මාසයක් තුළ ආසාදිතයින් 75,000ක් මරණ 728ක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ශ්‍රී ලංකාව තුළ මේ දක්වා මැයි මාසයේදී කොරෝනා ආසාදිතයින් 75,306කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව දත්ත විශ්ලේෂණය කළ විට පෙනීයයි.

    ඒ අනුව දිනක් තුළ වාර්තා වන ආසාදිතයින් ගණන 2,500ක් පමණ වේ.

    කොවිඩ් වසංගතය ආරම්භවිමෙන් අනතුරුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති 183,4 52 දෙනෙකු වන අතර ඉන් 41%ක් මැයි මාසයේ වාර්තාවීම විශේෂත්වයකි.

    එසේම මේ මාසය තුළ මේ දක්වා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත මරණ 764ක් තහවුරු කර තිබේ.

    ඒ අනුව දිනකදී තහවුරු කර ඇති මරණ ගණන සාමාන්‍ය වශයෙන් 25කි.

    මේ අතර ඊයේ (30) වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

    ඊයේ දිනයේ මෙරටින් නව ආසාදිතයින් 2,859 දෙනෙකු හඳුනාගත් අතර දිවයිනේ දිස්ත්රි්ක්ක 25න්ම ආසාදිතයින් වාර්තා වී ඇති බව කොවිඩ් නයින්ටී‍න් පැතිරිම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මාධ්‍යස්ථානය පැවසුවේය.