මාස්ක් නිශ්පාදනයට පියවර - ආනයනය නවතයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ ඉල්ලුම සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති ශල්‍ය මුහුණු ආවරණ (Surgical mask) සියල්ල රට තුළම නිෂ්පාදනයට මේ වනවිට කටයුතු යොදා තිබේ.

    ඒ අනුව ආනයනය නැවැත්වීමට ද තීරණය කර ඇත.

    දිනකට ශල්‍ය මුහුණු ආවරණ ලක්ෂ පහළොවක් පමණ රටතුළ භාවිතයට ගැනෙන අතර මේ වනතෙක් චීනය සහ තවත් රටවල් කිහිපයකින් එම මුහුණු ආවරණ ආනයනය කෙරිණි.

    ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති රැස්වීමකදී මේ බව අනාවරණය විය.

    KN95 වර්ගයේ මුව ආවරණ ද රට තුළ නිෂ්පාදනයට ඉදිරි සති කිහිපයේදී පියවර ගැනෙනු ඇත.

    මුහුණු ආවරණ නිෂ්පාදකයන් සහ ආනයනකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීමේ දී ශල්‍ය මුහුණු ආවරණයක් රුපියල් 15ක උපරිම සිල්ලර මිලකටත් KN95 මුහුණ ආවරණයක් රුපියල් 100 උපරිම සිල්ලර මිලකටත් ලබාදීමට එකඟතාවක් ඇති විය.

    පාලන මිලට මුහුණු ආවරණ ලබා දෙන්නේ ද යන්නත් මුහුණු ආවරණවල ප්‍රමිතිය පිළිබඳවත් නිරතුරුව සොයාබලන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ.

    දෙරණ
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    sri-lankan-investor-dilith-jayaweera-gestures-at-a-press-conference-picture-id150748534
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,575
    10,773
    113
    Nugegoda, Sri Lanka
    This is a good move. As far as i remember. We had exported masks to US. Since US is having a tug of war with China regarding trading, we can make of good use of this. If its quality, then they’ll definietly buy it.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ලොකු දෙයක්..
    මොකද පහුගිය ටිකේ චීනෙන් ආපු කොරෙන එකට mask import කලේ china වලින්
    මමත් ඉන්න ගමන් කල්පනා කලේ මුන් corona වලින් recover වෙලා තව ඒකෙන් හම්බ කරනවා පට ගාලා
    අපි උන්ගෙන් බඩු ගන්න ගමන් තව ණයත් ගන්නවා

    පොඩ්ඩක් ඇමෙරිකාව යුරෝපේ බටර් පාරක් ගාලා මෙහෙන් තව export කලානම් ගොඩ. China කාරයා උං එක්ක තරහා වෙලා ඉන්න වෙලේ අපි වාසියක් ගන්න ඕනි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කහ වගේ වෙයිද බන් ? අන්තිමේදී මාස්ක් නැතිව කොරෝනා හදා ගයිද දන්නේ නෑ. :lol:
    මේක තමයි වෙන්නේ. අන්තිමට සර්ජිකල් මාස්ක් එකක් රැපියල් 200ක් විතර වෙලා නවතියි. 15 මිනිස්සු රවට්ටන්න කියන කතා. :sorry:
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ලොකු දෙයක්..
    මොකද පහුගිය ටිකේ චීනෙන් ආපු කොරෙන එකට mask import කලේ china වලින්
    මමත් ඉන්න ගමන් කල්පනා කලේ මුන් corona වලින් recover වෙලා තව ඒකෙන් හම්බ කරනවා පට ගාලා
    අපි උන්ගෙන් බඩු ගන්න ගමන් තව ණයත් ගන්නවා

    පොඩ්ඩක් ඇමෙරිකාව යුරෝපේ බටර් පාරක් ගාලා මෙහෙන් තව export කලානම් ගොඩ. China කාරයා උං එක්ක තරහා වෙලා ඉන්න වෙලේ අපි වාසියක් ගන්න ඕනි
    Brandix eken US walata mask 200million export deal ekak kala but e madadi thama ungen corona leak una siddiya une.
    Eken passe arun order eka cancel kalada danna.



    https://economynext.com/sri-lanka-s...k-made-by-brandix-to-the-united-states-69968/
    http://www.ft.lk/front-page/200-mil...dix-exports-first-consignment-to-US/44-700203