මානව හිමිකම් - යුක්ති ධර්මයක්? දේශපාලන මෙව&#35

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මානව හිමිකම් - යුක්ති ධර්මයක්? දේශපාලන මෙව&#35

මානව හිමිකම් හඳුනා ගතයුත්තේ යුක්ති ධර්මයක් වශයෙන් මිස දේශපාලන මෙවලමක් ලෙස නොවේ

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියලූම රටවල් මානව හිමිකම් හඳුනාගත යුත්තේ යුක්ති ධර්මයක් සහ සදාචාර ධර්මයක් ලෙස මිස දේශපාලන මෙවලමක් ලෙස නොවේ යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ ය.

ලෝකයේ බොහෝ රටවල සමාජ ආකෘති පිළිබදව හෝ රටෙහි සංස්කෘතික සම්ප‍්‍රදායයන් පිළිබඳව හෝ ප‍්‍රමාණවත් සැලකිල්ලක් නොදක්වා කරන ලද බාහිර මැදිහත්වීම්වලින් එම රට අස්ථාවරත්වයට පත්වීම නොවැළැක්විය හැකි බව ද ජනාධිපතිවරයා මෙහි දී පැවසීය.

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 69 වන සැසිවාරය අමතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා Sept 25 මෙම අදහස් පළ කළේ ය. ජනාධිපතිවරයා මෙහිදී මෙසේ ද පැවසීය.

එක්සත් ජාතීන්ගේ 69 වන සැසියේ සභාපති ලෙස පත් වූ අතිගරු සෑම් කුටෙසා මැතිතුමාට මම සුභ පතමි. අපි ඔබට සාර්ථකත්වය ප‍්‍රාර්ථනා කරන අතර අවශ්‍ය සියලූ සහයෝගය ලබාදීමට ද පොරොන්දු වෙමු.

මෙම සැසියේ තේමාව වන ”වසර 2015 පසු අනුරූපිත සංවර්ධන න්‍යාය පත‍්‍රයක් ලබාදීම සහ ක‍්‍රියාත්මක කිරීම”, ඉතා කාලෝචිතයි. එක්සත් ජාතීන් නිර්මාණය වූ දා සිට ලෝකය බොහෝ වෙනස්වීම්වලට භාජනය වී ඇති අතර 2000 සිට සහශ‍්‍ර සංවර්ධන අභිමතාර්ථ සපුරාලීම පිළිබඳ දියුණුවක් ලබා තිබෙනවා.

එනමුත් තවමත් ආමන්ත‍්‍රණය විය යුතු විවිධ අභියෝග රැුසක් තිබෙනවා. මේ කාර්ය සඳහා සාධාරණ සහ තිරසාර ලොවක් නිර්මාණය කිරීමේ සදාචාරාත්මක සහ ප‍්‍රායෝගික වැදගත්කම නොසලකා හැරිය නොහැකියි.

ශ‍්‍රී ලංකාව වර්තමානයේ සභාපතිත්වය දරන පොදු රාජ්‍ය මණ්ඩලයට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලින් හතරෙන් එකකටත් වඩා අයත් වෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින් 2013 නොවැම්බර් මාසයේ කොළඹ දී, 2015 පසු නව ගෝලීය සංවර්ධන න්‍යාය පත‍්‍රය සකස් කිරීමේ ක‍්‍රියාවලිය සඳහා දායකවීමට එක`ග වුණා. ඔවුන් අන්ත දරිද්‍රතාව තුරන් කිරීම සඳහා අවධානය යොමු කිරීමට සහතික වූ අතර තිරසාර සංවර්ධනය සඳහා ඇති කැපවීම නැවත තහවුරු කර ඇත.

වසර 2015 පසු සංවර්ධන න්‍යාය පත‍්‍රයේ යථාදර්ශනය, සභාග සාරධර්ම සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ප‍්‍රඥප්තියේ අඩංගු වන ප‍්‍රතිපත්තිවලට අනුකූලව සහ පුද්ගලික අත්දැකීම් මත පදනම් වී ඇත. 2015 පසු සමබර සංවර්ධන න්‍යාය පත‍්‍රයක් සැකසීම සඳහා ඉදිරියේ දී පැවැත්වෙන අන්තර් රාජ්‍ය කථිකාවතට සහයෝගීතා හැ`ගීමෙන් යුතුව ප‍්‍රවේශ වන ලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් අනෙකුත් අය උනන්දු කර සිටියි.

රටවල් තුළ සහ රටවල් අතර පවතින අසමානත්වයන් අවම කිරීම, තිරසාර සංවර්ධන අභිමතාර්ථ සඳහා ක‍්‍රියාකාරී කණ්ඩායම යෝජනා කර ඇති හොඳම අනුරූපිත අභිමතාර්ථවලින් එකක් වේ. තීරණ ගැනීමේ දී, සංවර්ධනය වන රටවල හඬ සහ ඔවුන්ගේ නියෝජනය ඉහළ නැංවීමට මෙම අභිමතාර්ථය පිටිවහලක් වේයැයි අපි බලාපොරොත්තු වෙමු.

2015 පසු සංවර්ධන න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට නැංවීම පිළිබඳව කේන්ද්‍රගත වී තිබිය යුතුයි. සියලූ රටවල දේශපාලන අධිෂ්ඨානය හා කැපවීමෙන් තොරව තිරසාර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත්කරගත නොහැකි වේ. සංවර්ධනය සඳහා ගෝලීය සහයෝගීත්වයක් අවශ්‍ය බව කියැවෙන අටවන සහශ‍්‍ර ඉලක්කය සම්පූර්ණ කිරීමට සංවර්ධිත රටවල් අපොහොසත් වීම නැවත සිදු නොවන බව සහතික කළ යුතුයි.

තම ඉලක්ක තෝරා ගැනීමේදී ස්වකීය රටේ අවශ්‍යතාවන් මුදුන්පමුණුවා ගැනීම සඳහා, ප‍්‍රතිපත්ති රාමුව තුළ රටවල් සීමා නොවිය යුතුයි. තම රටේ වියදම්වල ප‍්‍රමුඛතා පිළිවෙළ වෙනස් කළ යුතු යැයි පවසනවා වෙනුවට දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල කැපවීමෙන් බැඳුනු ශක්තිමත් සබඳතාවක් පිළිබඳ අවධානය යොමු විය යුතුය. මෙය, දකුණේ රටවල ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා අත්‍යාවශ්‍ය මූල්‍යමය සම්පත් සහ තාක්ෂණයට ප‍්‍රවේශයක් ලබා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය වේ. සහශ‍්‍ර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම වැළැක්වූ අසාධාරණ වෙළෙඳ හා ආයෝජන නීති වැනි දේශපාලනික සහ ව්‍යුහාත්මක බාධක පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. සහයෝගී අන්තර්ජාතික ආර්ථික පරිසරයක්, වැඩිදියුණු කළ ආයෝජන ගලා යෑම්, බහු පාර්ශ්වික සංවර්ධන බැංකු සහ විවෘත බහු පාර්ශ්වික වෙළෙඳ ආධිපත්‍යයක් යනාදිය නිර්මාණය කිරීම වැදගත් වේ.

ලෝක යුද්ධ දෙකකට පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්මාණය වූ වටපිටාව අපි හැමෝම දනිමු. එය දශක හතක් පැවතුන කාලය තුළ, මෙලොව තවත් ලෝක යුද්ධයකට යෑමෙන් බේරා ගෙන ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජීවන තත්ත්වයන් වැඩි දියුණු කිරීම, රෝග තුරන් කිරීම, ළමුන්ට අධ්‍යාපනය ලබා දීම සහ සාමය පවත්වා ගැනීමෙහිලා උපකාර කර ඇත. මෙම ආයතනයේ දැක්ම යළි ප‍්‍රතිඥා දීම සඳහා සෑම වසරකම සැප්තැම්බර් මාසයේ, ලෝක ප‍්‍රජාව එක් වේ.

වර්තමාන ලෝකය තුළ අන්තර් ජාතික සාමය, ආරක්ෂාව සහ සශ‍්‍රීකත්වය සඳහා එක්සත් ජාතීන්ගේ භූමිකාව තීරණාත්මකය. අප සියලූ දෙනාම මානව හිමිකම් හඳුනා ගත යුත්තේ යුක්ති ධර්මයක් සහ සදාචාරය ලෙස මිස දේශපාලන මෙවලමක් සේ නොවේ. අද ලෝකයේ බොහෝ ප‍්‍රදේශ සාක්ෂි දරන පරිදි, සමාජ ආකෘතිය පිළිබඳව හෝ රටෙහි සංස්කෘතික සම්ප‍්‍රදායයන් පිළිබඳව හෝ ප‍්‍රමාණවත් සැලකිල්ලක් නොදක්වා කරන ලද බාහිර මැදිහත්වීම්වලින් එම රට අස්ථාවරත්වයට පත්වීම නොවැළැක්විය හැකියි.

ශ‍්‍රී ලංකාව නැවත ඉදිකිරීම, පුනරුත්ථාපනය, සහ ප‍්‍රතිසන්ධානය යන ක්ෂේත‍්‍රවල අවුරුදු 5ක් වැනි කෙටි කාලයක දී ලබා ඇති ප‍්‍රමාණවත් ප‍්‍රගතිය පිළිබඳව නොසලකා හැර, මානව හිමිකම් කවුන්සිලයේ ටික දෙනෙකුගේ දුෂ්ට සංකල්පිත න්‍යායපත‍්‍රයක අගතියට ලක්වූවෙකු බවට පශ්චාත් - යුද ශ‍්‍රී ලංකාව ද, පත් වී ඇත. මෙම සුවිශේෂී ජයග‍්‍රහණ නොසලකා හැර, මගේ රට ඉලක්ක කර ඇති ආකාරය සමබරතාවය සහ සමානුපාතය නොමැති බව පෙන්වයි. වෙනත් ප‍්‍රදේශවල මානුෂීය ගැටලූ පිළිබඳව සහ දැඩි කැලඹිලි සහිත ප‍්‍රදේශවලට විස`දුම් සෙවීම මෙයට වඩා බොහෝ වෙනස්කම් පෙන්වයි.

බහුපාර්ශ්වීකත්වය අදාළව සහ ඵලදායී ලෙස පැවතීම සඳහා සම්බන්ධ ආයතනවල ප‍්‍රතිසංස්කරණය අත්‍යවශ්‍ය කරුණකි. මෙහි සාර්ථකත්වය සඳහා එක්සත් ජාතීන්ගේ පද්ධතිය සහ යාන්ත‍්‍රණය නිර්දේශපාලනීකරණය සඳහා මෙම ක‍්‍රියාවලිය ඉවහල් විය යුතු අතර විවිධාකාර වූ ආධාර ලබාදීම්වල ප‍්‍රාණ ඇපකරුවකු වීම ද වැළැක්විය යුතුය. එක්සත් ජාතීන්, රාජ්‍යයන් සමග ගනුදෙනු කිරීම සඳහා සංවාදය, අවස්ථාවන් පිළිබඳ හොඳ අවබෝධය සහ ජාතික ආයතන ශක්තිමත් කිරීම සඳහා උපකාරීවීම ඇතුළු සහයෝගීතාවයන් ඇති කර ගත යුතුය. ගෝලීය අභියෝගයන්ට තිරසාර විසඳුම් සොයා යාමේ දී මෙම ප‍්‍රවේශය දැඩි ක‍්‍රියාමාර්ගවලට වඩා බහුපාර්ශ්වික රාජ්‍යතාන්ත‍්‍රික ක‍්‍රමයෙහි හදවත නිර්මාණය කරනු ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට වසර 70 ක් පිරෙන 2015 වසර, ආරක්ෂක මණ්ඩලයේ මුල් ප‍්‍රතිසංස්කරණයන්ට ලෝක නායකයින් සහාය දීමට එකඟතාව පළ කළ 2005 ලෝක සමුළුවේ 10 වන සංවත්සරය ද සනිටුහන් කරයි. ලබන වසරේ මේ සම්බන්ධ ශක්තිමත් ප‍්‍රතිඵල ළඟා කරගත යුතුයි.

දේශගුණික විපර්යාස අප අවධියේ පැහැදිලි අභියෝගයන්ගෙන් එකකි. මේ සඳහා සමානතාව පදනම් කරගත්, පොදු එහෙත් වෙනස් වගකීම් වලින් සමන්විත ශක්තිමත් ගෝලීය පිළිතුරකට අප 2015 වන විට එළඹීමට අවශ්‍යය.

වැඩිවෙමින් පවතින මැදපෙරදිග ප‍්‍රචණ්ඩත්වය ඉතා ඛේදජනකය. ඊශ‍්‍රාලය සමග සාමයෙන් සහ එක්ව කටයුතු කරන, පිළිගත් ආරක්ෂිත සීමාවක, ස්වෛරී, ස්වාධීන, සාධනීය සහ එක්සත් පලස්තීන රාජ්‍යයක් කඩිනමින් පිළිගැනීමට ශ‍්‍රී ලංකාවේ සහාය ලබා දෙන බව මා නැවතත් අවධාරණය කරනවා. පලස්තීනය හැකිතාක් ඉක්මණින් එක්සත් ජාතීන්ගේ ූපූර්ණ සාමාජිකයෙක් ලෙස පිළිගැනීමට අප බලා සිටිනවා. ආසියාව සහ අප‍්‍රිකාව අතර සහයෝගිතාවේ අවශ්‍යතාව පිළිබඳ ශ‍්‍රී ලංකාව තරයේ විශ්වාස කරයි. සමාජ - ආර්ථික සංවර්ධනය අත්කර ගැනීමේ අප‍්‍රිකානු ජනතාවගේ උත්සහාය අගයකරමින්, ඔවුන්ගේ හැකියාවන් ගොඩනැගීමට - වැදගත් අංශවල දැනුම හා නිපුණත්වය හුවමාරු කරගැනීමට ශ‍්‍රී ලංකාව අප‍්‍රිකානු රාජ්‍යන් සමග සම්බන්ධවීමේ ක‍්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා. මාරාන්තික රෝග කල්තියා අප‍්‍රිකාවෙන් තුරන් කිරීමට ජාත්‍යන්තර ප‍්‍රජාව ශක්තිමත් සහායක් ලබාදිය යුතුයි.

ජාතික මායිම්වලින් ඔබ්බට පුද්ගලයින්ට බලපාන, අන්තවාදී අදහස්වලින් ඇතිවන ත‍්‍රස්තවාදය මැ`ඩලීම සඳහා බහු පාර්ශ්වික ප‍්‍රයත්නයනට තම සහාය පළ කිරීමට ශ‍්‍රී ලංකාව බැඳී සිටියි. අන්තර්ජාතික ත‍්‍රස්තවාදය පිළිබඳ එක්සත් ජාතීන්ගේ පරිග‍්‍රාහක සම්මුතිය අවසන් කිරීම ඇතුළු ත‍්‍රස්තවාදයට එරෙහි බහු පාර්ශ්වික ක‍්‍රියාවලිය ජාත්‍යන්තර ප‍්‍රජාව ශක්තිමත් කළ යුතුයි. ත‍්‍රස්තවාදය සඳහා මුදල් සැපයීම, මුහුදු කොල්ලකෑම් සහ කුමන ආකාරයේ ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ මැ`ඩලීම සඳහා කරන ඕනෑම බහුපාර්ශ්වික ප‍්‍රයත්නකට සහාය දීම සඳහා ශ‍්‍රී ලංකාව කැපවී සිටියි. දියුණුවෙමින් පවතින රටවලට යොදන ඒකපාර්ශ්වික ආර්ථික නිර්දේශ පිළිබඳ ශ‍්‍රී ලංකාව බලවත් සැලකිල්ල ප‍්‍රකාශ කරන අතර, කියුබාවට පනවා ඇති අසාධාරණ ආර්ථික, වාණිජමය සහ මූල්‍යමය සම්බාධක නැති කිරීමට එක්සත් ජාතීන්ගේ මහා සමුළුව නගන හඬ සඳහා ස්ථිර සහාය පළ කරයි. රටක නිර්දෝෂී ජනගහනයට බලපාන මෙවන් ඒකපාර්ශ්වික සම්බාධක සදාචාර සම්පන්න නොවේ. ශ‍්‍රී ලංකාව ත‍්‍රස්තවාදයේ බලපෑම් මධ්‍යයේ වුවද සහශ‍්‍ර සංවර්ධන ඉලක්ක බොහෝමයක් වෙත ළඟා වී තිබේ. 2013 මානව සංවර්ධන දර්ශකයේ දකුණු ආසියාවේ රටවල් අතර මුල් තැන ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකි වී තිබේ.

මහින්ද චින්තනය - ඉදිරි දැක්ම යන ජාතික සංවර්ධන උපාය මාර්ගය උපයෝගී කොට ගෙන ශ‍්‍රී ලංකා රජය, පුළුල් ආවරණයක් ඇති හා ගම්බද පෙදෙස් කේන්ද්‍ර වූ ග‍්‍රාමීය සංවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබේ.

මෙය, සාර්ව ආර්ථික කළමනාකරණය, කෘෂිකාර්මික පුනර්ජීවනය, මාර්ග සහ අධිවේගී මාර්ග, වරායන් සහ ගුවන් තොටුපළවල්, වාරිමාර්ග කළමනාකරණය සහ ජලය බෙදා හැරීම, ශක්තිමත් විදුලි සංදේශ ජාලයක් සහ හොඳින් පැතුරුණු නාගරික සහ ග‍්‍රාමීය නගර සංවර්ධන වැඩසටහනක් යනාදී යටිතල පහසුකම් සංවර්ධනය, යන ක්ෂේත‍්‍රවලට අදාළ ප‍්‍රතිපත්ති හා සබැඳි එඩිතර තීරණ හා සම්බන්ධ වූ අතර, ඒ හේතුවෙන් 2013 වසරේ දළ දේශීය නිෂ්පාදනයේ 7.8% ක වර්ධනයක් සහ ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 3,280 ක් දක්වා වර්ධනය වීමක් ද සිදු විය. මෙම වර්ධනය සඳහා, යටිතල පහසුකම් හා ජීවනෝපාය මාර්ග සඳහා සිදු කළ සුවිශාල ආයෝජනයන්ගේ සහයෝගය සහිතව උතුරේ ජනතාව තුළ ඇතිවූ ආර්ථික සහ දේශපාලනික බලගැන්වීම ද දායක වීම ඉමහත් සතුටට හේතුවකි. 2009 වසරේ ත‍්‍රස්තවාදයේ අවසානයත් සමග, මාගේ ජනතාව වෙත මට පැවරුණු වගකීම් අනුව, සාපේක්ෂව අවුරුදු 4ක් වැනි කෙටි කාලයක් තුළ, මහා පරිමාණයේ පශ්චාත් ගැටුම් ප‍්‍රතිසංස්කරණයන්, පුනරුත්ථාපනය සහ නැවත පදිංචි කරවීම් සඳහා මුල් පිරීම් උතුරු සහ නැගෙනහිර පළාත්වල ක‍්‍රියාත්මක කරන ලදී. වඩාත් වැදගත් වන්නේ උතුරේ ප‍්‍රජාතාන්ත‍්‍රික රාමු නැවත පිහිටුවා තිබීමයි. අවුරුදු 28 කට පසු, එනම් 2013 සැප්තැම්බර් මස, උතුරු පළාත් සභාවේ මැතිවරණ පවත්වන ලදී.

ගැටුම් අවසන් වී සතියකට පසු, ශ‍්‍රී ලංකාවේ නව සාමකාමී යුගයක් උදාවූ කලෙක, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්තුමාගේ ශ‍්‍රී ලංකා සංචාරය මට සිහිවෙයි. එය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මගේ රට අතර ඇති සමීප සම්බන්ධතාවය සහ, එක්ව අනාගතයේ කටයුතු කිරීමට ඇති අපගේ කැපවීම ප‍්‍රකාශ කිරීමක් විය.

ශ‍්‍රී ලංකාවේ සියලූ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා වන, අතිශය තෘප්තිකර සහ අනුරූපිත ගමනක අප යෙදී සිටිමු. මෙම කාර්යය කිරීමේදී අපගේ සාම්ප‍්‍රදායික විදේශ ප‍්‍රතිපත්තිය වන ”සැමට මිත‍්‍රත්වය සහ කිසිවෙකුට වෛර නොකිරීම” අනුව කටයුතු කරමු. අන්තර්ජාතික ප‍්‍රජාව, අප වෙත අනවශ්‍ය බලපෑම් ඇති නොකර, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලියට හා ආර්ථික සංවර්ධනයට ප‍්‍රතිචාර දක්වා සහයෝගය දක්වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

මිනිසාගේ සියලූම උත්සාහයන්ගේ අරමුණ විය යුත්තේ ව්‍යාකූලත්වය තුළින් නිසි පාලනය ඇති කිරීමත්, රාවුල් තුළ සමගිය ඇති කිරීමත් බව දේශනා කළ ගෞතම බුදු රජාණන්වහන්සේගේ වදන්වලින් අප ප‍්‍රබෝධමත් වී සිටිමු. මෙම බුද්ධිමත් වදන්වලට අවනත වෙමින්, වැරදි චේතනාවෙන් සිදු කරන විවේචනයන්ගෙන් නොසැලී, ශ‍්‍රී ලංකා රජය තම අරමුණ වන ප‍්‍රතිසන්ධානයත්, ජාතිය ගොඩ නැංවීමත් ළඟා කර ගැනීම සඳහා වන ක‍්‍රියාවලියන්ට කැප වී සිටී.
ස්තුතියි.

ඔබ සැමට තෙරුවන් සරණයි.

Sept 26 Rivira . lk​

-----

මේව UN එකට කියන්න පරක්කු වැඩිවුනාද මන්ද?
 
  • Like
Reactions: kellsupun

jkus

Member
Dec 21, 2007
185
7
0
Colombo
මාර්ග සහ අධිවේගී මාර්ග, වරායන් සහ ගුවන් තොටුපළවල් = komis gehilla.....