මාළිගාවත්තේ පාතාල

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මාළිගාවත්ත ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය කාලයේ පාතාල මරණ කීපයක් වාර්තා විය. මෙම සිදුවීම සමග බොහෝ දෙනාගේ මතකය අතීතයට දිව ගියාට සැකයක් නැත. වසර හය හතකට පෙර මාළිගාවත්තේ මෙවැනි මරණ නිතර අසන්නට දකින්නට ලැබුණි. නමුත් පසුගිය කාලයේ එහි තිබූ කලබලකාරිත්වය යම් තරමකට අඩුවිය. මේ පාතාල මරණ සමග යළිත් මාළිගාවත්ත පරණ තැනටම වැටෙන්නට යන්නේදෝයි යම් කෙනෙකුට සැකයක් හා භීතියක් ඇති වුණි නම් එහි පුදුමයක් නැත. මාළිගාවත්තට ඉහළින් අවසරයකින් තොරව කපුටෙකුටවත් පියෑඹීමට එකල රජ කළ මුස්ලිම් පාතාලය ඉඩ දුන්නේ නැත. මාළිගාවත්ත යනු පාතාලයට උපත දුන් තැන යැයි යමෙක් පැවසුවහොත් එහිද වරදක් නැති තරම් ය.

    SjJjs21.jpg

    මුස්ලිම් පාතාලය මාළිගාවත්තේ බිහිවන්නේ මීට වසර තිහකට පමණ පෙර ය. එනම් 1988- 89 කාල වකවානුවේ දීය. එයට පසුබිම් වූ හේතු කාරණා ද තිබිණ. ඒ වනතෙක් මාළිගාවත්ත ඇතුළු කොළඹ අවට බලය පවත්වාගෙන යනු ලැබුවේ දෙමළ පාතාලය විසිනි. දෙමළ පාතාලයෝ මුස්ලිම් තරුණයන්ට කෙණෙහිලිකම් කරමින් ඔවුන් ඝාතනය කරමින් ගෙන ගිය ක්‍රියාමාර්ග නිසා එයට එරෙහිව නැගී සිටීමේ උවමනාවක් මුස්ලිම් සමාජය තුළ ඇති විය. මුස්ලිම් පාතාලය බිහිවන්නේ ඒ අනුවය.

    sLB4CHB.jpg

    මාළිගාවත්ත, ඔරුගොඩවත්ත, කඩුවෙල, කොළොන්නාව ආශ්‍රිතව ගොඩනැගුණු පාතාලයන් ගැන රටම දනියි. ඔවුන් කළ කී දෑ ද බොහෝ දෙනා දනිති. එහෙත් පාතාලයක් ගැන කතාව පැමිණියේ කොතැන සිට ද?
    ඉතිහාසයේ අපි චණ්ඩීන් ගැන අසා ඇත. බරපතළ ගණයේ මීනීමරුවන් ගැන අසා ඇත. එහෙත් ඒ චණ්ඩීන්ගේ ද ගෝලයන් සිටි අතර තවත් චණ්ඩීන් සමග ගැටුම් ද තිබිණ. එහෙත් ඒවා පැවතුණේ හුදෙකලාවය. ඒ අසංවිධානාත්මකව පෞද්ගලික උවමනාවන් ඉටුකරමින් සිටි චණ්ඩීන්ට දේශපාලන බලයක් ලැබුණේ 1977න් පසුවය. එයට බලපෑ කරුණු ගණනාවකි.

    HaTIXUk.png

    විවෘත ආර්ථිකයේ ආගමනය මෙයට එක් හේතුවක් සේ දැක්විය හැකිය. විවෘත ආර්ථික ක්‍රමය සමාජයට කෙතරම් ඔබින්නේ ද නැද්ද යන්න පිළිබඳ විවිධ විවාද තිබේ. එය සම්පූර්ණයෙන්ම සමාජයට අයහපත් ප්‍රතිපල ගෙන දුන් ක්‍රමයක් සේ හුවා දැක්වීම අපේ අදහස නොවේ. එහෙත් එය හඳුන්වා දුන් මුල් කාලවකවානුවේ එයට නිදහසේ වැඩෙන්නට ඉඩහැරීම නිසා යම් නීති ලිහිල් කරමින් ඇති කළ තත්ත්වයන් හමුවේ ඇති වූ හිඩැස්වලින් ලංකාවට රිංගාගත් මත්ද්‍රව්‍ය නාගරික ප්‍රදේශ අරක් ගත්තේය. විශේෂයෙන්ම වඩාත් වේගයෙන් නාගරීකරණය වූ කොළඹ කුඩුවලින් පිරෙන්නට පටන් ගත්තේය.

    sRSqrI1.jpg

    එසේම මැතිවරණ ක්‍රමය වෙනස් කරමින් ගෙන ආ මනාප ක්‍රමය නිසා දේශපාලනඥයින් අතර තරගය ද වැඩි විය. කෙසේ හෝ තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකරගන්න නම් අනෙකා හොඳින් හෝ නරකින් පරාජයට පත් කළ යුතුමය. ඒ සඳහා චණ්ඩින්ගේ සහය අවශ්‍ය වේ. මැරයින්ට දේශපාලනයේ ලැයිසන් ලැබුණේ එසේය. එසේම ඔවුන්ට වැය කිරීම සඳහා මුදල් යහමින් අවශ්‍යය. යහමින් මුදල් හම්බ කළ හැකි ක්‍රමයක් ලෙස ඒ වන විට හෙරොයින් ජාවාරම ඔවුන් අතරට පැමිණ තිබිණ. ඒ නිසා ඇතැම් දේශපාලනඥයෝ ද හෙරොයින් ජාවාරම සමග සම්බන්ධ වූහ. එසේත් නැත්නම් ඔවුහු ජාවාරමුන්ට උදව් කර ඔවුන්ගෙන් තමන්ට අවශ්‍ය සේවාවන් සපයා ගත්හ. හෙරොයින් ජාවාරමට දේශපාලනයේ ලැයිසන් ලැබුණේ එපරිදිය.

    ndN91Sh.png

    එකල ලංකාවට කුඩු පැමිණියේ ඉන්දියාව හරහාය. ඉන්දියාව යැයි කීව ද සැබැවින්ම දකුණු ඉන්දියාව නැත්නම් මදුරාසිය හරහාය. දකුණු ඉන්දියාවේ ජීවත් වූයේ දෙමළ සම්භවයක් සහිත ජනතාවකි. ඒ නිසා වඩාත් පහසුවෙන් ලංකාවට කුඩු ගෙන ඒම සිදුකළ හැකි වූයේ දෙමළ ජාතිකයන්ටය. කුඩු බෙදාහැරීම හා අලෙවිය නීතියට රහසේ කළ යුත්තකි. ඒ නිසා රහසිගත ජාවාරමකි. රහසිගත ජාවාරමක් සාමාන්‍ය පුද්ගලයකුට කළ නොහැකිය. එයට චණ්ඩින් අවශ්‍යය. දේශපාලන හයියක් අවශ්‍යය. පොලිස් රැකවරණය අවශ්‍යය. පොලිස් රැකවරණය ලබාගැනීම දේශපාලන හයියෙන් මෙන්ම චණ්ඩිකම්වලින් බිය ගන්නා නම්මවා ගැනීමෙන් ද කළ හැකිය. පසුකලෙක එල්ටීටීඊය ද එයට සහය විය. ඒ තමන්ට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහාය. එසේම කොළඹ දී තමන්ගේ අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට මේ පාතාලයන්ගේ සහය අවශ්‍ය වූ නිසා ඔවුන් සමග ගනුදෙනු පවත්වාගෙන යාම සුදුසු යැයි කල්පනා කළ නිසාය.

    දෙමළ පාතාලය දේශපාලන බලයෙන් හා පොලිසියේ ඇතැමුන්ගේ සහයෙන් ද කොළඹ ආශ්‍රිතව සිය අණසක පතුරුවා ගත්තේය. එයට නායකත්වය දුන්නේ තෙල්බාලා, තෙල්බාලාගේ සමීපතමයා වූ සුදාකරන්, තෙල්බාලාගේ සහෝදරියගේ පුතා තමිල්නාඩුවේ රමේෂ් (මේ තමිල්නාඩුව යනු ඔරුගොඩවත්තේ තමිල්නාඩුවය), සින්නප්පන්, ක්‍රිස්ටෝපර් වැනි පිරිසකි. ඔරුගොඩවත්තේ තමිල්නාඩුව යනු දෙමළ ජනතාව වැඩිපුරම ජීවත්වන ප්‍රදේශයකි. මේ පාතාලයන් ඔවුන්ට උදව් පදව් කළ හෙයින් පොලිසියට ඔවුන්ව අල්ලා ගැනීම දුෂ්කර විය.

    blDIDKf.png

    මේ අතරතුර මුස්ලිම් පාතාලයක් ද හෙරොයින් ජාවාරම සමග ඉදිරියට ආවේය. ඒ පාකිස්ථානයෙන් හෙරොයින් ගෙන්වන අය සමගය. එහෙත් ඔවුන්ට ඔළුව උස්සන්නට දෙමළ පාතාලය ඉඩදුන්නේ නැත. මේ පාතාලයන්ගේ ක්‍රියකාරකම්වලට එරෙහි වීම නිසා මුස්ලිම් තරුණයන් කීප දෙනෙකුටම ජීවිතය අහිමි විය. ඕනෑම කෙනෙක් තවත් කෙනෙකුට පෑගී සිටින්නේ ටික කලක් පමණි. ඉන්පසු ජය ගන්න හෝ පරදින්න හෝ එයට එරෙහිව නැගී සිටිනු ඇත. මාළිගාවත්තේ මුස්ලිම් තරුණයන් ද නැගී සිටියේ ඒ අනුවය.

    මුස්ලිම් පාතාලය බිහිවීමට වැඩි දායකත්වයක් සැපයුවේ එකල සිටි නාගරික මන්ත්‍රීවරයකු වූ ඉමිටියාස් බව කවුරුත් දන්නා සත්‍යයකි. ඔහුට දේශපාලන ගමනක් යෑමට පවා මේ දෙමළ පාතාලය හිසරදයක් වීම එයට හේතුවයි. ඔහු සමග එක්වූයේ මාළිගාවත්තේ පාපන්දු කණ්ඩායමයි. ඔවුන්ට නායකත්වය දුන්නේ ෆාජි හා ෆාජිගේ සොයුරු බයියාය. ඔවුන්ට ආයුධ සැපයුණේ මන්ත්‍රී ඉමිතියාස්ගෙන් බව කියැවේ. ඔහුට ද ඒ ආයුධ ලැබුණේ නැගෙනහිර නියෝජනය කළ මුස්ලිම් ඇමැතිවරයකු මගින් බව ද පොලිසියට තොරතුරු ලැබී තිබිණ. එසේම මේ මුස්ලිම් තරුණයන්ට ජිහාඩ් සංවිධානයෙන් ආයුධ පුහුණුව ද ලැබුණ බව දැනගන්නට ඇත. ජිහාඩ් සංවිධානය නැගෙනහිර ගොඩනැගෙන්නේ එල්ටීටීඊයෙන් එල්ල වූ ප්‍රහාරවලට පිළිතුරු දීමේ අරමුණ ඇතිවය.

    AkEr9i7.jpg

    මේ අනුව මාළිගාවත්තෙන් බිහි වූ මුස්ලිම් පාතාලයන් අතර අයුබ්ඛාන්, ආනමාලු ඉමිටියාස්, ෆාජි, බයියා, ලීමෝල වත්තේ රිස්වාන්, දිගා ෆයිසර්, රිස්වාන්, මාමස්මි වැන්නෝ ඉදිරියෙන්ම සිටියහ. ඔවුන්ට ද මාළිගාවත්තේ ජනතාවගෙන් ලැබුණේ නොමඳ සහයකි. ඒ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නවලට ඔවුන් මැදිහත්ව පිළිතුරු සොයාදීම නිසා ඇතිවූ සුහදකමත් දෙමළ පාතාලයන්ගේ පීඩනයෙන් මිදෙන්නට ඔවුන්ට තිබූ එකම මගත් මොවුන් බවට තිබූ විශ්වාසය නිසාය.

    මුස්ලිම් පාතාලය ද වර්ධනය වන්නේ කුඩු ජාවාරම සමගිනි. එහෙත් ඔවුන්ට ඊට වඩා තවත් බොහෝ ආදායම් මාර්ග විය. කප්පම් ගැනීම, කුලියට මිනීමැරීම, කැලෑ අධිකරණ පවත්වාගෙන යාම ආදී බොහෝ දේවල් ඒ අතර විය. ඔවුන්ට දේශපාලන හයිය ද නොමඳව ලැබුණ නිසා පොලිසියේ බාධාවකින් තොරව මුල් කාලයේ තම ශක්තිය ගොඩනගා ගැනීමට හැකි විය. ආයුධ බලයෙන් හා ආයුධ පුහුණුවෙන් ද සාමාන්‍ය ජනතාවගේ සහයෝගයෙන් ද සන්නද්ධ වූ පසු පොලිසිය ඔවුන් අල්ලා ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක ප්‍රයත්නයක් බවට පත් විය.

    Source
    Lankadeepa.lk
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාළිගාවත්තට ඉහළින් අවසරයකින් තොරව කපුටෙකුටවත් පියෑඹීමට එකල රජ කළ මුස්ලිම් පාතාලය ඉඩ දුන්නේ නැත.
    බලාගෙන යද්දි ලංකාවේ නානලා හෙණ වැඩ්ඩෝ නේ.ඒවායින් එයාර් ඩිෆෙන්ස් සිස්ටම් එකක් අර ජෝකර්ගේ රටට යැව්වා නම් පුටින්ගේ ඩ්‍රෝන් හමුදාවට බඩුම තමයි.
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මටත් අයිඩියා එකක් තියේ පාතාලේ ලොක්කෙක් වෙන්න තාම හොද නමක් හිතාගන්න බැ ... එක්කෝ බැ වගේ බන් අන්තිමට ලංකාවේ උරෝන්ගෙන් නෙහැ වෙඩි කාල මැරෙන්න වෙන්නේ .. එක අවුල් ඔන්න තවත් පාතාලේ ක් එක්ක ගේමට ගිහින් මැරෙනවා නම් අවුලක් නැ තත්වයක් තියේ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    පොලිසිය හරියට හිටිනම් මුන් මොක්කුද බං..STF ඵකට සතියක්‍ අැති මුළු රටේම ඉන්න පාතාලයෝ ඉවරකරන්න.දේශශපාලුවෝ තමා කොක්ක දාන්නේ.
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    දැන් නම් ඔය එරියා ටික ගන්න ම දෙයක් නැහැ බං . මිහිපිට අපාය වල්. පොලිසිය ජිප් එකෙන් දෙනෝ දාහක් ඉද්දී සල්ලි අරන් යන්නේ කුඩු විකුණන තැන් වලින් . බොරුවට මාස 6කට සැරයක් වගේ stf වගේ ඇවිත් අල්ලන් යනවා ආයේ එනවා.

    ගෝඨාභයට කොච්චර බැන්නත් ඔය පැති ටිකම සුද්දා කරලා දැම්මේ වූ තමයි. ඕකයි ඔය පැති වල මුස්ලිම් වුන් නයාට අදු කොළ වගේ තාමත්.
    කුඩු විකුණන ගෑණුන්ව සුදු වෑන් වලින් උස්සලා පුච්චලා ඒවේව ආයේ නොකරන්න 😃.

    හැබැයි කරපු ලොකුම වැරැද්ද ෆාජි ලා අයින් කරලා බිස්නස් ටික වෙන සෙට් එකට පැවරුවා. හැබැයි කුඩු නම් කුඩු වෙන කරදර සෙල්ලම් බැහැ.

    ආයෙත් පරණ තැනට ගියේ අද ඊයේ නෙමේ 2015 මෛත්‍රී අවාට පස්සේ. හැබැයි මු පාස්කු වදින්න කලින් පිස්සු බල්ලා වගේ සුද්දයක් දැම්මා . පාස්කු එක්ක එක එහෙමම යට ගියා.

    2019 ගොටා අවා කියලා ලොකු වෙනසක් වුන් නැහැ පරණ සෙල්ලම ම තමයි.
    ඕකා නොදන්න මඟුල් කරන්නේ නැතුව ආරක්ෂාව බලාගෙන හිටියා නම් ඉවරයි අන්තිමට එකත් නැහැ.

    දැන් තත්වේ කිව්වොත් තනිකරම ආපස්සට යාමක් තමයි . 12 14 පොඩි වුන් අයිස් ගහන්නේ මුන් සල්ලි හොයන්න විකුණන තැන් වල ජොබ් කරන්නේ බඩු සප්ලයි කරන්න ඔත්තු බලන්න. අහුවුනොත් පරිවාස විතරයි. 18 වෙනකම් බය නැහැ . විකුණන වුණුත් ෆුල් ආතල් එකේ ඉන්නවා පොඩි වුන් බිල්ලට දීලා.
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    547
    916
    93

    බුම්මා