මාළු වැහි වහ කාන්තන්කුඩියට මාළු වැහි වහ

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,724
    502
    113
    මාළු වැහි වහ කාන්තන්කුඩියට මාළු වැහි වහ

    මඩකලපුව, කාන්තන්කුඩි වැල්ලට අස්වාභාවික ලෙස සාලයන්, දැල්ලන් හා මඩුවන් වැනි මාලු වර්ග විශාල වශයෙන් ගොඩගසා තිබිණි. මේ අරුමය බැලීමටත්, මාලුන් එකතුකරගෙන යාමටත් බොහෝ පිරිස් මෙහි ඇදී ආහ.

    අවම වශයෙන් ටොන් හාර පන්සියයක මාලු මෙලෙස ගොඩගසා ඇතැයි විශ්වාස කැරේ. සත්ත්ව විද්‍යා පර්යේෂකයකුවන ධර්මශ්‍රී කණ්ඩම්බි මහතා පවසන්නේ මුහුදේ ඇතිවූ භූමිකම්පා අවස්ථාවලදී සහ උණුසුම් හෝ සීත දියවැල් පැමිණීමෙන් මාලුන්ට අවශ්‍ය උෂ්ණත්වය වෙනස්වීම නිසා මෙවැනි තත්ත්වයන් ඇතිවන බවයි.

    පානම, පොතුවිල් සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල ද විශාල වශයෙන් මාළු හසුවීම නිසා පසුගිය සතියේ මාළු මිල විශාල ලෙස පහත බැස තිබිණ