මාලිංග_එළ_කොල්ලෙක් නේ
මෙවර IPL තරඟ මාලාවේ මුම්බායි ඉන්දියන්ස් පිල සහභාගී වන පළමු තරඟය මේ මස 6වනදා පැවැත්වෙන අතර එයට ලසිත් මාලිංග සහභාගී නොවන බවට වාර්තා වෙනවා.
ඒ ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරඟයද එදිනටම යෙදී තිබීම හේතුවෙන්. IPL තරඟාවලියට වඩා තමන්ට ශ්රී ලංකා පිල ජයග්රහණය කිරීම වැදගත්වන බවත් IPL සෑම තරඟයකටම සහභාගී විය යුතු වූවත් තමා ජාතික කණ්ඩායමේ තරඟයන් වලට සහභාගී වීමට මුල්තැන දෙන බවත් ලසිත් මාලිංග වැඩිදුරටත් පවසා සිටියා.
ඔහු මේ සම්බන්දයෙන් Citizen.lk අපවෙත වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා සිටියා....
''IPL තරඟාවලියේ සෑම තරඟයකටම අපි සහභාගී වෙන්න ඕනි, එත් රට වෙනුවෙන් ජාතික කණ්ඩායමට ක්රීඩා කිරීම තමයි මගේ අංක එක වෙන්නේ, ඒ නිසා බංග්ලාදේශය එක්ක පැවැත්වෙන තරඟ දෙකට සහභාගී වෙලා තමයි මම IPL සෙල්ලම් කරන්න යන්නේ, 6 වෙනිදා තියෙන පළවෙනි IPL මැච් එක මට මිස් වෙනවා. ඒත් පන්දුවාර විස්ස තරඟාවලිය තුළ ශ්රී ලංකා පිලේ ජයග්රහණය තහවුරු කිරීම තමයි මගේ එකම බලාපොරොත්තුව, ඒ නිසා ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරලා පස්සේ මම IPL යනවා.''