මාදුරුඔයේ ඉවුරු වනසති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මාදුරුඔයේ ඉවුරු වනසති



    image_31becbe5bc.jpg


    image_c93dcbf15e.jpg


    image_90b45326c8.jpg


    image_a5ae9d0f21.jpg


    image_f5c26f5154.jpg


    image_b2d03e2013.jpg


    image_70c3a6e764.jpg


    (නිමල් ජයරත්න)

    පොළොන්නරුව වැලිකන්ද වඩමුනේ ප්‍රදේශයේ පිහිටා තිබෙන මාදුරු ඔයට ට්‍රැක්ටර් දමා කලක සිට සංවිධානාත්මකව සිදුකෙරෙන මහා පරිමාණ වැලිජාවාරමක් හේතුවෙන් ප්‍රදේශයේ පරිසරයට මෙන්ම වඩමුනේ පාලම ඇතුළු එම ගංගා ඉවුරුවලට දැවැන්ත පරිසර විනාශයක් සිදුව ඇති බව ප්‍රදේශයේ පරිසරවේදිහු පෙන්වා දෙති.

    පිට පළාත්වලින් පැමිණ සිටින පුද්ගලයන් පිරිසක් විසින් මාසයකට ආසන්න කාලයක් මෙම ප්‍රදේශයේ මෙම වැලි ජාවාරම මෙහෙයවන බවද, වැලි තොග වැලිකන්ද සහ අවට ප්‍රදේශවලට ට්‍රැක්ටර් සහ ටිපර් රථ යොදා ප්‍රවාහනය කරන බවද, කොළඹ හා වෙනත් පිට පළාත්වලට රැගෙන ගොස් අලෙවි කරන බවද ප්‍රදේශයේ පරිසරවේදීහු සදහන් කරති.

    මාදුරු ඔය කුඩා ඔයෙහි තිබෙන කුඹුක් ගස් ඇතුළු වටිනා ගස් වලටත් වඩමුනේ ප්‍රධාන පාලමට මෙන්ම පරිසර පද්ධතියට දැඩි පරිසර හානියක් සිදුකරමින් සිටින බවද ඔවුහු පෙන්වාදෙති. මාදුරු ඔය රක්ෂිතයේ සැරිසරන අලි ඇතුන් මෙන්ම වන සත්තු ද දැඩි පීඩාවකට පත්ව සිටිති.

    පළාතේ පුද්ගලයන් කිහිපදෙනෙකුට වැලි ගොඩදැමීමට නීත්‍යනුකූලව වැලි කැණීම් බලපත්‍ර භූවිද්‍යා පතල් කැණීම් කාර්යංශය මගින් ලබා දී තිබුණද, එමගින් වැලි ගොඩ දැමීම අත්හිටුවා පිට පළාත්වලින් පැමිණ සිටින දේශපාලන ආධාරකරුවන් මෙන්ම මහාපරිමාණ ව්‍යාපාරිකයන් පිරිසකට මෙම ජාවාරම කිරීමට අවස්ථාව ලබා දී ඇතැයිද ඔවුහු කියති.

    භූ විද්‍යා පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතාගෙන් විමසීමේදී සදහන් කළේ වැලි ජාවාරම පිළිබඳව සොයා බැලීමට කණ්ඩායමක් පත්කර වහා ප්‍රදේශය වෙත යොමුකර ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවය.