මා දුටු ඉතාලිය

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මා දුටු ඉතාලිය

    මා දුටු ඉතාලිය


    ලෝකෙන් ටිකක්

    image_53901ed044.jpg
    පසුගිය මැයි 26 වන දින ගුවන් සැතපුම් 8000 ක් පමණ ගෙවා පැය 14 ක ගුවන් ගමනකින් පසු ඩුබාහි හරහා ඉතාලියේ පුතාගේ නිවසට පැමිණියෙමි.


    ඩුබායි ගුවන්තොටුපළ ගැනත් යමක් සඳහන් කළ යුතුය. පෙනෙන අයුරු අපේ ගුවන්තොටුපළ මෙන් පස් ගුණයක් විශාලය. පිටවීමේ පර්යන්තයට ළඟා වීමට ස්වයංක්‍රීය පඩි පෙළවල් 10 ක් පමණ පසුකළ යුතුය. පිටවීමට ගුවන් යානයේ සිට වට 5 ක් පමණ බසයේ ගමන් කළ යුතුය.

    මෙහි වැඩිපුරම ඇත්තේ අධිවේගී මාර්ගය. අනෙක් නගරවලත් රථවාහන තදබදයක් නැත. මිලාන් නගරයේ පමණක් විනාඩි 5 ක පමණ තදබදයක් පවතී. නිවසේ සිට කි.මී. 70 ක් පමණ ගුවන්තොටුපළට යාමට ගතවූයේ පැය භාගයක් පමණි.

    මෙහි පාරවල් අතුගා සෝදා දමයි. කුණු තිබෙන වාහනයක් නතර කළහොත් දඩ ගෙවීමට සිදුවේ. අපේ රටේ මෙන් කිසිම පාරක පොලිස් නිලධාරීන් නුදුටුවෙමි. හේතුව විනීත රියැදුරන් සිටින නිසා විය යුතුය. මෙහි සෑම කෙනෙක්ම රාජකාරියට යන්නේ තමන්ගේ වාහනයෙනි. වඩුබාස් පවා වැඩට යන්නේ සිය වාහනයෙනි. යතුරුපැදියක් දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. මෙහි ගොවියා ඉහළ ආදායමක් ලබයි.
    හේතුව සියලුම එළවළු වර්ග මෙන්ම පලතුරු ද මෙහි වගා කරන නිසයි.


    පොදු ප්‍රවාහන සේවයට අධි සුඛෝපභෝගී බස් රථ යොදවා ඇත. සාමාන්‍යයෙන් එම බසයක ගමන් කරන්නේ 10 ක් වැනි සුළු පිරිසකි. එක මගියෙක් සිටියත් නියමිත වේලාවට බසය ධාවනය කරයි. අපේ රටේ රියැදුරන් මෙන් කන පැළෙන හෝන් නාද කරන්නේ නැත.

    තවත් ඓතිහාසික දේවස්ථානයක් වන දූව පල්ලියට යාමට හැකි විය. 1600 ගණන්වල ඉදිකර ඇති මෙය මිනිසාගේ අපූර්ව නිර්මාණයකි. කිරිගරුඬ විශාල කුලුනු මත ඉදිකර ඇති දේවස්ථානයට තඹ වලින් දොර ජනෙල් දමා ඇත. රනින් නිම කළ දේව රූපයක්ද තිබුණි.

    ක්‍රි.ව. 1600 ගණන්වල ගඩොලින්ම ඉදිකර ඇති රජ මාලිගයක් ද විය. මතු පරපුරට බලා ගැනීමට මනාව සංරක්ෂණය කර ඇත. ආහාර ගැනීමට විශේෂ ස්ථාන ඇත. පාර අසල වෙන්කළ මංතීරු වල පාපැදි 10 ක් 15ක් පෙළට තබා ඇත.

    පාපැදියක් අවශ්‍ය අයෙක් ඒ ස්ථානයේ සවිකර ඇති ස්වයංක්‍රීය යන්ත්‍රයකට කිසියම් කාඩ් පතක් යොමු කළ විට පාපැදියේ ලොක් එක විවර වේ. රාත්‍රී කාලයටත් මෙම පාපැදි මෙම ස්ථානයේම තබා ඇත. අපේ රටේ මෙහෙම තිබුණොත්?

    ඉතාලියේ ඇති තවත් මනස්කාන්ත ස්ථානයක් වන්නේ පොළොව හාරා තනා ඇති උමං දුම්රිය මාර්ගයයි. මේට්රෝ (METRO) නමින් හැඳින්වෙන මෙහි පොළොව යට උඩින් සහ යටින් දුම්රිය මාර්ග 2 ක් ඇත. මෙම දුම්රියට යාම සඳහා උඩට සහ යටට ගමන් කරන ස්වයංක්‍රීය පඩිපෙළවල් සාදා ඇත. දුම්රියක් නැවැත්වූ විට දොරටු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වේ. විනාඩි 5 කට වරක් දුම්රියක් ගමන් ගන්නා අතර, දුම්රිය පැමිණෙන වේලාව සටහන් විදුලි පුවරු සවිකර ඇත.

    මෙම දුම්රියට ගොඩවීම බැසීම ඉතාම ආරක්ෂාකාරීය. එයට හේතුව දුම්රියට ඇතුළු වන දොරටුව හා වේදිකාව සමාන්තරව පිහිටා තිබීමය. මෙම දුම්රියවල රියැදුරු පමණක් සිටී. රියැදුරු නොමැතිව ධාවනය වන දුම්රිය ද ඇත.

    මෙහි සුපිරි වෙළෙඳසල්වල දහසකට අධික කෑම වර්ග ඇත. ඇත්තේ දියර කිරි පැකට් පමණි. මිල ගණන් ඉතා අඩුය. කෑම වර්ගවල නම් සඳහන් වන්නේ ඉතාලි භාෂාවෙන් පමණි.

    මෙහි ආහාර සුරක්ෂිතතාවට ප්‍රමුඛස්ථානය දේ. එළවළු සහ පලතුරු තෝරා ගැනීමට පෙර අතට පැලඳ ගැනීමට සියුම් අත් මේස් තබා ඇත. කැරට් අල ශුද්ධ කර විශේෂ අසුරනවල බහා ඇත. පළා වර්ගද එසේමය. ඉස්සන් සම්පූර්ණයෙන් ශුද්ධ කර කවරවල බහා ඇත.

    මෙම සුපිරි වෙළෙඳසල් අති විශාල මෙන්ම ඉතා දැකුම්කලුය. ළමයින් සමග කෙනෙක් මෙහි පැමිණියහොත් භාරකරු පැමිණෙන තෙක් ළමයින්ට සෙල්ලම් කිරීමට විදුලි බලයෙන් ක්‍රියා කරන ත්‍රීවිල් වැනි කුඩා රථ සවිකර ඇත.

    මෙහි පාසල් වේලාව උදේ 8.30 සිට සවස 4.30 දක්වාය. ළමයින්ට උදේ 10 ට පමණ පලතුරු ලබාදෙන අතර දවල් ආහාරය ද සැපයේ. මේවාට අය කිරීමක් නැත. ළමයින්ට අලුත් පොත් ගැනීම සඳහා පාසලේ නිල මුද්‍රාව සහිතව පොත් ලැයිස්තුව නිකුත් කෙරේ.

    මෙය ඉදිරිපත් කර ඕනෑම පොත් වෙළෙඳසලකින් පොත් ලබාගත හැකිය. මෙහි නගරාධිපතිවරයා මසකට හෝ දෙකකට වරක් පාසල් කටයුතු නිරීක්ෂණයට පැමිණේ. පාරවල්වල අපේ රටේ මෙන් රජයේ මුදල් ප්‍රතිපාදන වෙන්කළ අයගේ නාම පුවරු මෙහි නැත.

    අපේ රටේ මෙන් ළමයෙක් පාසලට ඇතුළත් කිරීමට පදිංචිය වෙනස් කර විවිධ සටකපටකම් කළ යුතු නැත. මෙහි ජනප්‍රිය පාසල් කියා වර්ගයක් නැත. ළමයාගේ පාසල් වයස ළං වන විට ළමයා පාසලට ඇතුළත් කරන ලෙස දන්වා ළඟම පාසලෙන් ලිපියක් ලැබේ.

    මෙහි ළමයින්ට උපරිම ආරක්ෂාව සැපයේ. උදේ සහ පාසල අවසන් වන වේලාවට පාසල අසලින් වාහන ගමනාගමනය තහනම්ය. පාසල අසල පොලිස් නිලධාරීහු දෙදෙනෙක් රාජකාරි කරති.

    මෙහි ජනතාව බල්ලන්ට දක්වන්නේ අසීමිත ආදරයකි. සීත කාලයට බල්ලන්ට ඇන්ඳවීමට ඇඳුම් තිබේ. දුම්රියට බල්ලා සමග නැගුණ විට බල්ලා උගේ පාඩුවේ යයි. මගීන්ට උගෙන් හිරිහැරයක් නැත. සුපිරි වෙළෙඳසල්වල බලු කෑම සහ බළල් කෑම වෙනම අංශයක ඇත.

    මෝටර් රථ වර්ග 5 ක් මෙහි නිපදවයි. පසුගිය කාලයේ දේශපාලන වේදිකාවල කතාබහට ලක්වූ ලැම්බෝගිනි රථ නිපදවන්නේ ද ඉතාලියේය. ටැක්සි සඳහා බෙන්ස් (BENZ) රථ යොදවා ඇත.

    මෙහි ළමයින් සඳහා වෙනම ළමා රෝහල් ඇත. වරක් මෙම රෝහලකට යාමට හැකි විය. ළමයා අදාළ වෛද්‍යවරයාට පෙන්වන තෙක් සෙල්ලම් බඩු තබා ළමයින්ට වෙනම කොටසක් වෙන්කර ඇත. පුද්ගලයෙක් සිනා ගන්වන ඇඳුමකින් සැරසී කුඩා වයලීනයක් වාදනය කරමින් ළමයින් සමග විහිළු කරයි.

    කෙනෙකුට රැකියාව අහිමි වුවහොත් නැවත රැකියාවක් සොයා ගන්නා තෙක් වර්ෂ 02 ක් පමණ තමා ලබමින් සිටි වැටු​ෙපන් සියයට 80 රජයෙන් ගෙවයි. ශ්‍රී ලංකාවේ සමහරු එම මුදල ද රැගෙන වෙනත් රැකියාවක් කරයි. මෙහි සාමාන්‍ය රැකියාවකට වුවත් ඉහළ වැටුපක් ගෙවන නිසා සැපවත් ජීවිතයක් ගත කළ හැකිය. ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් වායුසමනය කළ නිවසක සිටින අතර වාහන එකක් හෝ දෙකක් පාවිච්චි කරති.

    ඉතින් අපේ ජනතාව නීත්‍යානුකූලව හෝ නොවන මාර්ගවලින් ඉතාලියට යාමට උත්සාහ කිරීම අරුමයක්ද?





    කේ.බී.ජී. විජේරත්න
    මහල්වරාව, පන්නිපිටිය
    (ඉතාලි සංචාරයකින් පසුව)
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    "
    යතුරුපැදියක් දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.
    රාත්‍රී කාලයටත් මෙම පාපැදි මෙම ස්ථානයේම තබා ඇත. අපේ රටේ මෙහෙම තිබුණොත්?
    "

    මේවා නම් තනිකර බොරු . ඉතාලියේ කල්ලෝ ගොඩක් ඉන්නවා .බයිසිකල් හොරකම් කරනවා .රෝදේ විතරයි ලෝක් එකේ තියෙන්නේ . මේක nordic රටකට ගියොත් මොන නොලියයිද ?
    මිලාන් වල හැම තැනම එක වගේ පිරිසිදුයි කියන්නත් බැහැ .
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Full suit ඇඳගෙන සයිකල් එක පැදගෙන යන සරල මිනිසුන්ද දැකගත හැක. :D
     

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    සමහර ඒවානම් බොරු
    නාපොලි පැත්තට ගියානම් ලියපු එකාට ඉතාලිය එපා වෙනවා
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    මේක ලියපු මාමා නාපොලි පැත්තේ ගිහින් නැද්ද කොහෙද ?
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    europe godak ratawal wala infastructure hodai, minissunta wahanayak one ne, public transport hodatama thiyenawa.

    Habai horu ne kiyana ekanam piliganna be, patta horu inne. Kotuwa hodai. ehe pickpocket seen gena beluwama.
    Paris/Barcelona ehema gihin balanna one. Paris nam ganna deyak aththema ne. kallo wehi wehela. athe band balen bedala salli gannawa.
    samahara countries aththatama safe and sira. specially norway/sweden/netherland wage ewa.