වය ප්‍රතික්ෂේප කෙරෙන පවුල ප්‍රතික්ෂේප කරන මුල් සිදුන කරලිකාර කාන්තාවන් නිර්මාණය කරන්නේද?
    Breastfeeding_news1.jpeg

    ගෙන් ගෙට බුදුන් "අම්මා"


    අපි නම් මේ තරම් දරුණු නැතැයි ඇතැම් ස්ත්‍රීවාදියකු කීමට ඉඩ ඇත. එහෙත් ස්ත්‍රීවාදයේ අරමුණ කාන්තාව සියලුම ගෘහ වගකීම් වලින් මුදා හැරීමත් මව සහ දරුවා අතර සම්බන්ධය බිද දැමීමත්ය. ඉංග්‍රීසි පුවත්පත්වල මාධ්‍යවේදිණියන් සියලුම දෙනා මේ තරම් දරුණු ස්ත්‍රීවාදිණියන් වී ඇති සැටි බලන විට මේ අය මේ තැන්වලට රිංගවා ඇත්තේ අධිරාජ්‍යවාදී සැලැස්මකට අනුවදැයි සැක සිතේ.
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    ado yakshayo oya wade nawathha pan coolestperson tho pissekda oy man danne naha ohe mona agame ekekda kiyala mona manasikathwaye ekeda kiyala mama muslim kenek thamai ape agame kiyala thiyenne anunge aaagamata apahasa karanna thamnge aagamata garu nokarai kiyana 1 thama ohege booru wadak nisa hugak mehe inna bowdda sahodarayo hitanne muslim 1kenek ge wadak kiyala. dan nikan me elakiri 1 ginnak hatagena aagam 2 athare uba awilena ginnata petrol danda epa p***aya oken hitha gatha haki uba muslim kenek nowana bawath uba oya jathiwadaya awussanna aapu ekek mol putha