මට දේශපාලනයෙන් වැඩක් නැත ඒ විෂයට කොහෙත්ම ප්‍රියතාවයක් නොදක්වයි එත් මේ දැන් ලගකදී ඉදලා පොඩි හුජ්ජ කොල්ලෝ කීපදෙනෙක්ද වටේ ගොස් කැටේ පුරවා ගන්නවා කෙප්ප වැස්සියෝ දෙතුන් දෙනක්ම කියන කතා ඇහුවාම නිකන් අපේ හිතටත් ලැජ්ජාවක් එනවා.මහින්ද රනිල් මයිත්‍රී වේවා ඔවුන් සියලු දෙනාගෙන්ම මේ රටට අඩු වැඩි වශයෙන් යම් සේවයක් වෙලා තියෙනවා ඒක කාටවත්ම නැහැ කියන්න බැහැ ඒත් මේ දැන් ඉන්න මම ඉස්සර වෙලා කියපි අය හිතන් ඉන්නේ උන් තමයි මේ රට හැදුවේ කියලා ඒක ගැන අපේ රටේ ප්‍රවීණ තීරු ලිපි රචකයෙක් වෙන දර්මන් වික්‍රමරත්න ලියපු ලිපියක් තමයි මේ තියෙන්නේ කියවලාම බලන්න
ධර්මන් වික්මරත්න විසින් සිකුරාදා රිවිර පුවත්පතට 2015 ජුනි 26 වැනිදා ලියන ලද මුරගල 110 වැනි තීරු ලිපිය - මාර දූ පුත්තු…මිස්ටර් බීන් එක් පැත්තකය. චෞර රැජිනි තව පැත්තකය. ජෙප්පෝ ඉන්නේ අත්තක් උඩය. තරු හැලිච්ච ජෙනරාල්ට තරු ගොඩක්ය. කන්න දුන්න අත හපලා හකීම් දැන් අවුලකය. ඇමරිකානු ඩොලර්වලට එන්.ජී.ඕ. මැතිරිල්ලක්ය. අනේ අනිච්චංය. මෙහෙම ගියොත් කන්න වෙන්නේ රටට බජරිය.ඒ අස්සේ මහා මුග්ධ හඩකි. එම්බා මහින්ද, බෙලිඅත්තෙන් මා සමඟ එනු සටනට! දූෂිතයින්ට නොමිනේෂන් දුන්හොත් එජාප සිරිකොත හබක්ය. ඩාර්ලි රෝඩ් ශ්රිෙලනිපට ගේමක්ය. සෞඛ්යහ ඇමති රාජිත සේනාරත්නගේ ලොකු පුතාට පිස්සුවේ හොඳ එකය. මෝඩකමට සීමා නැත. "මලයණ්ඩි බිය නොවන්න, නෝන්ඩි වෙන සැටි මං පෙන්වන්නං" කියා ලොකු පුතා චතුර සේනාරත්න ඔහුගේ මලයා වන එක්සත් සේනාරත්න සමඟ ඔට්ටුවක් ඇල්ලුවාද දන්නේ නැත.
මහින්ද රාජපක්ෂ යනු තිස් වසරක කොටි ත්රනස්තවාදී යුද්ධය පරදවා මව්බිමට විජයග්රරහණය ගෙනා එකම දේශපාලන නායකයාය. මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව ප්රයථම වරට මන්ත්රීකවරයෙකු ලෙස ඇමතුවේ හරියටම මෙයට වසර 45කට පෙර 1970 මැයි 27 හත්වැනි පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් ජය ලැබීමෙන් පසු 1970 ජුනි 14වැනිදා පස්වරු 4.07ටය. ඒ වන විට චතුර සේනාරත්න ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත. අගමැති රනිල් වික්රතමසිංහගේ වට්ටක්කා සම්මානයෙන් පුද ලද වාසුදේව නානායක්කාර සහෝදරයා සිටියානම් ආතතියෙන් හෝ කියනු ඇත්තේ එදා පාර්ලිමේන්තුවේ කීවාක් මෙන් මෙදා පුතා යන වචනයේ ඉදිරියට අකුරු තුනේ තවත් වචනයක්ද එක් කරමිනි.
මුහුණු පොතේ බයියලා සහ ටොයියලා දිගට හරහට අසන්නේ "ගහේ කටු උල්කරන්ඩ ඕනිය ආයිබෝන්ඩ?" කියාය. බයියෝ සහ ටොයියෝ එසේ කීවද තවමත් අප සිතන්නේ එදා මෙන් අදද රාජිත සේනාරත්න ප්ර ගතිශීලි කඳවුරේ බවය. 'යහපාලන' ආණ්ඩුවේ රාජිතලා වැනි අය සිටීම එක් අතකින් හොඳය. අපට පක්ෂ දේශපාලනයක් නැතත් දේශපාලනයක් ඇත. වෛද්යා රාජිතගේ ඉතිහාසයද සටන්කාමීය. පේරාදෙණිය සරසවියෙන් 1974දී රජයේ සේවයට එක්වූ රාජිත රජයේ දන්ත වෛද්යෙවරුන්ගේ සංගමයේ ප්රරධාන ලේකම් වූයේ 1975දීය. වසර 19ක් එම තනතුරු දැරූ රාජිතගේ නායකත්වයෙන් 1986දී ජේ.ආර්.ගේ එජාප ආණ්ඩුව දණ ගස්සවා දින 26ක අඛණ්ඩ වැඩ වර්ජනයක් මගින් දන්ත වෛද්යජවරුන්ගේ සියළු ඉල්ලීම් දිනා ගැනීමට සමත් විය.
ජේ.ආර්. ආණ්ඩුවට එරෙහිව ගොවිබිමේද, වැඩබිමේද, සරසවියේද සටන් සමඟ රාජිත සේනාරත්න එක්විය. ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරළි සමයේ තමාට මරණ වරෙන්තු නිකුත්කර තිබියදී පවා පෞද්ගලික වෛද්යෙ විද්යාළලයට එරෙහිව රටපුරා රැස්වීම්වලට රාජිත එක්විය. මේවා ඇසූ දේ නොව සියසින් දුටු දේය. ඔහුගේ බිරිඳවූ වෛද්යී සුජාතා සියල්ල පසුපස සිට දිරි දුන්නාය. කලෙක ධර්මසිරිලාද පසු කලෙක එරාජ්, බොරැල්ලේ සුදත්, සරත් සහ වැල්හේනේ හාමුදුරුවෝ ඇතුළු පිරිසක් ඔහුගේ සටන් සගයින් අතර සිටියා මතකය.
මහින්ද රාජපක්ෂ සමඟද ප්රදගතිශීලි සටන්වලට රාජිත නිරතුරුව එක්විය. ජනපති මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට වරෙක එජාපයේ 18 දෙනෙකු සමඟ ආණ්ඩුවට එක්විය. එබැවින් 'යහපාලන' ආණ්ඩුව යටතේද ගෝඨාභය රාජපක්ෂට තම නිවසේ කෑමකටද ඔහු ආරාධනා කරයි. පාසැල් මිතුරෙකු වන හිටපු ඇමති බැසිල් රාජපක්ෂගේ සුවදුක් විමසීමටද රෝහලට යයි. රාජිත සේනාරත්න එදා සිටම හැප්පුනේත් ගැටුනේත් දේශපාලන මතවාදයන්ට එරෙහිව මිස පුද්ගලයින්ට එරෙහිව නොවේ. එහෙත් චතුර සේනාරත්න ඒ සදාචාරාත්මක හැදියාව පියා ගෙන් ඉගෙනගත් සැටියක් පෙනෙන්නට නැත. ඇටි කෙහෙල් කෑ උගුඩුවෙකු මෙන් ලතෝනි දෙන්නේ එබැවිනි.
චතුර සේනාරත්න ඇසුරු කළේ අතුරලියේ රතන හිමි සහ අශෝක ගුණවර්ධන වැනි අය බව කියති. ඒ දෙදෙනාම දශක තුනක් වාම දේශපාලනයේ තෙම්පරාදුවූ උගතුන්ය. එම පැසුණු පොල් මැදට වී තමන්ද පොලයක් ලෙස පෙනී සිටීමට ඔහු තැත් කලද මහින්ද රාජපක්ෂයන්ට එරෙහිව අභියෝග කිරීමෙන් පෙන්නුම් කළේ තමා පොලයක් නොව පොල් කෝම්බයක් බවය. කෝම්බයා කිසි විටකත් කෝම්බයක් සේ නොසිතයි. ඔහු සිතන්නේ තමන් පොල් කෝම්බයක් නොව කාල බෝම්බයක් බවය. එබැවින් මුඛරි කටෙන් හතර අතේට වනයි. ඇතුලේ මදේ පමණක් නොව ලොඳවත් නැතිබව පෙනෙන්නේ එවිටය.
චතුර සේනාරත්න මේ අභියෝගය කළේ සුගතදාස ගෘහස්ථ ක්රීේඩාංගනයේදීය. එහි ආසන 5,000ක් පමණ ඇත. ඉන් 3,200ක් පමණ පිරී සිටි බව සැබෑය. සෙනඟ බහුතරයක් ගෙන ආවේ ජාතික ධීවර මහා සම්මේලනය මගිනි. එය පිහිටුවූයේ 2010දී රජයේ ධීවර අමාත්යාං ශය මගිනි. ශ්රී. ලංකාවේ ක්රි0යාකාරි ධීවරයින් ලක්ෂ 5ක් පමණ සිටින අතර ඉන් 105,000ක් පමණ මෙහි සාමාජිකයින්ය. රජයේ ධීවර සහන මෙම සම්මේලනය මාර්ගයෙන් ලැබෙන හෙයින් සමස්ථ ධීවර ප්ර්ජාවගෙන් පහෙන් එකක් මෙහි සමාජිකත්වය ලබාගෙන ඇත. නිල බලයෙන් එහි සභාපති ධීවර ඇමතිවරයාය. ඒ අනුව වර්තමානයේ සභාපතිවරයා වන්නේ ධීවර ඇමති සහ හම්බන්තොට දිස්ත්රි ක් ශ්රි ලනිප මන්ත්රීය මහින්ද අමරවීරය. ධීවර සම්මේලනයට පිටස්තරින් ධීවරයින් නොවන පුද්ගලයින්ද 5 දෙනෙකු නම් කල හැකිය. ඒ අනුව ධීවර ඇමති මහින්ද අමරවීරට ඇති බලතල අනුව පත්කල 5 දෙනාගෙන් අයෙකු වූ චතුර සේනාරත්න එම ධීවර සමිති සම්මේලනයේ මහලේකම්ය. බෙලිඅත්තේ මහින්ද රාජපක්ෂට චතුර අභියෝග කරන්නේ තංගල්ලේ මහින්ද අමරවීරගේ තල්ලුවෙන්දැයි සාධාරණ සැකයකි.
චතුරගේ සමුළුවට දිස්ත්රිනක්ක 10කින් ධීවර සමිති නියෝජිතයෝ බස් 20කින් පැමිණ තිබේ. බස්වලට ණය නැත. මුදල් ගෙවා ඇත. ඒ අතින් හොදය. බත් පැකට් එකක්ද ලබාදී තිබිණි. එය පින් අතේ වැඩකි. හම්බන්තොටින් පමණක් බස් 5ක් පැමිණි බව කියති. හම්බන්තොලටදී ධීවර සම්මේලනයේ නියෝජිත ලාල් ඇතුළු පිරිසක් බර ඇද්දේය. ධීවරයින් කොළඹට ගෙන ආවේ ධීවර ගැටළු සාකච්ඡා කිරීමටය. එහෙත් නොදනුවත්ව ධීවරයෝ පැමිණ සිටියේ වෙන තොවිලයකටය. කුම්බලා මාළු කෑවානම් දුක විදපන් බළලෝ කීවාක් මෙන් ධීවර ඇමති මහින්ද අමරවීර සතුටු කරන්නට ගොස් චතුරගේ හුඹස් කට විවර විය.
කොළඹ පදික වෙළෙන්දෝද සිය ගණනක්ද එම රැස්වීමට පැමිණ තිබිණි. කොළඹ පදික වෙළෙන්දෝ වර්තමානයේ සංගම් තුන හතරකට කැඩී ඇත. ලොකු බෑය මහින්ද කහඳගමගේ අතේය. පිරිසක් ඌවතැන්නේ සුමන හිමියන්ගේ නායකත්වයට යටතේය. තවත් පිරිසක් කොළඹ නගරාධිපති මුසාමිල් පසුපසය. ඒ නගරාධිපති බිරිඳ මුසාමිල් නෝනා ඉදිරි ඡන්දයේදී පාර්ලිමේන්තුවට යවන්නටය. තව පිරිසක් චතුර සේනාරත්න වටා රොක් වෙමින් සිටී. මේවාට පින් සිදුවන්නට පදික වෙළෙඳුන්ට යළි කොටුවේ වීදි තුනක පිනුම් ගසන්නට යළි ඉඩදී ඇත. සංචාරකයින්ගේ හිත දිනාගත් කොළඹ නගරයට දැන් ලොව ප්රගථම ස්ථානයය. හෙට අනිද්දා වන විට අන්තිම තැන හිමිවූවද පුදුම විය යුතු නැත.
මහින්ද රාජපක්ෂ ගෙදර ගොස් නැත. ජනයා සමඟ ඇත. ඩාර්ලි පාරේ ශ්රිවලනිපයේද මහින්ද නැත. ශ්රිනලනිප නායක ජනාධිපති මෛත්රීඅපාල ඉකුත් සඳුදා පැවසූ පරිදි මහින්ද පමණක් නොව ශ්රි ලනිප මන්ත්රීවවරුන් 127ක්ද ඩාර්ලි පාරේ ශ්රිසලනිප බිල්ඩිමට පැමිණ නැත. ශ්රිිලනිප සභාපතිත්වය ව්ය2වස්ථා වගන්තියකින් මෛත්රී පාල සිරිසේනට මාරු වූවද අති බහුතරයම ශ්රි ලනිප පාක්ෂිකයෝ එජාප ආණ්ඩුව සමඟ එවැනි සීරු මාරුවලට අකමැතිය. ඒ අනුව මහින්දගේ ලක්ෂ 58 ඡන්ද මල්ලේ ශ්රිුලනිප ඡන්ද තවමත් නායකයා ලෙස පිළිගන්නේ මහින්ද රාජපක්ෂය. ශ්රි5ලනිප යනු ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානය හෝ පක්ෂයේ අත ලකුණ නොව සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය රැස්වෙන තැන බව මහින්ද රාජපක්ෂ කියන්නේ ඔලොක්කුවට නොවේ. මීලඟ මහා ඡන්දයේදී ශ්රිවලනිප සැබෑ නායකයා ලෙස ශ්රි ලනිප පාක්ෂිකයින් මහින්ද රාජපක්ෂ ඔසවා තබනු ඇත.
වර්තමානයේ මහින්ද රාජපක්ෂගේ දිනූ දේශය රැක ගැනීමේ වර්තමාන භූමිකාවට එරෙහිව සමච්චල් කරන මාර දූ පුත්තු කිහිපදෙනෙකි. 'යහපාලන' ආණ්ඩුවේ ඇමතිවරුන් වූ ලක්ෂමන් යාපා අබේවර්ධනගේ පුත්රකයා වන මාතර දිස්ත්රිලක් පළාත් සභා මන්ත්රීන පසඳ අබේවර්ධන, ජීවන් කුමාරතුංගගේ දියණිය වන මල්ෂා කුමාරණතුංග, පාර්ලිමේන්තු මන්ත්රීබ සහ ජනාධිපති උපදේශක දි.මූ ජයරත්නගේ පුත් අනුරාධ ජයරත්න, දිවංගත භාරත ප්රේතමචන්ද්ර ගේ දියණිය වන හිරුණිකා ප්රේ්මචන්ද්රා, හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඒ අතර වෙති. චතුර සේනාරත්නද අයත් වන්නේ එම පරපුරටමය. ඔවුන්ට කිව හැක්කේ "බඩුත් අපේ, නඩුත් අපේ, මයි කාර්, මයි පැට්රෝමල්" යන්න පමණි. 'යහපාලන' ආණ්ඩුව මගින් මහින්ද රාජපක්ෂට කෙලින්ම පහර ගැසීමෙන් වැඩක් නොවන නිසා ශ්රිනලනිපයේ මාර දූ පුත්තු ලවා පහරදීම අලුත්ම උපක්රනමය බවට පත්වී ඇත
.
මූදු පුත්තු කියන්නේ මහගමසේකරගේ සහ ගුණසේන ගලප්පත්තිගේ නාට්යමයක්ය. එය ස්පාඤ ජාතික සිවිල් යුද්ධයේදී මියගිය කිවියෙකුගේ කෘතියක් ඇසුරින් නිෂ්පාදනය කරන ලද්දකි. මාර දූ පුත්තු කියන්නේ පැරණි ටවර්හෝල් ගී ඛණ්ඩයකින් එන වදනකි. විශාරද නන්දා මාලනී සහ සුනිල් එදිරිසිංහයන් එය යළි ජනගත කළේය. "නන්වන් වෙස් ගෙන විලාස, දාර පිඹුරු නයි පොළොංගු දරණ වෙලා පටලාගෙන, ඇතා පිටින් වැටුණයි අධිපති මාරයා දෙරණ" යන්න එහි එක් ගී පැදියකි. එනම් මහා බෝධි මූලයේදී බුද්ධත්වයට පත්වන අවස්ථාවේදී එයට බාධා කිරීමට විවිධ වෙස්ගෙන මාර සේනාව පැමිණ ඇත. නමුත් බුදුන් වහන්සේගේ කරුණා ගුණයෙන් මාර උන්නැහේලා ඇතා පිටින් වැටෙන හැටි මෙම ගීයෙන් මනාව පිළිඹිඹු වේ. මාර දූ පුත්තු විවිධාකාර වෙස්ගෙන පැමිණියද සත්යම හමුවේ ඔවුහු කල්යල් නොගොස් හිරුදුටු පිනි මෙන් වියකී යන බව මින් සක්සුදක් සේ පැහැදිලිය.
පළුද්දක්, වැරදීම්, අතපසුවීම් නැති අතීතයකට ලොව කිසිවකු උරුමකම් කියන්නේ නැත. ඒවා පසුතැවීමට හේතුවක් විය යුතුද නැත. මීලඟ අවස්ථාවේදී මාරුතයක් සේ නැගී සිටිය යුතුය. සාර්ථකත්වය යනු පරාජය කනපිට පෙරලීමකි. මහින්ද සුළඟ ඇස් බැන්දුමක් නොවේ. එය හෙට දිනයේ සැබෑවන යථාර්ථයකි. අපට දුක, මහින්ද චින්තන ප්රැතිපත්ති මත පදනම්ව ජනතාවගෙන් ඡන්දය ඉල්ලා ඉන් ජයගෙන හොම්බ බිම ඇනගෙන ඉව අල්ලමින් 'යහපාලනය' සොයන්නට වෙහෙසෙන ඩාර්ලි රෝඩ් ශ්රිනලනිපයේ මේ මාර දූ පුත්තු ගැනය.