මා දින්න අලුත පුරන් කුඹුරු අස්වැද්දූ තරුණයන් ආයෙත් එන්න..- ජනපති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කොළඹ, නුවර යා කෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස (15) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණ.

    කිලෝමීටර් 40.91කින් යුත් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන “ඇතුගල්පුර පිවිසුම” මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල හා යග්ගපිටිය යන අන්තර් හුවමාරු 05කින් සමන්විතය.

    මෙහි ඉදිකිරීම් සඳහා රජය වැය කළ මුදල රුපියල් බිලියන 149කි. සියලු ඉදිකිරීම් දේශීය ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් විසින් සිදුකර තිබේ.

    මීරිගම පිවිසුමේ දී ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කළහ. ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු මැති ඇමතිවරු එක්ව පීත්ත පටිය කපා මාර්ගය විවෘත කර ප්‍රධාන ජන හමුව පැවති කුරුණෑගල අන්තර් හුවමාරුව වෙත පිටත්ව ගියහ.

    මීරිගම සිට කුරුණෑගල දක්වා යෙදී ඇති අන්තර් හුවමාරු අසළ රැස්ව සිටි ජනතාවගෙන් ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට උණුසුම් ප්‍රතිචාරයක් ලැබිණ.

    කොළඹ, නුවර අධිවේගී මාර්ගය අදියර තුනක් යටතේ සංවර්ධනය කෙරේ. පළමු අදියර කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37.9කින් සහ තුන්වන අදියර වන පොතුහැර සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 32.5කින් සමන්විත ය. කොළඹ සිට ගලගෙදර දක්වා වූ සමස්ත මාර්ගයේ ඉදිකිරීම් 2024 දී අවසන් කිරීමට රජය අපේක්ෂා කරයි.

    ගංවතුරින් වන හානිය මගහරවා ගැනීමට මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසින් කිලෝමීටර් 10කට ආසන්න ප්‍රමාණයක් (25%) කණු මතින් ඉදිකර තිබේ. රථවාහන ධාවනයේ දී ඇතිවන ශබ්දය පාලනයට ද බාධක යොදා තිබීම විශේෂත්වයකි.

    රටේ ජනතාව ඉදිරියේ වසර පහකදී ඉටු කිරීමට පොරොන්දු වූ සියල්ල ඒ අයුරින් ම ඉදිරි තෙවසර තුළ ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උත්සව සභාව අමතමින් පැවසීය.

    ගොවි පවුලකින් පැවත එන නායකයෙකු ලෙස සැම විටම ගොවියා රැකගැනීමට ප්‍රමුඛතාවය ගෙන ක්‍රියා කරන බවට ජනාධිපතිතුමා සහතික විය. තමා බලයට පැමිණි අවස්ථාවේ පුරන් කුඹුරු අස්වැද්දූ තරුණයන් අමතක නොකරන බවත් ඔවුන්ට නැවතත් වගා සංග්‍රාමයකට එකතු වීමට ආරාධනා කරන බවත් ජනාධිපතිතුමා පැවසීය.

    රුපියල් 95කට හෝ වී මිලදීගෙන ගොවියා ශක්තිමත් කිරීමට තමා කෘෂිකර්ම අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන් බව ද ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබීය.

    මාධ්‍ය සමග තරගයක් නැහැ. අපි බලයට පැමිණ සිටින්නේ රට හදන්නයි. එහිදී සංවර්ධනයේ පාර්ශ්වකරුවකු වන්නැයි ජනාධිපතිතුමා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීය. බොරු ප්‍රචාරයන්ගෙන් අධෛර්යමත් නොවී රටේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට එක්වන ලෙස සියලුම මහජන නියෝජිතයන්ගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් ජනාධිපතිතුමා ඉල්ලා සිටියේය.

    වර්තමානයේ ලෝකය, සමාජය, ඉතා වේගවත් ය. එබැවින් කාලයෙන් ප්‍රයෝජන ගැනීමට දියුණු ප්‍රවාහන පද්ධතියක් අත්‍යාවශ්‍ය බවත් ලෝකයේ දියුණු යැයි සම්මත රාජ්‍යයන්වල දියුණුවේ ප්‍රධාන සාධකයක් බවට විධිමත් ප්‍රවාහන පද්ධතිය පත්ව ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

    අධිවේගී මාර්ග තරම් විවේචනයට ලක් වූ ව්‍යාපෘතියක් මේ රටේ නැතුව ඇති. විවේචනය කරමින් අධිවේගී මාර්ගයේ ගමන් කරන අයගේ විවේචනයන්ට වචන වලින් පිළිතුරු දීමට වඩා අවශ්‍ය වන්නේ ක්‍රියාවෙන් පිළිතුරු දීම යැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

    කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසා තිබියදීත් ජනාධිපතිතුමා සංවේදී නායකයෙකු ලෙස ජනතාවගේ පැත්තේ සිට තීන්දු තීරණ ගත් ආකාරය මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිහිපත් කළේය. ඉදිරි වසර තුන තුළ ජනාධිපතිතුමා රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළ ගැන කිසිඳු සැකයක් ඇති කර නොගන්නැයි අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. රටේ සංවර්ධනය වෙනුවෙන් ජනාධිපතිතුමා අපේක්ෂා කරන අයුරින් ඉලක්කගතව අධිවේගී සහ සෙසු මාර්ග පද්ධතිය සංවර්ධනය කර ජනතාවට භාරදෙන බවට අමාත්‍යවරයා සහතික විය.

    මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කිරීම නිමිත්තෙන් පැවති පාපැදි ධාවන තරගයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග සහ සහතික පත් පිරිනැමීම ජනාධිපතිතුමාගේ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අතින් සිදු කෙරිණ.

    මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මහජන නියෝජිතයෝ, රාජ්‍ය නිලධාරීහු හා ප්‍රදේශවාසීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අන්දරේගේ නිවුස් දාන්න එපා බන් උදේම. දවසම මුස්පේන්තු වෙනවා. මුඩුම ගොනා පාලනයට ආව දවසේ ඉදන් ලෝකෙටම හෙන ගැහුනා.
     
    • Haha
    • Like
    Reactions: Idias and Rankira

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ''වසර පහකදී ඉටු කිරීමට පොරොන්දු වූ සියල්ල ඒ අයුරින් ම ඉදිරි තෙවසර තුළ ඉටු කරන බව....''
    ''ගොවි පවුලකින් පැවත එන නායකයෙකු ලෙස....''
    ''පුරන් කුඹුරු අස්වැද්දූ තරුණයන් අමතක නොකරන බවත්.....''
    ''රුපියල් 95කට හෝ වී මිලදීගෙන ගොවියා ශක්තිමත් කිරීමට....''
    ''අපි බලයට පැමිණ සිටින්නේ රට හදන්නයි.''


     
    • Like
    Reactions: Rankira

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මා දින්න අලුත පුරන් කුඹුරු අස්වැද්දූ තරුණයන් ආයෙත් එන්න..- ජනපති
     
    • Haha
    Reactions: Idias

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    ආයෙ කොහෙ එන්නද උං දුවල, දැන් රටෙත් නෑ...

    මේ මිනිහට හැදුන රැල්ලෙන් හරියට ප්‍රයෝජනේ ගත්තනං ඇත්තටම රට දියුණු කරන්න තිබුණ.....
    කොයි තරම් තරුණ පිරිසක් මූ වටා රොක් වුණාද??

    මූ ඒකෙ පහරල, චිත්‍ර ඇඳපු උන්ටයි, කුඹුරු කරපු උන්ටයි පාරෙ බැහැල යන්න බැරිවෙන්න වැඩේ කරල, දැන් ආයෙ එන්නලු.... පිස්සෙක්....
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මා දින්න අලුත පුරන් කුඹුරු අස්වැද්දූ තරුණයන් ආයෙත් එන්න..- ජනපති
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    පෝර, කෘෂි රසායන නැතුව ගූ ගහලා කුඹුරු අස්වද්දන්නද මූ මේ එන්න කියන්නෙ @erozan :rofl:

    කෘමිනාශක වෙනුවට කුඹුරට ගිහින් පඩ ඇර ඇර ඉන්න පුලුවන් ගඳට කෘමියො මැරෙයි කියල හිතාගෙන :lol: නේ බං @N A K A M U R A