මැතිවරණයට සූදානම් වන්නැයි රජයේ මුද්‍රණාලයට දන්වයි..⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    JhsUGFRT4eXKvguuYhLP4_bfE_OOKUVHMFVdss2Zzw77VYitTOjWmG_y4fmIO94gK5bHLDxYVEzjqSeZfXz_uXlnJLlbGIh_MCgDD6qNVsxF=s750



    මැතිවරණයක් කැදවීමට නියමිත බැවින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව තම දෙපාර්තමේන්තුවට දන්වා ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළා.

    එළැඹෙන සැප්තැම්බර් 17 සහ ඔක්තෝම්බර් 16 අතර කාලය තුළ ජනාධිපතිවරණය පවත්වන බව පසුගිදා මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.

    ඒ අනුව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබද පනතේ දැක්වෙන විධිවිධානවලට අනුව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම, නියමිත කාලසීමාව තුළ සිදු කරන බවයි එම කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක නිවේදනය කළේ.

    එලෙස ජනාධිපතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දින නියම කළහොත් ඒ සදහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවද රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ වැඩිදුරටත් සදහන් කළා.

    https://www.hirunews.lk/373952/මැතිවරණයට-සූදානම්-වන්නැයි-රජයේ-මුද්‍රණාලයට-දන්වයි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,143
    113
    එක සැරයක් සල්ලි නෑ කිවුවේ මුන් නේද