Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මායා අංගම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆ්‍රොම් බුකි...

‘අංගම්’ යැ යි වර්තමානයේ හඳුන්වන හටන් ශිල්පයේ ‘මායා අංගම්’ ප්‍රභේදයේ ස්වභාවය කෙසේ ද?

සටහනට හේතු වන මාතෘකාව යටතේ ලැබෙන ලිඛිත මූලාශ්‍රය සාධක සීමිත ය. හුදු පාරම්පරික ව පැවැත එන පුස්කොළ ලේඛන, ජනප්‍රවාද කථා හා නො යෙක් වර ලියැවී ඇති යම් සීමා සහිත සාධක මත පමණක් යැපෙන්නට සිදු වී තිබීම අභාග්‍යයකි. එසේ ම ‘අංගම් ශිල්පය’ හා තදානුබද්ධ ‘මායා අංගම්’ ප්‍රභේදය කෙ තරම් දුරට සාර්ථක ව මේ වන විට ලාංකීය අංගම් ආචාර්යවරුන් විසින් හදාරවන්නේ දැ යි යනු ද සැක සහිත ය. පැරැණි ලේඛකයින් විසින් ශේෂ කොට ගිය අකුරු කළ හැකි හෝ අකුරු කළ යුතු යැ යි ඔවුහු සිතූ ඉතා සීමිත කොටසක් පමණක් අප හමුවේ පැවැතීම එක් අතෙකින් සැනසීමකි. නො එසේ නම් මේ පිළිබඳ කරුණු දැක්වීම් ලේඛකයා ගේ හෝ දේශකයා ගේ හුදු කාල්පනික කරුණු දැක්වීමක් පමණක් ම යැ යි බැහැර ලීමට වුව ද ඉඩ ඇත. ඇතැම් කරුණු පිළිබඳ දීර්ඝ විස්තර සටහන් කිරීමෙන් පාඨකයා හුදු උභතෝකෝටිකයක අතරමං කිරීමට ද මම නො කැමැත්තෙමි.

සුදලිය, මරුවල්ලිය තනතුරු අහෝසි කරන අවස්ථාව වන විට අංගම් සටන් ශිල්පය පැවති තත්ත්වය වූයේ යුද්ධයට සම්බන්ධයක් නොමැති හුදකලා සටන් කලාවක් වශයෙන් ය යන අදහස පිළිබඳ වාදයක් නැත. මන්ද යත් අදාල තනතුරු අහෝසි වූවා නම් අහෝසි වූයේ ඉංග්‍රීසි පාලන අධිකාරයක් යටතේ හෙයිනි. ඔවුන් ගේ යුධ කාර්යයන් සඳහා ලාංකික අංගම් හෝ ඉලංගම් ශිල්පීන් ගේ අවශ්‍යතාවක් ඇති නො වීම සාධාරණ ය. හැරත් ඔවුන් කෙ තෙක් දුරට ඉංග්‍රීසි කිරීටයට අවනත කරවා ගත හැකි වේ ද යන ගැටළුව වුව ද ඇති විය හැකි ය. දක්ෂ සටන් කරුවකු වශයෙන් ජනප්රවාදකරුවා වුව ද හඳුන්වා ඇති කැප්පිටිපොල ප්රභූවරයා පවා දෙවනු අවස්ථාවේ සිංහල සේනාවට සහාය දැක්වීමට තීරණය කළ බව අපි දනිමු. ඉංග්‍රීසි පාලන අධිකාරය යටතේ අනවශ්‍ය යැ යි හැඟෙන ඒකකයක් නඩත්තු කරවමින් පවත්වාගෙන යෑම නො කළ යුත්තකැ යි ඉංග්‍රීසින් කල්පනා කළා විය යුතු ය. ශ්‍රී වික්‍රම රාජසිංහ ගෙන් පසු වූ ඇතැම් විමුක්ති අරගලවල දී මෙම අංගම් ශීල්පීන් ගේ සහාය ද ඇතැම් විට ලැබෙන්නට ඇත. ඒ හැර ඒ පිළිබඳ වැඩි යමක් පැවැසීම දුෂ්කර ය.

මෙහි දී අවධානය යොමු කළ යුතු තවත් එක් වැදැගත් කාරණාවක් වන්නේ ලංකාවේ පැවැති ඉලංගම් මඩුවල සීමිත බව යි. ඩේවි පවසන ආකාරයට සුදලිය, මරුවල්ලිය දෙ පාර්ශ්වයට අයත් කඩු හරඹ නායකයෝ දස දෙනෙක් රටේ ඒ ඒ තැන්වල සිටිමින් තම ශිල්ප ක්‍රමය ආධුනිකයන්ට ඉගැන්වූහ. ඩේවි ගේ විස්තරයේ ඇති නො පැහැදිලි කොටස වන්නේ සුදලිය හා මරුවල්ලිය ගුරු කුලවලින් එක් ගුරු කුලයකට අදාල නායකයින් දස දෙනා බැගින් ගුරුකුල දෙකේ ම නායකයින් විසි දෙනකු ලංකාවේ ඒ ඒ තැන්වල මෙම ශිල්පීය ක්‍රමය ආධුනිකයන්ට පුහුණු කරවූවා ද, නො එසේ නම් දෙපාර්ශ්වයේ ම සමස්ත එකතුව දහයක් වන සේ සිටි හරඹ නායකයින් දස දෙනෙක් ලංකාවේ ඒ ඒ තැන්වල පුහුණු කරවීම් සිදු කළා ද යන කාරණාව යි. ඒ දහයක් වුව ද, විස්සක් වුව ද ලංකාවේ භූමි ප්‍රමාණය කල්පනා කොට බලන කල්හි අතිශයින් ම සීමිත සංඛ්‍යාවක් බව පැහැදිලි ය.

හැරත් මෙ වැනි ශිල්පයක් පුහුණු කරවීමේ දී ආධුනිකයන් තෝරා බේරා ගන්නා ලද්දේ ද මනා සැලැකිල්ලෙනි. ඇතැම් විට කුල ගොත්, ජන්ම සටහනේ ස්වභාවය ආදි කරුණු පිළිබඳ වුව ද සොයා බැලූ බවට සැකයක් නැත. ලංකාවේ සාම්ප්‍රදායික වෙදකම, මන්ත්‍ර ශාස්ත්‍රය වුව ද බොහෝ අවස්ථාවල පැවැරූ ආකාරය අප අමතක කළ යුතු නො වේ.

පසුගිය දිනෙක කියවන්න ලැබුණු අත් පිටපතක අදාල පොත කියැවීමට අවසර ඇති පිරිස් නාමවලිය විශේෂ කොට දක්වා තිබිණි. එහි පිටපතක් මා සන්තක වෙතත් ලබා දුන් හිතවතාගේ විශ්වාසය රකිනු වස් එහි උධෘතයක් හෝ මෙහි සටහන් කිරීමට මම උත්සාහ නො ගනිමි. නුවර කලාවියට අයත් ආලිස්තානේ වෙද පරම්පරාවේ පුස්කොල පතක ඇති සටහනක් වූයේ ‘ආලිත්තානේ අප්පුරාලගෙං පැවත ආ වෙදකම පරම්පරාවෙ පැවත එන අයට සත්තයි. වෙන හොරකමට වත් බලේට ගත් කෙනෙකුට අවසත්තයි’ යන්න ය (අදාල පුස්කොළය සටහන සමඟ අමුණනු ලැබේ). එහෙත් සාම්ප්‍රදායික දේශීය වෙදකම හෝ මන්ත්‍ර ශාස්ත්‍රය දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කුල ගෝත්‍ර කේන්ද්‍ර කර ගනිමින් අතිශය සුලභ ව පැවැති බව දැනට විද්‍යමාන සාධක අනුව වුව ද පැහැදිලි වන කරුණකි. ඩේවි ගේ සටහනේ සඳහන් ව ඇති ආකාරයට මරුවල්ලිය, සුදලිය පෙළපත්වල දෙ පාර්ශ්වයේ ශිල්පය පැවැතියේ අතිශය සීමිත කණ්ඩායම් කීපයක් අතර පමණි. පිරිස් අතින් සීමා සහිත වීමත්, ශිල්පය පිළිබඳ බාහිර පාර්ශ්ව දැනුම්වත් කිරීමට ඇති නො කැමැත්තත් අංගම් හෝ ඉළංගම් ශිල්පය පිළිබඳ වාර්තාගත නො වීමට ප්‍රබල බලපෑමක් කරන්නට ඇත. සාම්ප්‍රදායික මන්ත්‍ර ශාස්ත්‍රය දත්තකුගෙන් වුවත් එහි යම් යම් කරුණු දැන ගැනීමට ඇති දුශ්කරතාව කෙ තරම් දැඩි දැ යි උත්සාහවත් ගවේෂකයකුට සජීවී අත්දැකීම් ලබා ගත හැකි වනු ඇත (මෙහි දී සාම්ප්‍රදායික ශිල්ප හෝ ශාස්ත්‍ර වෙළඳාමක් බවට පත් කර ගත් අයවලුන් අදහස් නො කෙරේ).

තිසර සන්දේශයේ ‘පුරන ලෙසේ නොම හැර කරන අංගම - බලන පිණිස නොම සිට එතෙර සුංගම’ යන්නෙන් පැවැසූයේ ‘අංගම් පොර’ පිළිබඳ බව පැහැදිලි ය. ‘අංගම’ යනු පුරාණයේ පැවැති ‘මල්ලව පොර’ විශේෂයක් බවට සිරි තිලකසිරි දක්වන අදහස වුව ද ‘අංගං’ යන්නෙහි සාම්ප්‍රදායික විග්‍රහය හා සමපාත වන්නකි. සාම්ප්‍රදායික විග්‍රහය අනුව ‘අංගං’ යනු ‘අත, පය, හිස ආදි ශරීරාවයවවලින් කරන සටන’ ය. ‘ඉළංගම්’ යනු අවි ආයුධවලින් කරන සටන ය. ‘මායා අංගම්’ යනු එහි තෙවැන්න ය. මේ තුන ම වත්මන් ‘අංගම් පොර’ යැ යි හඳුන්වන ශිල්පය හා තදානුබද්ධ වූ ඒවා බව පෙර පළ කළ ලිපියේ ද කියා ඇත.

රාජසිහ හටනේ එන ඉළංගම් සතර මම පෙර ලිපියේ සඳහන් කළ මරුවල්ලියේ ඉලංගම, සුදලියේ ඉලංගම, වාහල ඉලංගම, නැටුම් ඉලංගම යන සතර දැ යි පරීක්ෂා කොට බැලිය යුතු ය.

ලංකාවේ පැවැති මෙම ශිල්ප ක්‍රමවලට දක්ෂිණ භාරතීය ආභාසය ලැබුණු බවට සැකයක් නැත. පඬුවස්දෙව් රජු දවස සිට පැවැත එතැ යි පැවසෙන කොහොඹා යක්කමේ පවා පසු කාලීන දක්ෂිණ භාරතීය සංකල්ප ද පවතින බව හොඳින් අවධානය යොමු කරන්නකුට දැකගත හැකි වනු ඇත. රජරට ශිෂ්ටාචාරයේ අවසාන භාගයේ සහ එය බිඳ වැටීමෙන් පසු ඇති වූ රාජධානි කෙරෙහිත් දක්ෂිණ භාරතීය ආභාසය නො අඩුව ලැබුණු බව අපි දනිමු. ඇතැම් විට එය අනුරාධපුර රාජධානි සමයේ සිට ම පැවැතියේ යැ යි කල්පනා කිරීම එක් අතෙකින් සාධාරණ ය. එහෙයින් විවිධ අවස්ථාවල ලාංකේය ශිල්ප ක්‍රම ද මේ ඔස්සේ පෝෂණය වීම විය නො හැක්කක් නො වේ. ඇතැම් සංකල්ප ගෙඩි පිටින් ගෙන මේ ශිල්ප ක්‍රම කෙරෙහි එබ්බ වූ ඒවා බව ද පෙනේ. එහෙත් එහි සුවිශේෂී ම කාරණය වන්නේ බාහිරින් ගත්ත ද ඒවා ලංකාවට ගැලැපෙන ආකාරයට අනුගත කර ගැනීම ය. පී. ඊ. පී. දැරණියගල වුව ද ඔහු ගේ Sinhala Weapons and Armor ලියමනේ දී සිංහල ආයුධවලට උතුරු ඉන්දියානු, දකුණු ඉන්දියානු හා අරාබි ආදි බලපෑම් ඇති බව පෙන්වා දී තිබේ.

දේශීය වෙදකමට වුව ද දක්ෂිණ භාරතීය ආභාසය ඇතත් එ ද ලංකාවේ පවත්නා ශාක හා සම්පත්වලට අනුරූපී ව සකස් කරගෙන ඇති බව නොයෙක් වර දකින්නට ලැබේ. ග්‍රීකයන් ගේ භාරතාවරණයෙන් පසු රෝසමල්, අබින්, කංසා වැනි දේ ආයුර්වේදයට ඇතුළු වූ බවත්, ‘ථිරංග’ වචනය පරංගීන් ගේ ආසියාවතරණයෙන් පසු ඉන්දියාවේ ඇති වූවක් බවත් වෛද්‍ය ශිරෝමණී පණ්ඩිත ආරියදාස කුමාරසිංහ විසින් 1972 අගෝස්තු මස රසවාහිනි සඟරාවකට සැපැයූ ලිපියකින් කියා තිබේ. ඒ ඉන්දියාවේ තත්ත්වය ය. ලංකාවේ ද එසේ නො වූයේ යැ යි කිසි විටෙක පැවැසිය නො හැක. ඒ හැර ඒ ඒ ප්‍රදේශවල ශාක ව්‍යාප්තියට ගැලැපෙන පරිදි ඒ ඒ ප්‍රදේශවල දේශීය වෙදකම සකස් වූ බව ද නො යෙක් වර අසා ඇත.

යුද්ධයේ දී මන්ත්‍ර ශාස්ත්‍රය භාවිත කළ බවට අනුමාන කළ හැකි අවස්ථාවක් පිළිබඳ ඩැනිස්ටර් මහතා ද සඳහන් කොට තිබේ. මේ ගුප්ත විද්‍යා ක්‍රමවේද ඔස්සේ සතුරන්ට මුහුණ දීමේ ඉගැන්වීම් ‘මායා අංගම්’ කොටස තුළ අන්තර්ගත වන්නේ යැ යි පැවැසේ. මන්ත්‍ර ශාස්ත්රයේ ද ඉගැන්වෙන අෂ්ට කර්මයට අයත් මාරණ කර්මය එහි දී සුවිශේෂී වූ බව නිසැක ය. ඇතැම් විට උපයෝගීතාව අනුව වෙනත් ශිල්ප ක්‍රමවල ගත යුතු කොටස් ගෙන අභිමතාර්ථ සාධනයෙහි ස්වකීය ශිල්පය පෝෂණය කරවා ගැනීම සාමාන්‍යයෙන් සිදු වන දෙයකි. යුද්ධයේ දී මෝහන, වශී, ශාන්ති, උච්චාටන ආදි කර්මවලට වඩා උපයෝගීතාව වැඩි වශයෙන් පවත්නේ මාරණ කර්මය හා සහ සම්බන්ධව ය. යම් යම් ආකාරයෙන් ස්ථම්භන කර්මයේ ප්‍රයෝජනයක් වූ බව ද පෙනේ. හෙන රාජ වශයෙන් බොහෝ දෙනා දන්නා මූලික ගණයෙහි ලා ගැනෙන ගුප්ත තෛලය වුව ද ස්ථම්භන ගුණ සහිත එකකි. වැළැක්වීමේ ගුණය සහිත එකකි. අදාල තෛලය වෙඩි සැර, හෙන සැර, හී සැර වැළැක්වීමට සමත් යැ යි කියැවෙන්නේ එහෙයිනි.

අංගම්, පිල්ලි, කාලම්, සූනියම්, රූප කටු ගැසීම්, වැල් පැන්නුම්, ඉරි පැන්නුම්, ඉන්දිරෙට්ටු වැනි එ කී මෙ කී නො කී ක්‍රමවේද අයත් වන්නේ මන්ත්‍ර ශාස්ත්රයේ මාරණ කර්මයට ය. සාම්ප්‍රදායික මන්ත්‍රාචාරීන් විසින් මෙම ක්‍රම පිළිබඳ දන්නා බව ද සැබෑවකි. මන්ත්‍ර ශාස්ත්රයේ ඉගැන්වෙන මෙ බඳු ක්‍රම ඔස්සේ සාම්ප්‍රදායික සටන් ශිල්පයේ ‘මායා අංගම්’ කොටස පෝෂණය කර නො ගත්තේ යැ යි කීම දුෂ්කර ය. මේ ඇතැම් මන්ත්‍ර භාරතයෙන් පැමිණ ඇති බව ද සැබෑවකි. එහෙත් සියල්ල ම එසේ යැ යි කීම සාධාරණ නො වන බව පෙනී යන්නේ එ වැනි කටයුතු සඳහා උපයුක්ත සිංහල මන්ත්‍ර ද පවත්නා හෙයිනි. කෙසේ නමුත් ඉන්දිරෙට්ටු පිළිබඳ ඇති පුස්කොළ ලේඛනවල එන ‘දොළොස් දහසක් වැටුණු වල්ලි දේශේ මන්ත්‍රය’ නමින් සූර්ය ඉන්දිරෙට්ටුව විග්රහ කොට තිබීමත්, පංචදේව ඉන්දිරෙට්ටුව විග්රහ කිරීමේ දී ‘පහළොස් දහසක් වැටුණු මලක්කා දේසේ මන්ත්‍රය යි’ වශයෙන් කර ඇති හැඳින්වීමත් ආදි කරුණු සලකා බලන විට ඒ ඇතැම් මන්ත්රවලට ඇති විදේශීය ආභාසය බෙහෙවින් කැපී පෙනේ. සතුරාට අත නො තබා සෙවනැල්ලේ මාරක නිල පාගමින් කළ ‘කල්ලු නිල ඇල්ලුම’ වැනි මන්ත්‍රයක් වුව ද හඳුන්වා ඇත්තේ ‘විසි දහසක් වැටුණු කල්ලු දේසේ මන්ත්‍රය යි’ යනුවෙනි.

[QUOTE="හෙළයෙක්, post: 29522135, member: 503645"] ෆ්‍රොම් බුකි... ‘අංගම්’ යැ යි වර්තමානයේ හඳුන්වන හටන් ශිල්පයේ ‘මායා අංගම්’ ප්‍රභේදයේ ස්වභාවය කෙසේ ද? සටහනට හේතු වන මාතෘකාව යටතේ ලැබෙන ලිඛිත මූලාශ්‍රය සාධක සීමිත ය. හුදු පාරම්පරික ව පැවැත එන පුස්කොළ ලේඛන, ජනප්‍රවාද කථා හා නො යෙක් වර ලියැවී ඇති යම් සීමා සහිත සාධක මත පමණක් යැපෙන්නට සිදු වී තිබීම අභාග්‍යයකි. එසේ ම ‘අංගම් ශිල්පය’ හා තදානුබද්ධ ‘මායා අංගම්’ ප්‍රභේදය කෙ තරම් දුරට සාර්ථක ව මේ වන විට ලාංකීය අංගම් ආචාර්යවරුන් විසින් හදාරවන්නේ දැ යි යනු ද සැක සහිත ය. පැරැණි ලේඛකයින් විසින් ශේෂ කොට ගිය අකුරු කළ හැකි හෝ අකුරු කළ යුතු යැ යි ඔවුහු සිතූ ඉතා සීමිත කොටසක් පමණක් අප හමුවේ පැවැතීම එක් අතෙකින් සැනසීමකි. නො එසේ නම් මේ පිළිබඳ කරුණු දැක්වීම් ලේඛකයා ගේ හෝ දේශකයා ගේ හුදු කාල්පනික කරුණු දැක්වීමක් පමණක් ම යැ යි බැහැර ලීමට වුව ද ඉඩ ඇත. ඇතැම් කරුණු පිළිබඳ දීර්ඝ විස්තර සටහන් කිරීමෙන් පාඨකයා හුදු උභතෝකෝටිකයක අතරමං කිරීමට ද මම නො කැමැත්තෙමි. සුදලිය, මරුවල්ලිය තනතුරු අහෝසි කරන අවස්ථාව වන විට අංගම් සටන් ශිල්පය පැවති තත්ත්වය වූයේ යුද්ධයට සම්බන්ධයක් නොමැති හුදකලා සටන් කලාවක් වශයෙන් ය යන අදහස පිළිබඳ වාදයක් නැත. මන්ද යත් අදාල තනතුරු අහෝසි වූවා නම් අහෝසි වූයේ ඉංග්‍රීසි පාලන අධිකාරයක් යටතේ හෙයිනි. ඔවුන් ගේ යුධ කාර්යයන් සඳහා ලාංකික අංගම් හෝ ඉලංගම් ශිල්පීන් ගේ අවශ්‍යතාවක් ඇති නො වීම සාධාරණ ය. හැරත් ඔවුන් කෙ තෙක් දුරට ඉංග්‍රීසි කිරීටයට අවනත කරවා ගත හැකි වේ ද යන ගැටළුව වුව ද ඇති විය හැකි ය. දක්ෂ සටන් කරුවකු වශයෙන් ජනප්රවාදකරුවා වුව ද හඳුන්වා ඇති කැප්පිටිපොල ප්රභූවරයා පවා දෙවනු අවස්ථාවේ සිංහල සේනාවට සහාය දැක්වීමට තීරණය කළ බව අපි දනිමු. ඉංග්‍රීසි පාලන අධිකාරය යටතේ අනවශ්‍ය යැ යි හැඟෙන ඒකකයක් නඩත්තු කරවමින් පවත්වාගෙන යෑම නො කළ යුත්තකැ යි ඉංග්‍රීසින් කල්පනා කළා විය යුතු ය. ශ්‍රී වික්‍රම රාජසිංහ ගෙන් පසු වූ ඇතැම් විමුක්ති අරගලවල දී මෙම අංගම් ශීල්පීන් ගේ සහාය ද ඇතැම් විට ලැබෙන්නට ඇත. ඒ හැර ඒ පිළිබඳ වැඩි යමක් පැවැසීම දුෂ්කර ය. මෙහි දී අවධානය යොමු කළ යුතු තවත් එක් වැදැගත් කාරණාවක් වන්නේ ලංකාවේ පැවැති ඉලංගම් මඩුවල සීමිත බව යි. ඩේවි පවසන ආකාරයට සුදලිය, මරුවල්ලිය දෙ පාර්ශ්වයට අයත් කඩු හරඹ නායකයෝ දස දෙනෙක් රටේ ඒ ඒ තැන්වල සිටිමින් තම ශිල්ප ක්‍රමය ආධුනිකයන්ට ඉගැන්වූහ. ඩේවි ගේ විස්තරයේ ඇති නො පැහැදිලි කොටස වන්නේ සුදලිය හා මරුවල්ලිය ගුරු කුලවලින් එක් ගුරු කුලයකට අදාල නායකයින් දස දෙනා බැගින් ගුරුකුල දෙකේ ම නායකයින් විසි දෙනකු ලංකාවේ ඒ ඒ තැන්වල මෙම ශිල්පීය ක්‍රමය ආධුනිකයන්ට පුහුණු කරවූවා ද, නො එසේ නම් දෙපාර්ශ්වයේ ම සමස්ත එකතුව දහයක් වන සේ සිටි හරඹ නායකයින් දස දෙනෙක් ලංකාවේ ඒ ඒ තැන්වල පුහුණු කරවීම් සිදු කළා ද යන කාරණාව යි. ඒ දහයක් වුව ද, විස්සක් වුව ද ලංකාවේ භූමි ප්‍රමාණය කල්පනා කොට බලන කල්හි අතිශයින් ම සීමිත සංඛ්‍යාවක් බව පැහැදිලි ය. හැරත් මෙ වැනි ශිල්පයක් පුහුණු කරවීමේ දී ආධුනිකයන් තෝරා බේරා ගන්නා ලද්දේ ද මනා සැලැකිල්ලෙනි. ඇතැම් විට කුල ගොත්, ජන්ම සටහනේ ස්වභාවය ආදි කරුණු පිළිබඳ වුව ද සොයා බැලූ බවට සැකයක් නැත. ලංකාවේ සාම්ප්‍රදායික වෙදකම, මන්ත්‍ර ශාස්ත්‍රය වුව ද බොහෝ අවස්ථාවල පැවැරූ ආකාරය අප අමතක කළ යුතු නො වේ. පසුගිය දිනෙක කියවන්න ලැබුණු අත් පිටපතක අදාල පොත කියැවීමට අවසර ඇති පිරිස් නාමවලිය විශේෂ කොට දක්වා තිබිණි. එහි පිටපතක් මා සන්තක වෙතත් ලබා දුන් හිතවතාගේ විශ්වාසය රකිනු වස් එහි උධෘතයක් හෝ මෙහි සටහන් කිරීමට මම උත්සාහ නො ගනිමි. නුවර කලාවියට අයත් ආලිස්තානේ වෙද පරම්පරාවේ පුස්කොල පතක ඇති සටහනක් වූයේ ‘ආලිත්තානේ අප්පුරාලගෙං පැවත ආ වෙදකම පරම්පරාවෙ පැවත එන අයට සත්තයි. වෙන හොරකමට වත් බලේට ගත් කෙනෙකුට අවසත්තයි’ යන්න ය (අදාල පුස්කොළය සටහන සමඟ අමුණනු ලැබේ). එහෙත් සාම්ප්‍රදායික දේශීය වෙදකම හෝ මන්ත්‍ර ශාස්ත්‍රය දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කුල ගෝත්‍ර කේන්ද්‍ර කර ගනිමින් අතිශය සුලභ ව පැවැති බව දැනට විද්‍යමාන සාධක අනුව වුව ද පැහැදිලි වන කරුණකි. ඩේවි ගේ සටහනේ සඳහන් ව ඇති ආකාරයට මරුවල්ලිය, සුදලිය පෙළපත්වල දෙ පාර්ශ්වයේ ශිල්පය පැවැතියේ අතිශය සීමිත කණ්ඩායම් කීපයක් අතර පමණි. පිරිස් අතින් සීමා සහිත වීමත්, ශිල්පය පිළිබඳ බාහිර පාර්ශ්ව දැනුම්වත් කිරීමට ඇති නො කැමැත්තත් අංගම් හෝ ඉළංගම් ශිල්පය පිළිබඳ වාර්තාගත නො වීමට ප්‍රබල බලපෑමක් කරන්නට ඇත. සාම්ප්‍රදායික මන්ත්‍ර ශාස්ත්‍රය දත්තකුගෙන් වුවත් එහි යම් යම් කරුණු දැන ගැනීමට ඇති දුශ්කරතාව කෙ තරම් දැඩි දැ යි උත්සාහවත් ගවේෂකයකුට සජීවී අත්දැකීම් ලබා ගත හැකි වනු ඇත (මෙහි දී සාම්ප්‍රදායික ශිල්ප හෝ ශාස්ත්‍ර වෙළඳාමක් බවට පත් කර ගත් අයවලුන් අදහස් නො කෙරේ). තිසර සන්දේශයේ ‘පුරන ලෙසේ නොම හැර කරන අංගම - බලන පිණිස නොම සිට එතෙර සුංගම’ යන්නෙන් පැවැසූයේ ‘අංගම් පොර’ පිළිබඳ බව පැහැදිලි ය. ‘අංගම’ යනු පුරාණයේ පැවැති ‘මල්ලව පොර’ විශේෂයක් බවට සිරි තිලකසිරි දක්වන අදහස වුව ද ‘අංගං’ යන්නෙහි සාම්ප්‍රදායික විග්‍රහය හා සමපාත වන්නකි. සාම්ප්‍රදායික විග්‍රහය අනුව ‘අංගං’ යනු ‘අත, පය, හිස ආදි ශරීරාවයවවලින් කරන සටන’ ය. ‘ඉළංගම්’ යනු අවි ආයුධවලින් කරන සටන ය. ‘මායා අංගම්’ යනු එහි තෙවැන්න ය. මේ තුන ම වත්මන් ‘අංගම් පොර’ යැ යි හඳුන්වන ශිල්පය හා තදානුබද්ධ වූ ඒවා බව පෙර පළ කළ ලිපියේ ද කියා ඇත. රාජසිහ හටනේ එන ඉළංගම් සතර මම පෙර ලිපියේ සඳහන් කළ මරුවල්ලියේ ඉලංගම, සුදලියේ ඉලංගම, වාහල ඉලංගම, නැටුම් ඉලංගම යන සතර දැ යි පරීක්ෂා කොට බැලිය යුතු ය. ලංකාවේ පැවැති මෙම ශිල්ප ක්‍රමවලට දක්ෂිණ භාරතීය ආභාසය ලැබුණු බවට සැකයක් නැත. පඬුවස්දෙව් රජු දවස සිට පැවැත එතැ යි පැවසෙන කොහොඹා යක්කමේ පවා පසු කාලීන දක්ෂිණ භාරතීය සංකල්ප ද පවතින බව හොඳින් අවධානය යොමු කරන්නකුට දැකගත හැකි වනු ඇත. රජරට ශිෂ්ටාචාරයේ අවසාන භාගයේ සහ එය බිඳ වැටීමෙන් පසු ඇති වූ රාජධානි කෙරෙහිත් දක්ෂිණ භාරතීය ආභාසය නො අඩුව ලැබුණු බව අපි දනිමු. ඇතැම් විට එය අනුරාධපුර රාජධානි සමයේ සිට ම පැවැතියේ යැ යි කල්පනා කිරීම එක් අතෙකින් සාධාරණ ය. එහෙයින් විවිධ අවස්ථාවල ලාංකේය ශිල්ප ක්‍රම ද මේ ඔස්සේ පෝෂණය වීම විය නො හැක්කක් නො වේ. ඇතැම් සංකල්ප ගෙඩි පිටින් ගෙන මේ ශිල්ප ක්‍රම කෙරෙහි එබ්බ වූ ඒවා බව ද පෙනේ. එහෙත් එහි සුවිශේෂී ම කාරණය වන්නේ බාහිරින් ගත්ත ද ඒවා ලංකාවට ගැලැපෙන ආකාරයට අනුගත කර ගැනීම ය. පී. ඊ. පී. දැරණියගල වුව ද ඔහු ගේ Sinhala Weapons and Armor ලියමනේ දී සිංහල ආයුධවලට උතුරු ඉන්දියානු, දකුණු ඉන්දියානු හා අරාබි ආදි බලපෑම් ඇති බව පෙන්වා දී තිබේ. දේශීය වෙදකමට වුව ද දක්ෂිණ භාරතීය ආභාසය ඇතත් එ ද ලංකාවේ පවත්නා ශාක හා සම්පත්වලට අනුරූපී ව සකස් කරගෙන ඇති බව නොයෙක් වර දකින්නට ලැබේ. ග්‍රීකයන් ගේ භාරතාවරණයෙන් පසු රෝසමල්, අබින්, කංසා වැනි දේ ආයුර්වේදයට ඇතුළු වූ බවත්, ‘ථිරංග’ වචනය පරංගීන් ගේ ආසියාවතරණයෙන් පසු ඉන්දියාවේ ඇති වූවක් බවත් වෛද්‍ය ශිරෝමණී පණ්ඩිත ආරියදාස කුමාරසිංහ විසින් 1972 අගෝස්තු මස රසවාහිනි සඟරාවකට සැපැයූ ලිපියකින් කියා තිබේ. ඒ ඉන්දියාවේ තත්ත්වය ය. ලංකාවේ ද එසේ නො වූයේ යැ යි කිසි විටෙක පැවැසිය නො හැක. ඒ හැර ඒ ඒ ප්‍රදේශවල ශාක ව්‍යාප්තියට ගැලැපෙන පරිදි ඒ ඒ ප්‍රදේශවල දේශීය වෙදකම සකස් වූ බව ද නො යෙක් වර අසා ඇත. යුද්ධයේ දී මන්ත්‍ර ශාස්ත්‍රය භාවිත කළ බවට අනුමාන කළ හැකි අවස්ථාවක් පිළිබඳ ඩැනිස්ටර් මහතා ද සඳහන් කොට තිබේ. මේ ගුප්ත විද්‍යා ක්‍රමවේද ඔස්සේ සතුරන්ට මුහුණ දීමේ ඉගැන්වීම් ‘මායා අංගම්’ කොටස තුළ අන්තර්ගත වන්නේ යැ යි පැවැසේ. මන්ත්‍ර ශාස්ත්රයේ ද ඉගැන්වෙන අෂ්ට කර්මයට අයත් මාරණ කර්මය එහි දී සුවිශේෂී වූ බව නිසැක ය. ඇතැම් විට උපයෝගීතාව අනුව වෙනත් ශිල්ප ක්‍රමවල ගත යුතු කොටස් ගෙන අභිමතාර්ථ සාධනයෙහි ස්වකීය ශිල්පය පෝෂණය කරවා ගැනීම සාමාන්‍යයෙන් සිදු වන දෙයකි. යුද්ධයේ දී මෝහන, වශී, ශාන්ති, උච්චාටන ආදි කර්මවලට වඩා උපයෝගීතාව වැඩි වශයෙන් පවත්නේ මාරණ කර්මය හා සහ සම්බන්ධව ය. යම් යම් ආකාරයෙන් ස්ථම්භන කර්මයේ ප්‍රයෝජනයක් වූ බව ද පෙනේ. හෙන රාජ වශයෙන් බොහෝ දෙනා දන්නා මූලික ගණයෙහි ලා ගැනෙන ගුප්ත තෛලය වුව ද ස්ථම්භන ගුණ සහිත එකකි. වැළැක්වීමේ ගුණය සහිත එකකි. අදාල තෛලය වෙඩි සැර, හෙන සැර, හී සැර වැළැක්වීමට සමත් යැ යි කියැවෙන්නේ එහෙයිනි. අංගම්, පිල්ලි, කාලම්, සූනියම්, රූප කටු ගැසීම්, වැල් පැන්නුම්, ඉරි පැන්නුම්, ඉන්දිරෙට්ටු වැනි එ කී මෙ කී නො කී ක්‍රමවේද අයත් වන්නේ මන්ත්‍ර ශාස්ත්රයේ මාරණ කර්මයට ය. සාම්ප්‍රදායික මන්ත්‍රාචාරීන් විසින් මෙම ක්‍රම පිළිබඳ දන්නා බව ද සැබෑවකි. මන්ත්‍ර ශාස්ත්රයේ ඉගැන්වෙන මෙ බඳු ක්‍රම ඔස්සේ සාම්ප්‍රදායික සටන් ශිල්පයේ ‘මායා අංගම්’ කොටස පෝෂණය කර නො ගත්තේ යැ යි කීම දුෂ්කර ය. මේ ඇතැම් මන්ත්‍ර භාරතයෙන් පැමිණ ඇති බව ද සැබෑවකි. එහෙත් සියල්ල ම එසේ යැ යි කීම සාධාරණ නො වන බව පෙනී යන්නේ එ වැනි කටයුතු සඳහා උපයුක්ත සිංහල මන්ත්‍ර ද පවත්නා හෙයිනි. කෙසේ නමුත් ඉන්දිරෙට්ටු පිළිබඳ ඇති පුස්කොළ ලේඛනවල එන ‘දොළොස් දහසක් වැටුණු වල්ලි දේශේ මන්ත්‍රය’ නමින් සූර්ය ඉන්දිරෙට්ටුව විග්රහ කොට තිබීමත්, පංචදේව ඉන්දිරෙට්ටුව විග්රහ කිරීමේ දී ‘පහළොස් දහසක් වැටුණු මලක්කා දේසේ මන්ත්‍රය යි’ වශයෙන් කර ඇති හැඳින්වීමත් ආදි කරුණු සලකා බලන විට ඒ ඇතැම් මන්ත්රවලට ඇති විදේශීය ආභාසය බෙහෙවින් කැපී පෙනේ. සතුරාට අත නො තබා සෙවනැල්ලේ මාරක නිල පාගමින් කළ ‘කල්ලු නිල ඇල්ලුම’ වැනි මන්ත්‍රයක් වුව ද හඳුන්වා ඇත්තේ ‘විසි දහසක් වැටුණු කල්ලු දේසේ මන්ත්‍රය යි’ යනුවෙනි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom