මානසික රෝගියෙක් හඳුනාගත හැකි ආකාර

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මානසික රෝගියෙක් හඳුනාගත හැකි ආකාර

    මාතෘකාව දැක්ක ගමන් ඔබට හිතෙන්න ඇති මේ මොන පිස්සු කතාවක්ද කියල. ඒත් මේ විස්තර කියෙව්වට පස්සෙ නම් එහෙම හිතෙන එකක් නැහැ.ඕනෑම කෙනෙක් මානසික රෝගියෙක්ද නැත්ද කියල ඔබටම හඳුනගන්න පුළුවන් ක්‍රම කීපයක් ගැනයි මේ විස්තර කරන්න හදන්නෙ.

    මානසික රෝගියෙක් කියන්නෙ පිස්සෙක්ට නේද ? එහෙම හිතන එකම වැරදී. අපි ගොඩාක් වෙලාවට පිස්සු කියන්නෙ දරුණු මට්ටමේ මානසික රෝගී තත්තවයක් ඇති වුණාම. සාමාන්‍යයෙන් අපි හැමෝටම වගේ සුළු සුළු මානසික රෝගී තත්වයන් තියනවා. එහෙම බැලුවොත්නම් අපි ඔක්කොම මානසික රෝගීන් තමයි. ඒත් ඒ රෝගී තත්ත්වයන් වැඩි වුනොත් තමයි ප්‍රශ්නයක් මතු වෙන්නෙ. හුඟාක් වෙලාවට සුළු මානසික රොගී තත්ත්වයන් එක පාරටම හඳුනගන්න අමාරුයි. මේ කියන්නෙ එක්තරා ආකාරය මානසික ව්‍යාධි තත්තවයෙන් පෙළෙන අයව හඳුනගන්න පුළුවන් ක්‍රම 9ක් ගැන.

    විස්තර කිරීමේ පහසුව වෙනුවෙන් මානසික ව්‍යාධි තත්ත්වයන් ඇති පුද්ගලයන්ව හැඳින්වීමට මින් එහාට රෝගියා කියන වචනය පාවිච්චි කරන්නම්.

    1 - මුහුණේ හැඟීම් නොමැති වීම

    මේක රෝගියෙකුගේ දැකිය හැකි ප්‍රධානම ලක්ශනයක්. මනෝවෛද්‍යවරයෙකුවන ස්කොට් බොන්ගේ පරීක්ශනවලට අනුව රෝගියෙකුට වෙනත් කෙනුකුගේ හැඟීම්.තේරුම්ගන්න අපහසුයි ඒතෙ ඒ වගේ අවස්තාවමකදී අනෙක් අය හැසිරෙන විදිහ අනුකරණය කරන්න ඔවුන්ට පුළුවන්. ඒ කියන්නේ කවුරුන් හෝ දුකින් ඉන්නවා දුටුවොත් එම පුද්ගලයා සනසවන්න යම් යම් දේ පැවසන්න, වැලඳගෙන සනසවන්න වගේ දේවල් කරන්න ඔවුන් පෙළඹුනාට ඒ කිසිම දෙයක් කරන්නෙ දුකින් ඉන්න කෙනාගේ හැඟීම් තේරුම් අරගෙන නෙවෙයි. ඒ වගේම ඒ කිසිම දෙයක්කරද්දි මුහුණෙ කිසිම හැඟීමක් ඇති වෙන්නෙත් නැහැ.

    2 - කෙටි කාලීන නින්ද

    මේ ගැන කරල තිබෙන පරීක්ෂනවලින් හොයාගෙන තිබෙනවා රෝගීන් සාමාන්‍ය මිනිසෙක් නිදනවාට වඩා අඩු කාලයක් තමයි නිදාගන්නෙ කියල. බොහෝ දුරට හිතේ තියන නොසන්සුන් බව මේකට හේතුවක් වෙන්න ඇති.

    3 - අනෙක් අයට වරද පැටවීම

    රෝගීන් කිසිම වෙලාවක කැමති නැහැ තමුන් අතින් සිදුවුණ වැරැද්දක්වත් බාරගන්න. ඔවුන් හැම විටම උත්සාහ කරන්නේ වැරදි අනුන්ගේ පිට පටවන්නයි. රෝගියා අතින් මොන වැරැද්දක් සිද්ද වුණත් ඒකට හේතුව ළඟම ඉන්න කෙනා කියා ඔහුගේ පිට පැටවීම බොහෝ විට කරන දෙයක්. තමුන් අතින් වුණ වැරැද්දක් පිළිගැනීම තමුන්ට වෙන අපහාසයක්, විශාල ලැජ්ජාවක් විදිහටයි ඔවුන් සලකන්නේ. ඒ වගේම වෙන කෙනෙක් පිට වරද පටවා ඔවුන්ව අපහසුතාවයට ලක් කිරීම රෝගියාගෙ මනසට ආශ්වාදයක් ලැබෙන දෙයක්. ඒ නිසා මේ දේ නැවත නැවත කරන්න ඔවුන් ආසයි.

    4- අනවශ්‍ය ලෙස කැපී පෙනෙන්න උත්සාහ කිරීම.

    අනික් මිනිසුන් තමුන්ව ගනන්ගන්න එකක් නැහැ, තමුන්ට ආකර්ෂනයක් නැහැ වගේ හැගීමක් රොගීන්ගේ මනස තුල තිබෙන හැඟීමක්. ඒ නිසා අනවශ්‍ය ලෙස පමණට වඩා කැපී පෙනෙන්න උත්සාහ කරනවා. අනෙක් තැනැත්තා සහ තමුන් අතර හුඟක් පොදු ආසාවන් තියෙන බවට පෙන්නන්න උත්සාහ කරනවා. ඔවුන් කියන දේට විශාල උනන්දුවකින් සමන් දෙන බව වගේම පමණට වැඩියෙන් සිනා වීමත් සිදු කරනවා. නමුත් මේ ළං වීමේ යටි අරමුණ තමයි එම පුද්ගලයාව අනාගතයේදී තමුන්ට අවශ්‍ය අයුරින් පාලනය කිරීමට ගැනීම.

    5 - අශෝබන හැසිරීම

    තමන් කුමන අවස්ථාවක සිටියත් කුමන ස්ථානයක සිටියත් ගැලපුනත් නොගැලපුනත් තමන්ට අවශ්‍ය දෙය කිරීම රෝගීන්ගේ තවත් ලක්ෂනයක්. ඒ වගේම අවිදින විට අනික් අයගේ කකුල් පෑගෙන ලෙස ඇවිදීමත් දකින්නට පුළුවන්. තමුන්ගේ ජයග්‍රහණ ගැන නැවත නැවතත් මහා ඉහළින් වර්ණනා කරගැනීම සහ අනික් අයගේ දුර්වලතා ගැන පැවසීමත් තවත් ලක්ෂණයක්.

    6 - නිතරම බොරු කීම

    නිතරම බොරු කීම රෝගීන්ගේ පුරුද්දක්. ඔවුන් එයට කැමතියි. හැමදෙයකටම බොරු හේතු පැවසීමත් දකින්නට පුළුවන්. ඒ කියන බොරු අහුවුනත් ඒ ගැන ඔවු කිසිම තැකීමක් කරන්නෙ නැහැ. ඒ වෙනුවෙන් තව බොරු හේතුවක් කීම තමයි ඔවුන්ගේ ක්‍රමය. සමහර විට බොරුවක් කියා හොඳින්ම පෙනෙන දෙයක් වුනත් සාමන්‍ය විදියට පවසන්න ඔවුන් පසුබට වෙන්නෙ නැහැ.

    7 - වගකීම් රහිත වීම

    රෝගීන් වගකීම සහිතව වැඩ කරන්නෙ නැහැ. හැමවිටම වැඩ අතපසු කරනවා. ඒ වගේම එහි වරද වෙන කෙනෙක් මත ලෙහෙසියෙන්ම පටවනවා. තමන් එය නිවැරදිව කරන්න කොපමණ උත්සාහ කෙරුවත් වෙන කෙනෙකුගේ වරදක් නිසා එය කිරීමට බැරි වූ බව තමයි පවසන්නේ.

    8 - නීති කැඩීම

    සාම විටම නීති කැඩීමට තමයි උත්සාහ කරන්නෙ. නීති පිළිපැදීම තමුන්ට මදිකමක් ලෙසයි සලකන්නේ.ඒ වගේම තමුන් වගේම අනික් අයටත් නීති කඩන ලෙස උනන්දු කිරීම් බලපෑම් කිරීම් කරනවා.

    9 - සිත් රිදවීම

    අනෙක් අයගේ සිත් රිදවන්න කැමැත්තක් දක්වනවා. කේලාම් කීම වගේ දේවල්වලින් අනෙක් පුද්ගලයන්ගේ මනස අවුල් කරල ඒ තුළින් වින්දනයක් ලබන්න මේ විදිහෙ රෝගීන් කැමතියි. මෙන මිනිසෙකුට වගේම ඕනෑම සතෙකුට කරන මානසික රිදවීමක් වගේම ශාරීරික රිදවීමක් වෙන්නත් පුළුවන්.

    දැන් මේ විස්තරය කියෙව්වට පස්සෙ හිතෙනව ඇති " යකෝ මම අන්ඳුරන වැඩි දෙනෙක් මානසික රෝගීන්නෙ " කියල. ඇත්තටම ඔව්. අපි බොහෝ දෙනෙක්ට බොහෝ විට මොනවහරි ප්‍රශ්න නිසා මානසික රෝගී තත්ත්වයන් ඇති වෙලා තියෙන්නෙ. ඒක සාමන්‍ය දෙයක්. අඟේ තුවාලයක් වෙනව වගේ තමයි හිතේ තුවාල ඇති වෙන එක. ඇගේ තුවාලයක් තිබුන කියල කෙනෙක්ව සමාජයෙන් ඈත් කරන්නෙ නැහැනෙ. මානසික තුවාලයක් තියන කෙනෙක් වුණත් එහෙමයි. ඇත්තටම මානසික රෝග කිව්වම අපේ හිතට එන හැඟීම තමයි වැරදි. මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන්න යන්නෙ පිස්සු හැදුන අය විතරයි කියලයි හිතන්නෙ. ඇත්තටම එහෙම හිතන එකත් අපිට තියන එකතරා මානසික රෝගයක්. අනික් අයගේ මානසික තත්ත්වයන් තේරුම්ගත්තම අපිට සමාජයේ වැඩ කරන්න ලෙහෙසියි.ඒ නිසා අවබෝධයෙන් යුතුව ජීවත් වෙමු.

    අන්තර්ජාලය ඇසුරෙනි
     
    • Like
    Reactions: Tyrion_Lannister

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    photo_verybig_10051.jpg
     
    Last edited:
    • Like
    Reactions: Roxxy2K