SAITM මාලඹේ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ වාර්ථාව
මාලඹේ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ වාර්ථාව එලියට
මාලඹේ පිහිටි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (SAITM) පිරිනමන උපාධිය වෛද්‍ය සභාව විසින් පිළිගන්නවා ද නැතිද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා රැස්වීමක් ඊයේ(08) පැවැත්විනි.
මෙම රැස්වීමේ දී වෛද්‍ය සභාවේ බහුතරයකගේ තීරණයට අනුව ශ්‍රී-ලංකා වෛද්‍ය අඥාපනතේ 19 C වගන්තියට අනුව මෙම වෛද්‍ය විද්‍යාලය තුල පවතින පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුකොටගෙන සහ එම ආයතනය විසින් ඉදිරිපත් කර තිබූ වාර්ථාවේ තිබූ නොමඟයවන සුළු කාරණා හේතුකොට ගෙන මෙම වෛද්‍ය විද්‍යාලය වෙතින් පිරිනමන දෙන උපාධි වෛද්‍ය සභාව විසින් පිළිගත නොහැකි බවට නිර්දේශ කරමින් ඒ අනුව කටයුතු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දීමට තීරණය කරන ලදී.
මේ අනුව මෙම වෛද්‍ය විද්‍යාලයෙන් උපාධි ලබාගන්නා සිසුන් ශ්‍රී-ලංකා වෛද්‍ය සභාව විසින් වෛද්‍ය සේවයට සුදුසු සිසුන් ලෙසට පිළි නොගනු ඇත.
මේ රැස්වීමේ දී පසුගිය දින වෛද්‍ය සභාවේ නිර්දේශයට අනුව මාලඹේ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් විශේෂ නිරීක්ෂණයක් සඳහා සහභාගී වූ කණ්ඩායම විසින් හෙළිදරව් කරගන්නා ලද එම ආයතනය තුල පවතින අඩුපාඩු රැසක් පිළිබඳව වාර්ථා කිරීම සිදු කරන ලදී.
මෙම වෛද්‍ය විද්‍යාලයට වාර්ශකව බඳවාගන්නා සිසුන් සංඛ්‍යාව 200ක් වන අතර මෙම සිසුන් සංඛ්‍යාවට සමගාමීව මෙම ආයතනයට අයත් ශික්ෂණ රෝහලට අවම වශයෙන් ඇඳන් 1,000ක ප්‍රමාණයක් තිබිය යුතුව ඇත. (සාමාන්‍යෙය නිර්දේශය එක් ශිෂ්‍යෙයකු සඳහා ඇඳන් 5කි) නමුත් මෙම ආයතනය සතුව පවතින රෝහල තුල ඇත්තේ ඇඳන් 400-500ක පමණ ප්රමාණයකි. එමෙන්ම නිර්දේශිත ආකාරයට මෙම ඇඳන් ප්‍රමාණයෙන් 80%ක් සඳහා රෝගීන් ප්‍රමාණයක් සිටියයුතු වන නමුත් මෙම රොහල තුල එම ප්‍රතිශතය 10%-15% ත් අතර ප්රමාණයකි.
මෙම නිරීක්ෂණ කණ්ඩායම ප්‍රකාශ කර සිටියේ මෙම ආයතනය තුල පවතින පුස්ථකාලය වෛද්‍ය විද්‍යාලයකට ගැලපෙන ප්‍රමිතියෙන් යුක්තව නිමකර නොමැති බවයි. සාමාන්‍යෙයන් වෛද්‍ය විද්‍යාලයක පුස්ථකාලය එයට ගැලපෙන අන්දමෙන් සුවිශේෂීකරණය වූ පුස්ථකාලයක් වියයුතු නමුත් මෙම ආයතනය තුල පවතින්නේ සාමාන්‍ය පුස්ථකාලයකි. එමෙන්ම මෙම ආයතනයේ පවතින පුස්ථකාලයට සුදුසුකම් ලත් පුස්ථකාලාධිපතිවරයෙකු නොමැති බවත්, දහවල් ආහාරගන්නා වේලාව තුල මෙම පුස්ථකාලය වසා තිබෙන බවත් එමෙන්ම මෙම පුස්ථකාලය සතුව පරිඝණක පහසුකම් නොමැති බවත් මෙහි දී අනාවරණය විය.
එමෙන්ම මෙහිදී අනාවරණය වූ තවත් කරුණක් වන්නේ මෙම රොහල තුල පවතින ස්ථිර වෛද්‍යවරන්ගේ සහ කාර්යමණ්ඩලයේ හිඟයයි. සාමාන්‍යෙයන් වෛද්‍ය විද්‍යාලයක වෛද්‍ය සිසුන් 7-1 වෛද්‍ය වරයෙකු සිටිය යුතු නමුත් SAITM එය එසේ නොවන බව අණාවරණය විය. මෙම වෛද්‍ය විද්‍යාලය විසින් ලබා දී ඇතිකාර්ය මණ්ඩලයේ නම් ලයිස්තුවේ නම් සඳහන් මෙම රොහලේ ස්ථිරව සේවය කරනවා යයි පැවසෙන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විශාල ප්‍රමාණයක් අනෙකුත් රොහල් වල ස්ථිරව සේවය කරන වෛද්‍යවරුන් බව මෙම අවස්ථාවේ දී අණාවරණය විය. එමෙන්ම සෑම වාට්ටුවක් සඳහාම විශේශඥ වෛද්‍යවරයෙකු සිටියයුතු වුවත් මෙම ආයතනය විසින් ඉදිරිපත් කරන ලද ලයිස්තුවට අනුව එකම වෛද්‍යවරයා වාට්ටු කිහිපයකම ප්‍රධානියා ලෙසට සේවය කරන බව සඳහන්ව තිබුණි.
මෙම ආයතනය පසුගිය වර්ශයේ උපයන ලද ලාභය රුපියල් මිලියන 1,265 කි. ශ්‍රී-ජයවර්ධනපුර රොහලේ වාර්ශක නඩත්තුව සඳහා රජය විසින් වාර්ශිකව වෙන්කරන මුදල රුපියල් මිලියන 600කි. එම රොහලේ ධාරිතාව ඇඳන් 1,000ක් වන අතර කාර්යමණ්ඩලය සහ අනෙකුත් පහසුකම් සහිතව ඉතා හොඳ සේවයක් ලබා දෙමින් කටයුතු කිරීමට එම මුදල ප්‍රමානවත් වේ. එමෙන්ම පසුගිය මාස කිහිපය තුල එම රොහලේ ඇඳක් වෙන්කරවා ගැනීම අසීරුවන තරමටම ඉල්ලුමක් ඇතිව තිබේ. රුපියල් මිලියන 600කින් මෙපමණ කාර්යක්ෂමව සහ පළුදායී ලෙස රජයේ රොහලක් නඩත්තු කළ හැකිනම්, එම රොහලෙන් අඩක පමන ඇඳන් ප්‍රමානයක් සහිත පෞද්ගලික රොහලක් ඉතා හොඳ තත්වයෙන් නඩත්තු කිරීමට මේ ලැබෙන ලාභයෙන් කොටසක් වැයකිරීමේ හැකියාව මෙම ආයතනයට හැකි බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෙම ආයතනයට පවතින ප්‍රධානතම ගැටළුව වන ආයතනයේ ශික්ෂන රෝහලට අවශ්‍ය වෛද්‍යවරුන් සහ රෝගීන් පිළිඹඳ ගැටළුව ඔවුන්ට අවශ්‍යතාව ඇතිනම් විසඳා ගැනීමට ඕනෑවටත්වඩා හැකියාවක් ඇත.
මේ ආකාරයට සිසුන්ට ඉගෙන ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා නොදුන්නද SAITM ආයතනය අතයටින් කරන ගණු දෙනු සඳහා මුදල් වියදම් කිරීම අත හැර නොමැති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. මෙම රැස්වීම පැවති අවස්ථාවේ දී වෛද්‍ය සභාව තුල සිටින SAITM ආයතනයේ බළල් අත්වල හැසිරීමෙන් මෙම තත්වය ඉතා හොඳින් පැහැදිලි වන අතර, මෙතරම් කරුණු දක්වා සිටිය දී මෙම ආයතනයට වෛද්‍ය උපාධි ලබාදීමට ඉඩදිය යුතු බවට සහ එම උපාධිය වෛද්‍ය සභාවෙන් පිළිගතයුතු බවට බල කරන කණ්ඩායමක් වෛද්‍ය සභාව තුලම සිටින ආකාරය දක්නට ලැබුණි. අවසානයේ වෛද්‍ය සභාව තම අවසන් තීරණය එළි දක්වන අවස්ථාවේ දී මෙයින් එක් ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු එම තීරණයට විරෝධය පලකර එම ස්ථානයෙන් නැගිට යාමට පවා කටයුතු කරනු ලැබීය.
මෙතරම් අධික මුදලක් ලාභ වශයෙන් උපයන ආයතනයක් තම ආයතනයේ ඉගෙනුම ලබාගන්නා සිසුන්ට නිසි පහසුකම් සහ ප්‍රමිතීන්ට අනුව අධ්‍යාපනයක් ලබා නොදීම තුලින් පැහැදිලි වන්නේ මෙම ආයතනය තනිකරම මුදල් ඉපයීම මතම පදනම් වී ක්‍රියාත්මකවන ආයකනයක් බව නොවේද?
මෙවැනි නිසි පහසුකම් නොමැති ආයතනයකට වෛද්‍ය විද්‍යාලයක් පවත්වාගෙන යාමට අවසර ලබාදුන්නේ කවුරුන් ද යන්න පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදු කළ යුතු අතර, එසේ අවසර ලබා දීමට කටයුතු කළ සියළුම නිලධාරීන්ට සහ දේශපාලඥයන්ට එරෙහිව නීතිමය පියවර ගතයුතුව ඇත.
එමෙන්ම මෙම පුද්ගලයන්ගේ අමනොඥ ක්‍රියාකලාපය හේතුවෙන් අපහසුතාවයට පත්වසිටින SAITM ආයතනයේ ඉගෙනුම ලබන 1,000 කට අධික සිසු සිසුවියන් හටද යම් සාධාරණයක් ඉටුකළ යුතුව ඇත.
Extracted from : theceylon

Last edited: