මාන්චුත් එක්ක මෙන්න බබාලා හදනවලු !

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මාන්චුත් එක්ක මෙන්න බබාලා හදනවලු !

    ***සුපුරුදු පරිදි නෙට්ටුවෙන් තමා හොයාගත්තෙ ******


    අමෙරිකාවේ දරුණු අපරාධවලට සම්බන්ධ වැරදිකාරියන් රඳවා තබන ප්‍රධාන බන්ධනාගාර අතරින් දෙකක් පිහිටා තිබෙන්නේ ඉන්ඩියානා ප්‍රාන්තයේ ය. කාන්තාවන් රඳවා තැබෙන බන්ධනාගාර වුව ද පිරිමින් රඳවා තබන බන්ධනාගාර තරමට ම ඒවායේ ආරක්ෂාව තර කර තිබෙන්නේ මේ බන්ධනාගාරවලින් සිරකාරියන් පැනගිය අවස්ථා ඉතිහාසයේ තිබූ බැවිනි. මේ අධි ආරක්‍ෂිත බන්ධනාගාරවල සිටින දරුණු අපරාධකාරියන් පසුපස ඇත්තේ විවිධ වූ කනාත්දර ය. සම්මානනීය මාධ්‍යවේදියකු වන බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ට්‍රෙවර් මැක්ඩොනල්ඩ් හට එවැනි කාන්තාවන් කිහිපදෙනකු සමඟ අදහස් හුවමාරු කරගැනීමට පසුගියදා හැකි විය. එහිදී අනාවරණය කරගත් තොරතුරු ඔහු ලෝකයා හමුවේ මේ වන විට තබා අවසන් ය.

    පුරා සති දෙකකට ආසන්න කාලයක් එම බන්ධනාගාරවල සිදුකළ සම්මුඛ සාකච්ඡා තම ජීවිතයට අමතක කළ නොහැකි අත්දැකීම් එක් කළ බව ශ්‍රීමත් ට්‍රෙවර් කියයි. කෙසේ වෙතත් ඔහු පවසන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස මින් ඉදිරියට බන්ධනාගාර ආශි‍්‍රත වැඩසටහන් නොකිරීමට තමන් තීරණය කළ බවයි.

    එවැනි අත්දැකීමක් යළි ලබන්නට තමන් කිසිසේත් සූදානම් නොමැති බව ද ඔහු කියයි. එවැනි තීරණයකට ඔහු එළඹෙන්නේ බිලිඳු ඝාතන, පාතාල ක්‍රියා, බහුවිධ ඝාතන ආදී ක්‍රියාවන්ට සම්බන්ධ සිරකාරියන් කිසිදු හිරිකිතයකින් තොර ව තම අපරාධ පිළිබඳ සිදුකරන හෙළිදරව් කිරීම් හේතුවෙනි.

    ඉන්ඩියානා හි රොක්විල් ප්‍රතිශෝධන මධ්‍යස්ථානයේ සිටින කුප්‍රකට ම සිරකාරිය වන්නේ සැරා පෙන්ඩර් ය. ඇය ද්විත්ව ඝාතනයක් සම්බන්ධයෙන් වසර 110කට සිරගත කෙරෙන්නේ 2000 වසරේද ය. එහෙත් බන්ධනාගාර නිලධාරියකු තම චාටු බසින් රවටා ගත් ඇය 2008 වසරේ දී සිර ගෙදරින් පලා යාමට සමත් වූවා ය.

    අනතුරුව මාස ගණනක් සැඟව සිටින සැරා අමෙරිකාවේ අත්‍යවශ්‍ය දාමරිකයන්ගේ ලැයිස්තුවට ද ඇතුළත් කෙරිණි. කෙසේ වෙතත් යළි අත්අඩංගුවට ගන්නා සැරා දැන් රඳවා සිටින්නේ බන්ධනාගාරයේ හුදෙකලා මැදිරියක ය. ඇය සමඟ බන්ධනාගාර නිලධාරීන් හෝ නිලධාරිනියන් කතා නොකරන තරම් ය.

    ඊට හේතුව ලෙස ශ්‍රීමත් ට්‍රෙවර් පවසන්නේ කතා බහෙන් කෙනකු නම්මා ගැනීමේ සුවිශේෂ හැකියාවක් ඇයට ඇති බවට වන පිළිගැනීමයි. දිනකට පැය 23ක් සිරකුටියේ රඳවා තැබෙන සැරා පිටතට ගනු ලබන්නේ පැයක කාලයක් සඳහා පමණි. කෙසේ වෙතත් ශ්‍රීමත් ට්‍රෙවර් පවසන්නේ සැරා කියන තරමේ භයානක තැනැත්තියක් නොවන බව තමන්ට හැඟුණු බවයි.

    ඩෙසිරි හැන්කොක් බන්ධනාගාර ගතවන්නේ පාතාල ක්‍රියා සම්බන්ධයෙනි. ඇය ද හුදෙකලා මැදිරියක රඳවා තබන්නියකි. එහෙත් ස්නානය සඳහා වෙන් කරන කාලය හුදෙකලා බවින් තොර බව ඇය කියයි. බන්ධනාගාරයේ දී දැනෙන තනිකම හේතුවෙන් බොහෝ දෙනා සමලිංගික ක්‍රියාකාරකම් සඳහා යොමුවන බව හැන්කොක් කියයි.

    බන්ධනාගාර ගතවීමට පෙර සමලිංගිකයකු නොවූ තමා මේ වන විට සමලිංගිකයකු බව පවසන ඇය තම කොටසට අයත් 740ක් පමණ වන සිරකාරියන්ගෙන් එසේ නොවන්නේ 40ක් පමණ බව හෙළි කරයි. එසේම බන්ධනාගාරයේ ගෙවන කාලසීමාව දීර්ඝ වීමත් සමඟ ඇතැමුන්ට බන්ධනාගාරයේම ගොඩනඟා ගත් පවුල් තිබෙන බව ඇය කියයි.

    “ඝාතකයන් පාතාල මැරයන් හෝ අපරාධකරුවන් වුවත් මේ හැමදෙනාට ම හැඟීම් දැනීම් තියෙනවා. ඒ නිසයි තම තමන්ට ගැළපෙන පවුල් ඔවුන් බන්ධනාගාරයේ හදාගන්නේ” හැන්කොක් වැඩිදුරටත් කියයි.

    ශ්‍රීමත් ට්‍රෙවර් හට සාකච්ඡා සඳහා මුණගැසුණු තවත් චරිතයක් වි තිබුණේ 39 හැවිරිදි ඩොව්න් හොප්කින්ස් ය. ඇය සිරගතවන්නේ තම තුන්මස් බිලිඳා ඝාතනය කිරීමේ චෝදනා මත ය. දැනට වසර 14ක් සිරබත් කා සිටින ඇය තවත් දෙවසරකින් නිදහස් වීමට නියමිත ය.

    අධික ලෙස සෙලවීමෙන් බිලිඳා ඝාතනය කර තිබූ අතර, හොප්කින්ස් පවසන්නේ ලෙඩ වී සිටි තම දරුවා වදදුන් බැවින් ඉවසීමේ සීමාව ඉක්මවා ගිය බවයි. තමා මෘගයකු ලෙස හැඟී යන බවත්, විටෙක තවදුරටත් ජීවත්ව සිටින්නේ මන්ද යන්න පිළිබඳවත් තමාට ප්‍රශ්නයක් මතුවන බව ද හොප්කින්ස් කියයි.

    තම වැරදි සම්බන්ධයෙන් පසු තැවෙන ඇය වැන්නියන් සේම තම වැරදි සම්බන්ධයෙන් කිසිදු පසු තැවීමක් නොමැති කාන්තාවන් ද මේ අධි ආරක්‍ෂිත බන්ධනාගාරවල සිටියි. 22 හැවිරිදි යානා බෝල් එවැන්නියකි. වෑන් රථයක් සොරකම් කිරීම සඳහා ඇය පුද්ගල ඝාතනයක් සිදු කළාය.

    “මට කිසි දෙයක් හිතුණේ නැහැ. මම තිබ්බ වෙඩි උණ්ඩය ඔහුගේ ඔළුවේ අනිත්පැත්තෙන් ආවා.” සිදු කළ ක්‍රියාව බෝල් සිහිපත් කරන්නේ එලෙසිනි.

    ශ්‍රීමත් ට්‍රෙවර්ගේ දෙසතියක බන්ධනාගාර අත්දැකීම් සමුදායට හසු වූ තවත් සුවිශේෂ කරුණක් තිබේ. එනම් මේ අධි ආරක්‍ෂිත බන්ධනාගාරවල සිටින ගර්භණී කාන්තාවන් දරුවන් බිහිකරන ආකාරයයි. දරු ප්‍රසූතිය සඳහා සියලු වෛද්‍ය පහසුකම් සැපයුනත් මේ සිරකාරියන් ප්‍රසූතිය කළ යුත්තේ මාංචු සහිත ව බව අනාවරණය වී ඇත.

    ඊට හේතු වී ඇත්තේ ද එවැනි අවස්ථාවල මිට පෙර උද්ගත වූ කරුණු බව බන්ධනාගාර නිලධාරීන් කියයි. මෙවැනි කරුණු අසන්නට දකින්නට ලැබුණු 74 හැවිරිදි ශ්‍රීමත් ට්‍රෙවර් මැක්ඩොනල්ඩ් පවසන්නේ ඇතැම් කතන්දර අමතක කළ නොහැකි තරමට සිතට කාවැදුණු බවයි. එතරම්ම අමිහිරි සිරමැදිරිවල කතන්දර තව දුරටත් වාර්තා නොකරන්නේ ඒ හේතුවෙන් බව ද ඔහු කියයි.
     
    • Like
    Reactions: rx_storm_aight
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    avatar258909_2.gif
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83

    karapu dewal walata daduwan labannath epai....!!! nathnam iragewal wala athi theruma mokakda??


    hira gewal wala koheth thathwe oka thamai ban. lankawe kochchara seen thiyenawada?



    ආප්ප ?

    පැටියා;15676301 said:


    happatasili



    pissu hadenawa nee

    tx for Viewing post ! :yes::yes::yes: