මාර පාර

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113


    *** ලෝකයේ අමුතුම විදියේ පාරවල් ***



    ලෝකයේ වැඩියෙන්ම ඇද වුන පාර – LOMBARD STREET, SAN FRANCISCO, UNITED STATES

    ඇමෙරිකාවේ San Francisco හි ලොම්බර්ඩ් විදිය එහි ඇති ආනතියට වගේම තියුණු වංගු 8ටත් ඉතා ප්‍රසිද්ධයි. බොහෝ සංචාරකයින් මෙම වංගු සහිත මාර්ගයේ වාහනයක් ධාවනය කිරීමට හෝ ඇවිදගෙන යාමට කැමැත්තක් දක්වයි.​

    lombard-street-san-francisco.jpeg



    ලෝකයේ පළල්ම විදිය – 9 DE JULIO AVENUE, BUENOS AIRES, ARGENTINA

    ආජන්ටිනාවේ බුවනොර්ස් එයාස් හි පිහිටා ඇති මෙම විදිය නිදහස් දිනය සිහි කිරීම වෙනුවෙන් නම් කර තිබේ. මෙම මාර්ගය කිලෝමීටරයක් පමණ දිග වන අතර මාර්ගයේ එක් පැත්තකට මංතීරු 7 බැගින් තිබේ !! ඊට අමතර මෙම මාර්ගය දෙපස මංතීරු දෙකකින් සමන්විත මාර්ග දෙකක් තිබේ.

    SA-97-88-23.jpg



    ලෝකයේ පටුම මාර්ගය – SPREUERHOFSTRASSE STREET, REUTLINGEN, GERMANY

    ඔව්. ඒකේ නම නං කියාගන්න ටිකක් අමාරුයි කියලා දැක්කම පේනවනේ. මොනව වුනත් මේක තියෙන්නේ ජර්මනියේ. 1727 දී තමයි හදල තියෙන්නේ. මාර්ගයේ පටුම තැන සෙන්ටිමීටර 31ක් පමණ වෙද්දී පළල්ම තැන වෙන්නේ සෙන්ටිමීටර 50යි. මහත එක්කෙනෙක්ට නං යන්න ටිකක් අමාරු වෙයි.

    narrowest-street.jpg


    ලෝකයේ දිගම පාර – YONGE STREET, ONTARIO, CANADA AND THE PAN-AMERICAN HIGHWAY


    යෝන්ගේ වීදිය ඔන්ටාරියෝ විල් ඉවුරේ සිට සිමොස් විල දක්වා දිවෙයි. එය ලෝකයේ දිගම මාර්ගය ලෙස ගිනස් වාර්තා පොතට එක් වී තිබිණ. දිගින් කිලෝමීටර 1896ක්. නමුත් මෙම වාර්තාව ගිලිහි යන්නේ මෙම මාර්ගය අදිවේගී මාර්ගයේ (Highway 11) කොටසක් ලෙස සැලකිය නොහැකි බව පැවසුන නිසාවෙනි.
    නවතම වාර්තා වලට අනුව ඇමෙරිකාවේ Pan-American අදිවේගී මාර්ගය වාහන ධාවනය කළහැකි දිගම මාර්ග ජාලය ලෙස සැලකේ. මාර්ග ජාලයේ දිග කිලෝමීටර 48000ක්. ඇලස්කාවේ Prudhoe බොක්කේ සිට ආර්ජන්ටිනාවේ Ushuaia දක්වා දිවෙයි.

    d7b5dbe387037013549cb04d00a43272.jpg



    මාර්ගයක පිහිටා ඇති දිගම උමග – LÆRDAL TUNNEL, NORWAY

    මෙය කිලෝමීටර 24.5ක් දිගින් යුක්තයි. මෙම උමං මාර්ගය නොර්වේ හි Lærdal සහ Aurland යන නගර දෙක යා කරයි. මංතීරු දෙකකින් සමන්විතය.

    laerdal-tunnel.jpg



    ලෝකයේ භයානකම පාර – THE DEATH ROAD, BOLIVIA

    බොලිවියාවේ ඇති මරණයේ පාර තමයි ලෝකයේ ඇති භයානකම පාර ලෙස සැලකෙන්නේ. පේනවනේ පාර පිහිටලා තියන හැටි. මේ නම යෙදෙන්නේ නිකන් නෙමෙයි. මේ පාරේදී වසරකට ජීවිත 200ක් 300ක් පමණ අහිමි වෙනවා.

    151.jpg


    ලෝකයේ වැඩියෙන්ම හිම මිදෙන පාර – MCMURDO SOUTH POLE HIGHWAY, ANTARCTICA

    ඇන්ටාර්ක්ටිකාවේ පිහිටා ඇති සැතපුම් 995ක් (1,601 km) මෙම පාර සලකුණු කරලා තියෙන්නේ කොඩි වල ආදාරයෙන්.

    WEB%2Bwright%2Bbook.jpg


    ලෝකයේ කිසිම වෙනසක් නැති පාර – THE EYRE HIGHWAY, AUSTRALIA

    ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති කිලෝමීටර 1664ක් දිග මෙම පාර බටහිර සහ දකුණු ඔස්ට්‍රේලියාව නලබෝර් තැන්න හරහා යා කරයි. නගර කිහිපයක් පමණක් මෙම මාර්ගය දෙපස පිහිටා ඇති අතර පරිසරයේ සැලකිය යුතු තරම් වෙනසක් අපිට දැකගන්නට ලැබෙන්නේ නෑ. වටේ පිටේ බලන්නවත් දෙයක් නැති හින්ද ලෝකේ තියන කම්මැලිම පාර කිව්වත් වරදක් නෑ.

    Eyre-Highway.jpg


    ලෝකයේ වැඩිම උසකින් පිහිටා ඇති පාර – MILLAU VIADUCTBRIDGE, FRANCE

    ලෝකයේ උසම පාර වැටි ඇත්තේ ලෝකයේ උසම පාලම මතින්. මෙම පාරේ උසම තැනට පොලොවේ ඉඳල උස මීටර 343ක්. නැත්තන් අඩි 1,125ක්.

    Millau+Viaduct+Bridge.jpg

    කට්ටියටම බලන්ට bump 1k දාල හොදයි නම් සලකලා යන්ට
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මාර පාර 03-06-2015 10:58 AM PALA PA&YA..THO DEKKADA ATHIN DENAWA..

    බයියෙක්ට රිදිලා , මට ෆුකද උත්තෝ ... මල්පොන්සියාට සිදුනට , උබල වගේ හයිවේ බලන්න පාරේ බස් එකේ ට්‍රිප් ගිහින් බත්ගෙඩි හයිවේ එකේ දිගාරගෙන කාපු උන් ඕවා දන්නේ නැහැ ,
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මාර පාර 03-06-2015 10:58 AM PALA PA&YA..THO DEKKADA ATHIN DENAWA..

    බයියෙක්ට රිදිලා , මට ෆුකද උත්තෝ ... මල්පොන්සියාට සිදුනට , උබල වගේ හයිවේ බලන්න පාරේ බස් එකේ ට්‍රිප් ගිහින් බත්ගෙඩි හයිවේ එකේ දිගාරගෙන කාපු උන් ඕවා දන්නේ නැහැ ,

    හහ් හහ් හා. සිරා කතාව සහ ජරාම කට් එක. :rofl::rofl:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මාර පාර 03-06-2015 10:58 AM PALA PA&YA..THO DEKKADA ATHIN DENAWA..

    බයියෙක්ට රිදිලා , මට ෆුකද උත්තෝ ... මල්පොන්සියාට සිදුනට , උබල වගේ හයිවේ බලන්න පාරේ බස් එකේ ට්‍රිප් ගිහින් බත්ගෙඩි හයිවේ එකේ දිගාරගෙන කාපු උන් ඕවා දන්නේ නැහැ ,
    :D rep 6+
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ලෝකයේ කිලෝමීටරයකට වැඩිම කොමිස් මුදලක් ගැසූ පාර
    සදර්න් හයිවේ


    51317662.jpg

    මචන්,මම මේ comment එක ගැන නෙවෙයි කියන්න යන්නෙ,මේ 4to එක අරන් තියෙන්නෙ අපේ ගම හරහ යද්දි :)
    ඒක කියන්නෛ ඕනෙ උනේ :cool: