මාර වැඩේ!
අපි, රටේ ජනතාව හැටියට රාජ්‍ය පාලනයෙ වැරද්දක් දැක්ක ගමන් පුරුද්දට වගෙ බනින්නෙ දේශපාලනඥයන්ට. ඇත්ත ඔවුන් තමයි රටේ ගමන් දිශාව තීරණය කරන්නෙ, ඒ වුණත් අපිට නොවැටහෙන බරපතළ දෙයක් මෙතැන තියෙනව. ඒ, ඔය අපි දකින දේශපාලන නියෝජිතයන් - ජනාධිපති දක්වාම යැපෙන්නෙ උගතුන්, බුද්ධිමතුන් සහ විශේෂයෙන්ම වෘත්තිකයන් යැයි කියන වෙනම පිරිසකගෙන්. දෙස් විදෙස් විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය සම්පුර්ණ කරපු විවිධ ආණ්ඩු යටතෙ විවිධ තනතුරු දරපු අත්දැකීම් බහුල පිරිසක් ඒ. මහාචාර්ය අහවලා, ආචාර්ය අහවලා..ඔහොම තමයි එයාලගෙ නම් ලියවෙන්නෙ. සාමාන්‍ය උපාධියක් තියෙන සහ එහෙම නැති අයත් ඔය අතරෙ තැන තැන ඉන්නව.
මේ උගත්තු පව් ! දේශපාලනඥයො එයාලව කඩේ යවනව, එයාලට වැඩකරන්න දෙන්නෙ නැහැ!! වගෙ කාට හරි පේන්න ඉඩ තිබුණට ඇත්ත තත්වය ඊට වෙනස්. බොහෝ වෙලාවට දේශපාලනඥයන්ට game එක ගහන විදිහ කියල දෙන්නෙ ඒ ගොල්ලො තමයි. ඊනියා ජාත්‍යන්තරයත් එක්ක ගනු දෙනු කරන්න යන්නෙත් එයාලා තමයි. පුද්ගලික වරප්‍රසාද, වරදාන මහ පරිමාණයෙන් ලබා ගනිමින්, ජනයා ට බොරු කියමින්, හොර වාර්තා හදමින් - ඉදිරිපත්කරමින්, සාධු චරිත මවාපාමින්, තම තමන්ගෙ පවුල් සරු කරගන්න මේ පිරිස් අතර රහස් සම්බන්ධතා තියෙන ඉතා දරුණු වර්ගයෙ 'ආර්ථික ඝාතකයො' ත් ඉන්නව. එහෙම set එකක් තමයි දැන් ඔය අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන්න ඊනියා ජාත්‍යන්තරයෙ මහ මොළ කාරයන්ට කුප්පි ලාම්පු අල්ලන්නෙ.
විශේෂත්වය තමයි, විවිධ ආණ්ඩු සහ විවිධ දේශපාලනඥයො සමග ඔවුන් නොවෙනස්ව දිගටම වැඩ කරන එක. මතක තියාගන්න! ලෝකයෙ හැම රටකම තත්වය මෙහෙමයි! මේ, දේශපාලන ඛේදවාචකයක්!
ආසන්න අතීතයෙ නං චන්ද්‍රිකා, මහින්ද, දැන් මෛත්‍රී සහ රනිල් එක්ක මේ අය එක එක මට්ටම් වලින් දිගටම වැඩ. සමහරු ප්‍රසිද්ධයි, සමහරු අප්‍රසිද්ධයි. සමහරු වේදිකාවෙ. සමහරු තිරය පිටුපස. සමහරු විවිධ වෙළෙඳ ව්‍යාපාරවලට සහ NGOs වලට ඍජුවම හෝ වක්‍රාකාරව සම්බන්ධයි.
මේ විදිහටම, බලයට එන හැම ආණ්ඩුවක් එක්කම games play කරමින් සාරෙට පවතින business කාරයො පිරිසකුත් වෙනම ඉන්නව. ඔවුන් අවශ්‍ය වෙලාවට ආණ්ඩු වෙනස් කරන්නත් මූලික වෙනව. ඒ තවත් කතාවක්!
දැන් ආණ්ඩුවට අදාළව, තිරය පිටුපස වගෙම අවශ්‍ය හැම මොහොතකම වේදිකාවට ත් නැගල ඉන්න, අර කලින් කියපු විදිහෙ ඊනියා උගත්තු දෙන්නෙක් තමයි කරු පරණවිතාන සහ අශෝක අබේගුණවර්ධන. බලන්න! ඔවුන් ඉතාම දක්ෂ විදිහට, සිංහල කම, බෞද්ධ කම, මාතෘ භුමිය, දේශමාමකත්වය, ජාතිකත්වය, ජාත්‍යන්තර වෙළෙදාම, කෘෂිකර්මාන්තය, සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මුලික මිනිස් අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස...එකට එකතුකරල, රාජ්‍ය ව්‍යුහාත්මකව වෙනස්කරල - ඊට ආර්ථික ප්‍රතිසංස්කරණ එකතුකරල, මේ දැන් ඉපදුනා වගෙ රට හදන විදිහ ගැන සිනහ මුසු මුහුණෙන් අපට ( ජනයාට ?) කරුණු පැහැදිළි කරන අපුරුව! අහෝ! මෙහෙම ශාන්ත බවක්!
අපිත් ඉතිං අහගෙන ඉන්නව, චි: මේ කාලකණ්නි දේශපළුවො එළවල දාල උගත් බුද්ධිමත් කට්ටියකට රට පාලනය කරන්න දෙන්න ඕන! කියලත් අපිට හිතෙනවනෙ?! මාර වැඩේ!
CHAPA