මැති ඇමැති පිස්තෝල ආපසු ගනී

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,988
    35,923
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනිඅවි (පිස්තෝල) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අවි ලබා ගෙන ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දන්වා ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් සියයකට ආසන්න පිරිසක් එම ආරක්ෂක ගිනි අවිය ලබාගෙන ඇත.




    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී ඇති සියලුම පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගම අහෝසි වෙයි. මන්ත්‍රී දීමනාව, මන්ත්‍රී කාර්ය මණ්ඩල දීමනා, ඉන්ධන පහසුකම් සහ මුද්දර ගාස්තු මෙසේ අහිමි වන පහසුකම්ය. කෙසේ වෙතත් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති නිල නිවාස පමණක් ඡන්දය පැවැත්වෙන දින තෙක් පාවිච්චි කිරීමට ඔවුනට ඉඩකඩ සලසා දී ඇත.මහ මැතිවරණයෙන් යළි තේරී පත් නොවන මන්ත්‍රීවරුන් සියලු දෙනා ඡන්ද විමසීමෙන් පසු දිනම එම නිල නිවාස යළි බාර දිය යුතුව ඇත.



    සුජිත් හේවාජුලිගේ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කෙසේ වෙතත් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති නිල නිවාස පමණක් ඡන්දය පැවැත්වෙන දින තෙක් පාවිච්චි කිරීමට ඔවුනට ඉඩකඩ සලසා දී ඇත
    why??