මාලනි අපයේ ගියද? දිවියලොකෙ ගියද

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    🔥 නලු නිලියන් ගී කියන්නන් මිනිසුන්ගේ කාමය වැඩි කරන්නේද ඔවුන් සියල්ලෝ මරණින් මතු නිරයේ උපදින්නේය..

    දෙසුම
    ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයේ. එදා තාලපුට නම් (වේදිකා වල නෘත්‍ය දක්වන) නටගාමණී භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණු තාලපුට නටගාමණී භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, ඉස්සර හිටපු නෘත්‍ය දක්වන ආචාර්ය ප්‍රාචාර්යවරු කියන්නා වූ කරුණක් මං මේ විදිහටයි අහල තියෙන්නේ. ‘යම් ඒ නළුවෙක් රංග ශාලාව මැද, නැටුම් ශාලාව මැද, ඇත්තෙනුත් බොරුවෙනුත් ජනයාව හිනස්සවයි ද, සතුටු කරවයි ද, අන්න ඒ තැනැත්තා කය බිඳී මරණින් මතු පහාස නම් වූ දෙවියන් අතරට පැමිණෙනවා’ කියලා. භාග්‍යවතුන් වහන්සේ ඔය කාරණය ගැන කුමක් වදාරණ සේක්ද?”

    “පින්වත් ගාමණී, වැඩක් නෑ. ඔය කාරණය තිබුණාවේ. ඕක ගැන මගෙන් අහන්ට එපා.” දෙවෙනි වතාවේදීත් තාලපුට නටගාමණී භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, ඉස්සර හිටපු නෘත්‍ය දක්වන ආචාර්ය ප්‍රාචාර්යවරු කියන්නා වූ කරුණක් මං මේ විදිහටයි අහල තියෙන්නේ. ‘යම් ඒ නළුවෙක් රංග ශාලාව මැද, නැටුම් ශාලාව මැද, ඇත්තෙනුත් බොරුවෙනුත් ජනයාව හිනස්සවයි ද, සතුටු කරවයි ද, අන්න ඒ තැනැත්තා කය බිඳී මරණින් මතු පහාස නම් වූ දෙවියන් අතරට පැමිණෙනවා’ කියලා. භාග්‍යවතුන් වහන්සේ ඔය කාරණය ගැන කුමක් වදාරණ සේක්ද?” කියලා. “පින්වත් ගාමණී, වැඩක් නෑ. ඔය කාරණය තිබුණාවේ. ඕක ගැන මගෙන් අහන්ට එපා.” තෙවෙනි වතාවේදීත් තාලපුට නටගාමණී භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, ඉස්සර හිටපු නෘත්‍ය දක්වන ආචාර්ය ප්‍රාචාර්යවරු කියන්නා වූ කරුණක් මං මේ විදිහටයි අහල තියෙන්නේ. ‘යම් ඒ නළුවෙක් රංග ශාලාව මැද, නැටුම් ශාලාව මැද, ඇත්තෙනුත් බොරුවෙනුත් ජනයාව හිනස්සවයි ද, සතුටු කරවයි ද, අන්න ඒ තැනැත්තා කය බිඳී මරණින් මතු පහාස නම් වූ දෙවියන් අතරට පැමිණෙනවා’ කියලා. භාග්‍යවතුන් වහන්සේ ඔය කාරණය ගැන කුමක් වදාරණ සේක්ද?” කියලා.

    ‘පින්වත් ගාමණී, වැඩක් නෑ. ඔය කාරණය තිබුණා වේ. ඕක ගැන මගෙන් අහන්ට එපා’ යන කරුණ ඒකාන්තයෙන්ම පින්වත් ගාමණී, මම ලබන්නේ නෑ. එනමුදු එයට මං පිළිතුරු දෙන්නම්. පින්වත් ගාමණී, (රංගන බලන්ට එන්නට) පෙර සිටම සත්වයන් පහ නොවූ රාග ඇතිවයි ඉන්නේ. බැඳුනු රාග බන්ධන ඇතිවයි ඉන්නේ. යම් දෙයකින් රාගය ඇති කරවනවා නම්, ඔවුන් තුළ බලවත්ව රාගය ඇති වීම පිණිස ඔවුන් ඉදිරියේ නළුවෙක් රංගන මැද, නැටුම් මැද රඟපෑමෙන් (සරාගී කරුණු) මතු කරල පෙන්වනවා. පින්වත් ගාමණී, (රංගන බලන්ට එන්නට) පෙර සිටම සත්වයන් පහ නොවූ ද්වේෂ ඇතිවයි ඉන්නේ. බැඳුනු ද්වේෂ බන්ධන ඇතිවයි ඉන්නේ. යම් දෙයකින් ද්වේෂය ඇති කරවනවා නම්, ඔවුන් තුළ බලවත්ව ද්වේෂය ඇති වීම පිණිස ඔවුන් ඉදිරියේ නළුවෙක් රංගන මැද, නැටුම් මැද රඟපෑමෙන් (ද්වේෂ සහගත කරුණු) මතු කරල පෙන්වනවා. පින්වත් ගාමණී, (රංගන බලන්ට එන්නට) පෙර සිටම සත්වයන් පහ නොවූ මෝහ ඇතිවයි ඉන්නේ. බැඳුනු මෝහ බන්ධන ඇතිවයි ඉන්නේ. යම් දෙයකින් මෝහය ඇති කරවනවා නම්, ඔවුන් තුළ බලවත්ව මෝහය ඇති වීම පිණිස ඔවුන් ඉදිරියේ නළුවෙක් රංගන මැද, නැටුම් මැද රඟපෑමෙන් (මුළාවෙන කරුණු) මතු කරල පෙන්වනවා. ඉතින් ඔහු තමනුත් මත් වෙලා, ප්‍රමාද වෙලා, අනෙක් උදවියවත් මත් කරලා, ප්‍රමාදයට පත් කරලා කය බිඳී මරණින් මත්තේ පහාස නම් නිරයක් ඇත්නම්, එහි තමයි උපදින්නේ.

    ඉදින් ඔහුට ‘යම් ඒ නළුවෙක් රංග ශාලාව මැද, නැටුම් ශාලාව මැද, ඇත්තෙනුත් බොරුවෙනුත් ජනයාව හිනස්සවයි ද, සතුටු කරවයි ද, අන්න ඒ තැනැත්තා කය බිඳී මරණින් මතු පහාස නම් වූ දෙවියන් අතරට පැමිණෙනවා’ කියලා මෙවැනි ආකාරයේ දෘෂ්ටියක් ඇති වුණොත්, ඒක ඔහුගේ මිත්‍යා දෘෂ්ටිය යි. පින්වත් ගාමණී, මිත්‍යා දෘෂ්ටියෙන් යුතු පුරුෂ පුද්ගලයා හට නිරය හෝ තිරිසන් යෝනිය යන ගති දෙක අතරින් එක්තරා උපතක් විතරයි තියෙන්නේ කියලයි මා කියන්නේ.

    එසේ වදාළ විට තාලපුට නටගාමණී හැඬුවා. කඳුළු හෙළුවා. “පින්වත් ගාමණී වැඩක් නෑ. ඔය කාරණය තිබුණා වේ. ඕක ගැන මගෙන් අහන්ට එපා’ යන මේ කරුණ පින්වත් ගාමණී මං නොලැබුවා නොවැ.”

    “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මා හට යම් කරුණක් වදාළ සේක් නම්, මේ ගැන මං හඬන්නේ නෑ. නමුත් ස්වාමීනි, ඉස්සර හිටපු ආචාර්ය ප්‍රාචාර්ය නළුවන් විසින් බොහෝ කලක් තිස්සේ මාව රවට්ටල තියෙන්නේ. වංචා කරල තියෙන්නේ. වරද්දවල තියෙන්නේ. ‘යම් ඒ නළුවෙක් රංග ශාලාව මැද, නැටුම් ශාලාව මැද, ඇත්තෙනුත් බොරුවෙනුත් ජනයාව හිනස්සවයි ද, සතුටු කරවයි ද, අන්න ඒ තැනැත්තා කය බිඳී මරණින් මතු පහාස නම් වූ දෙවියන් අතරට පැමිණෙනවා’ කියලා.

    ස්වාමීනි, ඉතා සුන්දරයි. ස්වාමීනි, ඉතා සුන්දරයි. ස්වාමීනි, යටට හරවා තිබූ දෙයක් උඩු අතට හැරෙව්වා වගෙයි. වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි. මං මුළා වූවන්ට නියම මඟ පෙන්වා දෙනවා වගෙයි. ඇස් ඇති උදවියට රූප දකින්න අඳුරෙහි තෙල් පහනක් දල්වාගෙන දරා සිටිනවා වගෙයි. ඔය විදිහට භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය වදාළා. ස්වාමීනි, මේ මමත් භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත්, භික්ෂු සංඝයාත් සරණ යනවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මාත් පැවිදි බව ලබාගන්නම්. උපසම්පදාව ලබාගන්නම්.” තාලපුට නටගාමණී භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදි බව ලැබුවා. උපසම්පදාව ලැබුවා. උපසම්පදාව ලබා ගත් නොබෝ කලකින්ම ආයුෂ්මත් තාලපුටයන් වහන්සේ හුදෙකලා වුණා. පිරිසෙන් වෙන් වුණා. අප්‍රමාදී වුණා. කෙලෙස් තවන වීරියෙන් යුතු වුණා. දහමට දිවි පුදා ධර්මයේ හැසිරෙන කොට ….(පෙ)…. ආයුෂ්මත් තාලපුට තෙරුන් වහන්සේ එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා.

    සාදු ! සාදු !! සාදු !!!

    තාලපුට සූත්‍රය නිමා විය
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,119
    5,761
    113
    හෑල්ල දිග වැඩී කෙටියෙන් කියපන්කො කොහෙද ගිහින් තියෙන්නෙ කියල..
     
    • Dislike
    Reactions: AnuradhaRa

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,082
    12,300
    113
    🌎
    තාලපුට නටගාමණී නළුවන්ගේ පින් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගෙන් විමසියි. බුදුරජාණන් වහන්සේ පැවසූයේ, රාග, ද්වේශ, මෝහ ඇති කරන රංගනයන් නිසා මිනිසුන් නිරයට යන බවයි. තාලපුට පැවිදිව අවසානයේ රහත් වූවෙකි.


    Summary
     

    Similar threads