මාර Look එක නේද?

Jun 5, 2013
68
40
0

ස්පෝර්ට්ස්වලදී නෙවෙයි ඕන තැනකදී ලුක් එකට හිමි වෙන්නෙ ලොකු තැනක්. මේ ලුක් එක කියන්නෙ ලස්සන පෙනුමම නෙවෙයි. ඒක මොකක්ද කියලා කියන්න අමාරුයි. හැබැයි අපූර්වත්වය කියන දේත් එක්ක එන ලුක් එක මාරයි කියල කිව්වොත් කවුරුත් විරුද්ධ වෙන එකක් නෑ.

ඒ නිසා Hair Style එක ඇඳුම් මෝස්තර විතරක් නෙවෙයි එක එක්කෙනා දක්වන රියැක්ෂන් එකත් ක්රීකඩකයාගේ පෞරුෂය හදන සහ ක්රී ඩකයාට මාර ලුක් එකක් දෙන දේවල් වෙනවා. එක වරක් ෂේන් වෝන් අර්ජුන රණතුංග ගැන අපූරු කතාවක් කියල තිබුණා. ගහන පාරවල් නෙවෙයි ඉවසන්න බැරි ඊට පස්සේ දාන හිනාව කියලා. මේක අර්ජුනගේ අනන්යෙතාව වෙන්නෙ ප්රුතිවාදියා මත පීඩනයක් ගොඩනඟමින් කියන එකට හොඳම උදාහරණය ෂේන් වෝන්ගෙ කතාවමයි.

ඒ වගේම බෝලට් බලන්න. දුවන්න ඉස්සර වෙලාම ඔහු ඒ තරගයේ සිය වේගය දුන්නෙන් මිදුණු ඊතලයක් බවට පත්කරන බවට දෙන ඉඟිය. ඒකෙන් ඔහු ආකර්ෂණීය වෙනවා පමණක් නෙවෙයි ප්ර්තිවාදියා මත විශාල පීඩනයක් ඇතිකරනවා. විශේෂයෙන් ජනප්රිඩය ක්රීබඩකයෙක් ඒ දේ කළාම ඔහුව අනුගමනය කරන පිරිසකුත් නිර්මාණය වෙනවා. උදාහරණයකට බෝල්ට්ම ගන්න. ඔහු මීටර් 100 දුවන්නෙ 9.5ට ආසන්නයෙන්. ඔහුව අනුගමනය කරන අපේ ඇතැම් අයත් යාන්තන් තත්පර 11 බැරියර් එක කඩාගෙන බෝල්ට්ගෙ ඇක්ෂන් දානවා. ඒකනම් ඉතින් මාර ලුක් එකක් නෙවෙයි. මාර ජෝක් එකක් වගේ.

එක වරක් රොනාල්ඩෝ ලෝක පාපන්දු කිරුළ බ්රචසීලයට දිනා දෙමින් අපූරු ක්රීඒඩා රටාවක් පෙන්නුම් කළා. ඒ වගේම ඔහු ඒ තරගාවලියට කීඩා කරද්දී කොණ්ඩෙ දෙපැත්තෙන් ගාලා මැද ඉතුරු කරපු අපූරු කොණ්ඩා මෝස්තරයක් පාවිච්චි කළා. ඒ තරගාවලිය බලන්න ආපු බෝල්ට් රසිකයොත් හුඟදෙනෙක් ඒ විදියට කොණ්ඩෙ කපලා හිටියේ. ඒක රොනාල්ඩෝගේ දක්ෂ තාව තරමටම ප්රරතිවාදියාට පීඩනයක් ඇතිකරනවා.

මාලිංගගෙ කොණ්ඩ මෝස්තරය විවිධ වර්ණයෙන් පැලඳගත් ලාංකිකයන් නෙවෙයි විදේශිකයන් කොච්චර ඉන්නවද කියලා තරග බලන අයට අමුතුවෙන් කියන්න ඕනෑ නෑනෙ. මේවා මාලිංග ඉක්මවා ප්රකතිවාදී ක්රීවඩකයා මත කොච්චර පීඩනයක් ඇතිකරනව ඇද්ද? මාලිංග දුවගෙන එද්දී මේ එන්නේ ලේසි පහසු කෙනෙක් නෙවෙයි කියල පිතිකරුව තුළ පීඩනයක් ඇතිකරන්නෙ මාලිංගගෙ කොණ්ඩ මෝස්තර කාරයොත් ලොකු දායකත්වයක් දක්වනවා.

මෑතකදී පාපන්දු පිටියට සමුදුන්න බෙකම් ආකර්ෂණීය පෙනුමක් තිබුණු කෙනෙක්. ඒ නිසාම ඔහුට ස්පයිස් ගර්ල් සංගීත කණ්ඩායමේ සාමාජිකාවක් කරකාරෙට ගන්න ලැබුණ විතරක් නෙවෙයි පාපන්දු පිටිය ඉක්මවා දැවැන්ත ආයෝජනයක් කර ලබා ගත යුතු මෝස්තර ශිල්පියෙක් විදියටත් බෙකම් ජනප්රිටය වෙනවා. ඒ ජනප්රිළයකම ඔහු එංගලන්ත පාපන්දු කණ්ඩායමේ නායකයා දක්වා තල්ලු කරන්නත්, 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සුවිශේෂී චරිතයක් කරන්නත් සමත් වෙනවා. ඔහුට ලැබුණු සුවිශේෂී අවස්ථා පාපන්දුව ක්රීනඩකයකු ලෙස අපූරුවට හැසිරීම නිසා ලැබුණු දේම නෙවෙයි. ඔහුට තිබුණු බාහිර පෙනුම ඒකට විශේෂයෙන් බලපෑවා.

මෙතැනදී අපි තව දෙයක් තේරුම් ගන්න වෙනවා. ඒ අප සතුව තිබෙන පෙනුම කොච්චර හැඩද කියන කාරණයට වඩා වැදගත් වෙන්නෙ අප කෙතරම් අනුන්ව ආකර්ෂණය කර ගැනීමට හැකි ආකාරයෙන් හැසිරෙනවාද කියන එකයි. එතැනදී තමයි අප අපූර්ව කියන සාධකය එන්නෙත්. ටෙනිස් පිටියෙ සුපිරි ක්රී්ඩිකා සෙරීනා විලියම්ස්ගෙ ඇඳුම් හරහා මතුවන රාගාධික පෙනුම හරහා ඇය ආකර්ෂණය කර ගන්නා ප්රේයක්ෂක පිරිස ටෙනිස් පිටිය වටා රොක් වෙද්දී ඒ අයගෙ ඔල්වරසන් සමඟ ප්රකතිවාදියාට පීඩනයක් ඇතිවෙනවා අනිවාර්යයෙන්ම.

ෂරාපෝවා ක්රීෂඩා දක්ෂවතා අතින් කැපී පෙනෙන්න ඉස්සර ටෙනිස් පිටියෙ වඩාත් ආකර්ෂණීය ක්රීගඩිකාවක් වුණේ ඇයගේ රූපය නිසා. ඒ ආකර්ෂණය නිසා ඇය වටා බැඳුණු පිරිස වැඩිවීම ඇයගේ දක්ෂ තා ඉහළ යන්නට අවශ්ය විශ්වාසය ගොඩනඟන්න වගේම ප්රනතිවාදිනියන්ගේ මානසික ඒකාග්රනතාවටත් යම් බලපෑමක් නොකළ බව කාටවත් කිව නොහැකියි.

ඉස්සර කාලේ ෆ්ලොරන්ස් ගි්ර පිත් ජොයිනර් තමයි මලල ක්රී ඩා පිටියේ ආකර්ෂණීයම චරිතය වුණේ. ඇයගේ ඉතාමත් දිගු වර්ණ ගැන්වූ නියපොතු මෙන්ම වර්ණවත් ඇඳුම් මෝස්තරවල තිබුණු සරාගී බව ඉස්මතු කරන හැඩතලද ජොයිනර්ව ප්රේආක්ෂක මනසේ ඉහළින් ඔසවා තැබුවා. ඇය තවමත් මීටර් 100 වගේම 200 ලෝක වාර්තාව දරන ලොව බිහිවූ සුවිශේෂීම කෙටි දුර ධාවන ශූරියද වෙනවා.

ලංකාව වෙනුවෙන් අන්තර්ජාතික මලල ක්රීලඩා පිටියේදී සුසන්තිකා ජයසිංහත් වෙනම පෙනුමක් හදාගත්තා. වරෙක කොණ්ඩෙ කපනවා. අමුතු විදියට කොණ්ඩෙ ගොතනවා වගේ වෙනස්කම්වලින් ඇය ආකර්ෂණීය චරිතයක් වුණා. ඒ වගේම ඇය ජාතික ගැටලුවකට එරෙහි විරුද්ධ සංකේතයක් විදියට ඔලිම්පික් පදක්කම දිනන වෙලාවෙදි කහ පටි පැලැඳ තරගයට ඉදිරිපත් වීම නිසා ඇතිවූ ආකර්ෂණයත් ඇයට තරග වැදීමේ විශ්වාසය වගේම ප්ර්තිවාදීන්ගේ සිත් යම් මට්ටමක තිගැස්මකට ලක් කිරීමටත් බලපෑවා. පාසල් කාලයේදීම මේ විදියට ශි්රෂයන්ත දිසානායකත් අතේ බැඳපු ෆ්රෙවන්ඩ්ෂිප් බෑන්ඩ් එක වගේම පෙනුම නිසාත් සමකාලීනයන්ගේම අනුකරණයට ලක්වුණා.

මේකට ලුක් එකද ඉමේජ් එකද වඩා සුදුසු වචනය කියලා ගැටලුවක් ඇතිවෙන්න පුළුවන්. ඒත් මම හිතුවෙ ඒ පුද්ගලයා අපට පේන විදියෙන් ඇතිකරන බලපෑම ක්රීදඩාවෙදි ප්රබල වාසියක් වන බවයි. ඒත් සමහර වෙලාවට අපේ ඇතැම් ක්රීමඩා පරිපාලකයො කොණ්ඩෙ කොටට කපල ඉන්න ඕන කියල හමුදාමය සීමාවන්වලට ක්රීපඩකයො යටත් කරගන්න හදන අවස්ථාත් තියෙනවා. ඒකට හේතුව බොහෝ ක්රී‍ඩාවල ක්රී ඩකයාගේ ජීවිතය ගැට ගහගන්න තියෙන එකම තැන ත්රිපවිධ හමුදාව වීමත් මේකට බලපානවා.

කොහොම නමුත් මේ සටහනට පාදක වෙච්ච චරිත, ක්රීහඩාවේ වීරයෝ හැටියට ගෞරවයට පාත්ර වූ අදාළ ක්රී ඩාවේ දක්ෂතයන් කියන එකත් අපට අමතක කරන්න බැහැ. ඒ දක්ෂටතාවට මේ පෙනුම යම් දෙයක් එකතු කරනවා. ඒ නිසා

පළමු දේ කරන ක්රීටඩාවෙන් දක්ෂමයකු වීම. දෙකට තමයි ඒ හැකියාව වර්ණ ගැන්වීම සඳහා පෙනුම එකතු කරගන්න උත්සාහ කළ යුත්තෙ. නැත්නම් බොබ් මාලේගේ දේශපාලනය සම්පූර්ණයෙන් වියුක්ත කරල ඔහුව ගංජා ගැසීමට යොදාගෙන මාලේ මෙන් වීමට උත්සාහ දැරීමකට සමවෙන්න පුළුවන්.
ඒ නිසා කවුරුත් මතක තියාගන්න ඕනෑ ඒක ස්පෝර්ට්ස් කියලා.

 
  • Like
Reactions: 5tech

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    බ්ලොග් එකකින් නම් ගත්තෙ ඒ අදාල බ්ලොග් එකේ නම දාන්න. එතකොට බ්ලොග් එකකින් ගත්තා නම් අපෙ අයට සර්ච් කරලා හොයාගන්න පුළුවන්.