මාරක කුටියේදී

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    (මෙය මදක් දිගු වූවද, මදක් කල් ගෙන හෝ මම මෙය ලියා අවසාන කරමි. මන්ද මෙය අද කවුරැත් මෙන් කියවීමට කැමැත්ත දක්වන සුළු ත්‍රාසය දනවන සුළු 'කික්' එකක් සහිත කෙටි-කතාවක් වන හෙයිනි. එමෙන්ම කියවීමේ සහ ලිවීමේ වේගය පිනිස අවශ්‍යම තැන් හැර අනෙක් සාහිත්‍යමය කොටස් ඉවත් කර ඇති බව, ප්‍රභල සාහිත්‍ය රසඥ්‍යතාවයකින් යුතු පාටකයින් කරැනාවෙන් සලකත්වා.)
    -------

    එය මාරක කුටියක් විය. දොර විවර වූ විගස ෆ්ලෙචර් එය දැනගත්තේය. පොලොවට අළුවන් කාර්මික ටයිල් අල්ලා තිබූ අතර, බිත්ති අවපැහැව ගිය සුදුවන් ගල් වලින් සදලාය. ඒ මත තැනින් තැන පැල්ලම් තිබූ අතර, ඒ ලේ පැල්ලම් විය හැකිය. නියතයෙන්ම මේ කාමරය තුල මිනිසුන්ගේ ලේ සොලවා තිබිනි. ඉහලින් තිබූ බල්බයන් යකඩ වයර් කූඩු වලින් ආවරනය කර තිබුනි. කාමරය මැද දිගු දැවමය මේසයක් තිබූ අතර, ඒ පිටුපස මිනිසුන් තිදෙනෙක් හිදගෙන සිටියෝය. මේසය ඉදිරිපිට ෆ්ලෙචර් සදහා හිස් පුටුවක් තිබූ අතර, පුටුවට පසකින් කුඩා ට්‍රොලියකි. ඒ මත තිබූ වස්තුව රෙද්දකින් ආවරණය කරලාය.

    ෆ්ලෙචර් ව පුටුවට ගෙන යාමට සිදුවූයේ බාගෙන ඔසවාගෙන සහ බාගෙන ඇදගෙනය. මුර සෙබලා ඔහුව අල්ලා වේගයෙන් අැදගෙන ගියේය. තොරතුරැ දෙපාර්තමේන්තුව යට ඇති මෙම බේස්මන්ට් කාමරයෙන් යලි පිටතට ඒම යනු තිහට දෙක තුනක පමන අහුඹුවක් ඇති දෙයක් වීමට ඉඩ තිබිනි -- එයද ඕනෑවට වඩා සුභවාදී කල්පනාවක්ය. මෙම යකුන් කවුරැන් වුවද, බියසුළු බවක් දැක්වීමෙන් ඔවුන්ව ප්‍රබෝධමත් නොකල යුතු බව ඔහු දැන සිටියේය. ඔහුගේ ඉදිමුණු ඇස සහ නාසය, පැලී ගිය යටි තොල, සහ මුව වටා තිබූ වේලී ගිය අදුරැ ලේ කැටිය මෙය කිරීම පහසු කලේය. මුර බල්ලා ඔහුව පුටුව මතට තල්ලු කර දැමූ අතර, ඔහු එයින් නොපරලී බේරැනේ අනූ නවයෙනි. මැද හිදගෙන සිටි මිනිසා එස්කොබාර් නැමති එකකු වූ අතර, ඔහුට වම් පසින් කෘෂ මිනිසෙක්ද, දකුනු පසින්, අවුරැදු හැටක පමන සිහින් ගැහැනියක්ද හිදගෙන සිටියෝය. එස්කොබාර් තඩි මී හරකෙකු මෙන් මහත, ඉටි පන්දමක් මෙන් තෙල් බේරෙන එකෙකු විය. ඒ වුවද මූ තොරතුරැ අධිකාරියෙහි මහ ඇමතියා වූයේය. කෙසේ වුවත් ටයි පොලු සහ කෝට් ඇදගත් විට මුගේ මහත පෙනුනේ නැත. ෆ්ලෙචර් මේ සියල්ල දැන සිටියේය. ඔහු එස්කොබාර් ගැන ලිපි තුන හතරක්ම පල කොට තිබුනි. සියළු ඇමතියන්ගේ ස්වභාවයට අනුවම, පිටත ලෝකයට ඔහු ජොලි මිනිසෙකු විය. එහෙත් කටකතා වලට අනුව නම්, මොහු මිනිසුන්ට දස වද දීමේ ආශාවෙන් පෙලුනු පිස්සෙකු විය (සියළු ඇමතියන් සේ).

    එස්කොබාර් අදුරැ මහුණකින් යුතු නාකිච්චිය දෙස බැලූ අතර, ඈ ඔහු වෙත යන්තමින් හිස සැලුවාය. ෆ්ලෙචර් සැමවිටම සිතුවේ ඈ ඇමතියාගේ ලේඛම් වරිය කියාය. එහෙත් දැන් ඔහුට හැගුනේ සැබැවින්ම ඈ ඔහුගේ අණ දෙන නිලධාරිනිය ලෙසිනි.
     
    Last edited:
    • Like
    Reactions: funmalaya

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    එස්කොබාර් නැවත ෆ්ලෙචර් දෙසට හැරෙන විය ඔහුගේ මුහුනෙහි සිනාවකි. "විකාර කරන්න එපා" හේ මුර බල්ලා මට මාංචු දමන්නට සැරසෙන විට කීවේය. "මිස්ටර් ෆ්ලෙචර් ඇවිල්ලා ඉන්නේ අපට පොඩි උදවු වගයක් කරන්න විතරයි. එයාව ඉක්මනින් එයාගේ රටට පිටත් කරනවා අපි."

    ප්‍රෑන්කන්ස්ටයින්ගේ මනාලිය බදු කාන්තාව එස්කොබාර් වෙත නැඹුරැ වී, අත තබා ඔහුගේ කණට යමක් කෙදිරූ අතර, එස්කොබාර් සිනාවෙමින් හිස වැනුවේය.

    "ඇත්ත වශයෙන්ම, රමාන්. අපේ අමුත්තා මොකක් හරි මෝඩ දෙයක් හරි, එක පාරට මොකක් හරි කලොත් හරි, උඹට සිද්ද වෙනවා ඔහුට පොඩ්ඩක් වෙඩි තියන්න." ඔහු මහා සිනාවක් සිනාසෙන්නට වූ අතර, ඉන්පසු තමා කී දෙය ස්පාඥ්ඥ භාශාවෙන්ද කීවේ, එය රමාන්ට මෙන්ම ෆ්ලෙචර්ටද තේරුම් යාමටය.

    එස්කොබාර් තම සාක්කුවෙන්, තුන් වෙනි ලෝකයේ සෑම රටකම පාහේ භාවිතා කරන මෙල්බරෝ සිගරට් පෙට්ටියක් ඇදගත්තේය. "සිගරට් එකක් බොනවද, මිස්ටර් ෆ්ලෙචර්?"

    ෆ්ලෙචර් තම අත ඉදිරියට දිගු කලද, එය ආපසු ඇදගත්තේය. ඔහු වසර තුනකට පෙර සිගරට් බීම අතැර තිබූ අතර, මෙයින් ගැලවී ගතහොත් තමා නැවත සිගරට් බීමට පුරැදු වනු ඇතැයි ඔහු බිය විය. එමෙන්ම අධි සැර මන්පැන් පානය කිරීමට පවා. මෙවිට තමා 43වැනි මාවතේ පත්තර විකුණන ස්ථානයකින් මෙල්බොරෝ පැක් එකක් මිලදී ගන්නා දර්ශණයක් ෆ්ලෙචර්ට පෙනී ගියේය --
    නිව්යෝක් නගරයේ නිදහස් මිනිසෙක්, සතුටු සිතින් විශ මිලදී ගන්නා ආකාරය. මෙයින් ගැලවුනොත්, තමා එසේ කරන බව ඔහු කියාගත්තේය. ඇතැම් මිනිසුන් තම පිළිකාව සුව වූ විට රෝමයට හෝ ජෙරැසලමට වන්දනාවේ යන්නාක් මෙන්.

    "ඕක කරපු මිනිහට," එස්කොබාර් ෆ්ලෙචර්ගේ තැලී පොඩිවී ගිය මුහුන වෙත අත වනා කීවේය, "පාඩමක් ඉගැන්නුවා. ඒත් වැඩිය සැරට නෙවේ. මොකද ඒ මිනිස්සු දේශප්‍රේමීන්, මේ අපි වගේම. ඔබ වගේත්, එහෙම නේද මිස්ටර් ෆ්ලෙචර්?"

    "එහෙම වෙන්න පුළුවනි."

    "ඔබ අපේ ප්‍රශ්ණ කිරීම් වලට උත්තර දීලා, අපට උදවු කරන්න ලෑස්තිද, මිස්ටර් ෆ්ලෙචර්? එහෙම කලොත් ඔබට ගෙදර ගියෑකි." ඔහු කෙප්ප කෙලින බව ෆ්ලෙචර් දත්තේය. ඔවුන්ව විශ්වාස කිරීමය ඔබ නොකල යුතුම දෙය. කඩයකින් කෝපි පානය කරමින් සිටිද්දී, ඔබව පිටතට ඇදගෙන ගොස්, දෙවරක් බදිනු ලැබූ බෝංචි ගද විහිදෙන මිනිසුන් පිරිසක් විසින් පහරදීමට ලක් වූ කල, ඔවුන්ට ඇත්ත කීමට ඔබට සිතෙනු ඇත. එහෙත් ඔවුන්ට අවශ්‍ය දේ දීමෙන් සිදුවන යහපතක් නැත. මෙවැනි කාමරයකදී සිතේ තබා ගත යුතු එකම දෙය එයය. ඔවුන් පවසන කිසිවක වැදගත් කමක් නැත. වැදගත්කමක් ඇති එකම දෙය වූයේ, ට්‍රොලිය මත රෙද්දකින් වසා තිබූ එම වස්තුවයි.

    එස්කොබාර් ඉදිරියට නැඹුරැ වී, බරපතල මුහුනක් මවාගෙන මෙසේ ඇසීය, "අන්තිම මාස දාහතරෙදී, තෝමස් හරේරා කියන මිනාහාට ඔබ යම් යම් කොමියුනිස්ට් තොරතුරැ වගයක් දුන්නු බව ඔබ ප්‍රතික්ෂේප කරනවද?"

    "නෑ, මම ප්‍රතික්ෂේප කරන් නෑ." මෙවැනි කාම‍රයකදී දේශපාලනික විවාදයකින් කිසිවෙකු මෙතෙක් ජයගෙන තිබේද?

    එස්කොබාර් සිනාසීමට පටන් ගත් අතර, ඔහු ෆෝල්ඩරයකින් දිලිසෙන කළු සුදු ෆොටෝ වක් ගෙන, එය මා වෙත තල්ලු කලේය. "මෙන්න ඔබගේ යාළුවා, තෝමස්. දැන් එච්චර ලස්සන නෑ නේද පොර?" එය මල මිනිසෙකුග‍ේ හිසෙහි ඡායාරෑපයක් විය. ලේ දැකීමට නොතිබුනු අතර, කැලලක් පමනක් දිස්විය. ඔහුගේ ඇස් විවර වී තිබුනු අතර, ඔහුගේ මල හිස පීරා තිබිනි. එය ජීවත් වන්නෙකුගේ ජායාරෑපයක් සේ පෙනෙන සේ සකස් කර තිබුනද, ඒ දෙස බැලූ විමට එම මිනිසා මියගොස් ඇති බව වැටහී යයි.


     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    එස්කොබාර් පින්තූරය නැවත ගත් අතර, ෆෝල්ඩයරට දැමුවේය. ඔහු දෙඋර ඇකිලුවේ තොට පේනවද? තොට පේනවද වෙන දේ? කියන්නාක් මෙනි.

    "අපිට ඔබට කරදර කරන්න ඕන වුන‍ේ නෑ" හේ කියයි. "මොකටද? අපි පුංචි රටක ඉන්න පුංචි මිනිස්සු. නිව්යෝර්ක් ටයිම්ස් කියන්නේ ලොකු රටක ලොකු පත්තරයක්. ඒ වුනාට අපිටත් ගෞරවයක් තියනවා. අපිට තියනවා..." එස්කොබාර් තම නලලට ඇගිල්ලෙන් තට්ටු කලේය. "තේරෙනවා නේද?"

    ෆ්ලෙචර් හිස සැලුවේය. ඔහුට තවමත් තෝමස් ව පෙනිනි. තෝමස් ගේ බිරිය පිසින ලද ආහාර ඔහු කා තිබිනි. අවුරැදු පහක් පමන වන ඔහුගේ දියනිය සමග කාටූන් බලා තිබිනි.

    "අපිට ඔබට හිරිහැර කිරීමට උවමනා වුනේ නෑ." එස්කොබාර් යලි කීවේය. "ඒත් අපි බොහොම කාලයක් ඔබ ගැන අවධානෙන් හිටියේ. ඔබ ලොකු රටක සහ අපි පොඩි රටක් ඉන්න නිසා, ඔබ අන්ධ වෙලායි හිටියේ. ඒත් අපි බලාගෙනයි හිටියේ. ඔබයි තෝමසුයි දන්නා දේවල් අපි දැනගත්තා. අපි ඔහු වෙත ගියා, මොකද අපිට ඔබට හිරිහැර කරන්න ඕන වුනේ නැති නිසා. ඒත් ඔහු කිසි දෙයක් කීවේ නෑ. හෙයින්ස්, ෆෙලචර් මහත්තයට පෙන්නන්න අපි තෝමස්ට කතා කරපු හැටි. ඔහු ඉදගෙන හිටියේ දැන් ෆ්ලෙචර් මහත්තයා ඉදගෙන ඉන්න පුටුවෙමයි."

    "හොදා" හෙයින්ස් කීවේය.

    ෆ්ලෙචර්ට පහතින් පොලොව මත බල්බයන් සහ ඩයලයන් අක්‍රීය කර තිබුනු උපකරණයක් තිබුනු අතර, එය පෙනුනේ ලයි-ඩිටෙක්කටරයක් (බොරැ අල්ලන උපකරණක්) සේය. එහෙත් එයට ෆවුන්ටන් පෑනක් බදු උපකරණයක්, මහත කළුවන් වයරයක් මගින් සම්බන්ධ කොට තිබිනි. එයට කොපුවක් නොතිබුනු අතර, අග තිබුනේ ලෝහමය උලක් පමනය.

    එමෙන්ම, අසලින් රාක්කයක් තිබූ අතර, ඒ මත කාර් බැටරියක් විය. බැටරියෙන් අර උපකරණය කරා වයර් දිව ගියේය. නැත, එය ලයි-ඩිටෙක්ටරයක් නොවුනි. ‍එහෙත් මුන්ට එය එසේ වූවා විය යුතුය.

    හෙන්ස් වේගයෙන් කථා කිරීමට පටන් ගත්තේ, තමා කරන දේ ගැන අනුන්ට පැහැදිලි කරන මිනිසෙකුගේ උද්‍යෝගයෙන් මෙනි. "මේක සරලයි. ස්නායු වෛද්‍යවරැන් පාවිච්චි කරන, ඒකධ්‍රැවීය ස්නායු ආබාධ වලට භාවිතා කරන උපකරනයක් මොඩිෆයි කරලා හදපු උපකරණයක්. එකම වෙනස තමා, මේකෙන් අරිට වඩා තද විදුලි සැරයක් පිට කරන එක. මිනිස්සුන්ට මේකෙන් ඇති වන වේදනාව මතක හිටින්නේ වත් නෑ. හොගක් මිනිස්සු කථා කරන්න පටන්ගන්නේ උපකරණයට ඇතිවන බය නිසයි. දවසක මම මේක සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වාර්ථාවක් ලියනවා."

    හෙයින්ස්, පෑන බදු උපකරනය එහි රබර් අගිස්සෙන් අල්ලා මගේ ඇස් ඉදිරිපිටින් අල්වා පෙන්වූයේය.
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    "මේක ඇගේ තැන් තැන් වලට තියන්න පුළුවනි... බඩට, පපුවට.. රහස් තැනට... ඒ වගේම ඉරපායන්නෙ නැති තැනට. මිනිහෙකුගේ පස්ස පැත්ත ඇතුලට විදුලිය වැදුනාම මිනිහට ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ, මිස්ටර් ෆ්ලෙචර්."

    "මම දැන් ඔබෙන් අහන්න යනවා, තෝමස් උත්තර දුන්නේ නැති ප්‍රශ්ණ වගයක්." තම සිගරටය බිම දමා පාගමින්, එස්කොබාර් කීවේය. "ඔබ ඒවාට උත්තර දෙයි කියලා මම විස්වාස කරනවා. මම ඔබට කැමතියි. ඔබ ඔතන අඩන්නේ දොඩන්නේ නැතුව, කලිසමේ හුජ්ජා කරගන්නේ නැතුව, ධෛර්ය්‍යමත්ව හිදගෙන ඉන්න විදියට මම කැමතියි. මම දන්නවා ඔබ කරන්නේ, ඔබ හරියි කියලා විස්වාස කරන දේවල් බව. ඒකට තමා දේශප්‍රේමී බව කියන්නේ. ඉතිං යාළුවා, මං ඔබට කියනවා මගේ ප්‍රශ්ණ වලට බොරැ නැතුව ඉක්මනින් උත්තර දෙන්න කියලා. එතකොට හෙයින්ස්ට ඔය මැෂින් එක පාවිච්චි කරන්න උවමනා වෙන්නේ නෑ." මරණය, ඉහලින් ඇති බල්බයන්ට වඩා ආසන්න වූ අතර, වේදනාව ඊටද වඩා ආසන්න වූවේය.

    "නූනෙස් ඉක්මනට ඒවිද?" ඔහු ඇසුවේය.

    ‍ෆ්ලෙචර් හිස වැනුවේය.

    "කොච්චර ඉක්මනටද?"

    "එ්ක මන් දන්නෙ නෑ"

    "ඔහු ආපුවාම, ඔහු එල් කැන්ඩිඩෝ බල කොටුවට පහර දෙයිද, නැත්තම් කෙලින්ම නගරයට එයිද?"

    "බලකොටුවට" ෆ්ලෙචර් කීවේය.

    ඔහු එනු ඇත්තේ නගරයටය. තෝමස් එසේ කියා තිබුනේ ඔහුගේ දියණිය සහ බිරිය, බිම හිදගෙන පොප්කෝර්න් කමින් කාටූන් බලන විටදීය. නූනේස් අතන මෙතන හු***මින් සිටින්නේ නැත. වැම්පරයකු මරන්නාක් මෙන්, ඔහු පහර දෙනු ඇත්තේ රටෙහි හදවතටය.

    "ඔහු ටීවී ස්ටේශන් එකට පහර දෙයිද? නැත්තම් ගුවන් විදුලි සංස්ථාවට?" එස්කොබාර් විමසා සිටියේය.

    මුලින්ම සිවිල්-හිල් හි ඇති රේඩියෝ ස්ටේශනයට, තෝමස් කියා තිබිනි. ඒ වන විට පෙන්වූ කාටූනය වූයේ රෝඩ් රනර්ය. කොයෝටේ නරියා රෝඩ් රනර්ව ඇල්වීමට කවර සට-කපට උපකරනයක් භාවිතා කලද, බීප්-බීප්, රෝඩ් රනර් දුවගොස් අවසානය (මෙම කාටූනය බොහෝ විට මතක තිබෙනු ඇත්තේ 80 දශකයේ උපන් අයටය).

    "නෑ. 'උන් කච-පච ගගා හිටපුවාවේ' කියලා එල් කොන්ඩෝර් කියපු බව තෝමස් මට කීවා."

    "ඔහුට රොකට් තියනවද? බිම ඉදන් උඩකට පහර දෙන්න පුළුවන් ඒවා. හෙලිකොප්ටර් බිම දාන්න පුළුවන් ජාතියේ?"

    "ඔව්" එවර මා ඇත්ත කීමි.

    "ගොඩක්?"

    "ගොඩක් නෑ." මෙය ඇත්තක් නොවුනි. නූනෙස්ට ඒවා හැටක් පමන තිබිනි. මෙම රටෙහි මුලු ගොං බූරැ යුධ හමුදාවට තිබුනේ හෙලිකොප්ටර් දහයක් පමනය. ඒවාද වැඩි කල් ක්‍රියාත්මක නොවන, බාල රැසියානු ඒවා විය.

    නාකිච්චිය එස්කොබාර් ගේ උරහිසට තට්ටු කොට නැවත ඔහුට රහස් කීවාය. ඇගේ තොල් සෙලවුනේ නැති තරම්ය.

    ගැහැනිය ඔහුට පවසන්නේ, ඔහු කියන්නේ අසත්‍ය වන බව ෆ්ලෙචර් දැන සිටියේය. තවත් මද වේලාවකින් හෙයින්ස් හට තම විශ්ව-විද්‍යාල වාර්ථාව පිනිස තවත් දත්ත ලැබෙනු ඇත. පරීක්ෂණයන්ට ලක් කල තැනැත්තන්ගේ ගූ වලට විද්‍යුතය සැපයූ විට, ලැබුනු දත්ත අනුසාරයෙන් කල මූලික නිරීක්ෂණයන්.
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    එස්කොබාර් නැවතත් සිගරටයක් තම කටෙහි ගසා, දුක්බර සිනාවක් ආරැඩ කරගෙන මෙසේ පැවසීය, "අමීගෝ(ස්පාඥ්ඥ භාශාවෙන් 'යාළුවා') ඔබ කියන්නේ බොරැ."

    "නෑ" ‍ෆ්ලෙචර් කීවේය. "මොකදට මම බොරැ කියන්නේ? මටත් ඕන මෙතනින් ගැලවෙන්න."

    "අපටත් හිතාගන්න බෑ ඔබ බොරැ කින්නේ මොකද කියලා." කෘශ මුහුනැති ගැහැනිය කීවාය. "ඒ වගේම අපි දන්නෙ නෑ ඔබ මොකද නූනේස්ට උදවු කරන්න හැදුවේ කියලා. මොක හරි. උපකරනය ක්‍රියා කරවලා පෙන්නන්න දැන් වෙලාව හරි. හෙයින්ස්?".

    හෙයින්ස් සිනිසෙමින් උපකරනයේ ස්විචයක් දැමූ අතර, හම්ම් ශබ්ධයක් ද නගමින් කොලවන් ආලෝක තුනක් ඒ මත දැල්වී ගියේය.

    "එපා" ෆ්ලචර් නැගිටීමට උත්සාහ කරමින් කීවේ, තමා බියට පත් වී ඇති බව රගපාමිනි. නමුත් ඇයි නැත්තේ, ඔහු සැබවින්ම බියට පත් වී තිබිනි. එහෙත් හෙයින්ස්ගේ පෑන් තුඩින් එක් හෝ විදුලි සැරයක් තමා ලැබිය යුතු බව ඔහු දත්තේය.

    එස්කොබාර් රමාන් වෙත හිස සැලුවේය.

    "ඔබට මේක කරන්න බෑ. මම ඇමරිකානු වැසියෙක්. මම වැඩකරන්නේ නිව්යෝර්ක් ටයිම්ස් පත්තරේට. මිනිස්සු දන්නවා මම කොහෙද ඉන්නේ කියලා."

    බරැති අතක් ඔහුගේ උරහිස මත තද වී ගිය අතර, ඔහු නැවත පුටුවට තෙරපී ගියේය. ඒ මොහොතේම පිස්තෝල බැරලයක් ඔහුගේ කණ තුලට විනිවිද ගිය අතර ඔහුගේ දෑස් ඉදිරි පිට තිත් පෙනී ගියේය. ඔහු කෑගෑවේය.

    "අත ඉස්සරහට දිගාරින්න, ෆ්ලෙචර් මහත්තයා." එස්කොබාර් සිනාසෙමින් කීවේය.

    ෆ්ලෙචර් පැන්සලක් මෙන් තම යකඩ උල අල්ලා ගත්‍ අතර, උපකරනය හම් හම් ගෑවේය.

    ෆ්ලෙචර් ඔහුගේ දකුනතින් පුටු අත මිරිකා ගත්තේය. දැන් තමා රගපානවාද නැද්ද යන්න ගැන ඔහුට සිතාගත නොහැකි විය. රගපෑමත් භීතියත් අතර තිබූ ඉර අතුරැදන්ව ගොස් තිබිනි.

    "පටන් ගමු" නාකිච්චිය කීවාය.

    ෆ්ලෙචර් තම දකුනු අත බුරැල් කරන්නට පටන් ගත් නමුත්, ඔහු අත දිගෑරීමට පෙර ඉදිරියට පිනූ හෙයින්ස්, පෑන ඔහුගේ වම් අතෙහි පිටි අල්ල මත තැබුවේය.

    කෝටුවක් කැ‍ඩෙන්නාක් බදු හඩක් නැගී ආ අතර, ෆ්ලෙචර්ගේ දකුනත කෙතරම් තදින් මිට මෙලවී ගියේද කිවහොත්, ඔහුගේ නියපොතු ඔහුගේ අල්ල කපාගෙන ඇතුලතට කිදා බැස්සේය. විදුලි සැරය ඔහුගේ අත දිගේ දිව යමින් ඔහුගේ කටහි විදුරැ මස් දක්වාම පැමිනි අතර, ඔහු තම දිව සපා ගති. ෆ්ලෙචර් පුටුවෙහි එක් අනෙක් අතට විසි වී ගිය අතර, රමාන් ඔහුව අල්ලා නොගත්තේ නම්, ඔහු බිම පෙරලෙනු ඇත. එම පෑනෙන් නැවත විදුලි සැරයක් නොලැබීම පිණිස, තම මවට පවා වෙඩි තබනු ඇතැයි සිතුවිල්ලක් ඔහු ගේ හිසට පැමිනියේය.

    "ඒ පවර් එකෙන් හතරෙන් එකයි. මිනිහට චූ ගිහින් -- ටිකක්" හෙයින්ස් කීවේය.

    "මිස්ටර් ෆ්ලෙචර්. ඔබ නරක ලමයෙක්." එස්කොබාර් කියපි.


     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    එස්කොබාර් හිස සැලුවේය. "අපි දන්නවා නූනේස් නගරයට එනවා කියලා. රෙඩියෝ ස්ටේශන් එකට පහර දෙනවා කියලා. මේක දින කීපයකින් හෝ පැය කීපයකින් සිද්ද වෙන්න පුළුවනි. අපි ඔබට ලණුවක් දුන්නා තොන්ඩුවක් හදා ගනීද බලන්න... ඔබ හදාගත්තා."

    ෆ්ලෙචර් නැවත පුටුව මත කෙලින් වූයේය. තෝමස්ගේ මියගිය හිසෙහි තිබුනාක් මෙන් සළකුණක් ඔහුගේ වමතෙහි දැකිය හැකි විය. ඔහුග‍ේ මිතුරා මරා දැමූ හෙයින්ස්, තම යන්ත්‍රය ඉදිරියේ තම දෑත් බැදගෙන සිනාසෙමින් සිටගෙන සිටියේය. ඔහු කල්පනා කරනවා ඇත්තේ තම වාර්ථාව ගැනය. ජේද සහ ප්‍රස්ථාර සහිතවූත්, රෑපය-1 රෑපය-2 රෑපය-3 යනුවෙන් නම් කරන ලද්දාවූත් වාර්ථාව.

    "මිස්ටර් ෆ්ලෙචර්?"

    ෆ්ලෙචර් එස්කොබාර් දෙස බලමින් තම වමතෙහි ඇගිලි දිගු කලේය. තවම එය නලියෑවද, එම සංවේදනය අඩුවෙමින් තිබුනු අතර, අවශ්‍ය අවස්ථාවේදී එය පාවිච්චියට ගැනීමට හැකි වෙතැයි ඔහු සිතුවේය. රමාන් ඔහුට වෙඩි තැබුව හොත්? -- ඉතින් මොකද. එවිට මලවුන් පණගන්වන්නට පුළුවනි දැයි හෙයින්ස්ට පරීක්ෂා කිරීමට හැකි වනු ඇත.

    "ඔබට ඇහෙවාද, ෆ්ලෙචර් මහත්තයා?"

    ෆ්ලෙචර් හිස වැනුවේය.

    "ඔබ නූනේස් කියන මේ මිනිහාට උදවු කරන්න හැදුවේ ඇයි?" එස්කොබාර් අසා සිටියේය. "ඔබ මේ මිනිහාව ආරක්ෂා කරන්න වද විදින්නේ ඇයි? මිනිහා කොකේන් ගහනවා. මිනිහා කැරැල්ල දිනුවොත්, මිනිහා ජීවිතේට ජනාධිපතිකම ආතාරින්නේ නෑ. එතකොට ඌ ඔබේ රටට කොකේන් විකුනාවි. ඌ ඉරිදා පල්ලියට ගිහිල්ලා, අනෙක් දවස් වලදී මිනිහාගේ කෝක්-වේසියන්ට හු**කා ඉදීවි. අන්තිමේදී කවුද දිනන්නේ? සමහර විට කොමියුනිස්ට් කාරයෝ. සමහර විට එක්සත් පලතුරැ කල්ලිය. ඒත් ජනතාව නෙවෙයි." එස්කොබාර් ගේ හඩ බාල වී ගිය අතර, ඔහුගේ දෑස් වලට මෘදු බවක් ආර්ඩ විය. "ෆ්ලෙචර් මහත්තයා, අපිට උදවු කරන්න. ඔබේ කැමැත්තෙන්ම, අපේ බල කිරීමක් නැතුව."

    "ඔවු, මම උදවු කරනවා." ‍ෆ්ලෙචර් කීවේය.

    "අහ්, හොදයි" එස්කොබාර් සිනා සී ගැහැනිය දෙස බැලුවේය.

    "උට රොකට් කීයක් තියනවද?" ඇසුවේ ගැහැනියයි.

    "අඩු ගානේ හැටක්."

    "රැසියානු ඒවද?"

    "සමහරක්. අනෙක් ඒවා ආවේ ඊශ්රායල් ලේබල් ගහපු පෙට්ටි වල. ඒත් රොකට් වල ලේබල් ජපන් ඒවා වගෙයි පෙනුනේ."

    ඈ පැහැදුනු මුහුණකින් යුතුව හිස සැලුවාය. එස්කොබාර් තම අස්ස දත් වලින් සිනා පෑවේය.

    "කොහෙද ඒවා තියෙන්නේ?"

    "හැම තැනම. ඔබලාට බෑ ඒකපාරට කඩා වැදිලා ඒවා අල්ලගන්න. ඒත් ඔර්ටීස් වල දහයක් විතර තාම ඇති මම හිතන්නේ." එය එසේ නොවන බව ෆ්ලෙචර් දැන සිටියේය.

    "එතකොට නූනේස් කොහෙද? එල් කොන්ඩෝර් ඉන්නේ ඔර්ටීස් වලද?"

    ඈ එම ප්‍රශ්ණය ඔහුව ඇන්දීමට ඇසූවක් බව ඔහු දත්තේය.

    "ඔහු ඉන්නේ කැලේ. අන්තිමට මට ආරංචි වෙච්ච විදියට ඔහු බේලාන් පලාතේයි ඉදලා තියෙන්නේ." මෙය බොරැවක් විය. ෆ්ලෙචර් නූනේස්ව අවසානයට දකින විට ඔහු සිටියේ අගනුවරට ආසන්නයෙන් තිබුනු ක්‍රිස්ටබාල් වලය. ඇතැම් විට තවත් ඔවුන් එහි සිටිනවා විය යුතුය. එහෙත් මොවුන් එය දැන සිටියා නම්, මෙම ප්‍රශ්ණ කිරීම සිදු නොවනු ඇත. තවද, නූනේස් ෆ්ලෙචර් ව විශ්වාස කලා යැයි මොවුන් සිතන්නේ මන්ද? ඔහු තම ලිපිනය ඇමරිකානු පත්තරකරැවෙකුට දුන්නේ මන්ද? ඇමරිකානු පත්තරකරැවෙක් මෙයට සම්බන්ධ වූයේ කුමන කාරනයක් නිසාද? මේ ප්‍රශ්ණ ගැන දැනට ඔවුන් සිත සිතා සිටීම නවත්වා ඇති බවක් පෙනුනි.

    "ඌ නගරේ කාත් එක්කද කතා කරන්නේ?" ගැහැනිය ඇසුවාය. "ඌ නගරේ හු**නේ කාත් එක්කද කියලා නෙමේ මම අහන්නේ, කතා කරන්නේ කාත් එක්කද කියලා."

    ඔහු යමක් කල යුතු අවස්ථාව වූයේ දැන්ය -- ඔහු එසේ කරනවා නම්. ඇත්ත කීම තවදුරටත් ආරක්ෂාකාරී නොවූ අතර, තවදුරටත් බොරැ කිවහොත් ඔවුන් එය දැනගනු ඇත.

    "මිනිහෙක් ඉන්නවා..."
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    "මිනිහෙක් ඉන්නවා..." කියූ ෆ්ලෙචර් නැවතුනේය. "එහෙනම් මටත් සිගරට් එකක් දෙන්න."

    "මිස්ටර් ෆ්ලෙචර්! හරි කමක් නෑ" එස්කොබාර් රතු සහ සුදු පැක් එක අතට ගෙන, එය සොලවා සිගරට්ටුවක් ෆ්ලෙචර් වෙත දිගු කලේය. ෆ්ලෙචර් එය අරගත්තේ, එය ෆිල්ටරය දක්වා දැවී යාමට පෙර ඇතැම් විට තමා මලවුන් අතර සිටිනු ඇතැයි යන සිතිවිල්ලෙනි. තම අතෙහි දැනෙන ගැහෙන ගතිය සහ කටෙහි එක පැත්තක දැනෙන තැම්බුනු රසය හැරෙන්නට ඔහුට කිසිවක් නොදැනුනේය.

    ඔහු සිගරට්ටුව තම තොල් අතර තබා ගත් අතර, ෆ්ලෙචර් තම රත්‍රන් ආලේපිත ලයිටරය ඔහු වෙත දිගු කොට එය දැල්වූයේය. මෙල්බරෝවෙහි අග ගිනිගත් අතර, ඔහු පෙනහළු පුරා දුම ඇද්දේය. අවුරැදු තුනක් සිගරට් නොබී හිදීමෙන් පසු, කැහීමට පටන් ගැනීම ලෙහෙසි දෙයක් විය. ඔහු පුටුවට හේත්තු වී, එම කැහීමට හුස්ම හිර කරන්නාක් වැනි හඩක් එකතු කලේය. ඔහුගේ මුළු සිරැරම සෙලවීමට පටන් ගත් අතර, ඔහුගේ වැලමිටි ඉගිලී ගියේය. හිස දෙපසට වැනුනු අතර, පාදයන් පොලොවෙහි වැදෙන්නට පටන් ගත්තේ බෙර ගසන්නාක් මෙනි. එහෙත් ඔහු කල අනගිම දෙය වූයේ, තමාගේ කුඩා කල දක්ෂතාවයක් මතක් කරමින්, තම දෑස් ඒවායේ සුද පෙනෙන ලෙස ඉහලට කරකැවීමය. මේ සියළු දේ අතර, ඔහු තම මුවින් සිගරටය අතැරියේ නැත.

    රෑපවාහිනියෙන් හැර, ෆ්ලෙචර් සැබෑ අපස්මාර මූර්ජාවක් දැක තිබුනේ නැත. අපස්මාර රෝගීන් සිදුකරන මූර්ජාවන් තමා නිසි ලෙස කරනවා දැයි දැනගැනීමේ හැකියාවක් ඔහුට තිබුනේ නැත. එහෙත් තෝමස් හරේරාගේ අනපේක්ෂිත මරණය හේතුවෙන්, ඔහුට වැරදෙන තැන් ඔවුන්ට නොපෙනෙනු ඇතැයි ඔහු විශ්වාස කලේය.

    "මගුලයි, මුටත් හැදුනද!" හෙයිනිස් කන කීරී ගැසෙන හඩකින් කෑගෑවේය. චිත්‍රපටයක නම් එය විසිළුවක් මෙන් පෙනෙනු ඇත.

    "මිනිහව අල්ල ගනින්, රමාන්!" එස්කොබාර් කෑගෑවේ ස්පාඥ්ඥ බසිනි. ඔහු නැගිටීම කල උත්සාහයේදී, ඔහුගේ තර කලවා වල වැදී මේසය උඩ ගියේය. එහෙත් ගැහැනිය සෙලවුනේ නැති බව ෆ්ලෙචර් දුටුවේය. ඈ සැක කරන්නීය, ‍ෆ්ලෙචර් සිතුවේය. නාකිච්චිය ගේ බුද්ධිය එස්කොබාර්ව මයිල ගනනකින් පැරදවූ අතර, දැන් ඈ සැක කරන්නීය.

    දැන් වැඩය පටන් ගෙන තිබූ අතර, එය හොද හෝ නරක අතට වේවා ඉක්මනින් නිමාවක් දකිනු ඇත.

    රමාන් ඉදිරියට නැවී ෆ්ලෙචර් ගේ උරිස් තදකොට ගත්තේ, ඔහුගේ වැනෙන මුහුන අල්ලා ගැනීමට උත්සාහ ගත්තේය. ඒ කුමක් පිනිස වේවා, රමාන් ගේ මුහුන නිසි තරම් පහත් වූ විට, ෆ්ලෙචර් සිගරට්ටුවෙහි දැවෙන අගින් ඔහුගේ ඇසට ඇන්නේය.

    රමාන් කෑගැසූ අතර, ඔහු පිටිපසට ගැස්සී ගියේය. ඔහුගේ ඇස තුල එල්ලෙමින් තිබූ දැවෙන සිගරට්ටුව කරා ඔහුගේ දකුණත ඇදී ගිය මුත්, ඔහුගේ වමත තාමත් ෆ්ලෙචර්ගේ උරහිස මත තිබිනි. දැන් එයින් ඔහුගේ උරිස මිරිකී ගියේය. රමාන් පිටුපසට අඩියක් තබන විට, ඔහු ඔහු සමග ෆ්ලෙචර්ගේ පුටුවද පිටුපසට ඇද්දේය. ෆ්ලෙචර් පුටුවෙන් අහකට පිනූ අතර, පෙරලී ගොස් තමා දෙපා වලින් සිටගති.

    හෙයින්ස් ගායන තරැ තෝරන තරගයකදී කුඩා කෙල්ලක ගෑ ගාන්නාක් මෙන් කෑගෑ නමුත්, එස්කොබාර් හඩක් පිට කලේ නැත. එය අසුභ ලකුණක් විය.

    ෆ්ලෙචර් මේසය දෙස නොබැලුවේ, එස්කොබාර් දැන් තමා වෙත එන බව ඔහු දැන සිටි හෙයිනි. ඔහු රමාන්ගේ රිවොල්වරය එහි හොල්ස්ටරයෙන් පිටතට ඇදගත්තේය. රමාන් සිටියේ ස්පාඥ්ඥ බසින් කෑගෑමින්, තම මුහුන සූරමිනි. ඔහු සිගරටයට අතින් ගැසූ අතර, එය ඇසින් ඉවත් වනු වෙනුවට සිදුවූයේ අගිස්සෙන් කැඩී යාමය. එහි දැවෙන අග තවම ඔහුගේ ඇස තුලය.

    ෆ්ලෙචර් හැරැනු අතර, එස්කොබාර් දැනටමත් තම ඌරෙකුගේ වැනි දෑත් දිගු කර ඔහු කරා දිව එමින් සිටියේය.

    "ඔය හු**** පුතාව අල්ල ගනිල්ලා!" නාකිච්චිය තැපුල්ලුවාය.


     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ෆ්ලෙචර් පෙරළුනු පුටුව එස්කොබා‍ර් එන මග දෙසට පයින් ගසා විසි කල අතර, එස්කොබාර් එහි පැටලී බිම ඇද වැටුනි. ෆ්ලෙචර් තම දෑතින්ම රිවෝල්වරය අල්ලා ඔහුගේ හිසට වෙඩි තැබීය. එස්කොබාර්ගේ හිසකෙස් වීසී වී ගිය අතර, ඔහුගේ නහයින් කටින් ලේ පැන්නේය. බුලටය රැධිරය වගුරැවමින් පිටවූයේ ඔහුගේ නිකටිනි. මල මුත්‍රා ගන්ධය ඔහුගේ මිය යන සිරැරෙන් පිට වී ගියේය.

    ගැහැනිය පුටුවේ නොසිටි අතර, ඈ සිටියේ දොර දෙසට දුවමිනි. රමාන් තවමත් ගෑ ගාමින් වුවද, ෆ්ලෙචර්ගේ බෙල්ලෙන් අල්ලා ගැනීමට තතනන්නට වූයේය.

    ෆ්ලෙචර් ඔහුගේ පපුවට සහ මුහුනට වෙඩි තැබුවේය. වෙඩි පහරින් ඔහුගේ නාසය සහ කම්මුල ගැලවී ගියද, එම තඩි මිනිසා ෆ්ලෙචර් ව අල්ලා ගැනීමට තවදුරටත් ඉදිරියට පැමිනියේය. සිගරට් කොටය තවමත් ඔහුගේ ඇස තුලය.

    එහෙත් රමාන් ෆ්ලෙචර්ගේ හැපී බිම පෙරළුනු අතර, ෆ්ලෙචර්ට සිහිවූයේ විශාල මාළුවා කුඩා මාළුවා ගිලිමින් මාළු පේලියක් ඇද තිබූ පත්තර කාටූනයකි.

    රමාන් දිගෑදී ෆ්ලෙචර් ගේ කකුලින් අල්ලා ගත් නමුත්, ඔහු කකුල පිටුපසට ඇදගත් අතර, එසේ කිරීමේදී සීලිම දෙසට වෙඩිල්ලක් පත්තු වී ගියේය. සීලිමෙන් දූවිලි ගලා හැලුනු අතර, කාමරය වෙඩි බේත් ගදින් පිරී ගියේය.

    ෆ්ලෙචර් දොර දෙස බැලුවේය. ගැහැනිය තවම දොර ලගය. ඈ දොර හැඩලය අදිමින්, එහි අගුල විවර කිරීමට දැගලූ නමුත් දොර නොවේ ඇරැනේ.

    "ඕයි," ෆ්ලෙචර් කීවේය. "පට්ට බැල්ලියෙ. මෙහෙ බලපිය."