මාස තුනක කුඩා බිලිඳෙකුගේ මිනී වළ හාරා රන් බඩු උස්සලා

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,963
    11,413
    113
    පකෙ හෙළයො. අවුරුදු 2600 මදි ඇති. මැරිච්ච බබාලගෙ මිනිවල් හාරලා බඩ පුරොගන්න මහා ජාතිය.

    හෝමාගම ප්‍රදේශයේ සුසාන භූමියක මීට සති දෙකකට පමණ පෙර භූමදානය කරනු ලැබූ මාස තුනක කුඩා බිලිඳෙකුගේ දේහයක් සහිත වළක් හාරා, එහි තිබූ රන් ආභරණ සොරාගැනීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා හෝමාගම මූලස්ථාන පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    පසුගිය 11 වන දින සවස් යාමයේ දී අදාළ සැකකරු සුසාන භූමියට පැමිණ ඇති අතර, තම පියාගේ සොහොන් කොත පිරිසිදු කිරීමට අවශ්‍ය බව පවසමින් ඔහු ආදාහනාගාර ක්‍රියාකරුගෙන් ඇතුළු වීමට අවසර ලබාගෙන ඇත. කෙසේ වෙතත්, එම පුද්ගලයා නැවත පිටව යන ආකාරය ආදාහනාගාර ක්‍රියාකරුගේ නෙත නොගැටීම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමට ඔහු කටයුතු කර තිබේ. එහිදී සුසාන භූමියේ එක්තරා වළක් හාරා එහි වූ දේහයක් ගොඩගැනීමට යම්කිසිවෙකු උත්සාහ කර ඇති බව ඔහුගේ නිරීක්ෂණයට ලක්ව ඇත.

    මෙම සිදුවීම දැකීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ ආදාහනාගාර ක්‍රියාකරු විසින් හෝමාගම ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඉන්පසුව පොලිසියට ද පැමිණිලි කර තිබේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ සැකකරු විසින් අඩි දෙකක් පමණ ගැඹුරට වළ හාරා බිලිඳාගේ මිනී පෙට්ටියේ එක් පසෙකට ද හානි කර ඇති බවයි. මේ හරහා දරුවාට පළඳවා තිබූ රන් පෙන්ඩනයක් වැනි යම් ආභරණයක් ඔහු විසින් සොරාගන්නට ඇතැයි පොලිසිය දැඩි ලෙස සැක පළ කරයි

    .
     
    • Haha
    Reactions: Al Baik