You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මා වවුලන් රැ පුරාම
කැමති අය Like එකක් දාගෙන යන්න...
Jaya Wewa!

.Kingsley Peiris supiriyatama kiyanwa mee sinduwa...
Jaya Wewa!
කැමති අය Like එකක් දාගෙන යන්න...
Jaya Wewa!
මේ මා වවුලන් ගීතය කියන්නෙත් එක් තරා සහෝදරයෙක්. ඔහුත් ඔහුගෙ මල්ලිලා එක්ක තමන්ගෙ බාල කාලෙ රෑ පුරාම මී ඇට ඇහිදින්න ගිය හැටි මතක් කරනව. ගොඩක්ම කමන්ගෙ මල්ලිට ආදරය කල අයිය කෙනෙක්. ආදරණීය සහෝදරයෙක් බැදල වෙන් වෙලා ගියාම ඒක හදවතට ගොඩක් දැනෙනව. මොකද ඒ කාලෙ බින්න විවාහ ගොඩක් සිද්ධ වුනානෙ. මේ සහෝදරයත් ඒ විදියට භින්න විවාහයක් කරගෙන බිරිදගෙ නිවහනට පදිංචියට ගිහින්.
මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
මී ගස් යට මී වැහි වැහැලා
බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ
මට තනියක් දැනෙනවා
ඒ මතකයන්හිතේ තියාගෙන මොන වැඩේ කරන්න ගියත් ඒ වැඩ වලදි මල්ලිත් තමන්ගෙ පිටි පස්සෙන් හිටි නේද කියන මතකය ඔහුට දැනෙනව. ඇත්තටම ඒ වාඩ වලදි මල්ලි තමන්ට උදව් කල හැටි වරද්ද ගත්තම බැන්න හැටි ඒ වෙලාවට ඇඩුව හැටි අයේ ළගට අරගෙන සනසපු හැටි මේ හැම දෙයක්ම මේ මොහොතෙ තමන්ගෙ මතකයට නැගෙනව. ඒ හැම දෙකින්ම ලොකු තනිකමක් තමයි දැනෙන්නෙ තමන්ට.
දරට ගිහින් කුරුඳු කැලේ මග වැරදීලා
මං එනතුරු හඬා වැටෙද්දී
නුඹට දැනුණු පාළුව දුක මෙදා මටයි මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා
මේ විදියට දැනෙන තිනිකම කොච්චරක්ද කියල කියාගන්න බැරුව ඔහු ලත වෙනව. මේ වගේ ගීතයක පද කිහිපයකට ගොනු කරන්න බැරි තරම් සිතුවිලි ගොඩක් ඔහුගෙ හිතේ තෙරපගෙනයි ඔහු ජීවත් වෙන්නෙ. දැන් මේ යථාර්තයට මුහුණ දෙන්න ඔහු බයයි. ඒ වෙනකක් හන්ද නෙමෙයි තමන්ගෙ සහෝදරය නැති අඩුව බොහොම තදින් තමන්ගෙ හදවතට බොහොම තදින් දැනෙන හන්ද.
පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ
හොල්මන් ගැන කතා කියද්දී
මගේ ඇඟේ දැවටීගෙන අසා උන්නු මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා
ගොඩක් ආදරෙන් එකම බැම්මකින් බැදිල ඉන්න හැම සහෝදරයෙක් සහෝදරියකටම මේ වෙන්වීමේ දුක බොහොම තදින් දැනෙන බව අප දන්නව. සමහරු විවාහ වෙලා වෙනත් ප්‍රෙද්ශ වලට පදින්චියට යනව තවත් සමහරු විදේශ ලත වෙනව. තවත් සමහරු අකාලයේ මිය යනව. තවත් බොහෝ පිරිසක් කුරිරු යුද්ධයේදි අහිමි වුනා. ඇත්තටම මේ හැම දෙයක්ම ගොඩක් ආදරෙන් ඉන්න අයට දරා ගන්න ලේසි දේවල් නම් නෙමෙයි.
මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
මී ගස් යට මී වැහි වැහැලා
බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ
මට තනියක් දැනෙනවා
දරට ගිහින් කුරුඳු කැලේ මග වැරදීලා
මං එනතුරු හඬා වැටෙද්දී
නුඹට දැනුණු පාළුව දුක මෙදා මටයි මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා
පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ
හොල්මන් ගැන කතා කියද්දී
මගේ ඇඟේ දැවටීගෙන අසා උන්නු මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා
ගායනය - පණ්ඩිත් අමරදේව
රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - රෝහණ වීරසිංහ
උපුටා ගැනීම - චතුරංග ජයසිංහ(බුවනෙකබා බ්ලොග් අඩවිය)
[/B]