Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාවතේ ගී ගයන නදීෂා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාවතේ ගී ගයන නදීෂා

කොළඹ කිව්වම අපිට මැවෙන්නේ විසිතුරු ලෝකයක්. ඒත් කොළඹ සමාජයට එබිලා බැලුවොත් ඒ විසිතුරු ලෝකේ කොච්චර විසකුරුද කියලා වෙලාවකට හිතේවි. පසුගිය දවසක මාවතේ ඇවිදගෙන යද්දි මට හිතුන එක දෙයක් තමයි මේ කොළඹ මිනිස්සු ජීවත්වෙන්න මොනවද නොකරන්නේ කියන එක. කොළඹ පෑගෙන වැලි ඇටේටත් ගණන් හිලව් තිබ්බ නම් මේ මිනිස්සුන්ගේ ජීවිත කොහේ යාවිද?

අව් රශ්මිය තදින්ම ඇඟට පතිත වෙනවා. ගමන් විඩාව නෙත් දෙක වසන තරමටම සූදානම්. නැවතුමෙන් බස්රථයට ගොඩවෙලා සෙනඟ අතරින් තෙරපි තෙරපි ඉදිරියට ඇදෙද්දී හීනියට මිහිරි සංගීත නාදයකුත් මතුවුණා. ඇත්තටම එය ගුවන් විදුලියේ යන ගීතයක් තරමටම මිහිරියි.

මුළු බස් රථයම නිසොල්මන් වෙලා. ඒ හඬ මුළු බස් රථයම ඇදබැඳ ගත්තා හා සමානයි.

මියුරු පෙම් මදිරාවේ...

නුහුරු රස දැනුනා වේ...

සත්සරේ රැව් දිදී....

පුරවන්න මා දෙසවන් මිහිරේ....

බස් රථයේ හුස්ම ගැනීමට නොහැකි තරමට සෙනඟ පිරී සිටියත් ඇය ඇගේ උත්සාහය නම් අතහැරියේ නැහැ. මට සිතුණා ඇය සමඟ කතා කරන්න.

ජීවත්වෙන්න මාවතේ ඔට්ටු වෙන ජීවිත අතරේ ඇයත් එක ගැහැනියක්.

කැමතිද කතාකරන්න?

ඔව්, මම කැමතියි.

කොහොමද රස්සාව?

කළු ගලේ ඔළුව ගහගන්නවා වගේ වැඩක්. මේ සමාජයේ ඔළුව තියාගෙන මේ රස්සාව කරන්න අමාරුයි. පණ ගැටගහන්න ඉතින් සින්දු කියනවා.

මුලින්ම කියන්නකෝ නම?

නදීෂා පීරිස්.

එතකොට ඔයාගේ ගම කොහෙද?

වත්තල, ඇළකන්ද කියන ගමේ තමයි මම ජීවත් වෙන්නේ.

කොච්චර දුරට ඉගෙන ගෙන තියෙනවද?

6 වසරට වෙනකම් විතරයි මම පාසල් ගියේ. එතැනින් එහාට මට ඉගෙන ගන්න ලැබුණේ නැහැ.

ඇයි අධ්‍යාපනය නතර වුණේ?

ආර්ථික අපහසුතා ගොඩක් තිබුණා. මම පුංචි කාලේ ඉදලා අම්මා මගේ ළඟ හිටියේ නැහැ. අම්මා මං පුංචි කාලෙදීම වෙනත් විවාහයක් කරගත්තා. අම්මා මාව දාලා ගිහින් වෙන විවාහයක් කරගන්නකොට මට අවුරුදු 8යි.

පස්සේ හැදුණේ වැඩුණේ කාගේ ළඟද?

මම හැදුණේ ආච්චි ළඟ. පුංචි කාලෙ ඉඳලම ජීවත් වෙන්න ගොඩක් දුක් වින්දා. ඉස්කෝලේ යන කාලේ කහට උගුරක් බීලා ගත කළ දවස් අනන්තයි. ආච්චිත්, ගොඩක් වයසයි. දවසක් කුලී වැඩක් කළොත් දවස් දෙකක් ආච්චි ලෙඩ ඇඳේ. ඒ නිසා මමත් තේ කම්හලක වැඩට ගියා. දවසට රු. 60 විතර ඒ දවස්වල කුලිය හම්බ වුණා. මම ඒ දවස්වල ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලාත් හවසට තේ කම්හලේ වැඩට ගිය අවස්ථා තිබුණා. ඒ විදිහට කුලී වැඩ කරලා ආච්චි එක්ක උයාගෙන කාලා ජීවත්වුණා. මම මුලින්ම කුලී වැඩකට යනකොට මට අවුරුදු 8 යි. අම්මා දාලා ගියාට පස්සේ මම හම්බකරලා ආච්චිට ගෙනත් දෙන්න වුණා. මගේ ආරක්ෂාවට ඉන්නේ එයා විතරයි. එයත් නැතිවුණොත් මට මොනව වේවිද කියලා බය හිතුණා. පස්සේ නොකඩවාම මම අවුරුදු පහක් එකදිගටම තේ කම්හලේ වැඩ කළා.

ඊට පස්සේ මොකද වුණේ?

ඊට පස්සේ මට අවුරුදු දහඅට සම්පූර්ණ වුන ගමන් ලෙබනන් වලට ගෘහසේවයට මම රට ගියා. මාස අටක් විතර ලෙබනන් වල මම වැඩ කරගෙන ඉන්න කොට මාව අසනීප වුණා. ඊට පස්සේ මම වැඩ කරපු ගෙදර නෝනලා මාව ටිකට් එක හදලා ආපහු ලංකාවට එව්වා.

එතකොට ඔබ විවාහ වෙලාද හිටියේ?

නැහැ. මම විවාහ වුණේ 2003 දී.

අම්මා වෙනත් විවාහයක් කරගත්තට පස්සේ ඔයා ගැන සොයලා බැලුවෙම නැද්ද?

සෙව්වා. ඒත් මට අම්මා කෙනෙකුගෙන් ලැබෙන්න ඕන ආදරේ කවදාවත් ලැබුණේ නැහැ. අම්මාගේ පළමු කසාදේ දරුවෙක් ඉන්නේ මම විතරයි. දෙවෙනි කසාදේ අම්මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මම ඒ කා එක්කවත් තරහක් නැහැ. මට පුළුවන් විදිහට ඒ සහෝදරයන්ටත් සලකනවා.

එතකොට මේ විදිහට බස්වල සින්දු කියන රස්සාවට එන්නේ ඇයි?

මම අර තේ කම්හලේ වැඩ කළ කාලේ අපේ අම්මාගේ ගෙදර කුලියට ආවා පාරේ සින්දු කිය කියා ඇවිදින කට්ටියක්. හවසට ඒ අය සින්දු කියන කොට මටත් සින්දු කියන්න ආස හිතුණා. කලාව කියන දේ පුංචි කාළේ ඉදලම මගේ ඇඟේ තිබුණා.

මට ලස්සනට නටන්න පුළුවන්. සින්දු කියන්න පුළුවන්. මට දෙවියෝ ලස්සන කටහඬක් දුන්නට දෙවියෝ මට ලස්සන ජීවිතයක් දුන්නේ නැහැ. ඉස්සර ආච්චි මාව සංගීත සංදර්ශන බලන්න එක්ක ගියාම මම වේදිකාවට නැගලා සින්දු කියන්න අවස්ථාවක් කොහොම හරි ඉල්ල ගන්නවා. ගායිකාවක් වෙන්න පුංචි කාලේ ඉඳලම හීනයක් තිබුණා. ඒත් දුප්පත්කම ඉතිරි කරලා වාසනාව පෑල දොරෙන් පැනලා යද්දී බඩට කන්න බත් ඇටයක් නැතුව කුසගින්නේ දවස් ගණන් හිටපු මට ගායිකාවක් වීම හීනයක්ම විතරක් වුණා.

සින්දු කියන්න පුරුදු වුණෙ කොහොමද?

ඒක මට උපතින්ම ආපු හැකියාවක්. හින්දි, දෙමළ වචන, නාද මාලා මට හොඳට මතක සිටිනවා. ඉස්සර සල්මන් ඛාන්, ප්‍රීති සින්ටා, ආශා බෝස්ලේ වගේ අයට මම හරිම ආසයි. ලංකාවේ ආසම ගායකයා වුණේ විජය කුමාරතුංග මහත්තයා.

ඉතින් ඔය විදිහට ඉන්නකොට අර අපේ මාමාගේ ගෙදර කුලියට ආපු සින්දු කියන කට්ටිය හවසට සින්දු කියනකොට මමත් ගිහින් ඒ අය එක්ක සින්දු කියන්න පටන් ගත්තා.

දවසක් දෙකක් සින්දු කියනකොට ඒ කණ්ඩායමේ හිටපු අයියා කෙනෙක් කිව්වා, “නංගි ඔයාට ලස්සනට සින්දු කියන්න පුළුවන්නේ. අපිත් එක්ක මාවතේ සින්දු කියමුද කියලා. ඒත් මුලින්ම පාරේ සින්දු කියන්න මට ලැජ්ජා හිතුණා. මම ආච්චිගෙන් පාරේ සින්දු කියන්න යන්නද කියලා, ඇහුවම ආච්චි මට එදා හොඳටම ගැහැව්වා. ඒත් මට යන්න ආස හිතුණා.

ඉතින් ඒ කණ්ඩායම එක්ක සින්දු කියන්න ගියාද?

ඔව්, මුලදී සින්දු කිව්වේ නැහැ. “වටපිට බලන් ඉන්න සැමටම වැඳලා” කියන සින්දුව කණ්ඩායම කියද්දී මම එදා වීදියේ නැටුවා. ඇත්තට එයාලා ඩොල්කි ගහන සින්දු කියද්දී මට සින්දු කියන්න ආස වූණත් කවදාවත් පාරේ සින්දු කියන්න හිතක් තිබුණේ නැහැ. දවසක් දෙකක් පාරේ සින්දු කියන කොට ලජ්ජාව නිකම්ම නැති වෙලා ගියා. ඒ කණ්ඩායම ගොඩක් ජනප්‍රිය කණ්ඩායමක්. “මාවතේ අපි” කියන කණ්ඩායමත් එක්ක සින්දු කිය කිය යනකොට මට ටවර් ගෝල් පදනමේ උත්සවයක පරණ චිත්‍රපට ගීත කියන්න අවස්ථාව ලැබුණා.

“මාවතේ අපි” කණ්ඩායමට ගොඩක්ම උදව් කළේ ප්‍රේමදාස මහත්තයා. මම ඒ කණ්ඩායම එක්ක සින්දු කියන්න යනකොට ගොඩක්ම පොඩියි. අවුරුදු 10ක් විතර ඇති.

එතකොට ඉපදෙන්නේ මොන අවුරුද්දෙද?

මම ඉපදෙන්නේ 81 අවුරුද්දේ. ඉතින් ප්‍රේමදාස මහත්තයා මැරුණට පස්සේ “මාවතේ අපි” කණ්ඩායම විසිරිලා ගියා. මම පාරේ සින්දු කියනකොට මුලින්ම මට අවුරුදු දහයයි.

කණ්ඩායම විසුරුණාට පස්සේ මොකද වුණේ?

කණ්ඩායමේ හිටියා නෙයෙල් කියලා මාමා කෙනෙක්. ඊට පස්සේ අවුරුදු දහයක් මම එයා එක්ක බස්වල සින්දු කිව්වා. පස්සේ ලැබෙන ආදායමෙන් දෙන්නට බෙදුනම ආර්ථිකේ මදි කියලා මට කිව්වා, තනියම දැන් රස්සාව කරගන්න පුරුදු වෙන්න කියලා. ඊට පස්සේ තනියම රැකියාව කරන්න පුරුදු වුණා. බස්වල සින්දු කියනවා දැකලා සමහර සංගීත කණ්ඩායම් වලින් මට වෙඩින් වල සින්දු කියන්න කතා කරලා තියෙනවා.

එතකොට නදීෂාගේ විවාහය සිද්ධවෙන්නේ කොහොමද?

මම සිංහල, මගේ ආගම කතෝලික. ඔහු දෙමළ තරුණයෙක්. මම කොළඹ විතරක් නෙමෙයි විවිධ පළාත්වල සින්දු කිව්වා. ඒ යන අතරතුර මම නිතර තේ බීපු කඬේක වැඩ කරපු කෙනෙක් ඔහු. අම්මා මාව දාලා ගියාට පස්සේ ආදරේ කියන දේ ගෙදර කාගෙන්වත් මට ලැබුණේ නැහැ. ඔය අතරේ මගේ ආච්චිත් අසනීප වෙලා නැතිවුණා. පස්සේ මට හිතුණා ආරක්ෂාව අවශ්‍යයි, ඒ නිසා ඔහු ළඟට මම යනවා කියලා. පස්සේ ඔහු සමඟ මම මොරටු පැත්තේ කුලියට ගෙයක් අරගෙන මාස අටක් විතර ජීවත් වුණා.

ඒ අතරේ අම්මා නැවත මාව සොයාගෙන ආවා. ඒ වෙනකොට එයාව මම නීතියෙන් කසාද බැඳලා තිබුණේ නැහැ. ආච්චි මැරුණාට පස්සේ මං ගැන සොයන්න බලන්න කවුරුවත් හිටියේ නැහැ. ඒ නිසා ඒ වෙලාවෙ මට ඔහු එක්ක යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. සින්දු කියලා යන්තම් ජීවත් වී ගෙන එනකොට ළමයින්ගේ තාත්තා අනතුරකට ලක්වෙලා කිසිම වැඩක් කරගන්න බැරුව ආයෙම මගේ ළඟටම ආවා. දරුවන්ගේ තාත්තානේ මට අහක බලන්න බැරි නිසා මම ඔහුව භාරගත්තා.

සාමාන්‍යයෙන් දවසට සින්දු කියලා කීයක් විතර හම්බ කරනවද?

මම ගොඩක් සල්ලියක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එදිනෙදා මට ජීවත්වෙන්න, මගේ දරුවන්ට කන්න දෙන්න පොඩි ගාණක් සොයාගෙන මම ගෙදර යනවා. සමහර බස්වලට නැග්ගම මම දිහා අමුතුවට බලලා කාලකන්නි ගෑනියෙක් කියන තැනත් සමහරු ඉන්නවා. මිනිස්සුන්ගේ තියෙන්නේ අමුතු ආකල්ප. මං දිහා සමහරු බලන්නේ හරියට ගණිකාවක් දිහා බලනවා වගේ. හාමතේ දරුවොත් එක්ක මැරුණත් ඇඟ විකුණගෙනනම් මම කවදාවත් දරුවන්ට කන්න දෙන්නේ නැහැ. පණ හයිය තියෙන කම් මම සින්දු කියලා දරුවන් ජීවත්කරනවා. සමහර ගෑනු අයම මගේ දිහා බලන්නේ මහා අමුතු විදිහට. ලස්සනට ඇඳලා තොල් රතු කරලා යන නෝනලාගේ තියෙන්නේ පුහු ආටෝපය විතරයි. ඒ නෝනලගෙයි මගෙයි වෙනස, මම දුප්පත් නිසා බස්වල සින්දු කියනවා. ඒ නෝනලාට සල්ලි තියෙන නිසා මාන්නෙට යනවා. අද කාන්තාව සමාජය පිළිගන්නේ මේකප් දැම්මොත් විතරයි. මුළු ඇඟම එළියේ දාගෙන යන නෝනලා හරිම සුද්දවන්තියෝ, පාරේ සින්දුවක් කිව්වොත් අපි ගණිකාවො තත්ත්වයට දානවා. වෙලාවක සමහර නෝනලා මගෙන් අහනවා ඔයාට රස්සාවක් කරන් බැරිද කියලා. මේක මගේ හැකියාව. මට පුළුවන් දේ තමයි මම කරන්නේ කියලා. බස් එකට නැගලා සින්දු කියන අතරේ මට දිව දික්කරන තිරිසන් මිනිස්සු මේ සමාජයේ ඉන්නවා. මේ සමාජයේ සමහර උන්ට අපිව පේන්නේ ලිංගික භාණ්ඩ විදිහට.

බස්වල රියැදුරු මහත්වරු ඔයාට සින්දු කියන්න සහයෝගය දෙනවද?

අම්මෝ ඔව්, සමහර බස්වල රියැදුරු මහත්වරු, කොන්දොස්තරවරු, දෙවිවරු වගේ නංගි කීයක් හරි හොයා ගනින් කියලා බස් එකේ කැසට් එක නවත්වලා සහයෝගය දෙන අය ඉන්නවා. ඒ අතර බණින රියැදුරු මහත්වරුන් ඉන්නවා. කට්ටියක් අපි දිහා හොඳ විදිහට බැලුවොත් තවත් කට්ටියක් අපි දිහා බලන්නේ නරක විදිහට.

එතකොට ළමයි ලැබෙන්න ඉද්දිත් බස්වල සින්දු කිව්වද?

අපෝ නැහැ. ඒ කාලේ ගෙවල් වල වැඩ කාරකම් කළා. වතුවල වැඩට ගියා. ගඩොල් කපන්න අත් උදව් දුන්නා. කළුගල් ඉස්සුවා මට ඉතින් ඒ අය පුංචි ගාණක් අතට දුන්නා. දරුවා ලැබිලා සතියක් වගේ තමයි ගෙදර හිටියේ අනික් දරුවෝ බඩගිනියි කියලා අඬනකොට මට ඉවසගෙන ඉන්න බැහැ. කිරිදරුවාව දාලා මම ආයෙම බස්වල සින්දු කියන්න පටන් ගත්තා. මම හරියට දුක් වින්දා මේ දරුවෝ ජීවත් කරන්න. මගේ බඩගින්න වහගෙන දරුවන්ට කන්න දීපු අවස්ථා අනන්තයි.

මහත්තයා ඔයාට මේ රැකියාව කරන්න එපා කියන්නෙ නැද්ද?

එපා කිව්වොත් දරුපැටව් එක්ක හාමතේ මැරෙන්න තමයි නෝනා වෙන්නේ. මොකද ඒ මනුස්සයා හම්බකරන්නේ නැහැනේ. දැන් අනතුරකට ලක්වෙලා එකතැන් වෙලා ඉන්නේ. එයා දරුවෝ බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා. මම පුළුවන් විදිහට කීයක් හරි හොයාගෙන යනවා.

උදේට වැඩ පටන් ගන්නේ කීයටද?

උදේ 9ට ආගමෙන් ආශිර්වාද අරගෙන රස්සාව කරන්න පාරට බහිනවා. දරුවන්ට කෑම හදලා තමයි මම ගෙදරින් එන්නේ. හවස 7.00 වෙන කොට කොහොමහරි මම ගෙදර යනවා. ගිහින් දරුවන්ට කන්න දෙයක් හදලා දීලා, මහත්තයාගේ වැඩත් කරලා, රෙදි සෝදලා රෑ 12ට විතර තමයි නිදාගන්නේ. ආයෙම පාන්දර නැගිටලා දරුවන්ව පාසල් යවන්න සූදානම් කරනවා.

වැඩිපුරම සින්දු කියන්නේ මොන රූට් එකේද?

එහෙම විශේෂයක් නැහැ. මේ දවස්වල වැඩිපුරම සින්දු කියන්නේ 138 මහරගම, කොට්ටාව බස් රූට් එකේ. අසනීපයක් හැදුනොත් එදාට දරු පැටවුන්ට දෙන්න තියෙන්නෙ කොත්තමල්ලි වතුර ටිකක් විතරයි. අම්මේ බඩගිනියි කියන කොට මගේ පපුව පැලෙන්න එනවා නෝනා. මගේ කරුමයක් තියෙන්න ඇති දෛවය මේ විදිහට ලියවෙන්න. ඒත් දරුවෝ ඒ පව්වලට පළි නැහැනේ.

දවසකට සැලකිය යුතු ගාණක් ලැබෙනවද මේ රස්සාවෙන්?

දවසට රුපියල් 3000ක් 4000ක් හොයන්න පුළුවන්. සමහර දවස්වලට රුපියල් 400 අරගෙන ගෙදර යන දවසුත් තියෙනවා.

මේ රැකියාව කරන අයගෙන් නදීෂාට ප්‍රශ්න මතුවෙලා නැද්ද?

අපෝ තියෙනවා, මම රණ්ඩුවට යන්නේ නැහැ. ඒත් මම සින්දු කියන ගොඩක් බස් වලින් මට ලොකු සහයෝගයක් දෙනවා. අපේ ජීවිතේ සෑහෙන කුසගිනි තියෙනවා. නැතුව ආසාවට බස් වල සින්දු කියන්නෙ නැහැනේ නෝනා. මම නිකන් මිනිස්සු ළඟට ගිහින් අතපාන්නේ නැහැ. මම මිනිස්සුන්ගේ වින්දනයට සින්දුවක් කියලා තමයි අතපාන්නේ.

දරුවොත් මේ රැකියාව තෝරාගනීවිද?

මං වැටුණ වළේ කවදාවත් දරුවන්ට වැටෙන්න දෙන්නේ නැහැ. ඉගෙන ගන්න බැරිනම් ගාමන්ට් යවනවා. බඩගින්නේ මැරුණත් මම දරුවන්ටනම් අතපාන්න යවන්නේ නැහැ නෝනා.

මෙහෙම මග තොටේ සින්දු කියන කොට රැකියා හොයලා දෙන්නම් කියලා කට්ටිය කතා කරලා නැද්ද?

අපෝ කතා කරලා තියෙනවා. මේ කොළඹ පිරිමින්ට වඩා නරක ගෑනු. ගැනු තමයි අපේ අසරණකම සල්ලිවලට විකුණන්න හදන්නේ. මම දැන් ඒ ගැටවලට අහුවෙන්නේ නැහැ.

මේ ගීතවල නාද මාලා කොහෙන්ද ඔයා හොයාගත්තේ.?

රෙකොඞ් බාර් වලින් තමයි නාදමාලා ගන්නේ. ඒවා ෆොන් එකකට දාගෙන රේඩියෝ එකේ දාලා මම සංගීතයට ගීතය ගායනා කරනවා. මම වැඩිපුරම කියන්නේ පරණ චිත්‍රපට ගීත, දෙමළ ගීත, හින්දි ගීත.

දැන් සින්දු කියන්න පටන් අරන් කොච්චර කල්ද?

අවුරුදු දහ අටක් විතර. දැන් මම මාවතේ සින්දු කිය නවා. මම කැමතියි මේ රස්සාව නතර කරලා ස්වයං රැකියාවක් හරි කරන්න. ඒත් සල්ලි ප්‍රශ්න තියෙනවා. එතකොට මට දරුවෝ බලාගෙන ඉන්න පුළුවන්නේ. මට ලොකු බලාපොරොත්තු නැහැ. දරුවෝ උස් මහත් වෙනකම් මගේ පණ කෙන්ද රැකුණොත් ඇති. නැත්නම් දරුපැටව් අනාථයෝ වෙනවනේ. මිනිහෙක් නැතුව ජීවත්වුණත් මම මගේ දරුවෝ අනාථ කරන්නේ නැහැ. මේ ලෝකේ මට වටිනා එකම වස්තුව මගේ දරුවෝ.

රියැලිටි වැඩසටහන් වලට අයදුම් කරන්න හිතුනේ නැද්ද?

මම සිරස සුපර් ස්ටාර් ගියා. ඒ වුණාට හතරවෙනි වටයෙන් මාව ඉවත් වුණා.

ජීවිතේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. ඇය හෙටත් මේ මාවතේම ගීත ගයාවි. කවදහාරි දවසක ඇය මාවතේ හිටියොත් ඔබටත් මුණ ගැහේවි. එදාට ඇගේ සින්දුවක් රස විඳලා අතේ මිටේ කීයක් හරි තියෙනවනම් දීලා යන්න අමතක කරන්න එපා..... ඇයත් මේ සමාජය ඇතුළේ ජීවිතේ ගැටගහගන්න ඔට්ටු වෙන තවත් එක දිරිය ගැහැනියක්.

සටහන/ඡායාරූප

නදීෂා අතුකෝරාළ

ලින්ක් - ලංකාදීප

[QUOTE="akshalikas, post: 21423568, member: 541620"] [b]මාවතේ ගී ගයන නදීෂා[/b] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_d31155a56e.jpg[/IMG] කොළඹ කිව්වම අපිට මැවෙන්නේ විසිතුරු ලෝකයක්. ඒත් කොළඹ සමාජයට එබිලා බැලුවොත් ඒ විසිතුරු ලෝකේ කොච්චර විසකුරුද කියලා වෙලාවකට හිතේවි. පසුගිය දවසක මාවතේ ඇවිදගෙන යද්දි මට හිතුන එක දෙයක් තමයි මේ කොළඹ මිනිස්සු ජීවත්වෙන්න මොනවද නොකරන්නේ කියන එක. කොළඹ පෑගෙන වැලි ඇටේටත් ගණන් හිලව් තිබ්බ නම් මේ මිනිස්සුන්ගේ ජීවිත කොහේ යාවිද? අව් රශ්මිය තදින්ම ඇඟට පතිත වෙනවා. ගමන් විඩාව නෙත් දෙක වසන තරමටම සූදානම්. නැවතුමෙන් බස්රථයට ගොඩවෙලා සෙනඟ අතරින් තෙරපි තෙරපි ඉදිරියට ඇදෙද්දී හීනියට මිහිරි සංගීත නාදයකුත් මතුවුණා. ඇත්තටම එය ගුවන් විදුලියේ යන ගීතයක් තරමටම මිහිරියි. මුළු බස් රථයම නිසොල්මන් වෙලා. ඒ හඬ මුළු බස් රථයම ඇදබැඳ ගත්තා හා සමානයි. මියුරු පෙම් මදිරාවේ... නුහුරු රස දැනුනා වේ... සත්සරේ රැව් දිදී.... පුරවන්න මා දෙසවන් මිහිරේ.... බස් රථයේ හුස්ම ගැනීමට නොහැකි තරමට සෙනඟ පිරී සිටියත් ඇය ඇගේ උත්සාහය නම් අතහැරියේ නැහැ. මට සිතුණා ඇය සමඟ කතා කරන්න. ජීවත්වෙන්න මාවතේ ඔට්ටු වෙන ජීවිත අතරේ ඇයත් එක ගැහැනියක්. කැමතිද කතාකරන්න? ඔව්, මම කැමතියි. කොහොමද රස්සාව? කළු ගලේ ඔළුව ගහගන්නවා වගේ වැඩක්. මේ සමාජයේ ඔළුව තියාගෙන මේ රස්සාව කරන්න අමාරුයි. පණ ගැටගහන්න ඉතින් සින්දු කියනවා. මුලින්ම කියන්නකෝ නම? නදීෂා පීරිස්. එතකොට ඔයාගේ ගම කොහෙද? වත්තල, ඇළකන්ද කියන ගමේ තමයි මම ජීවත් වෙන්නේ. කොච්චර දුරට ඉගෙන ගෙන තියෙනවද? 6 වසරට වෙනකම් විතරයි මම පාසල් ගියේ. එතැනින් එහාට මට ඉගෙන ගන්න ලැබුණේ නැහැ. ඇයි අධ්‍යාපනය නතර වුණේ? ආර්ථික අපහසුතා ගොඩක් තිබුණා. මම පුංචි කාලේ ඉදලා අම්මා මගේ ළඟ හිටියේ නැහැ. අම්මා මං පුංචි කාලෙදීම වෙනත් විවාහයක් කරගත්තා. අම්මා මාව දාලා ගිහින් වෙන විවාහයක් කරගන්නකොට මට අවුරුදු 8යි. පස්සේ හැදුණේ වැඩුණේ කාගේ ළඟද? මම හැදුණේ ආච්චි ළඟ. පුංචි කාලෙ ඉඳලම ජීවත් වෙන්න ගොඩක් දුක් වින්දා. ඉස්කෝලේ යන කාලේ කහට උගුරක් බීලා ගත කළ දවස් අනන්තයි. ආච්චිත්, ගොඩක් වයසයි. දවසක් කුලී වැඩක් කළොත් දවස් දෙකක් ආච්චි ලෙඩ ඇඳේ. ඒ නිසා මමත් තේ කම්හලක වැඩට ගියා. දවසට රු. 60 විතර ඒ දවස්වල කුලිය හම්බ වුණා. මම ඒ දවස්වල ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලාත් හවසට තේ කම්හලේ වැඩට ගිය අවස්ථා තිබුණා. ඒ විදිහට කුලී වැඩ කරලා ආච්චි එක්ක උයාගෙන කාලා ජීවත්වුණා. මම මුලින්ම කුලී වැඩකට යනකොට මට අවුරුදු 8 යි. අම්මා දාලා ගියාට පස්සේ මම හම්බකරලා ආච්චිට ගෙනත් දෙන්න වුණා. මගේ ආරක්ෂාවට ඉන්නේ එයා විතරයි. එයත් නැතිවුණොත් මට මොනව වේවිද කියලා බය හිතුණා. පස්සේ නොකඩවාම මම අවුරුදු පහක් එකදිගටම තේ කම්හලේ වැඩ කළා. ඊට පස්සේ මොකද වුණේ? ඊට පස්සේ මට අවුරුදු දහඅට සම්පූර්ණ වුන ගමන් ලෙබනන් වලට ගෘහසේවයට මම රට ගියා. මාස අටක් විතර ලෙබනන් වල මම වැඩ කරගෙන ඉන්න කොට මාව අසනීප වුණා. ඊට පස්සේ මම වැඩ කරපු ගෙදර නෝනලා මාව ටිකට් එක හදලා ආපහු ලංකාවට එව්වා. එතකොට ඔබ විවාහ වෙලාද හිටියේ? නැහැ. මම විවාහ වුණේ 2003 දී. අම්මා වෙනත් විවාහයක් කරගත්තට පස්සේ ඔයා ගැන සොයලා බැලුවෙම නැද්ද? සෙව්වා. ඒත් මට අම්මා කෙනෙකුගෙන් ලැබෙන්න ඕන ආදරේ කවදාවත් ලැබුණේ නැහැ. අම්මාගේ පළමු කසාදේ දරුවෙක් ඉන්නේ මම විතරයි. දෙවෙනි කසාදේ අම්මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මම ඒ කා එක්කවත් තරහක් නැහැ. මට පුළුවන් විදිහට ඒ සහෝදරයන්ටත් සලකනවා. එතකොට මේ විදිහට බස්වල සින්දු කියන රස්සාවට එන්නේ ඇයි? මම අර තේ කම්හලේ වැඩ කළ කාලේ අපේ අම්මාගේ ගෙදර කුලියට ආවා පාරේ සින්දු කිය කියා ඇවිදින කට්ටියක්. හවසට ඒ අය සින්දු කියන කොට මටත් සින්දු කියන්න ආස හිතුණා. කලාව කියන දේ පුංචි කාළේ ඉදලම මගේ ඇඟේ තිබුණා. මට ලස්සනට නටන්න පුළුවන්. සින්දු කියන්න පුළුවන්. මට දෙවියෝ ලස්සන කටහඬක් දුන්නට දෙවියෝ මට ලස්සන ජීවිතයක් දුන්නේ නැහැ. ඉස්සර ආච්චි මාව සංගීත සංදර්ශන බලන්න එක්ක ගියාම මම වේදිකාවට නැගලා සින්දු කියන්න අවස්ථාවක් කොහොම හරි ඉල්ල ගන්නවා. ගායිකාවක් වෙන්න පුංචි කාලේ ඉඳලම හීනයක් තිබුණා. ඒත් දුප්පත්කම ඉතිරි කරලා වාසනාව පෑල දොරෙන් පැනලා යද්දී බඩට කන්න බත් ඇටයක් නැතුව කුසගින්නේ දවස් ගණන් හිටපු මට ගායිකාවක් වීම හීනයක්ම විතරක් වුණා. සින්දු කියන්න පුරුදු වුණෙ කොහොමද? ඒක මට උපතින්ම ආපු හැකියාවක්. හින්දි, දෙමළ වචන, නාද මාලා මට හොඳට මතක සිටිනවා. ඉස්සර සල්මන් ඛාන්, ප්‍රීති සින්ටා, ආශා බෝස්ලේ වගේ අයට මම හරිම ආසයි. ලංකාවේ ආසම ගායකයා වුණේ විජය කුමාරතුංග මහත්තයා. ඉතින් ඔය විදිහට ඉන්නකොට අර අපේ මාමාගේ ගෙදර කුලියට ආපු සින්දු කියන කට්ටිය හවසට සින්දු කියනකොට මමත් ගිහින් ඒ අය එක්ක සින්දු කියන්න පටන් ගත්තා. දවසක් දෙකක් සින්දු කියනකොට ඒ කණ්ඩායමේ හිටපු අයියා කෙනෙක් කිව්වා, “නංගි ඔයාට ලස්සනට සින්දු කියන්න පුළුවන්නේ. අපිත් එක්ක මාවතේ සින්දු කියමුද කියලා. ඒත් මුලින්ම පාරේ සින්දු කියන්න මට ලැජ්ජා හිතුණා. මම ආච්චිගෙන් පාරේ සින්දු කියන්න යන්නද කියලා, ඇහුවම ආච්චි මට එදා හොඳටම ගැහැව්වා. ඒත් මට යන්න ආස හිතුණා. ඉතින් ඒ කණ්ඩායම එක්ක සින්දු කියන්න ගියාද? ඔව්, මුලදී සින්දු කිව්වේ නැහැ. “වටපිට බලන් ඉන්න සැමටම වැඳලා” කියන සින්දුව කණ්ඩායම කියද්දී මම එදා වීදියේ නැටුවා. ඇත්තට එයාලා ඩොල්කි ගහන සින්දු කියද්දී මට සින්දු කියන්න ආස වූණත් කවදාවත් පාරේ සින්දු කියන්න හිතක් තිබුණේ නැහැ. දවසක් දෙකක් පාරේ සින්දු කියන කොට ලජ්ජාව නිකම්ම නැති වෙලා ගියා. ඒ කණ්ඩායම ගොඩක් ජනප්‍රිය කණ්ඩායමක්. “මාවතේ අපි” කියන කණ්ඩායමත් එක්ක සින්දු කිය කිය යනකොට මට ටවර් ගෝල් පදනමේ උත්සවයක පරණ චිත්‍රපට ගීත කියන්න අවස්ථාව ලැබුණා. “මාවතේ අපි” කණ්ඩායමට ගොඩක්ම උදව් කළේ ප්‍රේමදාස මහත්තයා. මම ඒ කණ්ඩායම එක්ක සින්දු කියන්න යනකොට ගොඩක්ම පොඩියි. අවුරුදු 10ක් විතර ඇති. එතකොට ඉපදෙන්නේ මොන අවුරුද්දෙද? මම ඉපදෙන්නේ 81 අවුරුද්දේ. ඉතින් ප්‍රේමදාස මහත්තයා මැරුණට පස්සේ “මාවතේ අපි” කණ්ඩායම විසිරිලා ගියා. මම පාරේ සින්දු කියනකොට මුලින්ම මට අවුරුදු දහයයි. කණ්ඩායම විසුරුණාට පස්සේ මොකද වුණේ? කණ්ඩායමේ හිටියා නෙයෙල් කියලා මාමා කෙනෙක්. ඊට පස්සේ අවුරුදු දහයක් මම එයා එක්ක බස්වල සින්දු කිව්වා. පස්සේ ලැබෙන ආදායමෙන් දෙන්නට බෙදුනම ආර්ථිකේ මදි කියලා මට කිව්වා, තනියම දැන් රස්සාව කරගන්න පුරුදු වෙන්න කියලා. ඊට පස්සේ තනියම රැකියාව කරන්න පුරුදු වුණා. බස්වල සින්දු කියනවා දැකලා සමහර සංගීත කණ්ඩායම් වලින් මට වෙඩින් වල සින්දු කියන්න කතා කරලා තියෙනවා. එතකොට නදීෂාගේ විවාහය සිද්ධවෙන්නේ කොහොමද? මම සිංහල, මගේ ආගම කතෝලික. ඔහු දෙමළ තරුණයෙක්. මම කොළඹ විතරක් නෙමෙයි විවිධ පළාත්වල සින්දු කිව්වා. ඒ යන අතරතුර මම නිතර තේ බීපු කඬේක වැඩ කරපු කෙනෙක් ඔහු. අම්මා මාව දාලා ගියාට පස්සේ ආදරේ කියන දේ ගෙදර කාගෙන්වත් මට ලැබුණේ නැහැ. ඔය අතරේ මගේ ආච්චිත් අසනීප වෙලා නැතිවුණා. පස්සේ මට හිතුණා ආරක්ෂාව අවශ්‍යයි, ඒ නිසා ඔහු ළඟට මම යනවා කියලා. පස්සේ ඔහු සමඟ මම මොරටු පැත්තේ කුලියට ගෙයක් අරගෙන මාස අටක් විතර ජීවත් වුණා. ඒ අතරේ අම්මා නැවත මාව සොයාගෙන ආවා. ඒ වෙනකොට එයාව මම නීතියෙන් කසාද බැඳලා තිබුණේ නැහැ. ආච්චි මැරුණාට පස්සේ මං ගැන සොයන්න බලන්න කවුරුවත් හිටියේ නැහැ. ඒ නිසා ඒ වෙලාවෙ මට ඔහු එක්ක යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. සින්දු කියලා යන්තම් ජීවත් වී ගෙන එනකොට ළමයින්ගේ තාත්තා අනතුරකට ලක්වෙලා කිසිම වැඩක් කරගන්න බැරුව ආයෙම මගේ ළඟටම ආවා. දරුවන්ගේ තාත්තානේ මට අහක බලන්න බැරි නිසා මම ඔහුව භාරගත්තා. සාමාන්‍යයෙන් දවසට සින්දු කියලා කීයක් විතර හම්බ කරනවද? මම ගොඩක් සල්ලියක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එදිනෙදා මට ජීවත්වෙන්න, මගේ දරුවන්ට කන්න දෙන්න පොඩි ගාණක් සොයාගෙන මම ගෙදර යනවා. සමහර බස්වලට නැග්ගම මම දිහා අමුතුවට බලලා කාලකන්නි ගෑනියෙක් කියන තැනත් සමහරු ඉන්නවා. මිනිස්සුන්ගේ තියෙන්නේ අමුතු ආකල්ප. මං දිහා සමහරු බලන්නේ හරියට ගණිකාවක් දිහා බලනවා වගේ. හාමතේ දරුවොත් එක්ක මැරුණත් ඇඟ විකුණගෙනනම් මම කවදාවත් දරුවන්ට කන්න දෙන්නේ නැහැ. පණ හයිය තියෙන කම් මම සින්දු කියලා දරුවන් ජීවත්කරනවා. සමහර ගෑනු අයම මගේ දිහා බලන්නේ මහා අමුතු විදිහට. ලස්සනට ඇඳලා තොල් රතු කරලා යන නෝනලාගේ තියෙන්නේ පුහු ආටෝපය විතරයි. ඒ නෝනලගෙයි මගෙයි වෙනස, මම දුප්පත් නිසා බස්වල සින්දු කියනවා. ඒ නෝනලාට සල්ලි තියෙන නිසා මාන්නෙට යනවා. අද කාන්තාව සමාජය පිළිගන්නේ මේකප් දැම්මොත් විතරයි. මුළු ඇඟම එළියේ දාගෙන යන නෝනලා හරිම සුද්දවන්තියෝ, පාරේ සින්දුවක් කිව්වොත් අපි ගණිකාවො තත්ත්වයට දානවා. වෙලාවක සමහර නෝනලා මගෙන් අහනවා ඔයාට රස්සාවක් කරන් බැරිද කියලා. මේක මගේ හැකියාව. මට පුළුවන් දේ තමයි මම කරන්නේ කියලා. බස් එකට නැගලා සින්දු කියන අතරේ මට දිව දික්කරන තිරිසන් මිනිස්සු මේ සමාජයේ ඉන්නවා. මේ සමාජයේ සමහර උන්ට අපිව පේන්නේ ලිංගික භාණ්ඩ විදිහට. බස්වල රියැදුරු මහත්වරු ඔයාට සින්දු කියන්න සහයෝගය දෙනවද? අම්මෝ ඔව්, සමහර බස්වල රියැදුරු මහත්වරු, කොන්දොස්තරවරු, දෙවිවරු වගේ නංගි කීයක් හරි හොයා ගනින් කියලා බස් එකේ කැසට් එක නවත්වලා සහයෝගය දෙන අය ඉන්නවා. ඒ අතර බණින රියැදුරු මහත්වරුන් ඉන්නවා. කට්ටියක් අපි දිහා හොඳ විදිහට බැලුවොත් තවත් කට්ටියක් අපි දිහා බලන්නේ නරක විදිහට. එතකොට ළමයි ලැබෙන්න ඉද්දිත් බස්වල සින්දු කිව්වද? අපෝ නැහැ. ඒ කාලේ ගෙවල් වල වැඩ කාරකම් කළා. වතුවල වැඩට ගියා. ගඩොල් කපන්න අත් උදව් දුන්නා. කළුගල් ඉස්සුවා මට ඉතින් ඒ අය පුංචි ගාණක් අතට දුන්නා. දරුවා ලැබිලා සතියක් වගේ තමයි ගෙදර හිටියේ අනික් දරුවෝ බඩගිනියි කියලා අඬනකොට මට ඉවසගෙන ඉන්න බැහැ. කිරිදරුවාව දාලා මම ආයෙම බස්වල සින්දු කියන්න පටන් ගත්තා. මම හරියට දුක් වින්දා මේ දරුවෝ ජීවත් කරන්න. මගේ බඩගින්න වහගෙන දරුවන්ට කන්න දීපු අවස්ථා අනන්තයි. මහත්තයා ඔයාට මේ රැකියාව කරන්න එපා කියන්නෙ නැද්ද? එපා කිව්වොත් දරුපැටව් එක්ක හාමතේ මැරෙන්න තමයි නෝනා වෙන්නේ. මොකද ඒ මනුස්සයා හම්බකරන්නේ නැහැනේ. දැන් අනතුරකට ලක්වෙලා එකතැන් වෙලා ඉන්නේ. එයා දරුවෝ බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා. මම පුළුවන් විදිහට කීයක් හරි හොයාගෙන යනවා. උදේට වැඩ පටන් ගන්නේ කීයටද? උදේ 9ට ආගමෙන් ආශිර්වාද අරගෙන රස්සාව කරන්න පාරට බහිනවා. දරුවන්ට කෑම හදලා තමයි මම ගෙදරින් එන්නේ. හවස 7.00 වෙන කොට කොහොමහරි මම ගෙදර යනවා. ගිහින් දරුවන්ට කන්න දෙයක් හදලා දීලා, මහත්තයාගේ වැඩත් කරලා, රෙදි සෝදලා රෑ 12ට විතර තමයි නිදාගන්නේ. ආයෙම පාන්දර නැගිටලා දරුවන්ව පාසල් යවන්න සූදානම් කරනවා. වැඩිපුරම සින්දු කියන්නේ මොන රූට් එකේද? එහෙම විශේෂයක් නැහැ. මේ දවස්වල වැඩිපුරම සින්දු කියන්නේ 138 මහරගම, කොට්ටාව බස් රූට් එකේ. අසනීපයක් හැදුනොත් එදාට දරු පැටවුන්ට දෙන්න තියෙන්නෙ කොත්තමල්ලි වතුර ටිකක් විතරයි. අම්මේ බඩගිනියි කියන කොට මගේ පපුව පැලෙන්න එනවා නෝනා. මගේ කරුමයක් තියෙන්න ඇති දෛවය මේ විදිහට ලියවෙන්න. ඒත් දරුවෝ ඒ පව්වලට පළි නැහැනේ. දවසකට සැලකිය යුතු ගාණක් ලැබෙනවද මේ රස්සාවෙන්? දවසට රුපියල් 3000ක් 4000ක් හොයන්න පුළුවන්. සමහර දවස්වලට රුපියල් 400 අරගෙන ගෙදර යන දවසුත් තියෙනවා. මේ රැකියාව කරන අයගෙන් නදීෂාට ප්‍රශ්න මතුවෙලා නැද්ද? අපෝ තියෙනවා, මම රණ්ඩුවට යන්නේ නැහැ. ඒත් මම සින්දු කියන ගොඩක් බස් වලින් මට ලොකු සහයෝගයක් දෙනවා. අපේ ජීවිතේ සෑහෙන කුසගිනි තියෙනවා. නැතුව ආසාවට බස් වල සින්දු කියන්නෙ නැහැනේ නෝනා. මම නිකන් මිනිස්සු ළඟට ගිහින් අතපාන්නේ නැහැ. මම මිනිස්සුන්ගේ වින්දනයට සින්දුවක් කියලා තමයි අතපාන්නේ. දරුවොත් මේ රැකියාව තෝරාගනීවිද? මං වැටුණ වළේ කවදාවත් දරුවන්ට වැටෙන්න දෙන්නේ නැහැ. ඉගෙන ගන්න බැරිනම් ගාමන්ට් යවනවා. බඩගින්නේ මැරුණත් මම දරුවන්ටනම් අතපාන්න යවන්නේ නැහැ නෝනා. මෙහෙම මග තොටේ සින්දු කියන කොට රැකියා හොයලා දෙන්නම් කියලා කට්ටිය කතා කරලා නැද්ද? අපෝ කතා කරලා තියෙනවා. මේ කොළඹ පිරිමින්ට වඩා නරක ගෑනු. ගැනු තමයි අපේ අසරණකම සල්ලිවලට විකුණන්න හදන්නේ. මම දැන් ඒ ගැටවලට අහුවෙන්නේ නැහැ. මේ ගීතවල නාද මාලා කොහෙන්ද ඔයා හොයාගත්තේ.? රෙකොඞ් බාර් වලින් තමයි නාදමාලා ගන්නේ. ඒවා ෆොන් එකකට දාගෙන රේඩියෝ එකේ දාලා මම සංගීතයට ගීතය ගායනා කරනවා. මම වැඩිපුරම කියන්නේ පරණ චිත්‍රපට ගීත, දෙමළ ගීත, හින්දි ගීත. දැන් සින්දු කියන්න පටන් අරන් කොච්චර කල්ද? අවුරුදු දහ අටක් විතර. දැන් මම මාවතේ සින්දු කිය නවා. මම කැමතියි මේ රස්සාව නතර කරලා ස්වයං රැකියාවක් හරි කරන්න. ඒත් සල්ලි ප්‍රශ්න තියෙනවා. එතකොට මට දරුවෝ බලාගෙන ඉන්න පුළුවන්නේ. මට ලොකු බලාපොරොත්තු නැහැ. දරුවෝ උස් මහත් වෙනකම් මගේ පණ කෙන්ද රැකුණොත් ඇති. නැත්නම් දරුපැටව් අනාථයෝ වෙනවනේ. මිනිහෙක් නැතුව ජීවත්වුණත් මම මගේ දරුවෝ අනාථ කරන්නේ නැහැ. මේ ලෝකේ මට වටිනා එකම වස්තුව මගේ දරුවෝ. රියැලිටි වැඩසටහන් වලට අයදුම් කරන්න හිතුනේ නැද්ද? මම සිරස සුපර් ස්ටාර් ගියා. ඒ වුණාට හතරවෙනි වටයෙන් මාව ඉවත් වුණා. ජීවිතේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. ඇය හෙටත් මේ මාවතේම ගීත ගයාවි. කවදහාරි දවසක ඇය මාවතේ හිටියොත් ඔබටත් මුණ ගැහේවි. එදාට ඇගේ සින්දුවක් රස විඳලා අතේ මිටේ කීයක් හරි තියෙනවනම් දීලා යන්න අමතක කරන්න එපා..... ඇයත් මේ සමාජය ඇතුළේ ජීවිතේ ගැටගහගන්න ඔට්ටු වෙන තවත් එක දිරිය ගැහැනියක්. සටහන/ඡායාරූප නදීෂා අතුකෝරාළ ලින්ක් - [URL="http://www.lankadeepa.lk/nimthera/%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%9A-%E0%B6%9C%E0%B7%93-%E0%B6%9C%E0%B6%BA%E0%B6%B1-%E0%B6%B1%E0%B6%AF%E0%B7%93%E0%B7%82%E0%B7%8F/56-511439"]ලංකාදීප[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom