මැකෝගේ ප්‍රකාශයෙන් ‘හාට් ඇටෑක්‘ - සුසිල් සම
එජනිස සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටිකූට්ටු එජනිස ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් ව්‍යවස්ථානුකූලව එම තනතුරින් ඉවත් කර ඒ වෙනුවට වැඩ බලන ලේකම් ලෙස මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා පත් කිරීම නිසා සුසිල් හරහා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට රිංගා ගැනීමට මග බලා සිටි අපතයන් රැලක් නන්නත්තාර වී තිබේ. සුසිල්ට අධිකරණය විසින් වාරණයක් නිකුත් කිරීමද පිරිසට උතුර දකුණ මාරු කළ සිදුවීමක් වී ඇත.
මන්ද යත් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර නම් කර මැතිවරණ කොමසාරිස් වරයාට බාර දිය යුත්තේ එජනිස ලේකම් වරයා බැවිනි. දැන් තමන්ගේ රූකඩ ලේකම් සුසිල් නොමැති බැවින් මෙකී නන්නත්තාර වූ අපතයන් රැලි අද උදේ සුසිල්ගේ නිවසට එක් රැස් වී සිදුවූ විපත ගැන සාකච්ඡා කළහ.
ඔවුන් අතර රාඩා හරහා මහජන මුදල් මිලියන 169 ක් කොටි ත්‍රස්තවාදීන්ට දීම නිසා හිරේ යෑම අනිවාර්ය වී සිටින ටිරාන් අලස්, විදේශ රැකියා නියුක්තිකයන්ගේ මුදල් කෝටි ගණනක් වංචා කිරීම නිසා හිරේ යෑමට නියමිත ඩිලාන් පෙරේරා සහ රට ජාත්‍යන්තරය ඉදිරියේ විහිළුවක් බවට පත් කළ මන්ද බුද්ධික ජී.එල්. පීරිස්ද ඔවුන්ගේ වත්මන් නීති පකීර් වී සිටින, සුනාමි මුදල් හොරකමට මහින්දට දඬුවම් නොදීම නිසා ජාතියෙන් සමාව ඉල්ලූ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා ද සිටියහ.
ලේකම්වරුන් ඉවත් කිරීම නීති විරෝධී යැයි සාකච්ඡා කළ ඔවුන් මේ සඳහා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ ආවරණය ලබා ගැනීම සඳහා දුරකථනය මගින් මැතිවරණ කොමසාරිස්ට තම දුක් ගැනවිල්ල කියා සිටියේ ඔහු ලවා අධිකරණ වාරණ නියෝගයට පිටින් නියෝගයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. නමුත් මැතිවරණ කොමසාරිස් වරයා පැහැදිලිව කියා සිටියේ ලේකම්වරුන් ඉවත් කිරීම තමන්ගේ වපසරියට අයත් නොවන සිදුවීමක් වන අතර එය පක්ෂ අභ්‍යන්තර ප්‍රශ්නයක් බවයි.
මැතිවරණ කොමසාරිස්ගේ තීරණයත් සමග සුසිල් හරහා පාර්ලිමේන්තුවට රිංගා ගැනීමට බලා සිටි අපතයන් පිරිසට හාට් ඇටෑක් නොහැදුනා නම් පුදුමය.
---------------------------