මාලිමාවේ ජන ගඟ 🤩

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    ජෙප්පෝ ඕකටත් මොනා හරි කියල සුදනෝ වෙයි.😹😹
     
    • Haha
    Reactions: Jack London

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    උබ කියන්නෙ කන්න අදින්නවත් සල්ලි නැති මිනිස්සු අතින් වියදම් කරන් පාරෙ බස් එකේ ඇවිත් බහින්න ඕනෙ කියලද? අනුර නෙම ඕනෙ පක්ශයක් බස් දාල තමයි මිනිස්සු ගෙන්නෙ.. හැබැයි වෙනස, අනුර බස් දාන්නෙ අදාල දිස්ත්‍රික්කෙ ටවුන් ටිකට විතරයි.. අනික් බුවාල, ලාහට ගෙම්බො අල්ලනව වගේ රට වටින් හොයල හොයල එකතු කරන් එන්නේ.. ඊයා පොන්ස්. 😹 😹

    දවස් 9 ඉවසපන් පොන්නයෝ 😹 😹
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,233
    166,424
    113
    එකමත් එක රටක
    මේ (උඩින්) තියෙන්නේ ජාඅල රැලිය තිබ්බ ඉඩම . .

    මම ඔය යටින් පාට කරල තියෙන්නේ ඒ සෙනග පාරෙන් එහා පැත්තේ තිබ්බ ground එකට අරන් ගියා නම් පේන විදිය . 🥱

    hnS8dXR.jpg
     
    ලොල්. හරි බන්. අනුරට සෙනග නෑ.. එහෙම හිතන් දවස් 9 චූන් වෙලා හිටපන්.. කක්කා ඩිලාන් 😹 😹
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    උබ කියන්නෙ කන්න අදින්නවත් සල්ලි නැති මිනිස්සු අතින් වියදම් කරන් පාරෙ බස් එකේ ඇවිත් බහින්න ඕනෙ කියලද? අනුර නෙම ඕනෙ පක්ශයක් බස් දාල තමයි මිනිස්සු ගෙන්නෙ.. හැබැයි වෙනස, අනුර බස් දාන්නෙ අදාල දිස්ත්‍රික්කෙ ටවුන් ටිකට විතරයි.. අනික් බුවාල, ලාහට ගෙම්බො අල්ලනව වගේ රට වටින් හොයල හොයල එකතු කරන් එන්නේ.. ඊයා පොන්ස්. 😹 😹

    දවස් 9 ඉවසපන් පොන්නයෝ 😹 😹
    මුලින් නම් අනික් උන්ට හිනා උනා bus දාලා සෙනග අදිනවා කියලා. උබලයි කුමාරයා කරන්නෙත් ඒකමනේ පොන්ටියෝ.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ලොල්. හරි බන්. අනුරට සෙනග නෑ.. එහෙම හිතන් දවස් 9 චූන් වෙලා හිටපන්.. කක්කා ඩිලාන් 😹 😹

    බස් දාල සෙනඟ අද්දනවට විරුද්ධව ඒ කාලේ මේ වගේම වීඩියෝ දැම්මෙ JVP නොහොත් මාලිමාව..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,233
    166,424
    113
    එකමත් එක රටක
    ලොල්. හරි බන්. අනුරට සෙනග නෑ.. එහෙම හිතන් දවස් 9 චූන් වෙලා හිටපන්.. කක්කා ඩිලාන් 😹 😹
    සෙනග නම් ඉන්න්ව ඉතින්.... ලංකාව කෑවා කියලා අනිත් උන්ට අවුරුදු 76කට බැන්නට ඒ හැමපාරම රැල්ලට චූන් වෙලා පාලකයෝ පත් කරේ ඔය "සෙනග" තමයි බන් . උන්ට ඒක මතක නෑ . මේපාරත් එච්චරයි . ලංකාවේ බහුතරයක් එකතු වෙලා හරි තීරණ ගන්නවා කියලා ද උබ හිතින් ඉන්නේ ?? :rofl:
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මුලින් නම් අනික් උන්ට හිනා උනා bus දාලා සෙනග අදිනවා කියලා. උබලයි කුමාරයා කරන්නෙත් ඒකමනේ පොන්ටියෝ.
    අනික් උන්ට බස් දාල ගෙන්නවත් අදාල දිස්ත්‍රික්කෙ සෙනග ඉන්නවද පොන්නයෝ? අනුරාදපුරේට අම්පාරෙන් අදින්නෙ ජොලි සීයා 😹 😹 ඊයා . 😹 😹
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    බස් වල නැතුව පයින් එන්නද කියන්නේ. දිස්ත්‍රික්කෙ උන් එන්නෙ බස් එකේ තමා. කෑගල්ලෙ රැලියට අපේ පැත්තෙනුත් බස් ගියා.කෑගල්ලට කිලෝමීටර් 6යි තියෙන්නෙ.ඒ 6 පයින් යන්නද?හැබැයි විකටයයි පිනයි කරනව වගේ කෑගල්ලෙ රැලියට කුරුණෑගලින් නුවරින් ගම්පහින් සෙනග අදින්නෙ නෑ.ඒකයි වෙනස
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    සෙනග නම් ඉන්න්ව ඉතින්.... ලංකාව කෑවා කියලා අනිත් උන්ට අවුරුදු 76කට බැන්නට ඒ හැමපාරම රැල්ලට චූන් වෙලා පාලකයෝ පත් කරේ ඔය "සෙනග" තමයි බන් . උන්ට ඒක මතක නෑ . මේපාරත් එච්චරයි . ලංකාවේ බහුතරයක් එකතු වෙලා හරි තීරණ ගන්නවා කියලා ද උබ හිතින් ඉන්නේ ?? :rofl:

    යකෝ, මේ ලෝකෙ පර්ෆෙක්ට් ලීඩර්ස්ල හොයන්න බෑ, ඉන්න උන්ගෙන් විශ්වාසය තියන්න පුලුවන් එකෙක්ට තමයි දෙන්න ඕනෙ.. අවුරුදු 76ක් ෆේල් කියල ඔප්පු කරපු හොරු වට කරන් ඉන්න නාකින්ට ආයි ආයි රැවටෙන්න මිනිස්සුන්ට පිස්සු නෑ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සෙනග නම් ඉන්න්ව ඉතින්.... ලංකාව කෑවා කියලා අනිත් උන්ට අවුරුදු 76කට බැන්නට ඒ හැමපාරම රැල්ලට චූන් වෙලා පාලකයෝ පත් කරේ ඔය "සෙනග" තමයි බන් . උන්ට ඒක මතක නෑ . මේපාරත් එච්චරයි . ලංකාවේ බහුතරයක් එකතු වෙලා හරි තීරණ ගන්නවා කියලා ද උබ හිතින් ඉන්නේ ?? :rofl:
    ඔව් බන්.වැරදි වැරදි ගිහින් හරි තීරණේ ගන්නත් පුලුවන්නෙ දවසක.හැමදාම වරදිනව කියන්නත් බෑනෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,233
    166,424
    113
    එකමත් එක රටක
    යකෝ, මේ ලෝකෙ පර්ෆෙක්ට් ලීඩර්ස්ල හොයන්න බෑ, ඉන්න උන්ගෙන් විශ්වාසය තියන්න පුලුවන් එකෙක්ට තමයි දෙන්න ඕනෙ.. අවුරුදු 76ක් ෆේල් කියල ඔප්පු කරපු හොරු වට කරන් ඉන්න නාකින්ට ආයි රැවටෙන්න මිනිස්සුන්ට පිස්සු නෑ.
    උබ හිතනවද රැල්ලට යන වෙලාවක හරි විදියට දේවල් තෝරාගනී කියල ?
    එහෙනම් අච්චර ගොබ්බ , ඇතුලේ පුස් තිබ්බ ගෝටාව හොදට පෙනී පෙනී ඌ ජාතික වීරයෙක් , රට හ්දනන් ලෝකේ වටේම ගිහින් ඉගෙන ගත්ත එකෙක් කියලා උස්සන් ආවේ කොහොමද ලංකාවෙන් ලක්ෂ 69ක් ?
    උන් ඒ වෙලාවේ හිතුවෙත් උබ ඔය උඩ කියලා තියන බයිලම තමයි . මෙච්චර කල් රැවටුනා , ආයිත් රැවටෙන්නේ නෑ කියලා :lol:
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    උබ හිතනවද රැල්ලට යන වෙලාවක හරි විදියට දේවල් තෝරාගනී කියල ?
    එහෙනම් අච්චර ගොබ්බ , ඇතුලේ පුස් තිබ්බ ගෝටාව හොදට පෙනී පෙනී ඌ ජාතික වීරයෙක් , රට හ්දනන් ලෝකේ වටේම ගිහින් ඉගෙන ගත්ත එකෙක් කියලා උස්සන් ආවේ කොහොමද ලංකාවෙන් ලක්ෂ 69ක් ?
    උන් ඒ වෙලාවේ හිතුවෙත් උබ ඔය උඩ කියලා තියන බයිලම තමයි . මෙච්චර කල් රැවටුනා , ආයිත් රැවටෙන්නේ නෑ කියලා :lol:

    ගෝටව ගෙනාවෙ උබලෑ රනිල්ට පාස්කු ප්‍රහාරෙ නවත්තගන්න බැරි උන හන්දා. අපේ පැති වල උනුත් දූවල ගිහින් ඌට දිලා ආවෙ ජාතික ආරක්ශාව බලාගෙන මිස වෙන මොකටවත් නෙමෙයි..

    දැන් මිනිස්සුන්ට තියෙන්නෙ ජීවත් වෙන්න අමාරු ප්‍රශ්නයක්. පරන හොරු කවදාවත් මිනිස්සුන්ට පෝසත් වෙන්න දුන්නෙ නෑ, උන්ට මිනිස්සු කන්ට්‍රෝල් කරන්නනම්, මිනිස්සු දුප්පත් වෙලා ඉන්න ඕනෙ. උන්ගෙ ආදාර මත යැපෙන්න ඕනෙ. දැන් මම ගියොත් ගෑස් නැතිවෙයි, අස්වැසුම නැතිවෙයි කියල මිනිස්සුන්ව බය කරන්නෙ ඒකනෙ.

    හරියට රට හදපු එකෙක්නම් ඌ මේකෙ එල්ලිලා ඉන්න ඕනෙ නෑ, ඌ ගියත් රට දුවන්න ඕනෙ. 6 පාරක් බලයෙ ඉදලත් බැරි උන උන්ට වඩා වෙනින් එකෙක්ට දීල බලන්නෙ ඒකයි මිනිස්සු, තවත් කෙලවෙන්න දේකුත් නැති එකේ.
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    යකෝ, මේ ලෝකෙ පර්ෆෙක්ට් ලීඩර්ස්ල හොයන්න බෑ, ඉන්න උන්ගෙන් විශ්වාසය තියන්න පුලුවන් එකෙක්ට තමයි දෙන්න ඕනෙ.. අවුරුදු 76ක් ෆේල් කියල ඔප්පු කරපු හොරු වට කරන් ඉන්න නාකින්ට ආයි ආයි රැවටෙන්න මිනිස්සුන්ට පිස්සු නෑ.

    ඉතින් පොන්නයෝ 2019දී අනුරට දෙන්නේ නැතිව ඇයි තොපි ගෝඨා ට දුන්නේ... අනුරය එක පාර හොඳ උනේ ඇයි. දැන්ද මතක් උනේ රට හදන්න :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,233
    166,424
    113
    එකමත් එක රටක
    ගෝටව ගෙනාවෙ උබලෑ රනිල්ට පාස්කු ප්‍රහාරෙ නවත්තගන්න බැරි උන හන්දා. අපේ පැති වල උනුත් දූවල ගිහින් ඌට දිලා ආවෙ ජාතික ආරක්ශාව බලාගෙන මිස වෙන මොකටවත් නෙමෙයි..
    ඒකට තමයි බන් රැල්ලට අහුවෙනවා කියන්නේ .
    මොකක් හරි තනි සිද්දියකින් ඕන එකෙක්ව හරවන්න පුලුවන්
    ඌට ජාතික ආරක්ෂාව තියා ලංකාව ගැන වාක්‍ය ක් කතා කරගන්න පුලුවන් කියලා උබලට ඒ කාලේ පෙනුනේ නැද්ද ?
    අනික ඌ වට කරන් හිටියේ හොද උන් ද ?
    ඒ කාලේ ඌ ව වට කරන් ඉන්න උන්ව පෙනුනේ නැද්ද ?

    ඕකට තමයි රැල්ලට යනවා කියන්නේ .
    ඒක සාධර්නික්රණය කරන්න මොකක් හරි කියනව .
    එතකොට වටේ හිටපු උන් ගැන කතා නෑ . දැන් අහනව වටේ උන් ගැන .

    අනුරය එක්ක වටේ ඉන්නේ මොක්කු ද කියලවත් උබල දන්නේ නෑ .