මා හැදු පාසල් මවුනි දායාදර

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මා හැදු පාසල් මවුනි දායාදර

    පියමන් කෙරුවෙමු මහ‍ වෙල් මැද්දෙන්
    පෙම්බස් දෙඩුවෙමු උයන් කො‍නෙක හිද
    ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
    දෙපා වාරු නැත ඔභ හැර යන්නට

    නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි
    කෝල හැඟුම් කෙලි කවට සිනාවයි
    මල් නැටුමයි - කළගෙඩි නැටුමයි
    මගේ දෑස තුල යලිත් ඇදේවිද

    නෙත කඳුලින් හස පෙමින් මුවාකල
    සොදුරු පැතුම් පුරවා මන මත් කල
    මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි
    මා හැදු පාසල් මවුනි දායාදර
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    සුළගේ ලෙලෙනා මලසේ දඟපා
    අප පාසල් ගිය කාලයේ
    යාළුවො අද නැත වෙන අය එහි ඇත
    කාලය මැවූ වෙනසක අරුමේ

    ලොකු පංතියෙ අය පොඩි පංතියෙ අය
    හැමදෙන එක පංතියෙ විලසේ
    අප පොත්වල දුටු රජවරු සිටුවරු
    වෙන්නයි කවුරුත් සිත් මැවුවේ

    සාම ලා අමරලා පොත්තුල තව ඇත
    එන එන අය හා යාළු වෙතේ
    අපේම පාසල අපේම මව විය
    එදවස් අපහට නැත ආයේ
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ
    පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
    සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
    අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ

    සාමා අමර විකුණති බස් පොලේ කජු
    කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
    උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
    වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ

    රන්මසු පට පිලී අභරණ උරණ වෙලා
    සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා
    ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා
    ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සඳක් බැස ගියා අවර ගිරේ
    ඉරක් උදා කරලා
    මටත් ලොවක් තිබුනා මතකයි
    මම ඉමි සිහි කරලා

    නෙලුම් මල් පිපුන දෙවැට දිගේ
    පාසැල් ගිය කාලේ
    මල් වගේ සිනාසුනු කෙල්ලන් හා
    මතකයි මගෙ බාලේ
    විවේකයක් ලද විටදි අපි
    දුව පැන ඇවිදිනවා
    ගනන් තමා මගෙ සිතට වදේ
    නිතරම වරදිනවා
    ගමේ පාසලේ වැඩක අපි
    පෙරමුන ගෙන යනවා
    තවත් වරක්..//
    මට මට පාසැල් යන්නට
    ලැබුනොත් මම යනවා

    ඉමක් කොනක් නැති අහස වගේ
    කෙලිලොල් දිවිය මගේ
    මලක් පිපී සුවඳින් පිරුනා සේ
    මුහුනේ සිනා රැදේ
    දුකක් සිතේ දැනුනේ නෑ මා හට
    අද මට දැනෙනු වගේ
    තවත් වරක්..//
    මට මට පාසැල් යන්නට
    ලැබුනොත් හරිම අගේ

    නෙලුම් මල් පිපුන දෙවැට දිගේ
    පාසැල් ගිය කාලේ
    මල් වගේ සිනාසුනු කෙල්ලන් හා
    මතකයි මගෙ බාලේ

    මල් වගේ සිනාසුනු කෙල්ලන් හා
    මතකයි මගෙ බාලේ
    පොඩි කාලේ

    :(:(:(:(
     
    Last edited:

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    සඳක් බැස ගියා අවර ගිරේ
    ඉරක් උදා කරලා
    මටත් ලොවක් තිබුනා මතකයි
    මම ඉමි සිහි කරලා

    නෙලුම් මල් පිපුන දෙවැට දිගේ
    පාසැල් ගිය කාලේ
    මල් වගේ සිනාසුනු කෙල්ලන් හා
    මතකයි මගෙ බාලේ
    විවේකයක් ලද විටදි අපි
    දුව පැන ඇවිදිනවා
    ගනන් තමා මගෙ සිතට වදේ
    නිතරම වරදිනවා
    ගමේ පාසලේ වැඩක අපි
    පෙරමුන ගෙන යනවා
    තවත් වරක්..//
    මට මට පාසැල් යන්නට
    ලැබුනොත් මම යනවා

    ඉමක් කොනක් නැති අහස වගේ
    කෙලිලොල් දිවිය මගේ
    මලක් පිපී සුවඳින් පිරුනා සේ
    මුහුනේ සිනා රැදේ
    දුකක් සිතේ දැනුනේ නෑ මා හට
    අද මට දැනෙනු වගේ
    තවත් වරක්..//
    මට මට පාසැල් යන්නට
    ලැබුනොත් හරිම අගේ

    නෙලුම් මල් පිපුන දෙවැට දිගේ
    පාසැල් ගිය කාලේ
    මල් වගේ සිනාසුනු කෙල්ලන් හා
    මතකයි මගෙ බාලේ

    මල් වගේ සිනාසුනු කෙල්ලන් හා
    මතකයි මගෙ බාලේ
    පොඩි කාලේ

    :(:(:(:(

    Patta :)
    Mulu sinduwama daala
    Rep denna bealu ban i dnt knw y :nerd:
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ඉර ගෙනාවෙ අපි ඉස්කෝලෙට
    දුවපැන්නේ වාගේ රන් හීනෙක
    ඒ හීනය නෑ ඇස්මානෙක

    ඇවිදින් ආයෙත් ඉස්කොලෙට
    අපි රජකම් කළ තැන් දැක දැක
    වාවාගන්නේ කෝමද හිත
    සුදු බිත්ති කුලුණු කොරිඩෝවල
    පුටු මේස බංකු කාමර වල
    විහඟුන් සේ පියඹූ තැන්වල

    ඉහිරී ගිය කාලය කැටිකළ
    එක කඳුළු බිංදුවක් ඇස් යට
    ගිලිහෙන්නට ඉල්ලයි මහ පොළොවට
    සමනළයින් සාවුන් ගානට
    අවිහිංසක සුරතල් පෑවට
    ගැටුණා සැනෙකින් දැඩිවී ඒ හිත

    සොහොයුරුකම් යළි දලුලා හිත
    අම්මා ගෙතු එක මල් මාලෙක
    අපි හිනාඋණේ දුර ඈතක
    සුදු ඇඳරුව දෙන ඉස්කොලෙට
    අද සොයුරනි නොදැනෙන මේ දුක
    වැටහෙයි මේ බිම හැරදා ඔබ ගියදින

    පන දුන්නත් අද අපි ඉස්කෝලෙට
    හැරයන්නට වෙනවා හෙට වන විට
    අපි කවුරුත් එක වාගෙයි ඉස්කෝලෙට
    වාවාගන්නේ කෝමද හිත