මාධයවේදීන් මැ.කො. ගෙන් ප්‍රශ්න කරයි.....

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
මාධයවේදීන් මැ.කො. ගෙන් ප්‍රශ්න කරයි.....


ප‍්‍ර:- මෙය නිදහස් හා සාධාරණ මැතිවරණයක් ද?

පි:- මැතිවරණ දිනයට පෙර ප‍්‍රචාරක සමයේ සිදුවිම් ගැන මට සතුටු වෙන්න බැහැ. ඒත් ඡුන්දය දීම සහ ප‍්‍රතිඵලය ගැන මම සම්පූර්ණයෙන්ම සෑහීමකට පත් වෙනවා.

ප‍්‍ර: ඡුන්ද ප‍්‍රතිඵලය වෙනස් කරන ලෙස බැසිල් රාජපක්‍ෂ මහතා ඔබට හිරිහැර කොට බලපෑම් කළ බවට පවතින රාවය සැබෑද?

පි:- මේ කටකතාව පැතිරෙන්න ගත්තේ 26 දා රාත‍්‍රී 12 න් පස්සේ මෙම කාර්යාලයට දේශපාලනඥයන් එන්න ගත්තේ පහුවෙනිදා උදේ 4 න් පසු. එහෙම ආවේ ෂර්මිලා පෙරේරා (නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ලේකම්*, ලාල් පෙරේරා, සරත් මනමේන්ද්‍ර සහ නීතිඥ උපුල් ජයසූරිය වගේ අය. ඔවුන් ආවේ මම මැතිවරණ ලේකම් කාර්යාලයේ ඉන්නවාදැයි බලන්න.

ප‍්‍ර:- ඡුන්ද පෙට්ටියක්වත් රැුක ගන්න බැරි වන බවට ඔබ කළ ප‍්‍රකාශයම ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය ගැන සැක උපදවනවා නේද?

පි:- මම එහෙම කතාවක් කළේ නෑ. මා කීවේ මාධ්‍යවේදීයෙක් (ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඞ්සන් සමරසිංහ* මගේ රාජකාරිය ඡුන්ද පෙට්ටිය බලා ගැනීම පමණක් බව කියා තිබුණු එක ගැනයි.

ප‍්‍ර:- ඡුන්ද ගණන් කිරීමේ පක්‍ෂ නියෝජිතයන්ට පහරදී පළවා හැරීම් සිදුව තිබුණ නේද?

පි:- පරිශ‍්‍රයේදී සිදුවූ දේවල් ගණන් කිරීමේ ශාලාවට සම්බන්ධ නෑ.

ප‍්‍ර:- ජනාධිපතිවරණය ගැන මෙතරම් මතභේද ඇතිවූයේ ඇයි?

පි:- මට ඒ ගැන පිළිතුරු දෙන්න බෑ.

ප‍්‍ර:- ප‍්‍රතිඵලය ගැන සැක නම් ඡුන්ද නැවත ගණන් කරන්න බැරිද?

පි:- එයට නියෝගයක් කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. මෙම ඡුන්ද පත‍්‍රිකා හා ලේඛන මාස 6 ක් යන තුරු සීල් තබා ආරක්‍ෂිතවයි තිබෙන්නේ. ප‍්‍රතිඵලය ප‍්‍රකාශයට පත් කොට සති 3 ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට මැතිවරණ පෙත්සමක් ගොනු කළ හැකියි. ගණන් කිරීමේ ශාලාව තුළදී නම් නැවත ගණන් කිරීමක් දෙවරක් ඉල්ලන්න පුළුවන්.

ප‍්‍ර: විපක්‍ෂය කියන විදියට ඡුන්ද පත‍්‍රිකා ගිනි තබා තිබුණා නම්, වෙනත් ස්ථානයක තිබී හමුවූ ඡුන්ද පත‍්‍රිකා මිටියක් අද ඔබ වෙත ඉදිරිපත් කොට පැමිණිලි කළා නම් ඡුන්ද පෙට්ටිවල තිබූ ඡුන්ද පත‍්‍රිකා හා ඒ ගැන ගණන් කිරීමේ ලේඛනවල සඳහන් සංඛ්‍යා සැසඳෙන්න බෑ නේද?

පි:- මට ඒ ගැන දැන් උත්තරයක් දෙන්න බෑ.

ප‍්‍ර:- අමාත්‍ය රිෂාද් බද්යුදීන් කරන චෝදනාවෙන් පැවසෙන්නෙත් ඇතැම් ඡුන්ද පත‍්‍රිකා ගණන් කිරීමට ගෙන නැති බව, ඒ ගැන ඔබ කුමක්ද කියන්නේ?

පි:- එතුමා තමාට අදාල නැති කාර්යකට බැහැලා තිබුණ නිසා ඉවත් කරන්න සිදුවුණා.

ප‍්‍ර:- රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය මත ඔබ ඉදිරිපත් කළ උපමාන ඒවායේ ප‍්‍රධානීන් පිළිපැද්දේ නැහැ. අනතුරුව ඔබ පත් කළ නිසි බලධාරියාටත් රාජකාරි කළ නොහැකි වීම නිසා ඔබම ඔහු අස්කර ගත්තා. මේ නිසා විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා සම්බන්ධයෙන් ඉතා හානිකර ප‍්‍රචාර මැතිවරණ දිනයේ පවා රාජ්‍ය මාධ්‍ය ආයතන සිදු කිරීම මැතිවරණයට බලපෑම් කළේ නැද්ද?

පි:- ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය ඉටු වුණේ නැත්නම් ඒ ගැන යළි උසාවි යා යුතුව තිබුණේ ඔවුන්.

ප‍්‍ර:- නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් රාජ්‍ය මාධ්‍යවල හැසිරීම පාලනය කිරීම මැතිවරණ කොමසාරිස්වරයා ලෙස ඔබේ වගකීම නොවෙයිද?

පි:- මැතිවරණ කොමසාරිස්වරයාට කළ හැකි දෙය තමයි ඔය කළේ. මාධ්‍යවේදීන් ලෙස ඔබට නැත්නම් ඕනෑම පුරවැසියකුට මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් පැමිණිලි කරන්න ඉඩ තිබුණා.

ප‍්‍ර:- මේ අනුව මහා මැතිවරණයේදීත් මේ තත්ත්වය වෙනස් නොවී පැවතිය හැකි නේද?

පි:- 1978 න් පස්සේ දේශපාලන සංස්කෘතිය පිරිහුණා. එකිනෙකාට මඩ ගසා ගැනීම් මේ දේශපාලනයේ කොටසක්.

ප‍්‍ර:- රාජ්‍ය නිලධාරීන් මැතිවරණ වංචාවල යෙදුණු බවයි මේ චෝදනාවලින් කියැවෙන්නේ. එහෙම නම් කොහොමද එබඳු රාජ්‍ය නිලධාරීන් මත යැපී මැතිවරණ පවත්වන්නේ?

පි:- මැතිවරණ වැරදි කළ අය අසාදු ලේඛන ගත කරනවා. එබඳු අය මැතිවරණ රාජකාරිවලට යොදා ගන්නේ නැහැ.

ප‍්‍ර:- රාජ්‍ය සම්පත් හා රාජ්‍ය මාධ්‍ය මහා මැතිවරණයේදීත් අව භාවිතා විය හැකි බවයි මේ අනුව පෙනෙන්නේ. රාජ්‍ය මාධ්‍ය සාධාරණ ලෙස හැසිරෙන බවට වග බලා ගැනීමේ ක‍්‍රමවේදයක් නැද්ද?

පි:- මේ තත්ත්වයම මහා මැතිවරණයේදීත් වෙනවා. මට ඒවා වළක්වන්න බෑ. බෞද්ධයෙක් වශයෙන් මට කිව හැක්කේ අසත්භාවයෙන් කරන වැඩ අසත්භාවයෙන් අවසන් වෙනවා කියා පමණයි. 1978 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවත් 17 වන සංශෝධනයත් සද්භාවයෙන් සිදුවූ ඒවා නොවෙයි.