මානසික රෝගයක් නොවන භීතිකාවක්

Mar 29, 2012
1,343
89
0
මානසික රෝගයක් නොවන භීතිකාවක්

ඔබ දන්නවාද මානසික රෝගයක් නොවන ප‍්‍රධාන වශයෙන් කායික රෝගයක් ලෙස හැඳින්වෙන භීතිකාවක් තියෙනවා. යම් අයකුට හෝ සතකුට හෝ මෙම වයිරසයේ ආසාදනයක් සිදු වුවහොත් එයින් හානි පැමිණෙන්නේ ස්නායු පද්ධතියටයි. ඒ අනුව යමක් ගිලීම කළ නොහැකි වෙනවා. ජලය දැකීම හෝ වැක්කෙරෙන හඬක් ඇසීම හෝ දිය බීමට යාම ආදී කි‍්‍රයාවලදී එවැනි වයිරස ආසාදිතයකු තුළ ආක්ෂේපයත් එහෙමත් නැත්නම් පේශීවල අනිච්ඡානුග ගැස්මක් ඇති වෙනවා. පැරණි ගී‍්‍රකයන් සිතුවේ මේ ගැස්ම ඇති වන්නේ ජලයට ඇති බිය නිසාවෙන් කියලයි. ඒ වැරදි අදහස අනුව ඔවුන් ගී‍්‍රක බසින් ‘ජලයට ඇති බිය’ යන අරුත් ඇති ‘හයිඩ්‍රොෆෝබියා’ වදනින් මේ රෝග තත්වය හැඳින්වුවා. අපිත් ඒ ගී‍්‍රක වදන සිංහලට පෙරළා ඊට ‘ජලභීතිකාව’ කියා අද වැරදි වදනකින් එය හඳුන්වමු

:):)
 

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    VIRUS-RABIES-virion-tilted.jpg


    ජල භීතිකා රෝගය වසර 4000 ක පමණ ඉතිහාසයකට විහිදේ. ආසියාතික රටවල් අතරින් ශ්‍රී ලංකාව ගත් කළ ජල භීතිකාව සාර්ථකව මර්දනය කළ එක්‌ රටක්‌ වශයෙන් හඳුන්වා දිය හැකි ය.

    මෙහි දී ජල භීතිකාව මර්ධනය වැදගත් වන්නේ ඇයි ද යන්න සොයා බැලිය යුතු ය. කිරි බී වැඩෙන්නන් හෙවත් ක්‌ෂීරපායින් සතුන්ට වැළඳෙන රෝගයක්‌ ලෙස ජල භීතිකාව හඳුන්වයි. ජල භීතිකාව බහුල වැළඳෙන්නේ සුනඛයන්ට ය. ඊට අමතරව බළලුන්ටත් වැළඳෙන බව ප්‍රචලිත වී තිබේ. රේබීස්‌ නැමැති වෛරයෙන් වැළඳෙන ජලභීතිකාව රේබීස්‌ නමින් හඳුන්වයි. ශ්‍රී ලංකාවේ අපේක්‌ෂාව වන්නේ 2016 වන විට මෙරටින් ජල භීතිකා රෝගය තුරන් කිරීම යි. මේ සඳහා සුනඛයන් එන්නත් කිරීම ඇතුළු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් රෝගය මර්ධනය කිරීම සඳහා මේ වන විටත් පියවරගෙන තිබේ.
    ඒ අතර සුනඛ ගහණය පාලනය කිරීම සහ සුනඛයන් සඳහා වඳ සැත්කම භාවිතා කිරීම මේ වන විට සාර්ථකව සිදුවේ. 2011 වසරේ දී සුනඛයන් මගින් 8,16,351 කට ජල භීතිකා එන්නත ලබා දී තිබේ. මෙයට ගෘහස්‌ථ සුනඛයන් 7,15, 195 ක්‌ සහ ඉතිරිය දඩාවතේ යන සුනඛයන් වේ. ප්‍රාදේශීය සහ ග්‍රාමීය වශයෙන් පිහිට වූ මධ්‍යස්‌ථාන මඟින් සුනඛයන් 39,868 ක්‌ එන්නත් කර තිබේ. එමෙන් ම සුනඛයන් 5347 වඳ සැත්කම් භාවිතා කර තිබේ. 2006 වසරේ දී ජලභීතිකාව වැළඳුණු සුනඛයන් 705 ක්‌ වාර්තා වුවත් 2011 වසර වන විට එය 414 දක්‌වා අඩු වී තිබේ. මේ අතර කාල සිමාවේ දී ජලභීතිකා වැළඳීමෙන් මිය රෝගින්ගේ සංඛ්‍යාව ද අඩු වී තිබේ. එය 2006 දී 73 ක්‌ ලෙස ද 2011 වන විට 33 ක්‌ වන ලෙස වාර්තා වේ. ජලභීතිකාව වැළඳුණු සුනඛයෙකු අවම වශයෙන් මිනිසුන් 5 දෙනෙකු සපා කෑ විට එයින් ඔවුන්ගේ ජීවිත වලටත් රටටත් සිදුවන හානිය අතිවිශාල ය. මෙම හානිකර තත්ත්වය සත්ත්ව වධහිංසා සංවිධාන අවබෝධ කරගෙන නොමැත. ශ්‍රී ලංකාවෙන් තුරන් වන ජලභීතිකාව නැවත හිසඑසවීමට ඉඩ නොදී පාලනය කිරීමට සෞඛ්‍ය අංශ මහජනතාවගේ සහය පතන්නේ මේ නිසා ය. තමන්ගේ නිවසේ සිටින හෝ පාසලේ , පන්සලේ සිටින ගැහුනු සුනඛයන්ට වඳ එන්නත් ලබා දීමත් ඒ මඟින් අනවශ්‍ය පැටව් බෝවීම වැළැක්‌වීම ත් ඉතා වැදගත් ය. මෙහි ඉතාමත් භයානක කාරණය වන්නේ එන්නත් ලබා නොදුන් සුනඛයන් කුඩා දරුවන් විසින් සුරතලයට ඇල්ලීම කළ විට සපා කෑමයි. ඒවාගේ ම ජල භීතිකාව වැළඳුණු වෙනත් සුනඛයකු සපා කෑමකට ඒ පැටවෙකු ලක්‌වී තිබීමත් උන් දරුවන් ඇල්ලීමත් භයානක තත්ත්වයන් ය.

    එවැනි සුනඛයකු දරුවෙකු හෝ වැඩිහිටියෙකු සපා කෑමෙන් එම ස්‌ථානය සබන් ගා වතුරෙන් සේදිම කළ යුතුය. එමෙන් ම වහා ම ළඟම ඇති රජයේ රෝහල වෙත ගොස්‌ වෛද්‍ය උපදෙස්‌ ලබා ගත යුතු ය. රෝහලට යන අවස්‌ථාවේ දී සුනඛයාට එන්නත ලබාදුන් කාඩ් පත ද රැගෙන යාම අත්‍යඅවශ්‍ය වේ. රෝගියාට එන්නත් නියම කර ඇති දින ට ඒවා ලබාගැනීමත් සපා කෑ සුනඛයා පිළිබඳව තොරතුරු දන්නේ නම් උගේ හැසිරීම පිළිබඳවත් වෛද්‍යවරයා වෙත පැවසීමෙන් ප්‍රථිකාර කිරීම පහසු ය. සුනඛයා ගේ හැසිරීම සාමාන්‍ය තත්ත්වයේ නොවෙනවා නම් හෝ සුනඛයා මියගියහොත් වහා ම ඒ බව වෛද්‍යවරයා ට දැන්විය යුතුයි.