මාලිංග_නිසා 20-20 ක‍්‍රිකට් අනතුරේ – දෝනි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මාලිංග_නිසා 20-20 ක‍්‍රිකට් අනතුරේ – දෝනි

    කුලේ සහ මාලිංගගේ නවතම පන්දු යැවීමෙන් 20-20 ක‍්‍රිකට් අනතුරේ – දෝනි


    topimg_21123_mahendra_singh_dhoni_600x400.jpg



    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නවතම පන්දු යැවීමේ උපක‍්‍රමය නිසා පන්දු වාර 20-20 ක‍්‍රිකට් ක‍්‍රීඩාව බරපතල අනතුරකට මුහුණ දෙනු ඇතැයි ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝණි පවසයි.

    ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ අවසන් තරඟයේ අවසන් පන්දු වාර හතර ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවූ ආකාරය ගැන පුදුමයට පත් වන බවයි.

    ‘අපි තරගයට පිවිසියේ මන්දගාමීවයි. නමුත් 14 වැනි පන්දුවාරය වන විට කඩුලූ 2ක් දැවී ලකුණු 93ක් රැස්කොට ලකුණු අතර සිටින විරාත් කෝලිද සමග යහපත් තත්ත්වයක හිටියා. නමුත් ප‍්‍රහාරක පිතිකරුවෙකු වූ යුවරාජ් සිංට ලකුණු ලබාගැනීමට වගේම විරාත් කෝලිට අන්තය ලබාදීමටත් බැරිවුණා. මේ නිසා අපට අවසන් පන්දුවාර හතරේදී ලැබුණේ ලකුණු 19ක් වීමත් පරාජයට බලපෑවා.

    අපිට අවසන් පන්දුවාර හතරේදී අපේ බලාපොරොත්තුව ඉටුකර ගන්න බැරි වුණා. ඇත්තෙන්ම එහි ගෞරවය හිමිවිය යුත්තේ ලසිත් මාලිංගට සහ නුවන් කුලසේකරට. ඔවුන් දෙදෙනාම පිට ඉන්නට පිටතින් යෝකර් පන්දු යවා සාර්ථකව අපේ ප‍්‍රහාරය මැඩපැවැත්වුවා. ඒක ඔවුන්ගේ අලූත්ම උපක‍්‍රමයක්. කොහොම නමුත් එක් පන්දුවාර 20 ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ පිතිකරුවන්ගේ අනාගතයට කරන ලද අනතුරු ඇගවීමක් හැටියටත් හදුන්වන්න පුළුවන්’ යයිද ඉන්දීය නායකයා පවසා තිබේ.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එ ඔවර්ස් 4 තමයි වෙනස් කරෙ ,නැත්තම් ඉන්දියාව 160/170 යන්න තිබුන ...පට්ටම බොලින්ග් , ඔය වගෙ පට්ටම බැටාලටම ගහගන්න බැරි උනෙ එලියෙන් දාපු යොකර් නිසා මිට කලින් මෙහෙම කවුරුවත් බොල් කරන එකක් මම දැකලම නැ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මේ කිරියේ හැම තැනම දකින උපරිම වේදනාවේ සලකුණු වගේද මෙව්වා....... මෙව්වා තමයි ඔරිජිනල්ම උපරිම වේදනාවේ සලකුණු......
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    මේ කිරියේ හැම තැනම දකින උපරිම වේදනාවේ සලකුණු වගේද මෙව්වා....... මෙව්වා තමයි ඔරිජිනල්ම උපරිම වේදනාවේ සලකුණු......

    :rofl::yes:
     

    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    මෙව්වා තමයි ඔරිජිනල්ම උපරිම වේදනාවේ සලකුණු...... :rofl::yes:
     

    kuvindu

    Member
    Dec 26, 2012
    76
    2
    0
    මේ කිරියේ හැම තැනම දකින උපරිම වේදනාවේ සලකුණු වගේද මෙව්වා....... මෙව්වා තමයි ඔරිජිනල්ම උපරිම වේදනාවේ සලකුණු......
    සිරා :rofl::P
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    උන්ට ඔය ඕවර් 4 බෝලෙට ගහගන්න බැරි උනා කියලා හිතේ තියන වේදනාවට කියන කතා. ඒ ඕවර් 4 තමයි නියමම ඕවර් 4 මුළු T20 මැච් වල.