මාලිංග_රිටයි වෙයිද?
පසුගියදා ඇතිවූ විවිධ මතගැටුම් හා ක්‍රීඩාව සම්බන්ධ වූ සිත්රිදවුම් හේතුවෙන් ලසිත් මාලිංග හා නුවන් කුලසේකර ක්‍රිකට් පිටියෙන් සමුගන්නට තීරණය කර ඇති බවට වාර්තා වෙනවා.ඒ අනුව ඔවුන් එළැඹෙන සිම්බාබ්වේ තරඟාවලියෙන් පසුව බොහෝ දුරට ක්‍රීඩාවට සමුදෙනු ඇති බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වන්නේ.
මේ වන විට ලසිත් මාලිංගට එක්දින කඩුලු 300 සම්පූර්ණ කරන්නට අවශ්‍යව ඇත්තේ තවත් කඩුලු 6ක් වන අතර නුවන් කුලසේකරට එක්දින කඩුලු 200 සම්පූර්ණ කරන්නට අවශ්‍යව ඇත්තේ තවත් එක් කඩුල්ලක් පමණයි.
මේ වන විට මාලිංගට විනය කඩකිරීම සම්බන්ධයෙන් දඬුවම් පනවා ඇති අතර ඒ අනුව ඔහුට ලැබෙන මුදලින් 50%ක් දඩ ලෙසත් මාස 6ක කාලයක් තරඟ තහනමක්ද පනවන්නට ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
මේ අතර පසුගිය දිනෙක පුවත්පතක් හමුවේදී ලසිත් මාලිංග කියා සිටියේ තමන් නුවන් කුලසේකර සමඟින්ම පිටියට පැමිණ යම් දිනෙක ඔහු සමඟින්ම පිටියෙන් සමුගන්නා බවයි.
ඔවුන් දෙදෙනාගේ මෙම තීරණය බොහෝ දුරට සිම්බාබ්වේ තරඟාවලියෙන් පසුව ගනු ඇතැයි තතු දත් ආරංචි මාර්ග මේ වන විට තොරතුරු වාර්තා කර සිටිනවා.
මාලිට තව විකට් 6යි, කුලේට 1යි - ආවේ එකට යන්නෙත් එකට - මාලි සමඟින් කුලේ සමුදෙන්න සැරසෙයි?