මාධ්‍ය කබරගොයා තළගොයා කළා ද ?

sa198802

Member
Nov 29, 2012
947
151
0
Colombo Sri lanka
මාධ්‍ය කබරගොයා තළගොයා කළා ද ?

Mirror - ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ටෙස්ට් තරග හා එක්දින තරග සදහා ලැබෙන බවට පෙන්වාදුන් මිල ගණන් වැරදි බව මේවන විට හෙලි වී තිබේ.

අදාල කොන්ත්‍රාත්තුව අනුව දළ වශයෙන් එක්දින තරගයකදී ක්‍රීඩකයකුට හිමිවන්නේ ඩොලර් 3,000 ක මුදලක් බවත් එය ටෙස්ට් තරගයකට ඩොලර් 7,500ක් ද පන්දුවාර විස්සයි - 20 තරගයකට ඩොලර් 1,800ක් ද බව පැවසේ.

එක්දින හා පන්දුවාර විස්සයි - 20 තරග දීමනා පසුගිය වසර 5 තුලදී එකම අගයක් ගත් බවත්, ටෙස්ට් තරග සදහා වන දීමනාව පමණක් ඩොලර් 5,000 සිට 7,500 දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.

වැඩිවු මුදල ගතවු වසර 5 තුල වසරකට ඩොලර් 500කට වඩා වැඩි නොවන බවද මින් තහවුරු වේ.

නව ගිවිසුම අනුව වසර 2003 සිට ක්‍රීඩකයින්ට ලබාදුන් දීමනාවන් වන අයි.සී.සී. තරග වලට සහභාගිවීමේදී ලැබෙන කොමිස් මුදල අහිමිවී ඇත.

වසර 2003 දී මේ තීරණයට එළඹියේ අයි.සී.සී.යේ රෙගුලාසි වලට අනුව අයි.සී.සී.ය තරගවලට සහභාගි වන සියලු ක්‍රීඩකයින්ට එම තරග සමය තුළ කිසිදු පෞද්ගලික දැන්වීමකට ප්‍රචාරක ක්‍රියාවලියකට සහභාගි වීමේ ඉඩ ඇහිරීම නිසාය.

එසේ පෞද්ගලික දැන්වීම් කොන්ත්‍රාත් සදහා පෙනී සිටින ක්‍රීඩකයන්ට අදාල කාලයේදි සමාගමට සිදුවන පාඩුව වෙනුවෙන් නැවත මුදල් ගෙවීමට ද සිදුවේ.

ක්‍රිකට් ආයතනය විසින් ජ්‍යෙෂ්ට ක්‍රීඩකයෙකුට මසකට ලබාදෙනු ලබන්නේ රුපියල් ලක්ෂ 2ක පමණ මාසික වේතනයකි.

ඒ අනුව ගත් කල ඔවුන්ගේ වාර්ෂික ආදායම වන්නේ ලක්ෂ 24කි.

කෙසේවවුද මේ වසරේදී ක්‍රීඩකයකුට හිමිවී ඇති ටෙස්ට තරග ගනණ 04 ක් වේ.

එසේ වන්නේ නම් මේ වසරේදී ක්‍රීඩකයකුට ලැබෙන්නේ වසරකට ඩොලර් 30,000ක් පමණි.

මාසයකට ලක්ෂ 2ක් වැටුපක් ලබන ක්‍රීඩකයෙකු වසරකට එක් දින තරග 20ක් ක්‍රීඩා කළත් ඔහුට ලැබෙන්නේ ඩොලර් 60,000 ක මුදලකි.

එසේම මාධ්‍ය විසින් ලසිත් මාලිංග කළ ප්‍රකාශයක් අල්ලාගෙන පසුගිය දිනයන්හිදී ඔහු පතුරු ගැසීම සම්බන්ධයෙන් මැදහත් ක්‍රීඩා විචාරකයෝ මාධ්‍යට 'මිරර්' සමග දොස් පැවරූහ.

ඔවුන් පෙන්වා දුන්නේ ක්‍රීඩකයන්ට මාධ්‍යට කතා නොකරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නීතියක් දමා තිබියදී මාධ්‍ය කරුවන් ඔවුන් ප්‍රශ්න කිරීමට ලක් කිරීම සදාචාර සම්පන්නද යන්නැයි.

කෙසේවුවද ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය අදාල ගැටුමෙන් පනිනු ලැබුවේ එහි සිටින නිධාරීන් බොහෝ දෙනෙකු ශ්‍රි ලංකා ක්‍රිකට් වෙතින් වැටුප් ලබන තනතුරු දරන නිසා බවද පැවසේ.
 
Last edited:

waca

Well-known member
  • Nov 13, 2006
    3,729
    2,209
    113
    Nugegoda
    ඔව්ව අල්ලගෙනනෙ මාලිංගයට ගැහුවෙ. ලංකාව හැදෙන්නෙ නැත්තෙ ඒකයි