ග්රවුන්ඩ් එක අයිනෙම තියෙන
අලි වැට ලඟට ඇවිත් කඳුලු පිරුණු ඇස් දෙකෙන්
මැච් එක බලන අලියට නම්
අපිට දැනෙන ත්රිල් එක දැනෙන්නෙ නැතුව ඇති.
කවදාවත් අහල නැති මහා ඝෝෂාව,
අමුතු අමුතු පාට මිනිස්සු,
බෝලයක් පස්සෙ එහෙට මෙහෙට දුවන දකින අලියට
හිතෙනවත් ඇති මේ හැමදෙයක් එක්කම ලං වෙන්නෙ
උන්ගෙ පරපුරේ අවසානය කියල.
උන්ගෙම රජදහන වෙල තිබුනු භූමිය
ඉන්ටර්නැෂනල් වෙනකොට
ඒ දිහා බලන් ඉන්නව ඇරෙන්න
සද්දන්ත ඇඟක් විතරක්ම උරුම වුණු
අසරණ අලිය වෙන මොනව කරන්න්නද.
අනිත් අතට මැච් එක බලල ෆන් එක
ගන්නෙ නැතුව මම මොන එහෙකට
මේව හිතනවද........
අලි වැට ලඟට ඇවිත් කඳුලු පිරුණු ඇස් දෙකෙන්
මැච් එක බලන අලියට නම්
අපිට දැනෙන ත්රිල් එක දැනෙන්නෙ නැතුව ඇති.
කවදාවත් අහල නැති මහා ඝෝෂාව,
අමුතු අමුතු පාට මිනිස්සු,
බෝලයක් පස්සෙ එහෙට මෙහෙට දුවන දකින අලියට
හිතෙනවත් ඇති මේ හැමදෙයක් එක්කම ලං වෙන්නෙ
උන්ගෙ පරපුරේ අවසානය කියල.
උන්ගෙම රජදහන වෙල තිබුනු භූමිය
ඉන්ටර්නැෂනල් වෙනකොට
ඒ දිහා බලන් ඉන්නව ඇරෙන්න
සද්දන්ත ඇඟක් විතරක්ම උරුම වුණු
අසරණ අලිය වෙන මොනව කරන්න්නද.
අනිත් අතට මැච් එක බලල ෆන් එක
ගන්නෙ නැතුව මම මොන එහෙකට
මේව හිතනවද........





