Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාම්පිටිය වලව්ව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාම්පිටිය වලව්ව

රාජකීය අවන්හලක් වූ මාම්පිටිය වලව්ව

ශ්රී ලාංකික බෞද්ධයනගේ මුදුන් මල්කඩ වූ උත්තම පූජෝපහාරය වන්නේ, ඇසළ පෙරහැර මංගල්යයයි." එහි දී කාගේත් වන්දනීය වූත්, පූජනීය වූත්, සවර්ඥධාතූන්"සහිත කරඬුව තම පිටමත තබා ගමන් කරන මාලිගාවේ හස්තිරාජයා ලබන උපහාරය අසීමිතය. මෙසේ අසීමිත උපහාර ලැබුවා වූ ද, ක්රි:ව 1988 අගෝස්තු 23 වන දී ජාතික වස්තුවක් ලෙස ප්රකාශ කළා වූ ද, දිවංගත "මාලිගාවේ රාජා" ක්රි:ව 1913 උපත ලබා වයස අවුරුදු 12 දී ශ්රී දළදා මාලිගාවට පූජා කරනු ලැබීය. එසේ මාලිගාවේ පූජනීය වස්තුවක් වූ රාජා අවුරුදු 51 ක් පෙරහැරේ ගොස් 1988 ජුලි 16 ජාතියටම අහිමි විය.

එවන් වූ වස්තුවක් ශ්රී දළදා මාලිගය පූජා කලෝ කව්රු නම් වුව ද, ඔහු ද ජීවමාන බව නොකියා නොහැක්කේ ය. එම උත්තමයා වනුයේ "ස්කන්දා" සහ "රාජාගේද" අයිතිකරු වූ පිලිමතලාවේ, යටිනුවර, ගිරාගම වලව්වේ, ටිකිරි බණ්ඩාර මාම්පිටිය" දිසාවේ තුමා ය. එතුමාගේ ආදි පරම්පරාව ත්රි සිංහලයේ අවසන් රාජධානියේ, රාජකීය ගෞරවයට ප්රාප්ත වූ ප්රභූ පරම්පරාවක් විය. එතුමාගේ ආදිතමයන් සෙංකඩගල රාජ්යයේ, රාජ්ය සේවයේ ඉහළම තනතුරු දැරූ අය වෙති. එසේ තනතුරු දැරූ රජවරු සඳහා සෙංකඩගල නගරය තුළ විශේaෂිත පහසුකම් සහිත නිල නිවාස ද විය. එම නිවාස හඳුන්වනු ලැබුවේ "වලව්" ලෙසය. සාමාන්ය ජනයා "ගෙවල්" වල වාසය කළ අතර ප්රභූවරු "වලව්" වල වාසය කළහ. සෙංකඩගල නගරය තුළ මෙවැනි වලව් 18 ක් තිබූ බව හඳුනාගෙන තිබේ. එහෙත් එම වලව්වල පැරණි ස්වරූපය බොහෝ විට නොමැති අතර, සමහර වලව් අද අදෘශ්යමානය. එහෙත් යම්තරමකින් හෝ මේ පැරණි "වලව්ව" කැයි හඳුනාගත හැකි වලව්වක් වේ නම්, ඒ අතර "ස්වර්ණ කල්යාණ" වීදියේ මාම්පිටිය "වලව්ව" පෙන්විය හැක. "ස්වර්ණ කල්යාණ" වීදිය එකල රජුගේ සමීපතමයින් වාසය කළ වීදියක් ද වේ.

ශ්රී ලංකාවේ "රදළ පරපුර" පිළිබඳව අපට මූලික සාධක හමුවනුයේ මහනුවර යුගයේ, 18 වන සියවසේ මුල් භාගයේ දී ය. (සිංහල සමාජ සංවිධාන රැලෆ් පීරිස් 18 පිටුව) මෙම අය වෙනුවෙන් රජය තුළ ඉදිවූ වලව් පිළිබඳව බොහෝ විස්තර, එකල මෙහි පැමිණි විදේශිකයන්ගේ වාර්තා වල සටහන් වේ. හෙන්රි මාෂල්, මේජර් ෆෝ බස්, රොබට් නොක්ස්, හියු බොයිඩ්, සහ මේජර් ජෝන්ඩේවි වැන්නවුන් කළ විස්තර අපමණය.

ක්රි:ව 1821 මෙහි පැමිණි, ජෝන් ඩේවි වලව් පිළිබඳව මෙසේ කියා ඇත. .....වීදි දෙපස ගෙවල් මැටියෙන් තනා තිබුණි. තනි මහල්ය.පසින් සැදි මිටි බිම් කණ්ඩි මත ගොඩ නඟන ලද්දේ වෙයි. උළු සෙවිලිකල නිළමේවරුන්ගේ නිවසේ හැර අනික් සියල්ල පිදුරු ආදියෙන් සෙවිලි කොට තිබුණි. කොටින් කියතහොත් මේ ගෙවල් සියල්ල තනා තිබුණේ, ස්වදේශීන් වැඩි වශයෙන් ගෙවල් හදන අන්දම විස්තර කරන සැලැස්ම අනුවය....."

එම විස්තර වලට අනුව "වලව්" යනු මැද මිදුලක් සහිත, එහි ඇතුළුවීමට කුඩා දොරක් සහ ඉතා කුඩා "කවුළු" වලින් යුක්ත නිවෙස් විය. එම නිවෙස් වට උස් වූ පිල්කඩක් තිබීම ද විශේෂයකි. එම ආකෘතිය අනුව "ස්වර්ණ කල්යාණ" වීදියේ මාම්පිටිය වලව්ව විය.

රාජමන්දිරයට සමීපව, රාජ්යයට සේවය කරමින්, මෙවැනි වලව්වක වාසය කරන්නට ලැබීම ද භාග්යයකි. එකල සෙංකඩගල පුරවරය හුදෙකලා රාජ්ය උද්යාන නගරයකි. මෙම නගරය තුළ ප්රධාන වැව් සතරකින් ද, කඩවත් පහකින් ද ආරක්ෂිතව තිබිණි.

එකල තිබූ වැව් වූයේ බෝගම්බර වැව (දැන් පිට්ටනිය) බෝගම්බර පල්ලාදෙනියේ වැව (වත්මන් දළදා වීදිය, යටිනුවර වීදිය වටා පැතිර තිබූ), බොරාවේ වැව (වත්මන් මහායාය බිම්ගෙය ආශ්රිත පෙදෙස) සහ ක්රි:ව 1812 දී ශ්රී වික්රම රාජසිංහ රජු හැදූ කිරි මුහුද වේ.

මෙවැනි චිත්තාකර්ශනීය පෙදෙසක වාසයට උරුමකම් කියූ මාම්පිටිය පරම්පරාව 18 වන සියවසේ පිළිමතලාවේ අලපලාවෙල අබයසිං පරම්පරාවෙන් ආරම්භව ඇත. ලෝරිට අනුව ඔවුන් "අමෘත හස්ත නවරත්න වික්රමසිංහ සේනානායක පණ්ඩිත වාහල මුදියන්සේ" ලෙස ප්රකටව සිටියහ. මහනුවරට නුදුරු උඩුනුවර ගඟ පලාතේ වාසය කළ "මාම්පිටිය රාළහාමි" ක්රි(ව 1721 දී (ශ්රී වීර පරාක්රම නරේන්ද්රසිංහ රාජ්ය සමයේ) තුන් කෝරළයේ සහ හත් කෝරළයේ දිsසාව ලෙස ද ලන්දේසි තානාපති (ලන්දේසි සමය 1656-1796) "වෑන් ඩක් කාසියර්" (Van Dan Cassier) සීතාවකදී හමුවූයේ , රජුගේ විශේෂ නියෝජිතයකු ලෙසිනි. කැප්පෙටිපොල නිලමේ විවාහ වූයේ "මාම්පිටිය දිසාවේගේ" දෙවැනි දිසාවගේ වැඩිමහලු දියණිය සමඟය. දෙවැන්නිය "පල්ලේ වාහල දිව නිලමේගේ" මැණිකේ විය. වෙල්ලස්සේ දිසාව හෙවත් මාම්පිටිය දිසාව මාම්පිටිය රාලහාමිගේ පුතණුවන් වු අතර ඔහු ඇල්ලේපොල අධිකාරම්ගේ දියණිය හා විවාහකව සිටියහ.

මෙසේ ආ පරම්පරාව රාජකීය පරම්පරාවක් බවට පත් වනුයේ මාම්පිටිය දිසාවගේ එකම දියණිය වූ "මාම්පිටියේ දුග්ගන්නා උන්නාන්සේ" කීර්ති ශ්රී රාජසිංහ රජුගේ (ක්රි:ව 1747-1781) "ප්රියතම යකඩ දෝලිය" බවට පත්වීමෙනි. මෙයට පෙර රජුව සිට මිය ගිය නායක්කර් වංශික ශ්රී විජය රාජසිංහ රජුට සිහසුනට හිමිකම් කීමට දරුවන් නොසිටි බැවින් ඔහුගේ ඥාති සොහොයුරා "කීර්ති ශ්රී රාජසිංහ" නමින් රජ විය. හින්දු ආගමික, වඩිග ජාතික , නයක්කර් වංශික කීර්ති ශ්රී රාජසිංහ රජුගේ අගබිසව වූවේ "නාඩු කාට්ටු සාමි නායක්කාර" ගේ දියණියයි. එහෙත් "කීර්ති ශ්රී" රජු ඇයට වඩා තම යකඩ දෝලිය වූ "දුග්ගන්නා උන්නාන්සේට" ප්රිය මනාප විය. මේ නිසාම ඇය රජුට දාව පුතුන් දෙදෙනකු සහ දියණියන් හය දෙනකු බිහිකළා ය. එමෙන්ම ඇය බැතිමත් බෞද්ධ නායිකාවක් ද වූවා ය.

කීර්ති ශ්රී රාජසිංහ යුගය, උඩරට රාජධානියේ ස්වර්ණමය යුගය ලෙස සැලකේ. බුද්ධ ශාසනයේ උන්නතිය තකා බොහෝ කටයුතු සිදු වූ අතර . "ගණින්නාන්සේලාගේ" යුගය අවසන්ව, උඩරට උපසම්පදා කර්මය ද, සියාම් මහා නිකායේ ආරම්භය ද මෙකල සිදු විය. (කන්ද උඩරට, අනුරාධ සෙනෙවිරත්න) ශ්රී දළදා මාලිගාවේ සහ සතර දේවාල පෙරහැර මෙකල ආරම්භ වීම විශේෂයකි. (උඩරට රාජධානිය, රෑල්ප් පීරිස් )

කීර්ති ශ්රී රාජසිංහ රජුට දාව මාම්පිටියේ දුග්ගන්නා උන්නාන්සේ බිහිකළ පුතුන් දෙදෙනා, "වාහල බණ්ඩාරවරු" නමින් ප්රසිද්ධ විය. මෙසේ ඔවුන් සම්මානයට ලක් වූයේ, ඔවුනගේ පියතුමා,"මහරජු" නිසාය. මල්ගස් සහිත හිස්වැස්ම පැලඳ සිටීමේ ගෞරවය ලද තැනැත්තන් බවට ඔවුන් පත් වූහ. මහ රජුට හැර එම හිස්වැස්ම පැළඳ සිටීමේ ගෞරවය එකල තිබුනේ මාම්පිsටියේ "වාහල බණ්ඩාරවරුනට" පමණි. මාම්පිටිය දුග්ගන්නා උන්නාන්සේගේ දියණියන් හය දෙනාම විවාහ වූයේ, වඩුග ජාතික නායක්කර් වංශිකයින් සමඟය. එක් දියණියන් රජුගේ බෑණා වූ දෑලව "කුමාරස්වාමි" නායක්කර් උන්නාන්සේ සමඟ විවාහ විය. ඇය ලද පුතුන් දෙදෙනාම "මාම්පිටිය ලොකු දිසා මහත්මයා" හා "පොඩි දිසා මහත්මයා" ලෙස ප්රසිද්ධ විය. දෙවැනි දියණිය "සොක්කන්දර නායක්කාර" සමඟ ද, තෙවැන්නිය සික්කල් නායක්කර් සමඟ ද, සිව්වැන්නා හා පස් වැන්නා යන දෙදෙනාම "ගලිබිලේ නායක්කාර" සමඟ ද, බාලයා වූ හය වැන්නා "කනු නායක්කාර" සමඟ ද විවාහ වූහ. (ලෝරි - 528 පිටුව)

කීර්ති ශ්රී රාජසිංහ රජු ක්රි:ව 1781 අභාවප්රාප්ත වූ පසු ඔහුගේ ඥාති සොහොයුරා, "රාජාධි රාජසිංහ" නමින් අභිශේක ලදහ. ඔහුගේ ද ප්රියතම "යකඩ දෝලිය" වූවේ මාම්පිටියේ දුග්ගන්නා උන්නාන්සේ ය. උඩරට රාජ්යයේ සම්මානනීය කාන්තාවක ලෙස බුදු සසුනට සහ ත්රී සිංහලයට අසීමිත සේවයක් කරන්නට කීර්ති ශ්රී සහ රාජාධි රාජසිංහ රජවරු පෙළඹවූ කාන්තාව ඇය වූවා ය.

ඇගේ ලොකු පුතා "මාම්පිටිය ලොකු වාහල බණ්ඩාර" විවාහ වුයේ මීගස්තැන්න අධිකාරම්ගේ දියණිය සමඟය. ඇගේ සීයාගේ කොණ්ඩදෙණියේ වලව්ව ඇතුළු දේපල ඔහුගේ ඇවෑමෙන්, මාම්පිටිය ලොකු බණ්ඩාරට අයිති වුව ද එහි වූ ආරවුල නිසා එම දේපළ කොණ්ඩදෙණිය විහාරයට සහ පත්තිනි දේවාලයට පූජා කිරීමට සිදු විය. ක්රි:ව 1798 දි රාජාධි රාජසිංහ රජු මිය ගියේ පිළිමතලව්වගේ කුමන්ත්රණයකට අනුව බව පැවසේ. එය කෙසේ වුව ද පිළිමතලව්වේ අධිකාරම තම බලය යොදා රජකිරුලට හිමි "මුත්තුසාමි" වෙනුවට "කන්නසාමි" රජ කරවීමට කටයුතු කළහ. ශ්රී වික්රම රජ කරවා තමා රජ වීමේ සිහිනය මුදුන් පත් කර ගැනීමට පිළිමතලව්වේ අධිකාරම උත්සාහ කළ ද, තමා සිතන තරම් අල්ලේ නැටවිය හැකි අයකු නොවන බව ශ්රී වික්රම රාජසිංහ නොබෝ කලෙකින්ම පෙන්විය. ඒ අනුව උඩරට රාජ්යයේ පාලන කටයුතු උග්ර වූ අතර ශ්රී වික්රම රජු එලවා දමා "රදළයෙකු" රජ කරවීමේ කුමන්ත්රණ රජය තුළ ක්රියාත්මක විය. මෙයින් එක් කුමන්ත්රණයක් වූයේ රටේ නමක් දිනා සිටි "මාම්පිටියේ වාහල බණ්ඩාර" රජ කරවීමට කටයුතු සැලසුම් විය. මේ අනුව "අරාබි අධිකාරම්" උඩුනුවර ජනතාව පොළඹවා රජු ඉවත් කිරීමට කළ කුමන්ත්රණය රජුට එලිවීම නිසා ක්රි:ව 1812 දෙසැම්බර් මස දිනක දී "හුනුකොටුවේ" දී ඔවුන් හිස ගසා මරා දැමීමට කටයුතු යෙදින (උඩරට කැරැල්ල වී. තෙන්නකෝන් ) හිස්ගැසුම් කෑ මාම්පිටියේ වාහල බණ්ඩාරගේ මව්තුමිය "දුග්ගන්නා උන්නානසේ" ශ්රී වික්රම රාජසිංහගේ ද යකඩ දෝලිය වූ බව පැවසේ. (කන්ද උඩරට - අ.සෙනවිරත්න - 38 පිටුව) මෙම මාම්පිටිය වාහල බණ්ඩාරගේ එකම දියණිය විවාහ වී සිටියේ මොල්ලිගොඩ අධිකාරම සමඟයි. ඔහු 1823 ඔක්තොබර් 23 මියගොස් ඇත. ක්රි(ව 1815 පෙබරවාරියේ දී ශ්රී්ර වික්රම රාජසිංහ ඉංග්රිසින්ට හසු වූ පසු ඔහු ඇතුළු බිසෝ වරු ද "වෙල්ලෝරයට" පිටුවහල් කළ අතර සෙසු සියලූම ඥාතීහු වෙල්ලෝරයේ සහ මුරුසියට යවනු ලැබුවේ යළි කිසි දිනෙක ලංකාවට අයිතියක් කිව නොහැකි අයුරිනි. ඒ අනුව දුග්ගන්නා උන්නාන්සේගේ aදියණියන් හය දෙනාම ඔවුන් සමඟ ලංකාවෙන් පිටුවහල් වන්නට ඇත.

උඩරට රාජ්ය බ්රිතාන්යනට අත් වූ පසු මාම්පිටියේ ලොකු දිසාව 1816 -1817 කාලයේ උඩුනුවර රටේ මහතා ලෙස කටයුතු කරන සමයේ 1818 කැරැල්ලට සම්බන්ධව සැකපිට අල්ලා ගත්ත ද, පසුව නිදහස් කෙරින. ඉන් පසු ක්රි(ව 1819 ඇම්බැක්කේ සහ වේගිරියේ බස්නායක නිළමේ වශයෙන් සේවය කළහ. මාම්පාටියේ කුඩා දිසාව මහාලේකම් ලෙස 1815- 1825 දක්වා ද අම්බොක්කේ බස්නායක නිළමේ ලෙස 1831 - 1835 දක්වා ද උඩු දුම්බර රටේ මහතා ලෙස 1837-1844 දක්වා සේවය කළ අතර ක්රි:ව 1846 උඩ පලාතේ රටේ මහතා ලෙස පත්වීම ලැබූහ.

මෙවැනි පවුල් පසුබිමක, මාම්පිටියේ දිසාව, මහනුවර "ස්වර්ණ කල්යාණ" වීදියේ (වත්මන් රජ වීදියේ)වාසය කළ ද, උද්යාන නගරයක් වූ සෙංකඩගල ඉංගී්රසීන් යටතේ වාණිජ නගරයක් බවට පත් වීමේ දී එම වලව්ව ද ඉංග්රීසින්ගේ සාද ශාලාවක් බවට පත් වින. බුදු දහමට, ශ්රී දළදා මාලිගාවට, ත්රි සිංහලයට අපමණ සේවාවක් කළා වූ නිතර බුදු බණ, සෙත් පිරිත් ඇසුනා වූ මාම්පිටිය වලව්ව ඉංගී්රසි සම්ප්රදායානුකූලව වෙන් වූ අතර ඉදිරිපස තිබූ "කොට්ට පිල" හෙවත් උස්පිල වෙනස්ව මාර්ගයට මුහුණලා බරාදයක් ද, හතරැස් මැද මිදුල" වටා වූ වහලය වෙනුවට ඒ ආකාරයේම මැද මිදුල වටා උඩ තට්ටුවක් හා එයට පිවිසීම පිණිස තරප්පු පෙළ හා සඳලු තලයක් ද ඉදිs විය. පෙර වලව්වේ තිබූ කුඩා ප්රවේශ දොරටුව වෙනුවට ලොකු දොරක් සවි කෙරිණි. එහෙත් වලව්වේ මූලික සැලැස්ම පූර්ණ වශයෙන් වෙනස් නොවීම සතුටට කරුණකි. වත්මනෙහි කියෑවෙන "හයිබ්රිට් පැලැන්තියේ" මාම්පිsටිය වලව්වක් අද දැකිය හැක. එහෙත් වලව්වේ ඉදිරිපස, දෙපස වෙනත් ව්යාපාරික ස්ථාන වලට අයත්ව තිබීම නිසා මුල් වලව්වේ ප්රමාණය ඉදිරිපසින් අඩුව තිබීම බලවත් අඩුවකි.

එදා තිබූ මාම්පිටිය වලව්වේ මැද මිදුල", සැතපෙන ගේ, මුළුතැන් ගේ තුළින් මූලික ලක්ෂණ යාන්තමින් හෝ ප්රදර්ශනය වීම අපේ අතීත උරුමය පෙන්වන්නකි. ලෝක උරුමයක් වූ අපේ උරුමය කරුමක්කාරයන් පිරිසක් මූල්ය තණ්හාවෙන් විනාශ කර දමා යද්දී රාජකීය අවන්හලක් ලෙස පෞරාණික උරුමය රකිමින් කිසිදු වෙනසක් නොකර එය පවත්වාගෙන යාම පිළිබඳව වත්මන් එහි අයිතිකරුවනට හා සේවක මණ්ඩලයට ප්රසංසාව හිමිවිය යුතුය.

එහෙත් 1505 ඔක්තෝබර් 16 මෙරටට ගොඩබට පෘතුග්රීසින් දුටු අපේ සිංහලයෝ ඔවුන් හැඳින්වූයේ ලේ බොන තිරිවානා ගල් කන පිරිසක් හැටියටයි. ඉන්පසු ආ ලන්දේසි, ඉංග්රිසින් අපේ රටට හිමිකර දුන් ඔවුනගේ සංස්කෘතිය" අපේ අය ඊට වඩා අපූරුවට අද බුක්ති විඳින බව මෙම අවන්හලේ දී අපට දැකගත හැකිය. එදා ස්වර්ණ කල්යාණ වීදිය නම් වූ උඩරට රාජ්යයේ සමීපතමයින් පදිංචිව සිටි, වත්මන් රජවීදියේ "රාජකිය අවන්හල" පෞඪ ඉතිහාසයක ශෝක ජනක අවසානයක නිහඬ කතාව වත්මන් පරපුරට සන්නිවේදනය කරනුයේ, ශ්රී දළදා හිමි පෙනෙන තෙක් මානයේය

බටුගොඩ , එම්. එස්. රණතුංග මහතා විසින් 2015 වසරේදී දිවයින පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරින් සකස් කරගන්නාලදි. මෙය වැදගත් ලිපියක් නිසා මිතුරන් අතර දැණුම හුවමාරු කරගැනීමේ අරමුණින් මෙහි පලකරනලද අතර කිසිදු වානිජ පරමාර්ථයක් නොමැතිබවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවිය යුතු බවත් ස්තුති පූර්වකව සඳහන් කරමි.

[QUOTE="කිරි පුතා, post: 22582764, member: 215263"] [b]මාම්පිටිය වලව්ව[/b] [B][SIZE="4"][u]රාජකීය අවන්හලක් වූ මාම්පිටිය වලව්ව[/u][/SIZE][/B] [IMG]https://4.bp.blogspot.com/-7kOqPqOdBDM/V-WmKQFw5hI/AAAAAAAACHo/B6Hr7k5yowAzK28w8JVixii1G74aBf7qACEw/s1600/30135136.jpg[/IMG] [COLOR="DarkSlateGray"][SIZE="3"]ශ්රී ලාංකික බෞද්ධයනගේ මුදුන් මල්කඩ වූ උත්තම පූජෝපහාරය වන්නේ, ඇසළ පෙරහැර මංගල්යයයි." එහි දී කාගේත් වන්දනීය වූත්, පූජනීය වූත්, සවර්ඥධාතූන්"සහිත කරඬුව තම පිටමත තබා ගමන් කරන මාලිගාවේ හස්තිරාජයා ලබන උපහාරය අසීමිතය. මෙසේ අසීමිත උපහාර ලැබුවා වූ ද, ක්රි:ව 1988 අගෝස්තු 23 වන දී ජාතික වස්තුවක් ලෙස ප්රකාශ කළා වූ ද, දිවංගත "මාලිගාවේ රාජා" ක්රි:ව 1913 උපත ලබා වයස අවුරුදු 12 දී ශ්රී දළදා මාලිගාවට පූජා කරනු ලැබීය. එසේ මාලිගාවේ පූජනීය වස්තුවක් වූ රාජා අවුරුදු 51 ක් පෙරහැරේ ගොස් 1988 ජුලි 16 ජාතියටම අහිමි විය. එවන් වූ වස්තුවක් ශ්රී දළදා මාලිගය පූජා කලෝ කව්රු නම් වුව ද, ඔහු ද ජීවමාන බව නොකියා නොහැක්කේ ය. එම උත්තමයා වනුයේ "ස්කන්දා" සහ "රාජාගේද" අයිතිකරු වූ පිලිමතලාවේ, යටිනුවර, ගිරාගම වලව්වේ, ටිකිරි බණ්ඩාර මාම්පිටිය" දිසාවේ තුමා ය. එතුමාගේ ආදි පරම්පරාව ත්රි සිංහලයේ අවසන් රාජධානියේ, රාජකීය ගෞරවයට ප්රාප්ත වූ ප්රභූ පරම්පරාවක් විය. එතුමාගේ ආදිතමයන් සෙංකඩගල රාජ්යයේ, රාජ්ය සේවයේ ඉහළම තනතුරු දැරූ අය වෙති. එසේ තනතුරු දැරූ රජවරු සඳහා සෙංකඩගල නගරය තුළ විශේaෂිත පහසුකම් සහිත නිල නිවාස ද විය. එම නිවාස හඳුන්වනු ලැබුවේ "වලව්" ලෙසය. සාමාන්ය ජනයා "ගෙවල්" වල වාසය කළ අතර ප්රභූවරු "වලව්" වල වාසය කළහ. සෙංකඩගල නගරය තුළ මෙවැනි වලව් 18 ක් තිබූ බව හඳුනාගෙන තිබේ. එහෙත් එම වලව්වල පැරණි ස්වරූපය බොහෝ විට නොමැති අතර, සමහර වලව් අද අදෘශ්යමානය. එහෙත් යම්තරමකින් හෝ මේ පැරණි "වලව්ව" කැයි හඳුනාගත හැකි වලව්වක් වේ නම්, ඒ අතර "ස්වර්ණ කල්යාණ" වීදියේ මාම්පිටිය "වලව්ව" පෙන්විය හැක. "ස්වර්ණ කල්යාණ" වීදිය එකල රජුගේ සමීපතමයින් වාසය කළ වීදියක් ද වේ. ශ්රී ලංකාවේ "රදළ පරපුර" පිළිබඳව අපට මූලික සාධක හමුවනුයේ මහනුවර යුගයේ, 18 වන සියවසේ මුල් භාගයේ දී ය. (සිංහල සමාජ සංවිධාන රැලෆ් පීරිස් 18 පිටුව) මෙම අය වෙනුවෙන් රජය තුළ ඉදිවූ වලව් පිළිබඳව බොහෝ විස්තර, එකල මෙහි පැමිණි විදේශිකයන්ගේ වාර්තා වල සටහන් වේ. හෙන්රි මාෂල්, මේජර් ෆෝ බස්, රොබට් නොක්ස්, හියු බොයිඩ්, සහ මේජර් ජෝන්ඩේවි වැන්නවුන් කළ විස්තර අපමණය. ක්රි:ව 1821 මෙහි පැමිණි, ජෝන් ඩේවි වලව් පිළිබඳව මෙසේ කියා ඇත. .....වීදි දෙපස ගෙවල් මැටියෙන් තනා තිබුණි. තනි මහල්ය.පසින් සැදි මිටි බිම් කණ්ඩි මත ගොඩ නඟන ලද්දේ වෙයි. උළු සෙවිලිකල නිළමේවරුන්ගේ නිවසේ හැර අනික් සියල්ල පිදුරු ආදියෙන් සෙවිලි කොට තිබුණි. කොටින් කියතහොත් මේ ගෙවල් සියල්ල තනා තිබුණේ, ස්වදේශීන් වැඩි වශයෙන් ගෙවල් හදන අන්දම විස්තර කරන සැලැස්ම අනුවය....." එම විස්තර වලට අනුව "වලව්" යනු මැද මිදුලක් සහිත, එහි ඇතුළුවීමට කුඩා දොරක් සහ ඉතා කුඩා "කවුළු" වලින් යුක්ත නිවෙස් විය. එම නිවෙස් වට උස් වූ පිල්කඩක් තිබීම ද විශේෂයකි. එම ආකෘතිය අනුව "ස්වර්ණ කල්යාණ" වීදියේ මාම්පිටිය වලව්ව විය. රාජමන්දිරයට සමීපව, රාජ්යයට සේවය කරමින්, මෙවැනි වලව්වක වාසය කරන්නට ලැබීම ද භාග්යයකි. එකල සෙංකඩගල පුරවරය හුදෙකලා රාජ්ය උද්යාන නගරයකි. මෙම නගරය තුළ ප්රධාන වැව් සතරකින් ද, කඩවත් පහකින් ද ආරක්ෂිතව තිබිණි. එකල තිබූ වැව් වූයේ බෝගම්බර වැව (දැන් පිට්ටනිය) බෝගම්බර පල්ලාදෙනියේ වැව (වත්මන් දළදා වීදිය, යටිනුවර වීදිය වටා පැතිර තිබූ), බොරාවේ වැව (වත්මන් මහායාය බිම්ගෙය ආශ්රිත පෙදෙස) සහ ක්රි:ව 1812 දී ශ්රී වික්රම රාජසිංහ රජු හැදූ කිරි මුහුද වේ. මෙවැනි චිත්තාකර්ශනීය පෙදෙසක වාසයට උරුමකම් කියූ මාම්පිටිය පරම්පරාව 18 වන සියවසේ පිළිමතලාවේ අලපලාවෙල අබයසිං පරම්පරාවෙන් ආරම්භව ඇත. ලෝරිට අනුව ඔවුන් "අමෘත හස්ත නවරත්න වික්රමසිංහ සේනානායක පණ්ඩිත වාහල මුදියන්සේ" ලෙස ප්රකටව සිටියහ. මහනුවරට නුදුරු උඩුනුවර ගඟ පලාතේ වාසය කළ "මාම්පිටිය රාළහාමි" ක්රි(ව 1721 දී (ශ්රී වීර පරාක්රම නරේන්ද්රසිංහ රාජ්ය සමයේ) තුන් කෝරළයේ සහ හත් කෝරළයේ දිsසාව ලෙස ද ලන්දේසි තානාපති (ලන්දේසි සමය 1656-1796) "වෑන් ඩක් කාසියර්" (Van Dan Cassier) සීතාවකදී හමුවූයේ , රජුගේ විශේෂ නියෝජිතයකු ලෙසිනි. කැප්පෙටිපොල නිලමේ විවාහ වූයේ "මාම්පිටිය දිසාවේගේ" දෙවැනි දිසාවගේ වැඩිමහලු දියණිය සමඟය. දෙවැන්නිය "පල්ලේ වාහල දිව නිලමේගේ" මැණිකේ විය. වෙල්ලස්සේ දිසාව හෙවත් මාම්පිටිය දිසාව මාම්පිටිය රාලහාමිගේ පුතණුවන් වු අතර ඔහු ඇල්ලේපොල අධිකාරම්ගේ දියණිය හා විවාහකව සිටියහ. මෙසේ ආ පරම්පරාව රාජකීය පරම්පරාවක් බවට පත් වනුයේ මාම්පිටිය දිසාවගේ එකම දියණිය වූ "මාම්පිටියේ දුග්ගන්නා උන්නාන්සේ" කීර්ති ශ්රී රාජසිංහ රජුගේ (ක්රි:ව 1747-1781) "ප්රියතම යකඩ දෝලිය" බවට පත්වීමෙනි. මෙයට පෙර රජුව සිට මිය ගිය නායක්කර් වංශික ශ්රී විජය රාජසිංහ රජුට සිහසුනට හිමිකම් කීමට දරුවන් නොසිටි බැවින් ඔහුගේ ඥාති සොහොයුරා "කීර්ති ශ්රී රාජසිංහ" නමින් රජ විය. හින්දු ආගමික, වඩිග ජාතික , නයක්කර් වංශික කීර්ති ශ්රී රාජසිංහ රජුගේ අගබිසව වූවේ "නාඩු කාට්ටු සාමි නායක්කාර" ගේ දියණියයි. එහෙත් "කීර්ති ශ්රී" රජු ඇයට වඩා තම යකඩ දෝලිය වූ "දුග්ගන්නා උන්නාන්සේට" ප්රිය මනාප විය. මේ නිසාම ඇය රජුට දාව පුතුන් දෙදෙනකු සහ දියණියන් හය දෙනකු බිහිකළා ය. එමෙන්ම ඇය බැතිමත් බෞද්ධ නායිකාවක් ද වූවා ය. කීර්ති ශ්රී රාජසිංහ යුගය, උඩරට රාජධානියේ ස්වර්ණමය යුගය ලෙස සැලකේ. බුද්ධ ශාසනයේ උන්නතිය තකා බොහෝ කටයුතු සිදු වූ අතර . "ගණින්නාන්සේලාගේ" යුගය අවසන්ව, උඩරට උපසම්පදා කර්මය ද, සියාම් මහා නිකායේ ආරම්භය ද මෙකල සිදු විය. (කන්ද උඩරට, අනුරාධ සෙනෙවිරත්න) ශ්රී දළදා මාලිගාවේ සහ සතර දේවාල පෙරහැර මෙකල ආරම්භ වීම විශේෂයකි. (උඩරට රාජධානිය, රෑල්ප් පීරිස් ) කීර්ති ශ්රී රාජසිංහ රජුට දාව මාම්පිටියේ දුග්ගන්නා උන්නාන්සේ බිහිකළ පුතුන් දෙදෙනා, "වාහල බණ්ඩාරවරු" නමින් ප්රසිද්ධ විය. මෙසේ ඔවුන් සම්මානයට ලක් වූයේ, ඔවුනගේ පියතුමා,"මහරජු" නිසාය. මල්ගස් සහිත හිස්වැස්ම පැලඳ සිටීමේ ගෞරවය ලද තැනැත්තන් බවට ඔවුන් පත් වූහ. මහ රජුට හැර එම හිස්වැස්ම පැළඳ සිටීමේ ගෞරවය එකල තිබුනේ මාම්පිsටියේ "වාහල බණ්ඩාරවරුනට" පමණි. මාම්පිටිය දුග්ගන්නා උන්නාන්සේගේ දියණියන් හය දෙනාම විවාහ වූයේ, වඩුග ජාතික නායක්කර් වංශිකයින් සමඟය. එක් දියණියන් රජුගේ බෑණා වූ දෑලව "කුමාරස්වාමි" නායක්කර් උන්නාන්සේ සමඟ විවාහ විය. ඇය ලද පුතුන් දෙදෙනාම "මාම්පිටිය ලොකු දිසා මහත්මයා" හා "පොඩි දිසා මහත්මයා" ලෙස ප්රසිද්ධ විය. දෙවැනි දියණිය "සොක්කන්දර නායක්කාර" සමඟ ද, තෙවැන්නිය සික්කල් නායක්කර් සමඟ ද, සිව්වැන්නා හා පස් වැන්නා යන දෙදෙනාම "ගලිබිලේ නායක්කාර" සමඟ ද, බාලයා වූ හය වැන්නා "කනු නායක්කාර" සමඟ ද විවාහ වූහ. (ලෝරි - 528 පිටුව) කීර්ති ශ්රී රාජසිංහ රජු ක්රි:ව 1781 අභාවප්රාප්ත වූ පසු ඔහුගේ ඥාති සොහොයුරා, "රාජාධි රාජසිංහ" නමින් අභිශේක ලදහ. ඔහුගේ ද ප්රියතම "යකඩ දෝලිය" වූවේ මාම්පිටියේ දුග්ගන්නා උන්නාන්සේ ය. උඩරට රාජ්යයේ සම්මානනීය කාන්තාවක ලෙස බුදු සසුනට සහ ත්රී සිංහලයට අසීමිත සේවයක් කරන්නට කීර්ති ශ්රී සහ රාජාධි රාජසිංහ රජවරු පෙළඹවූ කාන්තාව ඇය වූවා ය. ඇගේ ලොකු පුතා "මාම්පිටිය ලොකු වාහල බණ්ඩාර" විවාහ වුයේ මීගස්තැන්න අධිකාරම්ගේ දියණිය සමඟය. ඇගේ සීයාගේ කොණ්ඩදෙණියේ වලව්ව ඇතුළු දේපල ඔහුගේ ඇවෑමෙන්, මාම්පිටිය ලොකු බණ්ඩාරට අයිති වුව ද එහි වූ ආරවුල නිසා එම දේපළ කොණ්ඩදෙණිය විහාරයට සහ පත්තිනි දේවාලයට පූජා කිරීමට සිදු විය. ක්රි:ව 1798 දි රාජාධි රාජසිංහ රජු මිය ගියේ පිළිමතලව්වගේ කුමන්ත්රණයකට අනුව බව පැවසේ. එය කෙසේ වුව ද පිළිමතලව්වේ අධිකාරම තම බලය යොදා රජකිරුලට හිමි "මුත්තුසාමි" වෙනුවට "කන්නසාමි" රජ කරවීමට කටයුතු කළහ. ශ්රී වික්රම රජ කරවා තමා රජ වීමේ සිහිනය මුදුන් පත් කර ගැනීමට පිළිමතලව්වේ අධිකාරම උත්සාහ කළ ද, තමා සිතන තරම් අල්ලේ නැටවිය හැකි අයකු නොවන බව ශ්රී වික්රම රාජසිංහ නොබෝ කලෙකින්ම පෙන්විය. ඒ අනුව උඩරට රාජ්යයේ පාලන කටයුතු උග්ර වූ අතර ශ්රී වික්රම රජු එලවා දමා "රදළයෙකු" රජ කරවීමේ කුමන්ත්රණ රජය තුළ ක්රියාත්මක විය. මෙයින් එක් කුමන්ත්රණයක් වූයේ රටේ නමක් දිනා සිටි "මාම්පිටියේ වාහල බණ්ඩාර" රජ කරවීමට කටයුතු සැලසුම් විය. මේ අනුව "අරාබි අධිකාරම්" උඩුනුවර ජනතාව පොළඹවා රජු ඉවත් කිරීමට කළ කුමන්ත්රණය රජුට එලිවීම නිසා ක්රි:ව 1812 දෙසැම්බර් මස දිනක දී "හුනුකොටුවේ" දී ඔවුන් හිස ගසා මරා දැමීමට කටයුතු යෙදින (උඩරට කැරැල්ල වී. තෙන්නකෝන් ) හිස්ගැසුම් කෑ මාම්පිටියේ වාහල බණ්ඩාරගේ මව්තුමිය "දුග්ගන්නා උන්නානසේ" ශ්රී වික්රම රාජසිංහගේ ද යකඩ දෝලිය වූ බව පැවසේ. (කන්ද උඩරට - අ.සෙනවිරත්න - 38 පිටුව) මෙම මාම්පිටිය වාහල බණ්ඩාරගේ එකම දියණිය විවාහ වී සිටියේ මොල්ලිගොඩ අධිකාරම සමඟයි. ඔහු 1823 ඔක්තොබර් 23 මියගොස් ඇත. ක්රි(ව 1815 පෙබරවාරියේ දී ශ්රී්ර වික්රම රාජසිංහ ඉංග්රිසින්ට හසු වූ පසු ඔහු ඇතුළු බිසෝ වරු ද "වෙල්ලෝරයට" පිටුවහල් කළ අතර සෙසු සියලූම ඥාතීහු වෙල්ලෝරයේ සහ මුරුසියට යවනු ලැබුවේ යළි කිසි දිනෙක ලංකාවට අයිතියක් කිව නොහැකි අයුරිනි. ඒ අනුව දුග්ගන්නා උන්නාන්සේගේ aදියණියන් හය දෙනාම ඔවුන් සමඟ ලංකාවෙන් පිටුවහල් වන්නට ඇත. උඩරට රාජ්ය බ්රිතාන්යනට අත් වූ පසු මාම්පිටියේ ලොකු දිසාව 1816 -1817 කාලයේ උඩුනුවර රටේ මහතා ලෙස කටයුතු කරන සමයේ 1818 කැරැල්ලට සම්බන්ධව සැකපිට අල්ලා ගත්ත ද, පසුව නිදහස් කෙරින. ඉන් පසු ක්රි(ව 1819 ඇම්බැක්කේ සහ වේගිරියේ බස්නායක නිළමේ වශයෙන් සේවය කළහ. මාම්පාටියේ කුඩා දිසාව මහාලේකම් ලෙස 1815- 1825 දක්වා ද අම්බොක්කේ බස්නායක නිළමේ ලෙස 1831 - 1835 දක්වා ද උඩු දුම්බර රටේ මහතා ලෙස 1837-1844 දක්වා සේවය කළ අතර ක්රි:ව 1846 උඩ පලාතේ රටේ මහතා ලෙස පත්වීම ලැබූහ. මෙවැනි පවුල් පසුබිමක, මාම්පිටියේ දිසාව, මහනුවර "ස්වර්ණ කල්යාණ" වීදියේ (වත්මන් රජ වීදියේ)වාසය කළ ද, උද්යාන නගරයක් වූ සෙංකඩගල ඉංගී්රසීන් යටතේ වාණිජ නගරයක් බවට පත් වීමේ දී එම වලව්ව ද ඉංග්රීසින්ගේ සාද ශාලාවක් බවට පත් වින. බුදු දහමට, ශ්රී දළදා මාලිගාවට, ත්රි සිංහලයට අපමණ සේවාවක් කළා වූ නිතර බුදු බණ, සෙත් පිරිත් ඇසුනා වූ මාම්පිටිය වලව්ව ඉංගී්රසි සම්ප්රදායානුකූලව වෙන් වූ අතර ඉදිරිපස තිබූ "කොට්ට පිල" හෙවත් උස්පිල වෙනස්ව මාර්ගයට මුහුණලා බරාදයක් ද, හතරැස් මැද මිදුල" වටා වූ වහලය වෙනුවට ඒ ආකාරයේම මැද මිදුල වටා උඩ තට්ටුවක් හා එයට පිවිසීම පිණිස තරප්පු පෙළ හා සඳලු තලයක් ද ඉදිs විය. පෙර වලව්වේ තිබූ කුඩා ප්රවේශ දොරටුව වෙනුවට ලොකු දොරක් සවි කෙරිණි. එහෙත් වලව්වේ මූලික සැලැස්ම පූර්ණ වශයෙන් වෙනස් නොවීම සතුටට කරුණකි. වත්මනෙහි කියෑවෙන "හයිබ්රිට් පැලැන්තියේ" මාම්පිsටිය වලව්වක් අද දැකිය හැක. එහෙත් වලව්වේ ඉදිරිපස, දෙපස වෙනත් ව්යාපාරික ස්ථාන වලට අයත්ව තිබීම නිසා මුල් වලව්වේ ප්රමාණය ඉදිරිපසින් අඩුව තිබීම බලවත් අඩුවකි. එදා තිබූ මාම්පිටිය වලව්වේ මැද මිදුල", සැතපෙන ගේ, මුළුතැන් ගේ තුළින් මූලික ලක්ෂණ යාන්තමින් හෝ ප්රදර්ශනය වීම අපේ අතීත උරුමය පෙන්වන්නකි. ලෝක උරුමයක් වූ අපේ උරුමය කරුමක්කාරයන් පිරිසක් මූල්ය තණ්හාවෙන් විනාශ කර දමා යද්දී රාජකීය අවන්හලක් ලෙස පෞරාණික උරුමය රකිමින් කිසිදු වෙනසක් නොකර එය පවත්වාගෙන යාම පිළිබඳව වත්මන් එහි අයිතිකරුවනට හා සේවක මණ්ඩලයට ප්රසංසාව හිමිවිය යුතුය. එහෙත් 1505 ඔක්තෝබර් 16 මෙරටට ගොඩබට පෘතුග්රීසින් දුටු අපේ සිංහලයෝ ඔවුන් හැඳින්වූයේ ලේ බොන තිරිවානා ගල් කන පිරිසක් හැටියටයි. ඉන්පසු ආ ලන්දේසි, ඉංග්රිසින් අපේ රටට හිමිකර දුන් ඔවුනගේ සංස්කෘතිය" අපේ අය ඊට වඩා අපූරුවට අද බුක්ති විඳින බව මෙම අවන්හලේ දී අපට දැකගත හැකිය. එදා ස්වර්ණ කල්යාණ වීදිය නම් වූ උඩරට රාජ්යයේ සමීපතමයින් පදිංචිව සිටි, වත්මන් රජවීදියේ "රාජකිය අවන්හල" පෞඪ ඉතිහාසයක ශෝක ජනක අවසානයක නිහඬ කතාව වත්මන් පරපුරට සන්නිවේදනය කරනුයේ, ශ්රී දළදා හිමි පෙනෙන තෙක් මානයේය[/SIZE][/COLOR] [COLOR="DarkOliveGreen"]බටුගොඩ , එම්. එස්. රණතුංග මහතා විසින් 2015 වසරේදී දිවයින පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරින් සකස් කරගන්නාලදි. මෙය වැදගත් ලිපියක් නිසා මිතුරන් අතර දැණුම හුවමාරු කරගැනීමේ අරමුණින් මෙහි පලකරනලද අතර කිසිදු වානිජ පරමාර්ථයක් නොමැතිබවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවිය යුතු බවත් ස්තුති පූර්වකව සඳහන් කරමි.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom