මාමා සහ කොන්ක්රීට් බෝඩිම
මාමා සහ කොන්ක්රීට් බෝඩිම
“එකල දෙකල තුනල කියලා බතල පැල වෙලා
බතල කොටුවේ හිටපු කුමරි දැකලා බයවෙලා*
බුලත් පිරි ලොඹු කටින්
ගැයූ සින්දු මතකයි
තාම නුඹ උස් හඬින්
මා සමග එක්වෙමින්
නොවුණුමුදු නුඹ මගේ
දැනුණි මගෙ මාමා යැයි
උණුහුම ලැබුමුදු
දරැ කැලගේ සෙනෙහෙන්
කුලියට හිටි අපේ
කුලිය ගැන නොහිතාම
මා එක්ක එක හඬින
නුඹ සින්දු කිව්වා
හීන මල් පිපුණු සඳ
ගියා අපි අපේ ගෙට
නුඹව අත හැර දුකින
මතකයන් ඉතිරි කර
ඒත් මම එතකුදු
ඇදෙයි නුඹෙ ගෙදරට
නුඹ දකින අටියෙන
ඉඩහසර ලද සැණින
නමුදු අද බෝඩිමක්
ඇත එතැන තනමින
කොන්ක්රීට් පදමින
මතක පොත වළලමින
මාලන් විදානපතිරණ
මාමා සහ කොන්ක්රීට් බෝඩිම

“එකල දෙකල තුනල කියලා බතල පැල වෙලා
බතල කොටුවේ හිටපු කුමරි දැකලා බයවෙලා*
බුලත් පිරි ලොඹු කටින්
ගැයූ සින්දු මතකයි
තාම නුඹ උස් හඬින්
මා සමග එක්වෙමින්
නොවුණුමුදු නුඹ මගේ
දැනුණි මගෙ මාමා යැයි
උණුහුම ලැබුමුදු
දරැ කැලගේ සෙනෙහෙන්

කුලියට හිටි අපේ
කුලිය ගැන නොහිතාම
මා එක්ක එක හඬින
නුඹ සින්දු කිව්වා
හීන මල් පිපුණු සඳ
ගියා අපි අපේ ගෙට
නුඹව අත හැර දුකින
මතකයන් ඉතිරි කර
ඒත් මම එතකුදු
ඇදෙයි නුඹෙ ගෙදරට
නුඹ දකින අටියෙන
ඉඩහසර ලද සැණින
නමුදු අද බෝඩිමක්
ඇත එතැන තනමින
කොන්ක්රීට් පදමින
මතක පොත වළලමින
මාලන් විදානපතිරණ