මාව අල්ලන්න බෑ. කුඩුදුමියා කියයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මාව අල්ලන්න බෑ. කුඩුදුමියා කියයි

2015_01_22_134800.png


වෙලේ සුදාගේ සාක්ෂි අනුව දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇති නමුත් තමන්ව අත් අඩංගුවට ගැනීමට කිසිවෙකුට නොහැකි බවට ඔහු සිය හිතවතුන් සමග වහසි බස් දොඩා ඇත.ඵයට හේතුව ලෙසින් ඔහු මුදල් දුන් ප්‍රබලයන් රැසක්ම යූ. එන්.පී යේද සිටින බැව් පෙන්වා දී තිබේ. පැලවත්තේ පිහිටි දුමින්දගේ මෙම නිවසේ මේ අතර උපේක්‍ෂාද සිට ඇත.

තමාට වෙඩි වැදුනේ යැයි චේතිය රඟපෑමක් කරමින් නවලෝක රෝහලේ සිටින විට ඔහුගේ සියළු කායික අවශ්‍යතා නොපිරිහෙලා ඉටුකරන ලද්දේ උපේක්‍ෂා ස්වර්ණමාලීය.ඵයට ගෝඨාභයගේ සහ මහින්දගේද පූර්ණ අනුමැතිය ලැබී තිබුණී.ඵසේම මේ අවළමා හට කෙල්ලන්ද රැගෙන ගියේ උපේක්‍ෂාය.නාමල්ගේ සහ මහින්දගේ නිල් වැඩ සඳහාද උපේක්‍ෂා නොමඳ කැප කිරී්ම් කළ බැව් දන්නෝ දනිති.
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අනාවරණය කරගෙන ඇතැයි “Info Lanka News” වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ අංක එකේ හෙරොයින් ජාවාරම්කරු වන වෙලේ සුදා නොහොත් ගම්පොල විදානලාගේ දොන් වසන්ත කුමාර, ඔහු හා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අතර ඇති සම්බන්ධය සහ හෙරොයින් ජාවාරම් සිදුකළ ආකාරය රහස් පොලීසිය හමුවේ අනාවරණය කිරීමෙන් පසු ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ රහස් පොලීසිය ඉහත තොරතුරු අනාවරණය කරගෙන ඇත.

වෙලේ සුදා 2011 වසරේදී ශ්‍රී ලංකාවෙන් පලාගොස් පකිස්ථානයේ සැගව සිටි අතර මහින්ද රාජපක්ෂ පරාජයවීමෙන් පසු රහස් පොලීසිය විසින් ඉන්ටපෝල් හරහා ඔහු අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට කන්ටේනර් පිටින් හෙරොයින් එවා තිබුනේ වෙලේ සුදා විසිනි. එම ජාවාරම සඳහා පැවති ආණ්ඩුවෙන් වෙලේ සුදාට ආරක්ෂාව ලබා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බව ඔහු විසින් සාක්ෂි සහිතව අනාවරණය කර තිබේ.

එහෙත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍ය අවස්ථාවේ රුපියල් කෝටියක (ලක්ෂ 100ක) රත්තරන් දුමින්ද සිල්වා හරහා වෙලේ සුදා ලබාදුන් බවට පැතිර තිබූ රාවය අසත්‍යක් බවද රහස් පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇත ද, ඔහුව අත්අඩංගුවට ගැනීම අපහසු වන බව රහස් පොලිස් නිලධාරීන්ගේ මතයයි. මන්ද යත් දුමින්ද සිල්වා හිටපු එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තමන්ගේ සොයුරාගේ ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා බලපත්‍ර අහෝසි වීමට ඔන්න මෙන්න කියා තිබියදී ඒවා ආරක්ෂා කර ගැනීමට රාජපක්ෂ රෙජීමය හා එකතු වුවද, ඔහු දිගටම එක්සත් ජාතික පක්ෂයේ විවිධ පුද්ගලයන්ට මූල්‍යමය වශයෙන් ආධාර කර තිබීම නිසා, එම පුද්ගලයන් දුමින්ද සිල්වා ආරක්ෂා කරනු ඇති බව අප වෙත මෙම තොරතුරු දුන් රහස් පොලිස් නිලධාරීන් පවසා සිටියහ.
 
Last edited:

war1911

Member
Dec 23, 2008
556
25
0
වෙලේ සුදා 2011 වසරේදී ශ්‍රී ලංකාවෙන් පලාගොස් පකිස්ථානයේ සැගව සිටි අතර මහින්ද රාජපක්ෂ පරාජයවීමෙන් පසු රහස් පොලීසිය විසින් ඉන්ටපෝල් හරහා ඔහු අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට කන්ටේනර් පිටින් හෙරොයින් එවා තිබුනේ වෙලේ සුදා විසිනි. එම ජාවාරම සඳහා පැවති ආණ්ඩුවෙන් වෙලේ සුදාට ආරක්ෂාව ලබා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බව ඔහු විසින් සාක්ෂි සහිතව අනාවරණය කර තිබේ.




Meka waradi..... wela suda pakistan waladi alluwee MR ge anduwa kale...... 2014-12 masedi... mata dawasa hariyatama mathaka naha,,,
 

Similar threads