Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
මැටි කුමරියගේ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැටි කුමරියගේ කතාව

අරුවක්කාලුවෙන් පලාවියට යන වැඩි දෙනෙකුගේ අවදානයට ලක්නොවූ මැටි කුමරියගේ කතාව..

මෙම දුම්රිය සම්බන්ධව විස්තර කිරීමට ප්රථම පැවසිය යුතු තවත් අතුරු කතාවක් පවතී. එයනම් මෙසේය...

1904 වර්ෂයේ ආරම්භ වූ පුත්තලම් දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන් වන්නේ 1926 වසරේ මැයි 12 වන දිනයි. නමුත් ඊට වසර 16කට පමණ පසුව..එනම් 1942 වසරේදී බංගදෙණිය සහ පුත්තලම අතර මාර්ග කොටස වසාදැමෙන්නේ.. දෙවන ලෝක යුද්ධය හේතුවෙන් මතුවූ රේල් පීළි සහ ඒ හා අදාළ අනෙකුත් උපකරණයන් වල හිඟය නිසාවෙන් දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු නිසියාකාරව සිදුකල නොහැකිවීම නිසාවෙනි. එම වසාදැමුණු කොටසින් ගලවා ගත් දුම්රිය රේල් පීළි සහ අනෙකුත් උපකරණ දුම්රිය ධාවනය වූ රාගම හන්දිය සිට බංගදෙණිය කොටසේ නඩත්තු කටයුතු වලට ප්රයෝජනයට ගෙන ඇත. ඒ අනුව මෙම සමයේ පුත්තලම් මාර්ගයේ ගමනාන්තය වූයේ බංගදෙණිය දුම්රිය ස්ථානයයි.

1948 වසරේ මෙරටට නිදහස හිමිවීමෙන් පසු මෙම ගලවාදැමුණු දුම්රිය මාර්ගය නැවත ඉදිකිරීමට බ්රිතාන්යයන් තුළ උනන්දුවක් නොතිබුණි. නමුදු 1959 වසරේ පලාවියේ සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ඉදිවීමත් සමඟ මෙම මාර්ගයේ අවශ්යතාව නැවත මතුවිය. අරුවක්කාලු හුණුගල් නිධියෙන් හුණුගල් සහ එළුවන්කුමෙන් ලබාගත් මැටි එහි සිට පලාවියේ සිමෙන්ති කර්මාන්ත ශාලාවට රැගෙන ඒමටත්.. කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන සිමෙන්ති පිට පළාත් වලට රැගෙනයාමටත් අරමුණු කරගනිමින් බංගදෙණියේ සිට පුත්තලම දක්වා වූ මාර්ගය නැවත ඉදිවිය.

කොළඹ කොටුවේ සිට මැදවච්චිය හරහා තලෙයිමන්නාරමට දුම්රිය ධාවනය කරනවාට වඩා අඩු දුරකින් මෙම මාර්ගය ඔස්සේ මන්නාරමට ළඟාවිය හැකි නිසා මෙම දුම්රිය මාර්ගය තලේමන්නාරම දක්වා දීර්ඝ කර එහි සිට භාණ්ඩ ප්රවාහනය කිරීම මෙම ඉදි කිරීම් වල අපේක්ෂාව වූ බව වාර්තා වල දැක්වේ. එමෙන්ම මෙම මාර්ගයෙන් බෙදී යන තවත් කොටසක් අනුරාධපුරය දක්වා දීර්ඝ කිරීමටද යෝජනාවක් තිබී ඇත. එසේ වුවද විල්පත්තු අභයභූමිය හරහා දුම්රිය මාර්ගය ඉදි වූ පසු මතු විය හැකි ගැටළු පිළිබඳව සිතා එම අදහස අත්හැර දැමූ බවද කියැවේ.

පාලාවියේ සිට සිමෙන්ති කම්හල දක්වා ශාඛා දුම්රිය මාර්ගයක් තැනීම හා වයඹදිග දුම්රිය මාර්ගය පුත්තලම සිට 29km පමණ උතුරින් පිහිටි අරුවක්කාලු හා එළුවන්කුලම දක්වා දීර්ඝ කිරීමද මීට සමගාමීව සිදු විය. මෙම මාර්ගයේ පුත්තලමින් එපිට කරදිපුවාල් සහ පෙරියනාගවිල්ලු නමින් පාෂ මාර්ග (Loop line) සහිත මෙහෙයුම් ස්ථාන දෙකක් දුම්රිය මාරුවීම් කටයුතු සඳහා ඉදිකොට ඇත. තවද එළුවන්කුලම දක්වා වූ අතුරු මාර්ගය අරුවක්කාලු ආසන්නයෙන් බෙදීගොස් ඇත.

මේ හා සම්බන්ධ විශේෂම කරුණ වන්නේ නිදහසෙන් පසු මෙරට තුළ අළුතින් ඉදිවූ ප්රථම දුම්රිය මාර්ගය මෙය වීමයි.

පැරණි දුම්රිය මාර්ගයේ ගමනාන්තය වූ පුත්තලම පැරණි දුම්රිය ස්ථානයේ කෙලවර වූයේ ධාවනාගාරයයි. ඉන් ඔබ්බෙහි නිවාස සංකීර්ණය හා පුත්තලම නගරය පිහිටා තිබුනි. ඒ හරහා ඉදිරියට දුම්රිය මාර්ගයක් තැනීම අසීරු වූ හෙයින් පැරණි දුම්රිය ස්ථානය හා ධාවනාගාරය අත් හැර දැමීමටත් ඊට සැතපුමක් පමණ මෙපිට ස්ථානයකින් පුත්තලම නගරය මග හැරෙන සේ රට අභ්යන්තර දෙසට හරවා නව දුම්රිය මාර්ගය ඉදි කිරීමටත් තීරණය වූ අතර එම මාර්ගයේ නව දුම්රිය ස්ථානයක් හා නව ධාවනාගාරයක් ඉදි කිරීමට සැළසුම් සකස් වී ඇත. 1964 පෙබරවාරි මස 03වන දින බංගදෙණිය හා පුත්තලම අතර ධාවන කටයුතු ආරම්භ වූයේ එක් වාෂ්ප දුම්රිය එන්ජිමක් යොදා භාණ්ඩ ප්රවාහනය කිරීමේ පදනම යටතේය. 1966 ඔක්තෝබර් 09 වන දින පුත්තලම නව දුම්රිය ස්ථානය මගී ප්රවාහනයට විවෘත විය. ඒ සමගම පැරණි දුම්රිය ස්ථානය හා ධාවනාගාරය සම්පූර්ණයෙන් අත් හැර දමන ලදී.

දුම්රියයෙන් අමුද්රව්ය ප්රවාහන කටයුතු ඇරඹීම :

කර්මාන්ත ශාලාවේ සිමෙන්ති නිෂ්පාදනය සඳහා අවශ්ය හුණුගල් සහ මැටි.. අරුවක්කාලු සහ එළුවන්කුලම යන ප්රදේශන් වලින් අළුතින් ඉදිවූ දුම්රිය මාර්ගය ඔස්සේ දුම්රියෙන් පලාවිය වෙත ගෙන ඒම 1970 වර්ෂයේදී පමණ ආරම්භ වී ඇත. මෙලෙස අමුද්රව්ය ප්රවාහනය කිරීම සඳහා ඊටම සුදුසු ආකාරයේ ගැල් යොදාගෙන ඇති අතර මෙම ගැල් එකට සම්බන්ධ කොට තැනුණු දුම්රිය ධාවනය කිරීම සඳහා කන්කසන්තුරය සහ ගාල්ලේ සිමෙන්ති කර්මාන්ත ශාලාවන් වල කටයුතු සඳහා ආනයනය කල M2d කාණ්ඩයට අයත් 628 සහ 629 අංක දරණ දුම්රිය එන්ජින් ද්විත්වය යොදාගෙන ඇත.

පසුකාලීන සිදුවීම් :

එළුවන්කුලම නිධියේ කැණීම් කටයුතු අවසන් වීම නිසා පසුකාලීනව ඒ දක්වා ගිය දුම්රිය මාර්ගය ගලවා දමා ඇත.

යුද්ධයේ බලපෑම ඉහත කී ප්රදේශයන්ට පැමිණීමත් සමඟින් එතෙක් මෙම මාර්ගයේ සිදුවූ මඟී ප්රවාහනය පුත්තලමට සිමා වූ අතර පෙරියනාගවිල්ලු දුම්රිය ස්ථානයද වැසීගොස් ඇත.

2000 වසරේදී පමණ පුත්තලමට 4km පමණ උතුරින් වූ නූර්නගර් ග්රාමයේ උප දුම්රියපළක් ඉදිකොට ඒ දක්වාම මඟී දුම්රිය ධාවනය කිරීම සිදුවී ඇත. වර්තමානය වන විටත් පුත්තලම් දුම්රිය මාර්ගයේ අවසන් මඟී පර්යන්තය වන්නේ මෙම නූර්නගර් උප දුම්රියපළයි.

රජය සතුව පැවති මෙම කර්මාන්ත ශාලාව 90 දශකයේ මැද භාගයේදී පෞද්ගලික අංශයට පැවරීම සිදු වී ඇත.. ඒත් සමඟින් එතෙක් දුම්රිය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් සිදුකළ හුණුගල් ප්රවාහනය යම් මට්ටමකින් පෞද්ගලික අංශයේ පාලනයට ගැනීමක්ද සිදුවිය.

පසුකාලීනව ඔවුන් විසින් පෞද්ගලිකව මෙම ප්රවාහන කටයුතු සඳහා ඉන්දියාවේ ආයතනය දෙකකින් දුම්රිය එන්ජින් ද්විත්වයක් මිළදීගෙන ඇත.. ඒවානම්..

.San Engineering and Locomotive Company

Limited මඟින් නිෂ්පාදිත අශ්වබල 750

බැගින් යුත් එන්ජින් 2කින් සමන්විත Center

Hood Locomotive වර්ගයට අයත් San DL 1400

මාදිලියේ දුම්රිය එන්ජිම...

.Diesel Locomotive Works සමාඟමේ

නිෂ්පාදිත අශ්වබල 1200ක එන්ජිමකින් යුත්

WDM6 මාදිලියේ දුම්රිය එන්ජිම...

මීට අමතරව මෙම සමාගම විසින්ම අරුවක්කාලු හුණුගල් පැටවුම් අංගනයේ හා සිමෙන්ති කර්මාන්ත ශාලාව තුළ දුම්රියන් මෙහෙයවීම සඳහා ශන්ටින් එන්ජින් 4ක් 2006 වසරේදී මිලදීගෙන ඇත. එංගලන්තයේ Beaver Power නම්.. විවිධ ආයතන විසින් ඉවත දමන පැරණි දුම්රිය එන්ජින් අඩු මිලට මිලදී ගෙන ඒවා පූර්ණ අළුත්වැඩියාවන් සිදි කොට නැවත අලෙවි කරන සමාගමකින් මෙම මිලදීගැනීම සිදු කර ඇත. මිලදී ගත් මෙම ෂන්ටින්

එන්ජින් 4..

Prince Vijaya | Shakthi | Les Veeb | Catherine

ලෙසින් නම් කිරීමක්ද සිදුකොට ඇත.

වර්තමාන තත්ත්වය :

අද වන විට නූර්නගර් සිට අරුවක්කාලු දක්වා වන මාර්ග කොටසේ ක්රියාකාරී මට්ටමේ පවතින එකම දුම්රිය ස්ථානය කරදිපුවාල් දුම්රිය ස්ථානය පමණි. එම දුම්රිය ස්ථානයේ මෙහෙයවීම් කටයුතු තවමත් දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනු ලබන මුත් මෙම දුම්රිය ස්ථානය පසුකොට මේ වනවින සිමෙන්ති සමාගමට අයත් දුම්රියන් පමණි.

මෙම හුණුගල් සහ මැටි ප්රවාහන දුම්රිය වර්තමානයේදී ධාවනය කරවනු ලබන්නේ ඉන්දියාවෙන් ආනයනය කරන ලද එන්ජින් ද්විත්වය මඟින් වන අතර එම එන්ජින් වල අළුත්වැඩියාවන් සිදුකරන අවස්ථාවන් වලදී ඒ වෙනුවට ආදේශක වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කුලී පදනම මත ලබාගන්නා M4 හෝ M2 කාණ්ඩයන් වල එන්ජින් යොදවනු ලබයි.

ඉහත කී මෙම සිමෙන්ති සමාගම සතු එන්ජින් වල අළුත්වැඩියාවන් අතීතයේදී පුත්තලම ධාවනාගරය මඟින් සිදුකොට ඇති මුත් වර්තමානයේදී සමාගමේ කාර්මික ශිල්පීන් විසින්ම ඒවා සිදුකරනු ලබයි. සමාගමේ ශිල්පීන්ට කිරීමට අපහසු සහ පූර්ණ අළුත්වැඩියාවන් වැනි කටයුතු සඳහා මෙම එන්ජින් මරදානේ ELS වෙතත් රත්මලානේ CME වෙතත් රැගෙනයනු ලබයි.

රජය විසින් මෙහෙයවීම් සිදුකල සමයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ රියදුරන් සහ කාර්ය මණ්ඩලය විසින් මෙම දුම්රියන් ධාවනය කරවූ අතර සමාගම පෞද්ගලික අංශයට භාරදීමත් සමඟ මෙම දුම්රිය කාර්ය මණ්ඩලයද සමාගම විසින්ම සපයාගැනීම සිදුවී ඇත. වර්තමානයේදී මෙම දුම්රියන් වල සේවය කරන රියදුරු මහතුන්.. නියාමක වරුන්.. වැනි පිරිස් සඳහා INSEE සමාගම විසින් යොදවා ගැනෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශාමික සහ සුළු කාලීන හෝ දෙපාර්තමේන්තු පළපුරුද්දක් ඇති පුද්ගලයින්වය.

වර්තමානයේදී මෙලෙස හුණුගල් සහ මැටි ප්රවාහනය කිරීම සඳාහා ගැල් 25කට ආසන්න සංඛ්යාවකින් සමන්විත දුම්රියන් ද්විත්වයක්ම යොදාගනු ලබන අතර සාමාන්යයෙන් දිනකට මෙම දුම්රිය ද්විත්වය ගමන්වාර 8ක් පමණ සිදුකරයි. මෙලෙස ධාවනය කරන දුම්රිය වාරයන්ගෙන් දිනකට හුණුගල් සහ මැටි ටොන් 400ක පමණ ප්රවාහනය කරයි.

මෙලෙස ධාවනය කරවන දුම්රියන්ගේ... පලාවි දුම්රිය ස්ථානයේ සිට කරදිපුවාල් දුම්රිය ස්ථානය දක්වා පාලනය දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන අතර කරදිපුවාල් සිට අරුවක්කාලු දක්වා මාර්ග කොටසේත්.. පලාවියේ සිට සිමෙන්ති කර්මාන්ත ශාලාව දක්වා වන මාර්ග කොටසේත් සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව තුල අදාළ මෙහෙයවීම් කටයුතු සිදුකරන්නේ INSEE සමාගම විසිනි.

මෙම මෙහෙයවීම් කටයුතු සියල්ලම පාහේ සිදුකරනු ලබන්නේ ටෝකන් නම් සංඥා ක්රමය උපයෝගී කරගනිමින් වන අතර දුරකථන පණිවිඩ සහ වෝකිටෝකි මඟින්ද එම කටයුතු සිදුකරනු ලබන අවස්ථා ඇත.

වර්තමානයේදී නූර්නගර් සිට අරුවක්කාලු දක්වා කොටසේ සහ කර්මාන්ත ශාලාව වෙත දිවෙන මාර්ගයේ සියළු ප්රතිසංස්කරණයන් සහ නඩත්තු කටයුතු සිමෙන්ති සමාගම මඟින්ම සිදුකරනු ලබයි.. මෙම නූර්නගර් සිට අරුවක්කාලු දක්වා වන මාර්ග කොටසේ වන එක් පාලමක් සම්පූර්ණයෙන්ම කොන්ක්රීට් වලින් පමණක් ඉදිකොට ඇති අතර ශ්රී ලංකාවේ හමුවන එලෙස නිර්මාණය කොට ඇති එකම පාලමද එය වේ.

කාගෙත් වැඩි අවදානයට ලක් නොවී අරුවක්කාලුවෙන් පලාවියට දිවා රෑ වෙනසක් නැතිව දිනපතා හුණුගල් සහ මැටි ප්රවාහනය කරන මෙම දුම්රිය.. ඒ සම්බන්ධව අවදානයක් යොමු කල සුළු පිරිස් විසින් පහසුවට හඳුන්වනු ලබන්නේ 'මැටි කුමාරි' යන අන්වර්ථ නාමයෙනි.

සටහන : සිථිල අනුපම පොසොන්සූරිය

Copied from රටවටා දුම්රිය මගීන්ගේ නිල සමූහය -

FB

https://www.facebook.com/photo.php?

fbid=794336164407811&set=pcb.1124746321203839&type=3&theater&ifg=1

[QUOTE="Walter White, post: 25211060, member: 573363"] [b]මැටි කුමරියගේ කතාව[/b] [SIZE="6"]අරුවක්කාලුවෙන් පලාවියට යන වැඩි දෙනෙකුගේ අවදානයට ලක්නොවූ මැටි කුමරියගේ කතාව.. මෙම දුම්රිය සම්බන්ධව විස්තර කිරීමට ප්රථම පැවසිය යුතු තවත් අතුරු කතාවක් පවතී. එයනම් මෙසේය... 1904 වර්ෂයේ ආරම්භ වූ පුත්තලම් දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන් වන්නේ 1926 වසරේ මැයි 12 වන දිනයි. නමුත් ඊට වසර 16කට පමණ පසුව..එනම් 1942 වසරේදී බංගදෙණිය සහ පුත්තලම අතර මාර්ග කොටස වසාදැමෙන්නේ.. දෙවන ලෝක යුද්ධය හේතුවෙන් මතුවූ රේල් පීළි සහ ඒ හා අදාළ අනෙකුත් උපකරණයන් වල හිඟය නිසාවෙන් දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු නිසියාකාරව සිදුකල නොහැකිවීම නිසාවෙනි. එම වසාදැමුණු කොටසින් ගලවා ගත් දුම්රිය රේල් පීළි සහ අනෙකුත් උපකරණ දුම්රිය ධාවනය වූ රාගම හන්දිය සිට බංගදෙණිය කොටසේ නඩත්තු කටයුතු වලට ප්රයෝජනයට ගෙන ඇත. ඒ අනුව මෙම සමයේ පුත්තලම් මාර්ගයේ ගමනාන්තය වූයේ බංගදෙණිය දුම්රිය ස්ථානයයි. 1948 වසරේ මෙරටට නිදහස හිමිවීමෙන් පසු මෙම ගලවාදැමුණු දුම්රිය මාර්ගය නැවත ඉදිකිරීමට බ්රිතාන්යයන් තුළ උනන්දුවක් නොතිබුණි. නමුදු 1959 වසරේ පලාවියේ සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ඉදිවීමත් සමඟ මෙම මාර්ගයේ අවශ්යතාව නැවත මතුවිය. අරුවක්කාලු හුණුගල් නිධියෙන් හුණුගල් සහ එළුවන්කුමෙන් ලබාගත් මැටි එහි සිට පලාවියේ සිමෙන්ති කර්මාන්ත ශාලාවට රැගෙන ඒමටත්.. කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන සිමෙන්ති පිට පළාත් වලට රැගෙනයාමටත් අරමුණු කරගනිමින් බංගදෙණියේ සිට පුත්තලම දක්වා වූ මාර්ගය නැවත ඉදිවිය. කොළඹ කොටුවේ සිට මැදවච්චිය හරහා තලෙයිමන්නාරමට දුම්රිය ධාවනය කරනවාට වඩා අඩු දුරකින් මෙම මාර්ගය ඔස්සේ මන්නාරමට ළඟාවිය හැකි නිසා මෙම දුම්රිය මාර්ගය තලේමන්නාරම දක්වා දීර්ඝ කර එහි සිට භාණ්ඩ ප්රවාහනය කිරීම මෙම ඉදි කිරීම් වල අපේක්ෂාව වූ බව වාර්තා වල දැක්වේ. එමෙන්ම මෙම මාර්ගයෙන් බෙදී යන තවත් කොටසක් අනුරාධපුරය දක්වා දීර්ඝ කිරීමටද යෝජනාවක් තිබී ඇත. එසේ වුවද විල්පත්තු අභයභූමිය හරහා දුම්රිය මාර්ගය ඉදි වූ පසු මතු විය හැකි ගැටළු පිළිබඳව සිතා එම අදහස අත්හැර දැමූ බවද කියැවේ. පාලාවියේ සිට සිමෙන්ති කම්හල දක්වා ශාඛා දුම්රිය මාර්ගයක් තැනීම හා වයඹදිග දුම්රිය මාර්ගය පුත්තලම සිට 29km පමණ උතුරින් පිහිටි අරුවක්කාලු හා එළුවන්කුලම දක්වා දීර්ඝ කිරීමද මීට සමගාමීව සිදු විය. මෙම මාර්ගයේ පුත්තලමින් එපිට කරදිපුවාල් සහ පෙරියනාගවිල්ලු නමින් පාෂ මාර්ග (Loop line) සහිත මෙහෙයුම් ස්ථාන දෙකක් දුම්රිය මාරුවීම් කටයුතු සඳහා ඉදිකොට ඇත. තවද එළුවන්කුලම දක්වා වූ අතුරු මාර්ගය අරුවක්කාලු ආසන්නයෙන් බෙදීගොස් ඇත. මේ හා සම්බන්ධ විශේෂම කරුණ වන්නේ නිදහසෙන් පසු මෙරට තුළ අළුතින් ඉදිවූ ප්රථම දුම්රිය මාර්ගය මෙය වීමයි. පැරණි දුම්රිය මාර්ගයේ ගමනාන්තය වූ පුත්තලම පැරණි දුම්රිය ස්ථානයේ කෙලවර වූයේ ධාවනාගාරයයි. ඉන් ඔබ්බෙහි නිවාස සංකීර්ණය හා පුත්තලම නගරය පිහිටා තිබුනි. ඒ හරහා ඉදිරියට දුම්රිය මාර්ගයක් තැනීම අසීරු වූ හෙයින් පැරණි දුම්රිය ස්ථානය හා ධාවනාගාරය අත් හැර දැමීමටත් ඊට සැතපුමක් පමණ මෙපිට ස්ථානයකින් පුත්තලම නගරය මග හැරෙන සේ රට අභ්යන්තර දෙසට හරවා නව දුම්රිය මාර්ගය ඉදි කිරීමටත් තීරණය වූ අතර එම මාර්ගයේ නව දුම්රිය ස්ථානයක් හා නව ධාවනාගාරයක් ඉදි කිරීමට සැළසුම් සකස් වී ඇත. 1964 පෙබරවාරි මස 03වන දින බංගදෙණිය හා පුත්තලම අතර ධාවන කටයුතු ආරම්භ වූයේ එක් වාෂ්ප දුම්රිය එන්ජිමක් යොදා භාණ්ඩ ප්රවාහනය කිරීමේ පදනම යටතේය. 1966 ඔක්තෝබර් 09 වන දින පුත්තලම නව දුම්රිය ස්ථානය මගී ප්රවාහනයට විවෘත විය. ඒ සමගම පැරණි දුම්රිය ස්ථානය හා ධාවනාගාරය සම්පූර්ණයෙන් අත් හැර දමන ලදී. 👉දුම්රියයෙන් අමුද්රව්ය ප්රවාහන කටයුතු ඇරඹීම : 🔹කර්මාන්ත ශාලාවේ සිමෙන්ති නිෂ්පාදනය සඳහා අවශ්ය හුණුගල් සහ මැටි.. අරුවක්කාලු සහ එළුවන්කුලම යන ප්රදේශන් වලින් අළුතින් ඉදිවූ දුම්රිය මාර්ගය ඔස්සේ දුම්රියෙන් පලාවිය වෙත ගෙන ඒම 1970 වර්ෂයේදී පමණ ආරම්භ වී ඇත. මෙලෙස අමුද්රව්ය ප්රවාහනය කිරීම සඳහා ඊටම සුදුසු ආකාරයේ ගැල් යොදාගෙන ඇති අතර මෙම ගැල් එකට සම්බන්ධ කොට තැනුණු දුම්රිය ධාවනය කිරීම සඳහා කන්කසන්තුරය සහ ගාල්ලේ සිමෙන්ති කර්මාන්ත ශාලාවන් වල කටයුතු සඳහා ආනයනය කල M2d කාණ්ඩයට අයත් 628 සහ 629 අංක දරණ දුම්රිය එන්ජින් ද්විත්වය යොදාගෙන ඇත. 👉පසුකාලීන සිදුවීම් : 🔹එළුවන්කුලම නිධියේ කැණීම් කටයුතු අවසන් වීම නිසා පසුකාලීනව ඒ දක්වා ගිය දුම්රිය මාර්ගය ගලවා දමා ඇත. 🔹යුද්ධයේ බලපෑම ඉහත කී ප්රදේශයන්ට පැමිණීමත් සමඟින් එතෙක් මෙම මාර්ගයේ සිදුවූ මඟී ප්රවාහනය පුත්තලමට සිමා වූ අතර පෙරියනාගවිල්ලු දුම්රිය ස්ථානයද වැසීගොස් ඇත. 🔹2000 වසරේදී පමණ පුත්තලමට 4km පමණ උතුරින් වූ නූර්නගර් ග්රාමයේ උප දුම්රියපළක් ඉදිකොට ඒ දක්වාම මඟී දුම්රිය ධාවනය කිරීම සිදුවී ඇත. වර්තමානය වන විටත් පුත්තලම් දුම්රිය මාර්ගයේ අවසන් මඟී පර්යන්තය වන්නේ මෙම නූර්නගර් උප දුම්රියපළයි. 🔹රජය සතුව පැවති මෙම කර්මාන්ත ශාලාව 90 දශකයේ මැද භාගයේදී පෞද්ගලික අංශයට පැවරීම සිදු වී ඇත.. ඒත් සමඟින් එතෙක් දුම්රිය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් සිදුකළ හුණුගල් ප්රවාහනය යම් මට්ටමකින් පෞද්ගලික අංශයේ පාලනයට ගැනීමක්ද සිදුවිය. 🔹පසුකාලීනව ඔවුන් විසින් පෞද්ගලිකව මෙම ප්රවාහන කටයුතු සඳහා ඉන්දියාවේ ආයතනය දෙකකින් දුම්රිය එන්ජින් ද්විත්වයක් මිළදීගෙන ඇත.. ඒවානම්.. 1️⃣.San Engineering and Locomotive Company Limited මඟින් නිෂ්පාදිත අශ්වබල 750 බැගින් යුත් එන්ජින් 2කින් සමන්විත Center Hood Locomotive වර්ගයට අයත් San DL 1400 මාදිලියේ දුම්රිය එන්ජිම... 2️⃣.Diesel Locomotive Works සමාඟමේ නිෂ්පාදිත අශ්වබල 1200ක එන්ජිමකින් යුත් WDM6 මාදිලියේ දුම්රිය එන්ජිම... 🔹මීට අමතරව මෙම සමාගම විසින්ම අරුවක්කාලු හුණුගල් පැටවුම් අංගනයේ හා සිමෙන්ති කර්මාන්ත ශාලාව තුළ දුම්රියන් මෙහෙයවීම සඳහා ශන්ටින් එන්ජින් 4ක් 2006 වසරේදී මිලදීගෙන ඇත. එංගලන්තයේ Beaver Power නම්.. විවිධ ආයතන විසින් ඉවත දමන පැරණි දුම්රිය එන්ජින් අඩු මිලට මිලදී ගෙන ඒවා පූර්ණ අළුත්වැඩියාවන් සිදි කොට නැවත අලෙවි කරන සමාගමකින් මෙම මිලදීගැනීම සිදු කර ඇත. මිලදී ගත් මෙම ෂන්ටින් එන්ජින් 4.. Prince Vijaya | Shakthi | Les Veeb | Catherine ලෙසින් නම් කිරීමක්ද සිදුකොට ඇත. 👉වර්තමාන තත්ත්වය : 🔹අද වන විට නූර්නගර් සිට අරුවක්කාලු දක්වා වන මාර්ග කොටසේ ක්රියාකාරී මට්ටමේ පවතින එකම දුම්රිය ස්ථානය කරදිපුවාල් දුම්රිය ස්ථානය පමණි. එම දුම්රිය ස්ථානයේ මෙහෙයවීම් කටයුතු තවමත් දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනු ලබන මුත් මෙම දුම්රිය ස්ථානය පසුකොට මේ වනවින සිමෙන්ති සමාගමට අයත් දුම්රියන් පමණි. 🔹මෙම හුණුගල් සහ මැටි ප්රවාහන දුම්රිය වර්තමානයේදී ධාවනය කරවනු ලබන්නේ ඉන්දියාවෙන් ආනයනය කරන ලද එන්ජින් ද්විත්වය මඟින් වන අතර එම එන්ජින් වල අළුත්වැඩියාවන් සිදුකරන අවස්ථාවන් වලදී ඒ වෙනුවට ආදේශක වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කුලී පදනම මත ලබාගන්නා M4 හෝ M2 කාණ්ඩයන් වල එන්ජින් යොදවනු ලබයි. 🔹ඉහත කී මෙම සිමෙන්ති සමාගම සතු එන්ජින් වල අළුත්වැඩියාවන් අතීතයේදී පුත්තලම ධාවනාගරය මඟින් සිදුකොට ඇති මුත් වර්තමානයේදී සමාගමේ කාර්මික ශිල්පීන් විසින්ම ඒවා සිදුකරනු ලබයි. සමාගමේ ශිල්පීන්ට කිරීමට අපහසු සහ පූර්ණ අළුත්වැඩියාවන් වැනි කටයුතු සඳහා මෙම එන්ජින් මරදානේ ELS වෙතත් රත්මලානේ CME වෙතත් රැගෙනයනු ලබයි. 🔹 රජය විසින් මෙහෙයවීම් සිදුකල සමයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ රියදුරන් සහ කාර්ය මණ්ඩලය විසින් මෙම දුම්රියන් ධාවනය කරවූ අතර සමාගම පෞද්ගලික අංශයට භාරදීමත් සමඟ මෙම දුම්රිය කාර්ය මණ්ඩලයද සමාගම විසින්ම සපයාගැනීම සිදුවී ඇත. වර්තමානයේදී මෙම දුම්රියන් වල සේවය කරන රියදුරු මහතුන්.. නියාමක වරුන්.. වැනි පිරිස් සඳහා INSEE සමාගම විසින් යොදවා ගැනෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශාමික සහ සුළු කාලීන හෝ දෙපාර්තමේන්තු පළපුරුද්දක් ඇති පුද්ගලයින්වය. 🔹වර්තමානයේදී මෙලෙස හුණුගල් සහ මැටි ප්රවාහනය කිරීම සඳාහා ගැල් 25කට ආසන්න සංඛ්යාවකින් සමන්විත දුම්රියන් ද්විත්වයක්ම යොදාගනු ලබන අතර සාමාන්යයෙන් දිනකට මෙම දුම්රිය ද්විත්වය ගමන්වාර 8ක් පමණ සිදුකරයි. මෙලෙස ධාවනය කරන දුම්රිය වාරයන්ගෙන් දිනකට හුණුගල් සහ මැටි ටොන් 400ක පමණ ප්රවාහනය කරයි. 🔹මෙලෙස ධාවනය කරවන දුම්රියන්ගේ... පලාවි දුම්රිය ස්ථානයේ සිට කරදිපුවාල් දුම්රිය ස්ථානය දක්වා පාලනය දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන අතර කරදිපුවාල් සිට අරුවක්කාලු දක්වා මාර්ග කොටසේත්.. පලාවියේ සිට සිමෙන්ති කර්මාන්ත ශාලාව දක්වා වන මාර්ග කොටසේත් සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව තුල අදාළ මෙහෙයවීම් කටයුතු සිදුකරන්නේ INSEE සමාගම විසිනි. 🔹මෙම මෙහෙයවීම් කටයුතු සියල්ලම පාහේ සිදුකරනු ලබන්නේ ටෝකන් නම් සංඥා ක්රමය උපයෝගී කරගනිමින් වන අතර දුරකථන පණිවිඩ සහ වෝකිටෝකි මඟින්ද එම කටයුතු සිදුකරනු ලබන අවස්ථා ඇත. 🔹වර්තමානයේදී නූර්නගර් සිට අරුවක්කාලු දක්වා කොටසේ සහ කර්මාන්ත ශාලාව වෙත දිවෙන මාර්ගයේ සියළු ප්රතිසංස්කරණයන් සහ නඩත්තු කටයුතු සිමෙන්ති සමාගම මඟින්ම සිදුකරනු ලබයි.. මෙම නූර්නගර් සිට අරුවක්කාලු දක්වා වන මාර්ග කොටසේ වන එක් පාලමක් සම්පූර්ණයෙන්ම කොන්ක්රීට් වලින් පමණක් ඉදිකොට ඇති අතර ශ්රී ලංකාවේ හමුවන එලෙස නිර්මාණය කොට ඇති එකම පාලමද එය වේ. කාගෙත් වැඩි අවදානයට ලක් නොවී අරුවක්කාලුවෙන් පලාවියට දිවා රෑ වෙනසක් නැතිව දිනපතා හුණුගල් සහ මැටි ප්රවාහනය කරන මෙම දුම්රිය.. ඒ සම්බන්ධව අවදානයක් යොමු කල සුළු පිරිස් විසින් පහසුවට හඳුන්වනු ලබන්නේ 'මැටි කුමාරි' යන අන්වර්ථ නාමයෙනි. [SIZE="6"][SIZE="7"]සටහන : සිථිල අනුපම පොසොන්සූරිය Copied from රටවටා දුම්රිය මගීන්ගේ නිල සමූහය - [/SIZE] [/SIZE] FB[IMG]https://www.facebook.com/photo.php?fbid=794336297741131&set=pcb.1124746321203839&type=3&theater&ifg=1[/IMG] [/SIZE] [IMG]https://www.facebook.com/photo.php? fbid=794336164407811&set=pcb.1124746321203839&type=3&theater&ifg=1[/IMG] [IMG]https://www.facebook.com/photo.php?fbid=794339261074168&set=pcb.1124746321203839&type=3&theater&ifg=1[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom