මායා අංගම්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,152
    99,752
    113
    ෆ්‍රොම් බුකි...

    ‘අංගම්’ යැ යි වර්තමානයේ හඳුන්වන හටන් ශිල්පයේ ‘මායා අංගම්’ ප්‍රභේදයේ ස්වභාවය කෙසේ ද?

    සටහනට හේතු වන මාතෘකාව යටතේ ලැබෙන ලිඛිත මූලාශ්‍රය සාධක සීමිත ය. හුදු පාරම්පරික ව පැවැත එන පුස්කොළ ලේඛන, ජනප්‍රවාද කථා හා නො යෙක් වර ලියැවී ඇති යම් සීමා සහිත සාධක මත පමණක් යැපෙන්නට සිදු වී තිබීම අභාග්‍යයකි. එසේ ම ‘අංගම් ශිල්පය’ හා තදානුබද්ධ ‘මායා අංගම්’ ප්‍රභේදය කෙ තරම් දුරට සාර්ථක ව මේ වන විට ලාංකීය අංගම් ආචාර්යවරුන් විසින් හදාරවන්නේ දැ යි යනු ද සැක සහිත ය. පැරැණි ලේඛකයින් විසින් ශේෂ කොට ගිය අකුරු කළ හැකි හෝ අකුරු කළ යුතු යැ යි ඔවුහු සිතූ ඉතා සීමිත කොටසක් පමණක් අප හමුවේ පැවැතීම එක් අතෙකින් සැනසීමකි. නො එසේ නම් මේ පිළිබඳ කරුණු දැක්වීම් ලේඛකයා ගේ හෝ දේශකයා ගේ හුදු කාල්පනික කරුණු දැක්වීමක් පමණක් ම යැ යි බැහැර ලීමට වුව ද ඉඩ ඇත. ඇතැම් කරුණු පිළිබඳ දීර්ඝ විස්තර සටහන් කිරීමෙන් පාඨකයා හුදු උභතෝකෝටිකයක අතරමං කිරීමට ද මම නො කැමැත්තෙමි.

    සුදලිය, මරුවල්ලිය තනතුරු අහෝසි කරන අවස්ථාව වන විට අංගම් සටන් ශිල්පය පැවති තත්ත්වය වූයේ යුද්ධයට සම්බන්ධයක් නොමැති හුදකලා සටන් කලාවක් වශයෙන් ය යන අදහස පිළිබඳ වාදයක් නැත. මන්ද යත් අදාල තනතුරු අහෝසි වූවා නම් අහෝසි වූයේ ඉංග්‍රීසි පාලන අධිකාරයක් යට‍තේ හෙයිනි. ඔවුන් ගේ යුධ කාර්යයන් සඳහා ලාංකික අං‍ගම් හෝ ඉලංගම් ශිල්පීන් ගේ අවශ්‍යතාවක් ඇති නො වීම සාධාරණ ය. හැරත් ඔවුන් කෙ තෙක් දුරට ඉංග්‍රීසි කිරීටයට අවනත කරවා ගත හැකි වේ ද යන ගැටළුව වුව ද ඇති විය හැකි ය. දක්ෂ සටන් කරුවකු වශයෙන් ජනප්‍රවාදකරුවා වුව ද හඳුන්වා ඇති කැප්පිටිපොල ප්‍රභූවරයා පවා දෙවනු අවස්ථාවේ සිංහල සේනාවට සහාය දැක්වීමට තීරණය කළ බව අපි දනිමු. ඉංග්‍රීසි පාලන අධිකාරය යටතේ අනවශ්‍ය යැ යි හැ‍ඟෙන ඒකකයක් නඩත්තු කරවමින් පවත්වාගෙන යෑම නො කළ යුත්තකැ යි ඉංග්‍රීසින් කල්පනා කළා විය යුතු ය. ශ්‍රී වික්‍රම රාජසිංහ ගෙන් පසු වූ ඇතැම් විමුක්ති අරගලවල දී මෙම අංගම් ශීල්පීන් ගේ සහාය ද ඇතැම් විට ලැබෙන්නට ඇත. ඒ හැර ඒ පිළිබඳ වැඩි යමක් පැවැසීම දුෂ්කර ය.

    මෙහි දී අවධානය යොමු කළ යුතු තවත් එක් වැදැගත් කාරණාවක් වන්නේ ලංකාවේ පැවැති ඉලංගම් මඩුවල සීමිත බව යි. ඩේවි පවසන ආකාරයට සුදලිය, මරුවල්ලිය දෙ පාර්ශ්වයට අයත් කඩු හරඹ නායකයෝ දස දෙනෙක් රටේ ඒ ඒ තැන්වල සිටිමින් තම ශිල්ප ක්‍රමය ආධුනිකයන්ට ඉගැන්වූහ. ඩේවි ගේ විස්තරයේ ‍ඇති නො පැහැදිලි කොටස වන්නේ සුදලිය හා මරුවල්ලිය ගුරු කුලවලින් එක් ගුරු කුලයකට අදාල නායකයින් දස දෙනා බැගින් ගුරුකුල දෙකේ ම නායකයින් විසි දෙනකු ලංකාවේ ඒ ඒ තැන්වල මෙම ශිල්පීය ක්‍රමය ආධුනිකයන්ට පුහුණු කරවූවා ද, නො එසේ නම් දෙපාර්ශ්වයේ ම සමස්ත එකතුව දහයක් වන සේ සිටි හරඹ නායකයින් දස දෙනෙක් ලංකාවේ ඒ ඒ තැන්වල පුහුණු කරවීම් සිදු කළා ද යන කාරණාව යි. ඒ දහයක් වුව ද, විස්සක් වුව ද ලංකාවේ භූමි ප්‍රමාණය කල්පනා කොට බලන කල්හි අතිශයින් ම සීමිත සංඛ්‍යාවක් බව පැහැදිලි ය.

    හැරත් මෙ වැනි ශිල්පයක් පුහුණු කරවීමේ දී ආධුනිකයන් තෝරා බේරා ගන්නා ලද්දේ ද මනා සැලැකිල්ලෙනි. ඇතැම් විට කුල ගොත්, ජන්ම සටහනේ ස්වභාවය ආදි කරුණු පිළිබඳ වුව ද සොයා බැලූ බවට සැකයක් නැත. ලංකාවේ සාම්ප්‍රදායික වෙදකම, මන්ත්‍ර ශාස්ත්‍රය වුව ද බොහෝ අවස්ථාවල පැවැරූ ආකාරය අප අමතක කළ යුතු නො වේ.

    පසුගිය දිනෙක කියවන්න ලැබුණු අත් පිටපතක අදාල පොත කියැවීමට අවසර ඇති පිරිස් නාමවලිය විශේෂ කොට දක්වා තිබිණි. එහි පිටපතක් මා සන්තක වෙතත් ලබා දුන් හිතවතාගේ විශ්වාසය රකිනු වස් එහි උධෘතයක් හෝ මෙහි සටහන් කිරීමට මම උත්සාහ නො ගනිමි. නුවර කලාවියට අයත් ආලිස්තානේ වෙද පරම්පරාවේ පුස්කොල පතක ඇති සටහනක් වූයේ ‘ආලිත්තානේ අප්පුරාලගෙං පැවත ආ වෙදකම පරම්පරාවෙ පැවත එන අයට සත්තයි. වෙන හොරකමට වත් බලේට ගත් කෙනෙකුට අවසත්තයි’ යන්න ය (අදාල පුස්කොළය සටහන සමඟ අමුණනු ලැබේ). එහෙත් සාම්ප්‍රදායික දේශීය වෙදකම හෝ මන්ත්‍ර ශාස්ත්‍රය දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කුල ගෝත්‍ර කේන්ද්‍ර කර ගනිමින් අතිශය සුලභ ව පැවැති බව දැනට විද්‍යමාන සාධක අනුව වුව ද පැහැදිලි වන කරුණකි. ඩේවි ගේ සටහනේ සඳහන් ව ඇති ආකාරයට මරුවල්ලිය, සුදලිය පෙළපත්වල දෙ පාර්ශ්වයේ ශිල්පය පැවැති‍යේ අතිශය සීමිත කණ්ඩායම් කීපයක් අතර පමණි. පිරිස් අතින් සීමා සහිත වීමත්, ශිල්පය පිළිබඳ බාහිර පාර්ශ්ව දැනුම්වත් කිරීමට ඇති නො කැමැත්තත් අංගම් හෝ ඉළංගම් ශිල්පය පිළිබඳ වාර්තාගත නො වීමට ප්‍රබල බලපෑමක් කරන්නට ඇත. සාම්ප්‍රදායික මන්ත්‍ර ශාස්ත්‍රය දත්තකුගෙන් වුවත් එහි යම් යම් කරුණු දැන ගැනීමට ඇති දුශ්කරතාව කෙ තරම් දැඩි දැ යි උත්සාහවත් ගවේෂකයකුට සජීවී අත්දැකීම් ලබා ගත හැකි වනු ඇත (මෙහි දී සාම්ප්‍රදායික ශිල්ප හෝ ශාස්ත්‍ර වෙළඳාමක් බවට පත් කර ගත් අයවලුන් අදහස් නො කෙරේ).

    තිසර සන්දේශයේ ‘පුරන ලෙසේ නොම හැර කරන අංගම - බලන පිණිස නොම සිට එතෙර සුංගම’ යන්නෙන් පැවැසූයේ ‘අංගම් පොර’ පිළිබඳ බව පැහැදිලි ය. ‘අංගම’ යනු පුරාණයේ පැවැති ‘මල්ලව පොර’ විශේෂයක් බවට සිරි තිලකසිරි දක්වන අදහස වුව ද ‘අංගං’ යන්නෙහි සාම්ප්‍රදායික විග්‍රහය හා සමපාත වන්නකි. සාම්ප්‍රදායික විග්‍රහය අනුව ‘අංගං’ යනු ‘අත, පය, හිස ආදි ශරීරාවයවවලින් කරන සටන’ ය. ‘ඉළංගම්’ යනු අවි ආයුධවලින් කරන සටන ය. ‘මායා අංගම්’ යනු එහි තෙවැන්න ය. මේ තුන ම වත්මන් ‘අංගම් පොර’ යැ යි හඳුන්වන ශිල්පය හා තදානුබද්ධ වූ ඒවා බව පෙර පළ කළ ලිපියේ ද කියා ඇත.

    රාජසිහ හ‍ටනේ එන ඉළංගම් සතර මම පෙර ලිපියේ සඳහන් කළ මරුවල්ලියේ ඉලංගම, සුදලියේ ඉලංගම, වාහල ඉලංගම, නැටුම් ඉලංගම යන සතර දැ යි පරීක්ෂා කොට බැලිය යුතු ය.

    ලංකාවේ පැවැති මෙම ශිල්ප ක්‍රමවලට දක්ෂිණ භාරතීය ආභාසය ලැබුණු බවට සැකයක් නැත‍. පඬුවස්දෙව් රජු දවස සිට පැවැත එතැ යි පැවසෙන කොහොඹා යක්කමේ පවා පසු කාලීන දක්ෂිණ භාරතීය සංකල්ප ද පවතින බව හොඳින් අවධානය යොමු කරන්නකුට දැකගත හැකි වනු ඇත. රජරට ශිෂ්ටාචාරයේ අවසාන භාගයේ සහ එය බිඳ වැටීමෙන් පසු ඇති වූ රාජධානි කෙ‍රෙහිත් දක්ෂිණ භාරතීය ආභාසය නො අඩුව ලැබුණු බව අපි දනිමු. ඇතැම් විට එය අනුරාධපුර රාජධානි සමයේ සිට ම පැවැතියේ යැ යි කල්පනා කිරීම එක් අතෙකින් සාධාරණ ය. එහෙයින් විවිධ අවස්ථාවල ලාංකේය ශිල්ප ක්‍රම ද මේ ඔස්සේ පෝෂණය වීම විය නො හැක්කක් නො වේ. ඇතැම් සංකල්ප ගෙඩි පිටින් ගෙන මේ ශිල්ප ක්‍රම කෙරෙහි එබ්බ වූ ඒවා බව ද පෙනේ‍. එහෙත් එහි සුවිශේෂී ම කාරණය වන්නේ බාහිරින් ගත්ත ද ඒවා ලංකාවට ගැලැපෙන ආකාරයට අනුගත කර ගැනීම ය. පී. ඊ. පී. දැරණියගල වුව ද ඔහු ගේ Sinhala Weapons and Armor ලියමනේ දී සිංහල ආයුධවලට උතුරු ඉන්දියානු, දකුණු ඉන්දියානු හා අරාබි ආදි බලපෑම් ඇති බව පෙන්වා දී තිබේ.

    දේශීය වෙදකමට වුව ද දක්ෂිණ භාරතීය ආභාසය ඇතත් එ ද ලංකාවේ පවත්නා ශාක හා සම්පත්වලට අනුරූපී ව සකස් කරගෙන ඇති බව නොයෙක් වර දකින්නට ලැබේ. ග්‍රීකයන් ගේ භාරතාවරණයෙන් පසු ‍රෝසමල්, අබින්, කංසා වැනි දේ ආයුර්වේදයට ඇතුළු වූ බවත්, ‘ථිරංග’ වචනය පරංගීන් ගේ ආසියාවතරණයෙන් පසු ඉන්දියාවේ ඇති වූවක් බවත් වෛද්‍ය ශිරෝමණී පණ්ඩිත ආරියදාස කුමාරසිංහ විසින් 1972 අගෝස්තු මස රසවාහිනි සඟරාවකට සැපැයූ ලිපියකින් කියා තිබේ. ඒ ඉන්දියාවේ තත්ත්වය ය. ලංකාවේ ද එසේ නො වූයේ යැ යි කිසි විටෙක පැවැසිය නො හැක. ඒ හැර ඒ ඒ ප්‍රදේශවල ශාක ව්‍යාප්තියට ගැලැපෙන පරිදි ඒ ඒ ප්‍රදේශවල දේශීය වෙදකම සකස් වූ බව ද නො යෙක් වර අසා ඇත.

    යුද්ධයේ දී මන්ත්‍ර ශාස්ත්‍රය භාවිත කළ බවට අනුමාන කළ හැකි අවස්ථාවක් පිළිබඳ ඩැනිස්ටර් මහතා ද සඳහන් කොට තිබේ. මේ ගුප්ත විද්‍යා ක්‍රමවේද ඔස්සේ සතුරන්ට මුහුණ දීමේ ඉගැන්වීම් ‘මායා අංගම්’ කොටස තුළ අන්තර්ගත වන්නේ යැ යි පැවැසේ. මන්ත්‍ර ශාස්ත්‍රයේ ද ඉගැන්වෙන අෂ්ට කර්මයට අයත් මාරණ කර්මය එහි දී සුවිශේෂී වූ බව නිසැක ය. ඇතැම් විට උපයෝගීතාව අනුව වෙනත් ශිල්ප ක්‍රමවල ගත යුතු කොටස් ගෙන අභිමතාර්ථ සාධනයෙහි ස්වකීය ශිල්පය පෝෂණය කරවා ගැනීම සාමාන්‍යයෙන් සිදු වන දෙයකි. යුද්ධයේ දී මෝහන, වශී, ශාන්ති, උච්චාටන ආදි කර්මවලට වඩා උපයෝගීතාව වැඩි වශයෙන් පවත්නේ මාරණ කර්මය හා සහ සම්බන්ධව ය. යම් යම් ආකාරයෙන් ස්ථම්භන කර්මයේ ප්‍රයෝජනයක් වූ බව ද පෙනේ. හෙ‍න රාජ වශයෙන් බොහෝ දෙනා දන්නා මූලික ගණයෙහි ලා ගැනෙන ගුප්ත තෛලය වුව ද ස්ථම්භන ගුණ සහිත එකකි. වැළැක්වීමේ ගුණය සහිත එකකි. අදාල තෛලය වෙඩි සැර, හෙන සැර, හී සැර වැළැක්වීමට සමත් යැ යි කියැ‍වෙන්නේ එහෙයිනි‍.

    අංගම්, පිල්ලි, කාලම්, සූනියම්, රූප කටු ගැසීම්, වැල් පැන්නුම්, ඉරි පැන්නුම්, ඉන්දිරෙට්ටු වැනි එ කී මෙ කී නො කී ක්‍රමවේද අයත් වන්නේ මන්ත්‍ර ශාස්ත්‍රයේ මාරණ කර්මයට ය. සාම්ප්‍රදායික මන්ත්‍රාචාරීන් විසින් මෙම ක්‍රම පිළිබඳ දන්නා බව ද සැබෑවකි. මන්ත්‍ර ශාස්ත්‍රයේ ඉගැන්වෙන මෙ බඳු ක්‍රම ඔස්සේ සාම්ප්‍රදායික සටන් ශිල්පයේ ‘මායා අංගම්’ කොටස පෝෂණය කර නො ගත්තේ යැ යි කීම දුෂ්කර ය. මේ ඇතැම් මන්ත්‍ර භාරතයෙන් පැමිණ ඇති බව ද සැබෑවකි. එහෙත් සියල්ල ම එසේ යැ යි කීම සාධාරණ නො වන බව පෙනී යන්නේ එ වැනි කටයුතු සඳහා උපයුක්ත සිංහල මන්ත්‍ර ද පවත්නා හෙයිනි. කෙසේ නමුත් ඉන්දිරෙට්ටු පිළිබඳ ඇති පුස්කොළ ලේඛනවල එන ‘දොළොස් දහසක් වැටුණු වල්ලි දේශේ මන්ත්‍රය’ නමින් සූර්ය ඉන්දිරෙට්ටුව විග්‍රහ කොට තිබීමත්, පංචදේව ඉන්දිරෙට්ටුව විග්‍රහ කිරීමේ දී ‘පහළොස් දහසක් වැටුණු මලක්කා දේසේ මන්ත්‍රය යි’ වශයෙන් කර ඇති හැඳින්වීමත් ආදි කරුණු සලකා බලන විට ඒ ඇතැම් මන්ත්‍රවලට ඇති විදේශීය ආභාසය බෙහෙවින් කැපී පෙනේ. සතුරාට අත නො තබා සෙවනැල්ලේ මාරක නිල පාගමින් කළ ‘කල්ලු නිල ඇල්ලුම’ වැනි මන්ත්‍රයක් වුව ද හඳුන්වා ඇත්තේ ‘විසි දහසක් වැටුණු කල්ලු දේසේ මන්ත්‍රය යි’ යනුවෙනි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,752
    113
    ඒ හැර යුධ කටයුතුවල දී විවිධ නක්ෂත්‍ර ක්‍රම භාවිත වූ බවට කල්පනා කළ හැකි තොරතුරු පවතී. පංචපක්ෂි, ඉන්ද්‍ර ගුරුළු, යමකාල, යම පිම්ම, රාහු පිම්ම, ශිවා ලිඛිත වැනි ඒවා ඒ අතර ඇත. මෙහි ඇතැම් ශාස්ත්‍ර බිහි වන්නේ ම යුධ කටයුතු හා සමගාමී ව යමින් ය යනු පවත්නා ප්‍රවාදය යි. නිදසුන් වශයෙන් පංච පක්ෂිය පිළිබඳ කියැවෙන්නේ ශ්‍රී මහාදේව නමැති ඉසිවරයකු විසින් සුර අසුර යුද්ධයක් මුල් කොට නිපද වූ බව ය (වෙනත් ප්‍රවාදයක කියැවෙන ආකාරයට මෙය නිපදවා ඇත්තේ අගස්ති සෘෂිවරයා විසිනි). මයදානව විසින් නිමැවූ රහස් නගර තුනක් වන ත්‍රිපුරය වැනැසීම පිණිස යොදා ගත් ශාස්ත්‍රය ශිවා ලිඛිතය බව ප්‍රවාද කථාව යි. මෙම ශාස්ත්‍රය ඊශ්වරයා විසින් නිර්මාණය කළේ ලු. පැරැණි භාරතීය ජ්‍යොතිෂ ග්‍රන්ථවල රජුන් ගේ යුද්ධ යාත්‍රා විධියට අනතුරු ව ශිවා ලිඛිතය දැක්වූ අවස්ථා ඇති බව ද පැවැසේ. කෘතිය ඇරැඹෙන්නේ ම,

    “‍මහේශ්වරයා විසින් මේ ලෝකයෙහි සත්ත්ව ප්‍රජාව ගේ පැවැත්ම පිණිස ප්‍රකාශ කරන ලද ශ්‍රේෂ්ඨ වූ ත්‍රිපුරහර නම් මෙම මුහුර්ත ශාස්ත්‍රය කවරකු විසින් දක්නා ලද්දේ හෝ අසන ල‍ද්දේ වේ ද ඉදින් මෙහි යම් බඳු ශුභාශුභ ඵලයක් වේ නම් එය ද සියලු කල්හි රජුන් විසිනුදු සිතිය යුතු” යනුවෙනි.

    ත්‍රිපුරහර මුහුර්තං කෙන දෘෂ්ටං ශෘතං වා
    සකලමිහවරිෂ්ටං ශුම්භනාභූතහෙතොඃ‍
    යදි ශුභමශුභං වා යාදෘශං තාදෘශං වා
    තදිහ අපි නරෙන්ද්‍රෛඃ සර්වදා චින්තනීයම්

    එසේ ම යමකාලය, ඉන්ද්‍ර ගුරුළු ව වැනි ශාස්ත්‍රවල ජය මුහුර්ත පිළිබඳ කර ඇති ඉගැන්වීම් ද අමතක කළ යුතු නො‍ වේ.

    ගිය සේවාකම් කෙරුම ට
    ජයපල සරිලයි ඔහු හ ට
    දහතුන් දහසක් හනික ට
    මරණ වේය තුන් මසක ට

    සිව් මාසේ පහු වෙන කො ට
    අසුවෙයි රට එක්සත් කො ට
    සියලු සතුරො බැහැ දැක සි ට‍
    රට පාවා දෙයි රජ හ ට

    යනු යමකාල ශාස්ත්‍රයේ එන මුහුර්තයක් පිළිබඳ කර ඇති හැඳින්වීමකි.

    දීර්ඝ කාලයක් පටන් පවත්වාගෙන ආ සාම්ප්‍රදායික ඥාන සම්භාරය හුදු වචනවලට සීමා වූවක් පමණක් ම නො විය යුතු ය. යුධ කටයුතු ඈ ‍එ කී මෙ කී නො කී බොහෝ අවස්ථාවල ඒවා භාවිත කළ බවට සැකයක් නැත. වෙනත් ශාස්ත්‍රවලින් ගෙන හෝ වෙනත් රටවලින් හෝ වෙනත් රටවල පැවැති ක්‍රමවේදවල ආභාසයෙන් හෝ, නො එසේ නම් ශාස්ත්‍ර ඥාන‍ය මෙහෙයවමින් අලුතින් ම සකසා හෝ ගෙන එක් ධාරාවක් යටතේ සංවිධාන ගත කරගනිමින් අංගම් ශිල්පයට අයත් මායා අංගම් කොටස පෝෂණ වන්නට ඇති බව දැනට පැවැසෙන කරුණුවලින් පෙනී යයි. යුධ කටයුතු පිණිස පිටත් ව යෑමේ දී භාවිත කළ යන්ත්‍ර ආදිය ඇතැම් අවස්ථාවල දක්නට ලැබීම ද මෙහි ලා නිදසුනකි. එ වැනි එක් යන්ත්‍රයක් රත්නපුර ඇමටියගොඩ වලව්වේ දක්නට ඇති අතර එහි ඡායාරූපයක් මේ සටහන සමඟ අමුණනු ලැබේ. ඇමටියගොඩ ගුණතිලක අලහකෝන් මුදියන්සේ යනු මාතර - කටුවන බලකොටුව ඇරවීමට ගිය ප්‍රභූන් ගෙන් කෙනෙකි.
    shakila rajakaruna



    https://www.fa cebook.com/100063541178091/posts/pfbid02TcyT2mhii8NnLWU4ebESv3k3EnzrwaA5kvM8NzwHh3SU5tXbgvBSVvymgezN6LHrl/?mibextid=Nif5oz
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තුවක්කුව දික්කරගෙන එන උන්ට තෙල් ගාගෙන වැලි මතුරලා ගහන්න ගිය නිසා තමයි ඔය පරම්පරාවල් අතුගෑවිලාම ගියෙ. :rofl: :lol: :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,752
    113
    තුවක්කුව දික්කරගෙන එන උන්ට තෙල් ගාගෙන වැලි මතුරලා ගහන්න ගිය නිසා තමයි ඔය පරම්පරාවල් අතුගෑවිලාම ගියෙ. :rofl: :lol: :lol:
    කියවල බලපන් ඔය කටුවන බලකොටු වලදී එහෙම වෙච්ච ඒව.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    තුවක්කුව දික්කරගෙන එන උන්ට තෙල් ගාගෙන වැලි මතුරලා ගහන්න ගිය නිසා තමයි ඔය පරම්පරාවල් අතුගෑවිලාම ගියෙ. :rofl: :lol: :lol:
    සිංහලු යුද්ද කරද්දී සුද්දන්ගෙන් උදුරාගත්ත තුවක්කුයි, එ තුවක්කු බලාගෙන කම්මල් වල හදපු තුවක්කුයි පාවිච්චි කරල තියෙනව.

    සිංහලුන්ට කෙළ වුනෙ උඩරට හැත්ත දුර දිග නොබල රට පාව දෙන්න ගිවිසුම් ගහපු නිසයි :rofl:
     
    • Like
    Reactions: War Fighter

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කියවල බලපන් ඔය කටුවන බලකොටු වලදී එහෙම වෙච්ච ඒව.
    මේ ඉතිහාසය දැන් හරියට සමාජගත වෙන්නෙ නෑ. රාජපක්ස ගෙ වැරැද්ද සිංහල ඉතිහාසය පිටින් යවල 2500 වැරැද්ද ගාන ට්‍රෙන්ඩ් එකක්‌ නෙ දැන් ලංකාවෙ හැදිල තියෙන්නෙ.

    ලංකන් සුද්දා @Rontmir 🤣🤣🤣🤣.ඉන්නේ ලංකාවේ🤣🤣.
    උඹ ලියන විදිහට මට nakamura මතක් වෙනව. :D
    ------ Post added on Jan 17, 2024 at 1:57 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,752
    113
    මේ ඉතිහාසය දැන් හරියට සමාජගත වෙන්නෙ නෑ. රාජපක්ස ගෙ වැරැද්ද සිංහල ඉතිහාසය පිටින් යවල 2500 වැරැද්ද ගාන ට්‍රෙන්ඩ් එකක්‌ නෙ දැන් ලංකාවෙ හැදිල තියෙන්නෙ.
    මේ ලියන කෙනා reference එක්ක ලියනවා හොදට. ෆලෝ කරල තියා ගත්තාට පාඩු නෑ මේවා ගැන interesting නන්

    තුවක්කු කිම්බට ඔබලා ලමයෙක් දීලා පැනලා ගියා අපේ සුදු මහත්වරු😹🤣.අයියෝ සාමි අවජාතකයිනේ🤣🤣🤣.
    නුලේ රෙන්න එපා මචං
    ------ Post added on Jan 17, 2024 at 1:58 PM
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කියවල බලපන් ඔය කටුවන බලකොටු වලදී එහෙම වෙච්ච ඒව.

    සිංහලු යුද්ද කරද්දී සුද්දන්ගෙන් උදුරාගත්ත තුවක්කුයි, එ තුවක්කු බලාගෙන කම්මල් වල හදපු තුවක්කුයි පාවිච්චි කරල තියෙනව.

    සිංහලුන්ට කෙළ වුනෙ උඩරට හැත්ත දුර දිග නොබල රට පාව දෙන්න ගිවිසුම් ගහපු නිසයි :rofl:
    ඒක තමයි වැල්ලෙ උන්ට පුකෙත් ඇරලා බලකොටුත් හැදුවෙ. සුද්දො ඒකාලෙ උඩරටට ආවෙ හෙලිකොප්ටරෙන් කියලද උබ හිතුවෙ
     
    • Like
    Reactions: jennt

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මං ළඟ තියෙනවා අංගං වදින්නැති මන්තරයක් (පුස්කොල පොතේ). මන්තරය විතරයි තියෙන්නෙ, විස්තර නෑ. අංගං නොවදී කියලා තියෙනවා.
    මන්තරය විතරක් තිබුණටත් වැඩක් නෑනෙ.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    තුවක්කුව දික්කරගෙන එන උන්ට තෙල් ගාගෙන වැලි මතුරලා ගහන්න ගිය නිසා තමයි ඔය පරම්පරාවල් අතුගෑවිලාම ගියෙ. :rofl: :lol: :lol:
    යුරෝපා ජාතියක හමුදාවක් ආසියානු ජාතික හමුදාවකින් ලෝකෙ පලවෙනි වතාවට සමූල ඝාතනය උනේ ලංකාවෙදි. ඒක අමතක කරන්න එපා. ඒ වගේම සමූල ඝාතනය කරා අවස්ථා කීපයකදිම. සිංහල හමුදාවන්ට තුවක්කු කාලතුවක්කු තිබුනා. ලංකාවෙ කම්මල් වල තුවක්කු කාලතුවක්කු හැදුවා.

    මුල්ලේරියා සටනෙදි එහෙම කොරතොට ආර්චිචිලා ප්‍රමුඛ අංගම් හමුදාවක් ආවා කියල සඳහන් වෙනවා ඉතිහාසයේ.

    ලංකාවට ඒ කාලෙ හරිහමන් නේවල් ෆෝස් එකක් තිබුනෙ නෑ. නැත්තං කොළඹ කොටුව වැටෙනවා දෙවනි රාජසිංහ රජ්ජුරුවන්ගෙ ඇටෑක් එකේදි. කොළඹ කොටුව විතරයි ඉතුරු උනේ. අනිත් සේරම බලකොටු යටත් උනා. වර්තමාන ස්ලේව් අයිලන්ඩ් ඉඳලා තමයි ආටිලරි ඇටෑක් කලේ කොළඹ කොටුවට.. අන්තිමට ගෝවෙන් කැවලරි එක ආපු නිසා කොළඹ කොටුව වැටුනේ නෑ. සීජ් එක නතර කරලා එන්න උනා ඒකෙන්.

    අංගම් අතුගෑවිලා ගියේ ඉංග්‍රීසීන් ඒක තහනම් කරලා ප්‍රගුණ කරපු අයව මරපු නිසා.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවේ යුද්දෙට ඇවිත් ඇස් අතපය නැතුව ආපහු ගිපු සල්ලි වලට මිනි මරණ ත්‍රස්තවාදියෙක් ගැන කියන්නේ

    All from the island of Ceylon
    So low in the flesh, so high in the bone
    Johnny I hardly knew ye

    Island of sulloon = Ceylon = Sivhela = Sri Lanka
    Irish anti-recruiting song එකක් ලංකාවේ නුවර යුද්ද්දෙට යන්න recruit කරනවට ලියපු





    Ireland. After their illegitimate child was born, the lover ran away and became a soldier. He was badly disfigured, losing his legs, his arms, his eyes and, in some versions, his nose, in fighting on the island of "Sulloon", or Ceylon (now known as Sri Lanka), and will have to be put in (or, in some versions, with) a bowl to beg. In spite of all this, the woman says, she is happy to see him and will keep him on as her lover. Modern versions often end with an anti-war affirmation.


    The song has often been supposed to be an anti-recruiting song and to have been written in Ireland in the late 18th or early 19th century, at the time of or in response to the Kandyan Wars, which were fought in Sri Lanka between 1795 and 1818.

    [/QUOTE]



    1705485829033.jpeg


    uwa wellasse aya dan inna widiha moratuwe

    1705485867220.jpeg
     
    Last edited:

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    යුරෝපා ජාතියක හමුදාවක් ආසියානු ජාතික හමුදාවකින් ලෝකෙ පලවෙනි වතාවට සමූල ඝාතනය උනේ ලංකාවෙදි. ඒක අමතක කරන්න එපා. ඒ වගේම සමූල ඝාතනය කරා අවස්ථා කීපයකදිම. සිංහල හමුදාවන්ට තුවක්කු කාලතුවක්කු තිබුනා. ලංකාවෙ කම්මල් වල තුවක්කු කාලතුවක්කු හැදුවා.

    මුල්ලේරියා සටනෙදි එහෙම කොරතොට ආර්චිචිලා ප්‍රමුඛ අංගම් හමුදාවක් ආවා කියල සඳහන් වෙනවා ඉතිහාසයේ.

    ලංකාවට ඒ කාලෙ හරිහමන් නේවල් ෆෝස් එකක් තිබුනෙ නෑ. නැත්තං කොළඹ කොටුව වැටෙනවා දෙවනි රාජසිංහ රජ්ජුරුවන්ගෙ ඇටෑක් එකේදි. කොළඹ කොටුව විතරයි ඉතුරු උනේ. අනිත් සේරම බලකොටු යටත් උනා. වර්තමාන ස්ලේව් අයිලන්ඩ් ඉඳලා තමයි ආටිලරි ඇටෑක් කලේ කොළඹ කොටුවට.. අන්තිමට ගෝවෙන් කැවලරි එක ආපු නිසා කොළඹ කොටුව වැටුනේ නෑ. සීජ් එක නතර කරලා එන්න උනා ඒකෙන්.

    අංගම් අතුගෑවිලා ගියේ ඉංග්‍රීසීන් ඒක තහනම් කරලා ප්‍රගුණ කරපු අයව මරපු නිසා.
    යකෝ ඕවා දාන්න එපා ලංකාවේ ඉන්න සුද්දා දුවන් එයි @Rontmir 🤣🤣🤣🤣