මැතිණිය

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    මැතිණියගේ ආර්ථිකේ හොදයි කියනවා නන් දැන් තියන ආර්තික තත්වෙත හොද වෙන්න ඕනි...මැතිණියගේ කාලේ තමයි ලංකාවේ හොදම විදේශ ප්‍රතිපත්තියේ තිබුනේ ඒක පිලිගන්න ඕනි.එතනින් පස්සේ ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ වුනේ තමන්ට කඩේ ගියපු අය වෙනුවෙන් ලබා දෙන විශ්‍රාම සැලසුමක් විදිහට.දැන් විදේශ ප්‍රතිපත්තිය හිතවතුන්ට් රට සවාරි වගේ එකක් වෙලා...ආර්ථිකේ නන් හරි නෑ ඒ කාලේ.ආර්ථිකේ හොදයි නන් ලෝකේ අනිත රටවලුත සංවෘත ආර්තික ප්‍රපත්තියක යන්න ඕනි..අද එහෙම රටවල් තියෙන්නේ උතුරු කොරියාව,කියුබාව වගේ සම්භාධක දාපු රටවල්
     
    • Love
    Reactions: Night Rider

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මැතිනියගේ නම සිරිමා එහෙම නැතුව සිරිමාවෝ නෙමෙයි ,නමුත් ගෞරවයක් එක්ක කරන්න වෝ කියන ප්‍රත්‍යය යොදන්නෙ,එතුමියගේ දෙශපාලන වැරදි තිරන තියෙන්න ඇති එ ගැන අපි කවුරුත් දන්නවා නේ නමුත් එඩිතර කාන්තාවක්,සිරිමාවෝ මැතිනියගේ වළව්වෙ වගේම ඇය ගිය පාසැල් වලත් තිබුනේ ඉංග්‍රීසි පරිසරයක් (මහවලතැන්න වළව්වේ ඉංග්‍රීසි පරිසරයක් තිබුනා කියන්න එක සාක්ෂියක් තමයි එ කාලේ බලංගෝඩ ආනන්ද මෛත්‍රිය ස්වාමින්වහන්සේ ඉංග්‍රීසි දැනුම මුහවත් කරගත්තෙ මැතිනියගේ පියා වුනු බාර්නස් රත්වත්තෙ රටේ මහත්තයාගෙන් ඉංග්‍රීසි පොත් අරගන..එක හාමුදුරුවෝ කියල තියනවා කිහිප අවස්ථාවකම),බණ්ඩාරනායක මැතිනියට මේ හෙතුවෙන් සිංහල චතුරව වේදිකාවේ කතා කරන්න හැකියාවක් තිබ්බෙ නැ,මුල් කාලේ මැතිනියට වේදිකාවේ සිංහල කතා කියන්න එ යුගයේ ගම්පග ගුරු විද්‍යලයේ විදුහල්පති වෙලා හිටපු අතුකෝරල මහත්තයා උදව් කරල තියනවා කියල මම අහල තියනවා,එ මහත්තයගේ දුව එක්ක මම කතා කරලා තියනවා...ඉට අමතරව මැතිනියගේ කාලයක් විශ්වාස වන්තම රියදුරු මහත්මයෙක් වෙලා හිටියා රූපසිංහ කියල,අන්න එ අංකල් එක්කත් මම ආශ්‍රය කරල තියනවා,එ අංකල් මට දවසක් කිව්වා ඔය කලබල කාලේ මැතිනියව දාගන කාර් එකේ එයා හොටෙල් එකකට ගිහින් මැතිනිය ‍රැකපු විදිය....තව කතාවක් මතක් උනා එකත් කියලම මම නවතින්නම් මචං,දවසක් මැතිනිය ගිය ‍රැස්විමකට අනුර බණ්ඩාරනායකත් අරන් ගිහින්,කට කැඩිච්ච මිනිහෙක් කියලා අන්න අද අනුරයත් ඇවිල්ලා කියලා,මැතිනිය එක බැල්මයිලු දැම්මෙ අරකා බලු වෙලා පිටිපස්සට ගිහින්.......මම සිරිමාවෝ මැතිනිය හැබහින් දැකලා නැති උනාට මල ගෙදරට ගියා (එතකොට මම බොහොම පොඩි)

    කොන්ද කෙලින් තියන කාන්තාවෝ අපට කොච්චර නම් ආඩම්බරයක්ද ...
    උබ බන් ඇවිදින පුස්තකාලයක්
     
    • Love
    Reactions: 001flyD

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දැන් ඉන්න උන් වගේ කයියයි පඩ ගඳයි විතරක් තිබ්බ ගෑනියෙක් නෙවේ. ලොකු උගත් කමක් නොතිබ්බත් පාලනය ගැන හොඳ අවබෝධයක් තිබ්බා. කොන්ද කෙලින් තියන් රට රටවල් වල නායකයෝ එක්ක සහයෝගයෙන් කටයුතු කරා. කාවවත් තරහ කරගත්තෙත් නෑ, කාටවත් විශේෂව ලංවෙන්න ගියෙත් නෑ. එයාට වැරදුන්නේ, කෙටිකාලීනව මධ්‍යකාලීනව දීර්ඝකාලීනව ක්‍රියාත්මක කරන්න ඕන වැඩපිලිවෙලක් කෙටි කාලෙකින් ක්‍රියාත්මක කරවන්න ගිය එක. අරමුණ හොඳ උනාට වැඩක් නෑ යන්න ගිය පාර වැරදියි නම්.

    dan inna serama sakkili ballo, badu karayo, kudu karayo, kolu karayo, ponnayo, horu, higanno,

    habai kata ariyoth lokenma 1. denne loku talks witharai, weda 0.