මා දුටු එළකිරිය

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මා දුටු එළකිරිය

    මා දුටු එළකිරිය

    මේ එළකිරි එකේ එක එක ජාතියේ කස්ටිය ඉන්නවනේ. ඒ අය කාන්ඩ කීපයකට බෙදන්න පුලුවන්. මෙන්න මන් මට පේන විදියට මෙයාලව බෙදුවා.

    එළකිරි බහුශ්‍රැතයන්

    මෙයාලා අනාදිමත් කාලයක සිට මේකෙ සැරිසරන බොහෝ ඇසූ පිරූ තැන් තියන එළකිරිය ගැන නොදන්න දෙයක් නැති කස්ටියක්. මෙයාලාගේ කොමෙන්ට් වැටෙනවා කියන්නෙ එළකිරියන්ස්ලට ෆුල් සැට්ස් වෙන දෙයක්.අනික මෙයාලා කොමෙට්ස් දෙන්නෙ මෙයාලගෙම එළකිරි එක්ස්පීරියන්ස් එකෙන්.

    එළකිරි දාර්ශනිකයන්

    මෙයාලා ඉතින් හරිම දර්ශනවාදී අදහස් තියන කස්ටියක්. කතාව එහෙම ෆිලෝසොපි වලින් තමයි. ඕනම දෙයක් ගැන ගැඹුරට හිතල අපි නොහිතන පැත්තක් පෙන්නල දෙන්න මෙයාලට හොඳට පුලුවන්.ආවට ගියාට හැම එකකටම කොමෙන්ට්ස් දාන්න යන්නෙ නැති මෙයාලගෙ කොමෙන්ට් එකක් කියෙව්වම බ්‍රේන් වොශ් වෙලා තමයි නවතින්නේ.

    එළකිරි බුද්ධිමතුන්

    අම්මෝ මෙයාලා නම් සිරාම ඩයල්. තමන්ට අදාල ක්‍ෂේත්‍රයක A to Z දන්න මෙයාලා තමන් දන්න දේවල් අනිත් අයට කියල දෙන්නත් පසුබට වෙන්නෙ නැ. මෙයාලාගෙ කොමෙන්ට්ස් වලින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියන නිසාම මෙයාලගෙ කොමෙන්ට්ස් වැටෙන කන් එළකිරියන්ස්ල කට ඇරගෙන බලන් ඉන්නෙ.

    එළකිරි කලාකරුවන්

    මෙයාලානම් ඉතින් හරි කලාබරයි. වැඩිය සද්ද බද්ද නැ. තමන්ගෙ පාඩුවෙ කවියක් නිසඳැසක් කියාගෙන නව කතාවක් කෙටි කතාවක් ලියාගෙන ඒ නිර්මාණ වලින් අනිත් අයටත් රසයක් ලබාදෙන නිර්මාණශීලී කස්ටියක්.අපිට තේරුම් ගන්න බැරි ගැඹුරු ගීත වල තේරුම ලස්සනට විග්‍රහ කරල දෙන අයත් ඒ අතර ඉන්නවා.

    එළකිරි ඩොකාලා

    ඩොකාලා කිව්වම ඉතින් වෙදමහත්තුරුත් අයිතියි හොඳේ. නමේ හැටියටම එළකිරියන්ස්ලගේ ප්‍රශ්න වලට වෛද්‍ය උපදෙස් ලබාදෙන්නෙ මෙයාලා තමා.සමහරු පණකඩාගෙන උපදෙස් දෙද්දි බොරුවට මොනා හරි කියල ආතල් ගන්න අයත් මේ අතරෙ ඉන්නවා.

    එළකිරි ආගමිකයන්

    ආපොය් මෙයාලා ගැන නම් තව ත්‍රෙඩ් එකකින් කියන්න විස්තර තියනවා. මෙයාලගෙ උපකුලක කීපයක් තියනවා.එළකිරි බවුද්දයෝ,එළකිරි කුරුසයෝ සහ එළකිරි හම්බයෝ.
    අනිත් හැමෝගෙම ආගම වැරදියි තමන්ගෙ එක විතරක් හරි කියලා කෑගන බහුතරයක් අතරේ ඇත්තට තම තමන්ගෙ ආගම් ගැන හොඳ දැනුමක් තියන,හරවත්ව හැසිරෙන අයත් නැතුවාම නෙමෙයි.මේ ඔක්කොමත් අතරේ ඕපපාතිකව පහල උනා වගේ අනික් කිසිම දෙයක් පිළි නොගන්නා තමන් හැර අන් සියලු දෙනාම ගොත්‍රිකයන් යයි සිතා සිටින පිරිසකුත් ඉන්න බව නොකියාම බැහැ.ඒ නවීන ආරට හැදුනු එළකිරි Atheist ලා.

    එළකිරි ජෝකර්

    නැව ගිලුනත් බෑන් චූන් කියන එක තමන්ගේ ආදර්ශ පාඨය කරගත් ෆුල් සොමියෙන් ඉන්න බුවාලා සෙට් එකක් තමයි මෙයාලා. ඕනම සීරියස් ත්‍රෙඩ් එකක් මැද්දට පැනලා ආතල් ගන්න මෙයාලාගේ සමහර කොමෙන්ට් වල නම් උපහාසයට වැඩි යමක් තියෙනවා කියලා මට හිතෙනවා. මොනවා උනන් එළකිරියන්ස්ලගේ ස්ට්‍රෙස් එක නිවන්න මෙයාලාගෙන් වෙන සේවය අගය කරන්න ඕනි.මොකද හැමෝටම හැමෝවම හිනා ගස්සවන්න බැහැ.

    එළකිරි අසහනකාරයන්

    මේ දවස් වල එළකිරියේ වැහි වැහැලා ඉන්න මෙයාලා ගැන නම් ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැනෙ. ඕනිම කෙනෙක්ට ජීවිතේ යම් අවස්ථාවකදී යම් අසහනයක් දැනීම සාමාන්‍ය දෙයක් නිසා මේකෙ ඒ හැටි පුදුම වෙන්න දේකුත් නැ. මොන අසහනේ තිබුනත් ඒක එක්ස්ට්‍රීම් කරගන්නෙ නැතුව කාටවත් කරදරයක් කරන්නෙත් නැතුව තම තමන්ගේ අසහනයන් නිවා ගන්නවානම් හොඳයි කියලයි පැරණි මුතුන් මිත්තො කියලා තියෙන්නෙ.

    එළකිරි චීත්ත

    අපොයි මෙයාලා නම් කිසි කමකට නැති කස්ටියක්. කොහේ කොතැනක හෝ පටන් ගත්ත රන්ඩුවක් යන යන හැම තැනටම ඇදගෙන යන එක මෙයාලගේ පුරුද්දක්.එහෙමත් නැත්තම් තමන්ට අදාලම නැති අනුන්ගේ කුනු ගොඩක් ඇදලා අරන් රන්ඩු වෙන්නත්, ඒ වෙනුවෙන් අනුන්ට සීනි කිරන්නත් මේ අය හරිම දක්‍ෂයි.තමන්ගේ ඔන්ලයින් හතුරගෙන් පලිගන්න පුලුවන් හොඳම විදිය එයාගෙ පෞද්ගලික තොරතුරු හෙලි කරන එක තමයි කියලයි මෙයාලා හිතාගෙන ඉන්නේ.ඒත් හතුරට කියන්න ඕනි දේ ඔන්ලයින්ම කියල ඊට පස්සේ ඌව සත පහකට ගනන් ගන්නෙ නැතුව රෙස්පෙක්ට් පිට ඉන්න එක තමයි හොඳම කියලයි මම කියවපු පොතක තිබුනේ.

    ලාස්ට් බට් නොට් ලීස්ට්

    එළකිරි බම්පියෝ

    කවදාවත් කිසිම තැනක කිසිම කොමෙන්ට් එකක් දැම්මෙ නැතත් තම්න්ගෙ හිත ගත්ත ත්‍රෙඩ් එකකට බම්ප් එකකින් සහයෝගයක් දෙන්න මෙයාලා අමතක කරන්නේ නැ. එහෙම කලාට වරදක් නැ හැබැයි ඒ වෙලාවෙම තමන්ගෙ හිතට එන පොඩි අදහසක් හරි කොටල දැම්මොත් ඒක බලන කෙනෙක්ට ලොකු උදව්වක් වෙන්නත් ඉඩ තියනවා.

    මේක පොඩ්ඩක් දිග වැඩි උනාද මන්දා... ඇයි ඉතින් එසේ මෙසේ කස්ටියක්‍ යෑ මේකෙ ඉන්නෙ.
    ඔන්න ඔහොමලු වැඩේ.කාගෙ හරි හිත් රිදීමක් සිදු උනානම් සමාව භාජනයක දාලා දෙන්න. මේක කියවද්දි කාව කාව හරි මතක් වීගෙන එහෙම ආවනම් කැටගරියත් එකක්ම මෙන්සන් කලාට කමක් නැ.
    තව ඉතින් මං පොඩි එකෙක් හින්දා මට ඉක්මනට ලොකු වෙන්න පුලු පුලුවන් විදියට උදව් කරන්න ඈ. (මං කිව්වෙ රෙප් වලින්)
    අසා සිටි ඔබ සැමට ස්තූතිය්!
    :)
    Bump
     
    • Like
    Reactions: Mr UNKNOWN

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,552
    17,590
    113
    Auckland
    උබට එක වැදගත් කාණ්ඩයක් මිස් වෙලා වෙලාවකට දාර්ශනික කමෙන්ට් දාල දාර්ශනිකයො වෙන,වෙලාවකට බුද්ධිමත් කමෙන්ට් දාල බුද්ධිමත්තු වෙන,වෙලාවකට කලාකාමී කමෙන්ට් දාල කලාකාරයො වෙන,වෙලාවකට ජෝක් කමෙන්ට් දාල ජෝකර්ලා වෙන,වෙලාවකට ජාතිවාදී ආගම්වාදී කමෙන්ට් දාල ජාතිවාදී ආගම්වාදී වෙන,වෙලාවකට අසහන කමෙන්ට් දාල අසහනකාරයො වෙන,වෙලාවකට බම්ප් විතරක් දාලා බම්පියො වෙන එක කාණ්ඩයට විතරක් අයිති නැති කාණ්ඩ ඔක්කොටම අයිති වෙන බුවාලා සෙටාර් එකකුත් ඉන්නවා උන්ට කියන්නෙ එලකිරි divergentලා කියලා:):P:P
    sins wink GIF
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    උබට එක වැදගත් කාණ්ඩයක් මිස් වෙලා වෙලාවකට දාර්ශනික කමෙන්ට් දාල දාර්ශනිකයො වෙන,වෙලාවකට බුද්ධිමත් කමෙන්ට් දාල බුද්ධිමත්තු වෙන,වෙලාවකට කලාකාමී කමෙන්ට් දාල කලාකාරයො වෙන,වෙලාවකට ජෝක් කමෙන්ට් දාල ජෝකර්ලා වෙන,වෙලාවකට ජාතිවාදී ආගම්වාදී කමෙන්ට් දාල ජාතිවාදී ආගම්වාදී වෙන,වෙලාවකට අසහන කමෙන්ට් දාල අසහනකාරයො වෙන,වෙලාවකට බම්ප් විතරක් දාලා බම්පියො වෙන එක කාණ්ඩයට විතරක් අයිති නැති කාණ්ඩ ඔක්කොටම අයිති වෙන බුවාලා සෙටාර් එකකුත් ඉන්නවා උන්ට කියන්නෙ එලකිරි divergentලා කියලා:):P:P
    මම නං කලින් හිටියේ ඔය විදියට!:censored: